උතුරට අද දවසේ මොකද වෙන්නෙ

sinhaba

Active member
  • Mar 4, 2013
    582
    72
    28
    දෙමල සන්ධානය ‘රට නොබෙදන බවට වන දිවුරුම’ කඩයි වගේ

    රටේ ඒකීය භාවය වෙනුවෙන් සම්මත කරන ලද 6 වන සංශෝධනයෙන් හඳුන්වාදුන් ”රට නොබෙදන බවට වන දිවුරුම” මගහැරයාමේ අභිලාෂයක පෙරනිමිති දෙමළ ජාතික සන්ධාන නීතිවිරෝධී ප‍්‍රකාශයන්ගේ වේදැයි අවධියෙන් පසුවන ලෙසට රටේ නීති ක්‍ෂෙත‍්‍රයේ වියතුන්ගෙනුත් ඉල්ලා සිටින බව ශ‍්‍රී ලංකා නීතීඥ සංගමය පවසයි.

    එහි කැඳවුම්කරු නීතීඥ කපිල ගමගේ මහතා නිවේදනයක් නිකුත් කරමින් මේ බව කියා සිටි.

    එම නිවේදනය සම්පූර්ණයෙන් මෙසේය.

    දෙමළ ජාතික සන්ධානය පසුගියදා යළි ප‍්‍රකාශයක් කරමින් උතුරු පළාත් ආණ්ඩුකාරවරයා ඉවත්කොට වෙනත් සිවිල් පුද්ගලයකු එතැනට පත් කරන්නැයි ඉල්ලීමක් නොවන ඉල්ලීමක් ඉදිරිපත් කොට තිබේ. එය ඉල්ලීමක් නොවන ඉල්ලීමක් වන්නේ එවැනි ඉල්ලීමක් කිරීමට ශ‍්‍රී ලංකා ජනරජයේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් කිසිදු ප‍්‍රතිපාදනයක් සලසා නොමැති බැවිනි. එනම් පළාතක ආණ්ඩුකාරවයා ලෙස අසුවලා පත් කළ යුතුයැයි නිර්දේශ කරන්නට හෝ පත්කර ඇති තැනැත්තෙකු ඉවත්කරගන්නැයි බලපෑම් කරන්නට හෝ කිසිවෙකුට නීත්‍යානුකූල බලයක් නොමැති බැවිනි.

    ආණ්ඩුකාරවරයා යනු අප ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාගේ නියෝජිතයාය. තම නියෝජිතයා ලෙස ජනාධිපතිවරයා විසින් පත්කළ පුද්ගලයකුගේ පත්වීම පිළිබදව ප‍්‍රශ්න කිරීමට ඉඩක් නොමැති බව දැන දැනම එයම ප‍්‍රශ්න කරමින් ද ඉන් නොනැවතී වෙනත් පත්කරන පුද්ගලයකුගේ මේ මේ සුදුසුකම් තිබිය යුතුයැයි බලපෑම් කරමින් ද මේ සිදුකරනුයේ රටේ මූලික නීතිය වන ආණ්ඩුක‍්‍රම වවස්ථාවට අභියෝග කිරීමක් බව ශී‍්‍ර ලංකා නීතීඥ සංසදය හදුනාගනී.

    මෙවැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට මුවාවී කරන දේශපාලන සමච්චල හෝ දාදුකෙළි අවසාන වශයෙන් සේවය කරනුයේ රටේ මූලික නීතිය වූ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව හෑල්ලු කිරීමටය. රටේ ඒකීය භාවය වෙනුවෙන් සම්මත කරන ලද 6 වන සංශෝධනයෙන් හඳුන්වාදුන් ”රට නොබෙදන බවට වන දිවුරුම” මගහැරයාමේ අභිලාෂයක පෙරනිමිති මෙකී නීතිවිරෝධී ප‍්‍රකාශයේ වේදැයි අවධියෙන් පසුවන ලෙසට රටේ නීති ක්‍ෂෙත‍්‍රයේ වියතුන්ගෙනුත් ලාංකේය ජනතාවගෙනුත් දැඩිව ඉල්ලා සිටිනු කැමැත්තෙමු
    .
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ආණ්ඩුව ජනාධිපතිවරයා හෝ ආණ්ඩුකාරවරයා ඉදිරියේ දිවුරුම් දුන්නෙ නැතුවට කිසිම ඇක්ෂන් එකක් ගන්නෙ නෑ......

    හේතුව - එහෙම දිවුරුම් දීම් වලංගු නෑ. තීරණාත්මක අවස්ථාවේ මේක නිසා පලාත් සභාව විසුරුවන්න සහ ගත්ත තීරණ නිෂ්ප්‍රභ කරන්න ආණ්ඩුවට පුළුවන්.

    ආනුඩ්ව කරන්නේ තුරුම්පුව අතේ තියං සෙල්ලම් කිරීමක්............

    මෙන්න ලස්සනට කොරල තියෙනව ඒ හරිය නම් :dull:

    සම්බන්ධන් ජනපති හමුවෙයි

    උතුරු මහ ඇමැති පදවියට පත් කැර සිටින හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චකාර සී වී විග්නේශ්වරන් මහතාගේ ද උතුරු පළාත් ඇමැති මණ්ඩලයේ හා මන්ත්‍රීවරුන්ගේ දිවුරුම් දීම පිළිබඳ සකාච්ඡා කිරීමට දෙමළ ජාතික සන්ධාන නායක ආර් සම්බන්ධන් මහතා අරලියගහ මන්දිරයේ මහිනද රාජපක්ෂ ජනපති සමග සාකච්ඡා කළේය.

    විග්නේෂ්වරන් මහතා ලබන සඳුදා (07/Oct/2013) අරලියගහ මන්දිරයේ දී මහින්ද රාජපක්ෂ ජනපති ඉදිරියේ දිවුරුම් දීමට නියමිතය.


    Source: http://www.lankadeepa.lk/index.php/articles/174344

    05(266).jpg
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,557
    22,254
    113
    Gotland
    හෙහෙ මහින්ද මාම ඇමරිකාවේ ආණ්ඩුවත් වට්ටල ආපු ගමන් දෙමල සන්ධානේටත් ටොපියක් දීල
    එව්ව හොද වැඩ
     

    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    දෙමල සන්ධානය දෙදරයි… අඩෙක්කලනාදන් නායකත්වය හැරයයි

    ද්‍රවිඩ ජාතික සන්ධානයේ වන්නි දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙයිකලනාදන් මහතා ටෙලො සංවිධානයේ නායකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.
    ඔහු තම ඉල්ලා අස්වීමේ ලිපිය තවත් දින දෙක තුනකින් පක්ෂයේ මහලේකම්වරයාට භාරදෙන බවද කියයි.
    උතුරු පළාත් සභා මැතිවරණය ජය ගැනීමෙන් පසු වන්නි දිස්ත්‍රීක්කයට අමාත්‍යධූරයක් ලබාගෙන සේවය කරන බව හෙතෙම පවසා තිබුණි.
    කෙසේ වෙතත් දැනට පවත්නා වාතාවරණය යටතේ අදාළ අමාත්‍ය ධූරය යාපනයේ එම්.කේ. සිවාජිලිංගම් මහතාට ලබාදීමට ද්‍රවිඩ ජාතික සන්ධානය යෝජනා කර ඇති බැවින් තමා ටෙලෝ සංවිධානයේ නායකත්වයෙන් ඉල්ලා අස්වන බව පවසා ඇත.
    තමාට වන්නි ජනතාවට සේවය කිරීමට හැකියාවක් නොලැබෙන බැවින් මෙම තීරණය ගත් බව මන්ත්‍රීවරයා කියයි.
    මේ අතර උතුරු පළාතේ මහඇමති ලෙස සී.වි. විග්නේෂ්වරන් මහතා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම්දීමට ගත් තීරණය නිසා ද ද්‍රවිඩ ජාතික සන්ධානයේ පක්ෂ අභ්‍යන්තරයේ අර්බුදයක් හටගෙන තිබේ.
    විග්නේෂ්වරන් මහතා ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දිය යුතු බවට පක්ෂයේ නායක ආර්. සම්බන්ධන් හා පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. සුමන්තිරන් මෙන්ම විග්නේෂ්වරන්ද ඒකමතික තීරණයකට පැමිණ ඇති බවට ද්‍රවිඩ සන්ධානයේ තවත් මන්ත්‍රීවරුන් කොටසක් අප්‍රසාදය පළ කර ඇත.
    මෙවන් වාතාවරණයක් යටතේ මාවෙයි සේනාධිරාජා මහතා ද දිවයිනෙන් පිටත්ව ඉන්දියාවට ගොස් ඇත

    Source : Lankacnews
     

    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    දෙමළ ජාතික සන්ධානයට බලය හිමිව ඇති උතුරු පළාත් සභාවේ ඇමතිකම් බෙදා ගැනීම සම්බන්ධ ප‍්‍රශ්නයක් මුල් කර ගෙන එම සන්ධානය තුල මත ගැටීම් උග‍්‍ර වී තිබේ.
    අමාත්‍ය ධූර 4න් 2ක්ම එහි ප‍්‍රධාන හවුල්කාර පක්ෂය වන ඉලංගෙයි තමිල් අරසු පක්ෂය විසින් ඉල්ලා ඇත.
    එසේ නමුත් එම අමාත්‍ය ධූර 04 එහි හවුල්කාර පක්ෂ 04 සදහා එක බැගින් ලබාදිය යුතු බව සෙසු පක්ෂ වල මතය වී ඇත.
    ටෙලෝ. ඊ.පී.ආර්.එල්.එෆ්, හා ප්ලොට් ඉතිරි පක්ෂ 03 වේ.


    source : Lankacnews
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,557
    22,254
    113
    Gotland
    දෙමල සන්ධානය දෙදරයි… අඩෙක්කලනාදන් නායකත්වය හැරයයි

    ද්‍රවිඩ ජාතික සන්ධානයේ වන්නි දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙයිකලනාදන් මහතා ටෙලො සංවිධානයේ නායකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.
    ඔහු තම ඉල්ලා අස්වීමේ ලිපිය තවත් දින දෙක තුනකින් පක්ෂයේ මහලේකම්වරයාට භාරදෙන බවද කියයි.
    උතුරු පළාත් සභා මැතිවරණය ජය ගැනීමෙන් පසු වන්නි දිස්ත්‍රීක්කයට අමාත්‍යධූරයක් ලබාගෙන සේවය කරන බව හෙතෙම පවසා තිබුණි.
    කෙසේ වෙතත් දැනට පවත්නා වාතාවරණය යටතේ අදාළ අමාත්‍ය ධූරය යාපනයේ එම්.කේ. සිවාජිලිංගම් මහතාට ලබාදීමට ද්‍රවිඩ ජාතික සන්ධානය යෝජනා කර ඇති බැවින් තමා ටෙලෝ සංවිධානයේ නායකත්වයෙන් ඉල්ලා අස්වන බව පවසා ඇත.
    තමාට වන්නි ජනතාවට සේවය කිරීමට හැකියාවක් නොලැබෙන බැවින් මෙම තීරණය ගත් බව මන්ත්‍රීවරයා කියයි.
    මේ අතර උතුරු පළාතේ මහඇමති ලෙස සී.වි. විග්නේෂ්වරන් මහතා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම්දීමට ගත් තීරණය නිසා ද ද්‍රවිඩ ජාතික සන්ධානයේ පක්ෂ අභ්‍යන්තරයේ අර්බුදයක් හටගෙන තිබේ.
    විග්නේෂ්වරන් මහතා ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දිය යුතු බවට පක්ෂයේ නායක ආර්. සම්බන්ධන් හා පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. සුමන්තිරන් මෙන්ම විග්නේෂ්වරන්ද ඒකමතික තීරණයකට පැමිණ ඇති බවට ද්‍රවිඩ සන්ධානයේ තවත් මන්ත්‍රීවරුන් කොටසක් අප්‍රසාදය පළ කර ඇත.
    මෙවන් වාතාවරණයක් යටතේ මාවෙයි සේනාධිරාජා මහතා ද දිවයිනෙන් පිටත්ව ඉන්දියාවට ගොස් ඇත

    Source : Lankacnews

    :):):P
     

    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    ko uba boruwata kegehuwe thanathi pathi waru idiriye dyurum denne kiyala. minissu boruwata ke gahanawa
     

    sinhaba

    Active member
  • Mar 4, 2013
    582
    72
    28
    විග්නේෂ්වරන් උතුරේ මහ ඇමති ලෙස ජනපති ඉදිරියේ දිවුරයි

    06(267).jpg


    images


    උතුර පළාත් මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් මහතා ජානාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඉදිරියේදී සිය නව තනතුරේ දිවුරුම් දුන්නේය.

    අරලියගහ මන්දිරයේ පැවති මේ අවස්ථාවට සර්ව ආගමික පූජ්‍ය පක්ෂය ද අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න, ජ්‍යෙෂ්ඨ අමාත්‍ය තිස්ස විතාරණ, අමාත්‍යවරුන් වන මෛත්‍රීපාල සිරිසේන, ඩග්ලස් දේවානන්දා, රවුෆ් හකීම්, වාසුදේව නානායක්කාර, ඩිව් ගුණසේකර, උතුරු පළාත් ආණ්ඩුකාර ජී.ඒ. චන්ද්‍රසිරි, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන්, එම්.ඒ. සුමන්තිරන්, ඒ. විනයාගමූර්ති, පී. දිගම්බරන්, ප්‍රභා ගනේෂන්, එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් අමරතුංග හා ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග යන මහත්වරු එක්ව සිටියහ.
     
    Last edited:

    sinhaba

    Active member
  • Mar 4, 2013
    582
    72
    28
    මෙය ස්වං තීරණය සඳහා වන දුර ගමනක ඇරඹුමක් – විග්නේෂ්වරන්

    තමන් අරලියගහ මන්දිරයේදී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේ දකුණෙ ජනතාවගේ සැක දුරු කිරීමට යයි උතුරු පළාත් නව මහ ඇමති සීවී විග්නේෂ්වරන් මහතා පවසයි.

    උදයන් පුවත්පත හා අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කරන්නේ තම ස්වයං තීරණ අයිතිය දිනා ගැනීම සඳහා දුර දැක්මකින් කටයුතු කල යුතු බවයි.

    සිංහල ජනයා වෙනම ජන වර්ගයත් සහ වෙනම ශිෂ්ඨාචාරයක් ඇති බව පිළිගන්නවා සේම දෙමළ ජනයාටද එම අයිතීන් ඇති බව පවසන ඔහු එක්සත් ශ‍්‍රී ලංකාවක් තුල තම අයිතීන් දි ගැනීම අරමුණ යයිද කියා සිටී.

    ‘මට භාර වූ කාර්යභාරය මගේ ජනතාවගෙන් මට ලැබුණු තෑග්ගක්. කෙටි කාලීන මෙන්ම දිගු කාලීන දර්ශනයක් වෙනුවෙන් මගේ වගකීම් ඉටු කිරීමට ඔවුන් මට බලය ලබාදී තිබෙනවා.

    අපට අවශ්‍ය වන්නේ යටගිය අපේ ස්වෛරීත්වය තහවුරු කිරීමයි. එසේ කිරීමට අතීතයේ අප මුහුණ දුන් දුෂ්කරතාවන්ගෙන්, අපේ දේශපාලන දර්ශනයන්ගෙන් සහ අත්දැකීම් තුළින් ඉදිරියට යා යුතුය.

    මේ මොහොතේ අවශ්‍ය වන්නේ විවිධ ජනවර්ගයන්ගේ හදවත් තුළ වූ වැරදි වැටහීම හා සැකසංකා දුරලීමයි. එවැනි වැඩපිළිවෙලක මූලික අදියරක් ලෙස රටේ ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දීමට අප තීරණය කළා.

    ඒ අනුව,අපේ තීරණය එක්සත් ශී‍්‍ර ලංකාවක් තුළ භේද දුරලමින් ජීවත්වීමේ අපේ කැමැත්ත අපේ සහෝදර ජනතාවට පිළිබිඹු වන්නක් වනු ඇතැයි කියා අප විශ්වාස කරනවා’ යනුවෙන්ද නව මහඇමතිවරයා වැඩිදුරටත් පවසා ඇත.
     

    sinhaba

    Active member
  • Mar 4, 2013
    582
    72
    28
    යාපනේදී මහ රෑ පොලීසියකට ගල් මුල්

    muslim-attacked-police-vehicle-at-daktarkhana-mor-near-hotuganj.jpg


    යාපනය කිට්ටු උද්‍යානය අසලදි කිසියම් පිරිසක් පොලිස් කැබ්රියකට ගල් මුල් ගසා හානි සිදු කැර ඇත.ඉරිදා මැදියම් රැය ආසන්නව මේ ප්‍රහාරය එල්ල කරන්නට පෙර එම උද්‍යානයයේ කැරම් ගසමින් සිටි පිරිසක් අතර ඇති වු ගැටුමක් ගැන පොලිස් හදිසි ඇමැතුම් ඒකකයට තොරතුරු ලැබී ඇත.
    එහි ගිය පොලිස් රිය වටකර ගත් හතලිහක් පමණ ගල් මුල් ප්‍රහාර එල්ල කර ඇතැයි කියති.
     

    sinhaba

    Active member
  • Mar 4, 2013
    582
    72
    28
    විග්නේෂ්වරන්ගේ අනුරූවලට දෙමල සන්ධානය ගිනිතබති

    උතුරු පළාත් නව මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් මහතාගේ අනුරූවලට දෙමල ජාතික සන්ධාන ආධාරකරුවන් විසින් මුලතිවුහිදී ගිනි තබා ඇතැයි වාර්තා වේ.

    ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඉදිරියේ දිවුරුම් දීම නිසා කෝපයට පත් වූ ඔවුන් සිය විරෝධය මෙසේ දක්වා ඇත.

    එසේම එම දිවුරුම්දීම සඳහා සහභාගී වූ දෙමළ සන්ධාන නායක සම්බන්ධන් සහ මන්ත‍්‍රී සුමන්තිරන්ගේ අනුරූවලටද එම පිරිස් ගිනි තබා තිබේ.

    පසුගියදා අරලියගහ මන්දිරයේදී පැවති උතුරු පළාත් මහ ඇමතිවරයා දිවුරුම් දීමේ අවස්ථාවට එම පලාත් සභවට තේරී පත්වූ දෙමල ජාතික සන්ධාන මන්ත‍්‍රීවරුන්ද සහභාගී වුයේ නැත.


    විග්නේෂ්වරන්ලාගේ සහ ඔවුන්ගේ පඹයන් පුළුස්සන්නන් අතර වෙනස.

    විග්නේෂ්වරන්ලාගේ මතය – සුදුසු අවස්ථාව එළඹෙන තෙක් ඉවසා, ඊලම ලබා ගතයුතුය.

    විග්නේෂ්වරන්ලාගේ පඹයන් පුළුස්සන්ගේ මතය – මේ දැන්ම ඊලම ලබාගත යුතුය.
     

    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    මෝඩ සින්හලු අපි දෙමලාට ගහලා උතුර අල්ලගත්තා කියලා උඩ පෑන පෑන ඉන්නකොට තිරිසන් හම්බයෝ ටික නෑගෙනහිර අල්ලලා ඉවරයි. තව තවත් සහජීවනේ සහෝදරත්වේ කිය කිය ඉදපල්ලා...
    උඹ දැක්කේ නැද්ද අපේ ජනමූල නායකත්වය මෑතකදි මීඩියා වලට කිව්වා "දැන් මේ රටේ සුලු ජාතිකයෝ කියලා කොටසක් නෑ! මහ ජාතිය කියලා කොටසකුත් නෑ!! ඉන්නේ ශ්‍රී ලාංකික ජාතිය විතරයි" කියලා....!
    අනේ හුකේ! තව අවෘදු 40කට පස්සේ මේ රටේ මොකා මහ ජාතිය උනත් අපේ සර්වාගමික හු*තේ නායකයොන්ට වැඩක් නෑ.
    උන්ට ඕනේ උන්ගෙ ඡන්ද ටික රැක ගන්න විතරයි..!

    අපේ දේශප්‍රේමි හැත්තත් උන්ටම නැවීගෙන කතිරෙ ගහනවා! මේවා ගැන කතා කරන අපි "ජාතිවාදියෝ!"

    මෙව්වා කාට කියන්නද බං?
     

    sinhaba

    Active member
  • Mar 4, 2013
    582
    72
    28
    මහින්ද-සම්බන්ධන් රහස් හෙළිකරනු – TNA ආධාරකරුවන් විරෝධතා පා ගමනක

    ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සහ දෙමළ සන්ධාන නායක ආර්. සම්බන්ධන් මහතා අතර පසුගිය 04 වෙනිදා පැවති සාකච්චාව රටටම හෙළි කළ යුතු බව දෙමළ ජාතික සන්ධානයේ නායකයන්ට බල කරමින් මෙවර පළාත් සභා මැතිවරණය වෙනුවෙන් යාපනය දිස්ති‍්‍රක්කයෙන් දෙමළ ජාතික සන්ධානයට තරග කොට පරාජය වූ ටී.තම්බිරාසා මහතාගේ ප‍්‍රධානත්වයෙන් වවුනියාව රම්බෙයිකුලම් ගම්මානයේ පිහිටි ශ‍්‍රී නාග පුරුෂණී අම්මාන් කෝවිලෙන් පසුගිය 5 වෙනිදා ආරම්භ කොට ඇත.

    පා ගමන මේ වනවිට කිලිනොච්චිය, අලිමංකඩ ප‍්‍රදේශයද පසු කරමින් තිබේ. පා ගමනේදී තමන්ට මරණීය තර්ජන එල්ල කරමින් දුරකථන ඇමතුම් ලැබෙන බවත්, එම දුරකථන අංක චන්ද්‍රිකා තාක්ෂණ දුරකථන අංක බවත් තම්බිරාසා මහතා පවසයි.

    මේ පිළිබදව තමන් කිලිනොච්චි පොලීසිය වෙතට පැමිණිලි කළ බවත්, කුමන බාධක පැමිණියද මෙම පා ගමන නොනවත්වන බවත් ඒ මහතා පවසයි.
     

    Similar threads