දෙමල සන්ධානය ‘රට නොබෙදන බවට වන දිවුරුම’ කඩයි වගේ
රටේ ඒකීය භාවය වෙනුවෙන් සම්මත කරන ලද 6 වන සංශෝධනයෙන් හඳුන්වාදුන් ”රට නොබෙදන බවට වන දිවුරුම” මගහැරයාමේ අභිලාෂයක පෙරනිමිති දෙමළ ජාතික සන්ධාන නීතිවිරෝධී ප‍්‍රකාශයන්ගේ වේදැයි අවධියෙන් පසුවන ලෙසට රටේ නීති ක්‍ෂෙත‍්‍රයේ වියතුන්ගෙනුත් ඉල්ලා සිටින බව ශ‍්‍රී ලංකා නීතීඥ සංගමය පවසයි.
එහි කැඳවුම්කරු නීතීඥ කපිල ගමගේ මහතා නිවේදනයක් නිකුත් කරමින් මේ බව කියා සිටි.
එම නිවේදනය සම්පූර්ණයෙන් මෙසේය.
දෙමළ ජාතික සන්ධානය පසුගියදා යළි ප‍්‍රකාශයක් කරමින් උතුරු පළාත් ආණ්ඩුකාරවරයා ඉවත්කොට වෙනත් සිවිල් පුද්ගලයකු එතැනට පත් කරන්නැයි ඉල්ලීමක් නොවන ඉල්ලීමක් ඉදිරිපත් කොට තිබේ. එය ඉල්ලීමක් නොවන ඉල්ලීමක් වන්නේ එවැනි ඉල්ලීමක් කිරීමට ශ‍්‍රී ලංකා ජනරජයේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් කිසිදු ප‍්‍රතිපාදනයක් සලසා නොමැති බැවිනි. එනම් පළාතක ආණ්ඩුකාරවයා ලෙස අසුවලා පත් කළ යුතුයැයි නිර්දේශ කරන්නට හෝ පත්කර ඇති තැනැත්තෙකු ඉවත්කරගන්නැයි බලපෑම් කරන්නට හෝ කිසිවෙකුට නීත්‍යානුකූල බලයක් නොමැති බැවිනි.
ආණ්ඩුකාරවරයා යනු අප ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාගේ නියෝජිතයාය. තම නියෝජිතයා ලෙස ජනාධිපතිවරයා විසින් පත්කළ පුද්ගලයකුගේ පත්වීම පිළිබදව ප‍්‍රශ්න කිරීමට ඉඩක් නොමැති බව දැන දැනම එයම ප‍්‍රශ්න කරමින් ද ඉන් නොනැවතී වෙනත් පත්කරන පුද්ගලයකුගේ මේ මේ සුදුසුකම් තිබිය යුතුයැයි බලපෑම් කරමින් ද මේ සිදුකරනුයේ රටේ මූලික නීතිය වන ආණ්ඩුක‍්‍රම වවස්ථාවට අභියෝග කිරීමක් බව ශී‍්‍ර ලංකා නීතීඥ සංසදය හදුනාගනී.
මෙවැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට මුවාවී කරන දේශපාලන සමච්චල හෝ දාදුකෙළි අවසාන වශයෙන් සේවය කරනුයේ රටේ මූලික නීතිය වූ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව හෑල්ලු කිරීමටය. රටේ ඒකීය භාවය වෙනුවෙන් සම්මත කරන ලද 6 වන සංශෝධනයෙන් හඳුන්වාදුන් ”රට නොබෙදන බවට වන දිවුරුම” මගහැරයාමේ අභිලාෂයක පෙරනිමිති මෙකී නීතිවිරෝධී ප‍්‍රකාශයේ වේදැයි අවධියෙන් පසුවන ලෙසට රටේ නීති ක්‍ෂෙත‍්‍රයේ වියතුන්ගෙනුත් ලාංකේය ජනතාවගෙනුත් දැඩිව ඉල්ලා සිටිනු කැමැත්තෙමු.