රිමේක් හරි මොනා හරි කරනවානම් කරන්නේ මචන් සාමාන්‍යයෙන් copyrights අරගෙනයි. එතැනදී තමන්ගේ සින්දුවක් ඕන මගුලක් කරගන්නවා කියල එකක් නෑ. සින්දුවේ අයිතිකරුගේ කැමැත්තෙන් තමයි අයිතිය පවරගන්නේ.
ඒ සල්ලි වලට හෝ වෙන කිසියම් දෙයකින් පෙර අයිතිකරුට සාධාරණයක් වෙන්න තමයි deal එක යන්නේ.
මෙතැනදී කතන්දරේ වෙන සිද්දියක් තියෙන්නේ, සින්දු කනවා හෝ නොකනවා කියන එක නෙමෙයි ප්‍රශ්නේ, copyrights පිලිබඳ ගැටළුවක්. ඒක කලින් හරියට ක්ලියර් කරගෙන නොතිබුන එක පසුවට බලපාල. ඒක ගැන මිනිස්සු කලින් නඩු නොදා දැන් දාන්න හේතුව තමා මෙතන ආතල් එක.
ඉරාජ් ගේ සින්දු වැලට කැමති එවුන්ගේ රසාස්වාදයයි වෙනසක් තියෙනවා අපෙයි. ඒත් ඌ මෙතෙක් කල් සින්දු ඉස්සුවා හෝ විකාර කරා හෝ කිසිම දෙයක් කිසිම කෙනෙකුට ප්‍රශ්නයක් වෙලා තිබුනේ නෑ. ඒ එක ගැන කලින් බලාගත්ත නිසයි. නැත්තන් ඔච්චර කෑ ගහද්දි සින්දු හොරා කියා කියා, මිනිස්සු ඌට නඩු දානවනේ? එහෙම නොකරුනේ වඩේ ලීගලි ගිය නිසයි. ඔතන මිස් එකක් තිබුනත්.
ඉරාජ් එහෙම රටේ නම හරි අරගෙන ගියානේ ඉන්ටර්නැෂනල් මට්ටමකටවත් දෙයක් මොකක් හරි කරන්න බලනවානම්, උඹ උගේ ජෙනරි එක සහ රසාස්වාදය වෙනස් කම ගැන නොතකනවානම්, ඌ අගේ කල යුතු පුද්ගලයෙක්, මොකද ඌගේ සින්දු වලත් ගන්න දෙයක් තියෙන අදහස් තියෙන සින්දු තියෙනවා,
ගේමක් දීල, දෙනුවන්, සහ අර පෝයට දවසක් කලේ හරක් මරණ වීඩියෝ එක මට නම මතක නෑ, සහ ඔය මැදපෙරදිග රටවල් වලට වැඩට යන කාන්තාවන්ට වෙන අසාධාරණය ගැන එහෙම රජයෙන් උනත් යට ගහල තිබ්බ දේවල් එලියට ඇදල පොඩ්ඩක් හරි පෙන්නුවා එක ගැන වගේ දේවල් තියෙනවා.