දත්ත පැටළුණු ගම්පහ දෛනික ආසාදිතයින් අසාමාන්‍ය ලෙස පහලට
ගම්පහ දිස්ත්‍රික්කයේ දෛනික කොරෝනා ආසාදිතයින් සම්බන්ධයෙන් යළි ගැටළුකාරී තත්ත්වයක් ඇතිවි තිබෙනවා. ඒ, මෙතෙක් දෛනික ආසාදිතයින් 100 සීමාව පවා ඉක්මවා වාර්තා වූ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඊයේ නිකුත් වූ වාර්තා වලට අනුව ආසාදිතයින් 35 දෙනෙකු පමණක් වාර්තා වීමයි.
ගම්පහ දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදිත දත්ත සම්බන්ධයෙන් කථාබහක් මතුවූයේ කොවිඩ් මර්දන දිස්ත්‍රික් කමිටුවේදී හෙළිවූ තොරතුරු හේතුවෙන්. එහිදී අනාවරණ වූයේ ඉකුත් අගෝස්තු 01 වනදා සිට 09 වනදා දක්වා ආසාදිතයින් 12,555 දෙනෙකු වාර්තා වී ඇති බවත්, ඉන් ආසාදිතයින් 4,046 දෙනෙකු පමණක් රෝහල්ගත කර ඇති බවත්, තවත් 1,506 දෙනෙකු නිවෙස් නිරෝධායනයේ සිටින බවයි.
එහෙත්, අදාළ කාලය තුළ ගම්පහ දිස්ත්‍රික්කයේ දෛනික ආසාදිතයින් ලෙස වසංගත රෝග විද්‍යා අංශය තහවුරු කළේ ආසාදිතයින් 3,629 දෙනෙකු පමණයි. ඒ අනුව සෙසු ආසාදිතයින් 7003 දෙනා වාර්තා නොවූයේ මන්දැයි මේවනවිටත් ඇත්තේ නොවිසඳුනු ගැටළුවක්.
ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් අද මෙවන් ප්‍රතිචාරයක් දැක්වුවා.
http://nethnews.lk/article/88412