නික් නේම් එකක් නම් නෙවේ මේක...
මන් ඉස්සර a/l ක්ලස් ගියේ හැමදාම පරක්කු වෙලා... පටන් ගෙන පැයක් වත් ගියාම තමා මං යන්නේ... 1000ක් 2000ක් මැදින් ගිහින් ඉස්සරහා පෝලිමේ ඉදගන්නවා... සර්ටත් මේක නෝටිස්... එක දවසක් මම එද්දී සර් ඇහුවා "උබ කලාපෙන්ද යකෝ හැම දාම වෙලා ගිහින් එන්නේ" කියලා...
ඔක්කොම හිනා උනා පට්ට චාටර්... එදා ඉදං මන් එද්දී ළමයි "ඔන්න කලාපෙන් එනවා" කියනවා... පස්සේ පස්සේ මං වෙලවට එන්න පුරුදු උනා...
රොටරි ක්ලාස් එකේ අපේ එකෙක් හිටිය ඌත් උඹ වගේ පරක්කු වෙලා එන්නේ.. සර් ඌ එනකොට කියන්නේ ..අනේ කෙල්ලනේ මේ කොල්ල දිහා කවුරුත් බලන්නේ නැති නිසා , මේකා පරක්කු වෙලා එනවා.. පොඩ්ඩක් බලපල්ලා . ඌත් හැමදාම පරක්කු වෙනවා ඕක අහගන්න
8 වසරේදී සිංහල ටීචර් කිව්වා ,පුළුවන් තරම් දන්නා යුගල පද ලියන්න කියල, අපේ මුස්ලිම් එකෙක් ලියල අංජ-බජල් කියල, එදා ඉදල උගේ කාර්ඩ් එක අංජ-බජල්. තව දවසක ටීචර් ඇහුව තමන්ට ගෙදරට ආදරේට කියන නම, එකෙක් කිව්වා "වස්තුව" .. ඌට එදා ඉදල කාර්ඩ් එක "object"
------
Post added on May 27, 2022 at 3:12 PM