මේක මට හිතෙන ප්රශ්නයක්.
ඇයි උබලාගෙ උන් පලස්තීන/ඇෆ්ගන්/ලිබියන් සෙට් එක අනාථ උනාම යුරෝපය තම දුවන්නේ? ඔයා සල්ලි තියෙනවා කියන අරාබි සෙට් එක ඇයි උන්ව නොගන්නේ?
ගණන් ගන්නේ නෑ ද?
ලෙබනන් වලට වෙච්ච වැඩේ වෙනවා
පලස්තීන සරණාගතයෝ ගත්තොත්
අරාබි රටවල ගොඩක් තියෙන්නෙ තවමත් ඒකාධිපති රජ පවුල් වල පාලනය
ඒ රටවල මිනිස්සු දේශපාලනිකව සක්රීය නැහැ
පලස්තීන සරණාගතයෝ ගෙන්න ගත්තොත් ඔය දේශපාලනිකව අක්රීය මිනිස්සු සක්රීය වෙන්න ගන්නව
උන් ඊට් පස්සෙ ප්රශ්න කරන්න ගන්නවා ඇයි තමන්ගේ රටවල් පලතීනයට මීට වඩා උදව් නොකරන්නෙ කියන්නෙ
අරාබි රටවල් ගොඩාක් දුවන්නෙ තවමත් ඇමරිකන් ඩීල් එකක් උඩ
ඔය ඩීල් එක ප්රශ්න කරපු දාට අරාබියේ ඒකාධිපති රජපවුල් වල පාලනය ඉවර වෙන්න පුලුවන්
ඒකයි ඒ රට වල පාලකයෝ කැමති නැත්තෙ මේ ප්රශ්නේ නිසා තමන්ගේ පැවැත්මට හානි කරගන්න
හොඳම උදාහරණයක් ඊජිප්තුව
ඊජිප්තුව කියන්නෙ කලින් ඊස්රායෙල් වල හිටපු ලොකුම හතුරා
දැන්ට මිලියන 100ක් ද කොහෙද population එකක් ඉන්නවා
ඊස්රායෙල් වලට සෑහෙන ත්රෙට් එකක් වෙන්න පුලුවන් රටක්
ඒත් පස්සෙ උන් ඇමරිකාවත් එක්ක ඩීල් එකකට ආව
උන්ට ඇමරිකාව අවුරුද්දකට ඩොලර් බිලියන ගාණක් දෙන්ව දැන් ගොඩක් කාලෙක ඉඳන්
ඔය ඩීල් එකේ ප්රතිඵලයක් විදිහට දැන් ඊජිප්තුව ඊස්රායෙල් වලට වචනයක් වත් කියන්නෙ නැති රටක්
හැබැයි උන්ගේ population එකට ඕන ඒක නෙමෙයි
උන්ට ඕන ඊස්රායෙල් එක්ක ගේම ඉල්ලන්න
හැබැයි ආණ්ඩුව දරන මතය වෙනස්
ඊජිප්තුවෙ විප්ලවලයක් වෙලා "Muslim brotherhood" පාලනයක් ආවා මතක ඇති
ඒ උන්ගේ රටේ මිනිස්සු බහුතරයක් කැමති ජාතියේ පාලනයක්
හැබැයි ඒ පාලකයට වැඩි කාලයක් ඉන්න දුන්නෙ නැහැ
ඇමරිකාවත් සපෝට් කරපු හමුදා කුමන්ත්රනයකින් ඒ පාලකනය අයින් කරල දැම්ම
ඔහොම තමයි ඇමරිකාව මැද පෙරදිග සාමය තියාගෙන යන්නෙ
ඩොලර් බිලියන ගණන් ඒකාධිපති පාලකයන්ට වියදම් කරල
කොටින්ම කියනාවනම් කප්පන් ගෙවල
මහජන මතයට ඕන විදිහට වැඩ කරන්න හදන ජනප්රිය නායකයන්ව කුමණ්ත්රණ කරල එලවල දාල