ඊයෙ මරු වැඩක් වුණානෙ බං අපේ අම්මට

Voldemort Bro

Well-known member
  • Jan 1, 2020
    10,013
    13,910
    113
    126
    Hogwarts
    බොරු නෙමේ යකෝ ඇත්ත සීන් කියන්නෙ
    හිටියයින් හිටියෙ නෑ මෙහෙම පූසියෙක්
    මාර අමුතුම ජාතියෙ බඩුවක්
    නංගි පිලියන්දල ඉදල බයසිකලේ කූඩෙක තියාගෙන ගෙනත් දුන්නෙ
    Piliyandala idan nangi bike eke negombo awa kiyalada kiyanne pagor?
     

    AnuradhaRa

    Well-known member
  • Piliyandala idan nangi bike eke negombo awa kiyalada kiyanne pagor?
    ඉතිං බං හැමදාම නංගි එන්නෙ බයික් එකේනෙ
    යන්නෙත් බයික් එකේ
    දැං උඹට ඒකත් විස්වාස නැද්ද

    මෙතන වැරැද්ද කෙරුවෙ ගැරඩිය
    කවුරුත් විස්වාස කරන්නෙ නෑ ගැරඩියෙක් මිනිහෙක් ඉදං ඉන්න පුටුවක් යටින් යයි කියල
    ඇයි ගැරඩිය එහෙම තීරණයක් ගත්තෙ
    පස්සෙන් එලවං එන පූසව මග අරින්න, මොනා කලත් හරියන්නෙ නෑ මූ පස්සෙන්ම එනව කියල ඌ ඔලුව හැරිච්ච අතේ දුවනව. එච්චර ලොකු එකෙක් නෙමේ කිව්ව තාත්ත. ගැරඩි පැටියෙක්ලු
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    ඉතිං බං හැමදාම නංගි එන්නෙ බයික් එකේනෙ
    යන්නෙත් බයික් එකේ
    දැං උඹට ඒකත් විස්වාස නැද්ද

    මෙතන වැරැද්ද කෙරුවෙ ගැරඩිය
    කවුරුත් විස්වාස කරන්නෙ නෑ ගැරඩියෙක් මිනිහෙක් ඉදං ඉන්න පුටුවක් යටින් යයි කියල
    ඇයි ගැරඩිය එහෙම තීරණයක් ගත්තෙ
    පස්සෙන් එලවං එන පූසව මග අරින්න, මොනා කලත් හරියන්නෙ නෑ මූ පස්සෙන්ම එනව කියල ඌ ඔලුව හැරිච්ච අතේ දුවනව. එච්චර ලොකු එකෙක් නෙමේ කිව්ව තාත්ත. ගැරඩි පැටියෙක්ලු
    ගැරඩියා වැරදියි බන්
     
    • Haha
    Reactions: AnuradhaRa

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,577
    6,157
    113
    අපේ ගෙදර ඉන්නව කෑලෑ ගතියට හැදුණ බැළලියෙක් :love2: හැබැයි ඌ හරිම ෂෝක්. ඔලුව පොඩියි ඇග දිගයි කෙට්ටුයි කකුල් මහතයි, මාළු විතරයි කන්නෙ

    මම දවසක් දැක්ක මූ වත්තෙ ගැරඩියෙක් පස්සෙ එලවං යනව. ගැරඩිය දුවනව මාර ස්පීඩ් එකකින්. මම දැක්කමයි එච්චර වේගෙකින් ගැරඩියෙක් යනව. ගැරඩිය ගියා අල්ලපු වත්තට පූසිත් පැන්න අල්ලපු වත්තට. එතනින් එහාට මොනා වුණාද කියන්න මම දන්නෙ නෑ. මගේ දර්ශන පතේට අහු වුණේ එච්චරයි
    ගමේ ඇවිදින්න යන පූස් අයියට හවස් ජාමෙ පූස් නංගිව මුනගැහිලද කොහෙද මෙහෙ වරෙන් යන්න කියල ඌව එක්කං ඇවිත් තිබුණ. මම හෙන අප්සට් එකේ හිටියෙ පූසිට කරදරයක් වෙයි කියල.. පූසො දෙන්නවම දැක්කට පස්සෙ තමා හිතට සැනසීමක් ලැබුණෙ
    AnuradhaRa said:
    අඩේ මචං... සිරාවටම මට ඒ වෙලාවේ කරකියාගන්න දෙයක් නැති වුණා බං. මම අර ලස්සන කෙල්ල දිහා බලාගෙන පාරේ යනකොට තමයි මේ හත් ඉලව්ව වුණේ.
    ඔන්න මම බලන් ඉද්දීම අර පූසි ගැරඩියා පස්සේ පන්නගෙන විදුලිය වගේ ආවා. කෙල්ල හිටියේ අර කොටම කොට ලෝමේකර් එක ඇඳලා නිකන් ලෝකේ කාත් කවුරුත් නැති ගානට ෆෝන් එකක් බල බල. පූසි එකපාරටම "චූස්" ගාලා කෙල්ලගේ කකුල් දෙක අස්සෙන් රිංගුවා විතරයි මම දැක්කේ, කෙල්ල බැලන්ස් නැතුව පාර මැදම ඇදගෙන වැටුණා
    මට මාර අප්සට් එක. ලස්සන කෙල්ලෙක් එහෙම වැටුණාම බලන් ඉන්න බැහැනේ. මම දුවලා ගිහින් ඇහුවා "නංගි අමාරුද?" කියලා. කෙල්ලගේ දණහිස පොඩ්ඩක් හීරිලා. මම ඉතින් හැමතිස්සෙම සාක්කුවේ දාගෙන යන සිද්ධාලේප ටින් එක අරගෙන, ඒකෙන් පොඩ්ඩක් ඇඟිල්ලට අරන් කෙල්ලගේ කකුලේ ගෑවා
    මම ඉතින් තෙල් ගාන ගමන් බිම බලාගෙන හිටියේ... ලැජ්ජාවයිනේ බං! ඒත් මට හිතුණා අර පූසි මට මාර චාන්ස් එකක් නේද කරලා දුන්නේ කියලා. කෙල්ලත් හරිම අහිංසක විදිහට "තෑන්ක්ස් අයියේ" කියලා හිනා වුණාම මට නිකන් දිව්‍ය ලෝකේ ගියා වගේ.
    හැබැයි මම අර පූසි දිහා බලද්දී, ඒකි අල්ලපු වත්තේ තාප්පේ උඩ ඉඳන් මට රවනවා වගේ බං. හරියට "මම තමයි උඹට සෙට් කරලා දුන්නේ" කියනවා වගේ!
     
    Last edited: