උදව්වක් ඕනා

blue_in_rio

Well-known member
  • මට මචන් එලකිරි කට්ටියගෙන් උදව්වක් ඕනා.මම දන්නව මේවගේ ප්‍රශ්නයක් ආපුවම එලකිරි එකේ සෙට් එක පුලුවන් උදව්වක් කරනව කියලා.මේ වගේ ත්‍රෙඩ් වලට මමත් ඒ වගේ උදව් කරල තියෙනවා.මම මේ දවස්වල තරමක මානසික ප්‍රශ්නෙකට මැදිවෙලා ඉන්නේ.මගෙ වයස දැන් 29යි.තාම කෙල්ලෙක් නම් නැහැ.උඹලා හිතයි මේකද මුගේ මහලොකු ප්‍රශ්නේ කියලා.නැහැ මචන්, මට මගේ තනිකම කවදාවත් ප්‍රශ්නයක් උනේ නැහැ.මම මගේ විස්තර ටිකක් කියලා ප්‍රශ්නෙට බහින්නම්.

    මම තමයි අපේ පවුලේ වැඩිමලා.මට නංගියි මල්ලියි තමයි ඉන්නේ.නංගි මට වඩා අවු. 4 විතර බාලයි.මල්ලි නම් මට වඩා ගොඩක් බාලයි.අම්මා, තාත්තා එක්ක අපේ තාත්තගේ අයියයි, අක්කයි (ඒ කියන්නේ අපේ මහප්පයි, නැන්දයි )ඉන්නවා අපිත් එක්ක.ඒ දෙන්නම බැඳලා නැහැ.අපේ අම්ම මේ අවුරුද්දේ 1 වෙනිදා අපිව දාලා මේ ලෝකෙන් සඳහටම යන්න ගියා.බොහොම අම්මරුවෙන් හිත හදා ගත්තේ, එලකිරිවගේ ෆිට් යාලුවො සෙට් එකක් අහල පහල ඉන්න නිසා.අපේ යාලුවෝ සෙට් එකේ ඉන්නවා 16 විතර.ඔක්කොම එකා වගේ ෆිට්.මම තමයි සෙට් එකෙන්ම වැඩිමල් එකා.බාලම එකා මට වැඩිය අවු. 8 විතර බාලයි.අපේ නංගි යාලු වෙලා ඉන්නෙත් අපේ එකෙක් එක්කම තමයි.උන් දෙන්න නම් ගෙවල් වලින් කැමැත්තත් අරගෙන, ලබන අවුරුද්දේ විතර බඳින්න තමයි ඉන්නේ.මල්ලි කාරය නම් ඉතින් තාම O/L කරන එකා නිසා, කෙල්ලෙක් නැහැ.(මම දන්න තරමින්)

    ඉතිං අපේ යාලුවො සෙට් එකේ මට ගොඩක්ම ෆිට් යාලුවෙක් ඉන්නවා.අපි ෆිට් එකට ඌට කිව්වෙ "චමියා" කියලා.චමියාට නංගි කෙනෙක් ඉන්නවා.චමියා මට වඩා අවු.3ක් විතර බාලයි.ඉතින් එයාගේ නංගි අනිවාර්යෙන්ම මට වඩා අවු. 6ක් වත් බාල ඇති.මගේ හිතේ ඉතිං මේ නංගි ගැන අදහසක් තිබුනා.මම හිතන්නේ ඒකේ පුදුම වෙන්න දෙයක් නැහැ.මොකද ඒ නංගි අපේ නංගිගෙත් යාලුවා.අනික එයාගේ අයියා මගේ යාලුවා.අපේ ගෙදර අනිත් අයත්, විශේෂයෙන්ම අපේ මහප්පා මගේ යාලුවගේ ගෙදර කට්ටියත් එක්ක ගොඩක් ෆිට්.ඒත් ඉතිං මම මගේ අදහස කාටවත්ම කිව්වෙ නැහැ.මම හිතන්නේ අන්න එතන තමයි මගේ දුර්වල තැන.

    මීට මාස 6-7 කට උඩදි මාර අප්සෙට් වැඩක් උනා.අපේ සෙට් එකේ තව යාලුවෙක් ඉන්නවා.පොර හොඳට මහත දෙහෙත , කලු, ඒත් ප්‍රියමනාප පෙනුමක් තියෙන එකෙක්.අනික හිත හොඳ එකා.මාත් එක්කත් හොඳට ෆිට්.ඉතිං මූ දවසක් අපේ එකෙකුට කියලා, මුගේ හිතේ චමියාගේ නංගි ගැන අදහසක් තියෙනවා කියලා.ඕක අහපු වෙලාවේ ඉඳන් මට ෆුල් අප්සෙට්.ඒත් මම ඒ බවක් අඟවන් නැතුව හිටියා.පස්සෙ මම හිතුවා මූත් මගේ හොඳ යාලුවෙක් නිසා උගේ අදහසට ඉඩ දීල සීන් එකෙන් අයින් වෙන්න.අපේ සෙට් එකටම මුගේ ඔය සීන් එක ලීක් උනා.චමිටත් මේක දැන ගන්න ලැබුනා.ඒත් මේ වෙනකම් චමියා මේකට හරි උත්තරයක් දුන්නේ නැහැ.චමියාගේ නංගිත් මේ සීන් එක තාම දන්නේ නැහැ.ඒ නංගි අපි ඔක්කොටම සලකන්නේ එක විදියටමයි.මේ යකාට තියා මටහරි, වෙන එකෙකුට හරි ඒ නංගි විශේෂයක් දක්වනවා කියලා මම නම් හිතන්නේ නැහැ.ඒ කොහොම වෙතත් මම පොඩ්ඩක් සීන් එකෙන් අයින් වෙන්න හිත හදා ගන්න බැලුවේ.ඒත් මගේ හිතේ තිබිච්ච ගින්දර අලු යට තිබුන ගිනි පුපුරක් වගේ උඩට ආවේ පෙරේදා වෙච්ච සිද්දියක් නිසා.

    මම කාමරේට වෙලා, එලකිරි එකේ තිබිච්ච නවල් එකක් ඩවුන් කර කර හිටියේ.අපේ මල්ලිත් මගේ කාමරේට වෙලා පොතක් පාඩම් කරකර හිටියේ. මම නවල් එක ඩවුන් කරන එක මූ දකින්න ඇති.පොර මට කියනවා, "අය්යේ, තමුසේ දන්නේ නෑනේ වැඩක්.අද උදේ මහප්පා කියනවා, තමුසෙට චමී අයියගේ නංගිව සෙට් කරලා දුන්නොත් හරි කියලා".....මට ටික වෙලාවක් යනකන් හිතාගන්න බැරි උනා මූ කියපු හරුපේ.අනිය මුගේ වයසටද වැඩ."තමුසෙටත් ඕනා නැති දෙයක් නැහැ , පිස්සුද ඕයි.අනික තමුසෙ දන්නවනේ එතන වෙන සීන් එකක් යනවා කියලා." එහෙම කියලා මම පොරට බැන්නා.මම එහෙම කලත් මගේ හිතේ තිබුනේ නම් වෙන දෙයක්.මිනිහ කියනවා, "නෑ නෑ අයියේ, ඇත්තටම මහප්ප එහෙම කිවුවා" කියලා.මේ වෙලාවේ අපේ නංගි, මස්සිනා කාරය එක්ක සාලෙට වෙලා හිටියේ.නංගිටත් අපේ සීන් එක ඇහිලා.නංගිත් කියනවා, "මමත් අහගෙන අයියේ මහප්පා එහෙම කියනවා.හැබැයි මෙයත් ඒකට පෝරදදා හිටියා" කියලා.මස්සිනා මේ මොකවත් දන්නේ නැතුව, නංගිගෙන් මොකක්ද සීන් එක කියලා අහනවා මට ඇහුනා.නංගි මෑන්ට ඒක කිව්වම, පොර මොකක් හරි හිමීට කිව්වා.ඒක මට ඇහුනේ නැහැ.

    කොහොමෙන්, කොහොමෙන් හරි මේ වැඩෙන් උනේ, මම බොහොම අමාරුවෙන් හදා ගන්න ගිය හිත, ලෙහෙසියෙන් හදා ගන්න බැරි තරමට ආපහු පෑරුණ එක.දැන් මට හිතෙන්නේ, මගේ පැත්තට බර වැඩියි වගේ.ඒත් ඉතිං අරුත් මගේ හොඳ යාලුවා.කොහොමද යාලුවනේ මම ඌට මේ වගේ කැත වැඩක් කරන්නේ.(අපේ සෙට් එකම එහෙම හිතනවා.මට සුවර්.මොකද මම මගේ අදහස කාටවත් කියලා නැහැනේ මීට කලින්.අරූගේ සීන් එක තමයි කට්ටිය දන්නේ.හැමෝම හිතයි මම මැදින් පැන්න කියලා)ඒත් මගේ සිහිනේ, මට අමතක කරන්නත් බැහැ.මේකට විසඳුමක් හිතෙනවා නම් කියන්න.බය වෙන්න එපා, මම ගඟේ මූදේ පනින්න යන්නේවත් වහබොන්න තරම්වත් මෝඩයෙක් නෙමෙයි.ඒත් මට විසඳුමක් පේන්නේ නැතිකොට තමයි උබලාගෙන් ඇහුවේ.
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මට නම් හරි‍යටම දෙ‍යක් කි‍යන්න තේරෙන්නේ නෑ බන්. හැබැ‍යි මහප්පා කි‍යපු පලි‍යටම දෙ‍යක් කරන්න එපා. හැම පැත්ත ගැනම හිතලා බලපන්.
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,460
    17,567
    113
    දැනට බුම්ප් මචං...ටිකක් හිටපං... කාගෙ හරි ටිකිරි මොලේකට එල අයිඩියා එකක් එවි...:P:yes::yes::D
     

    blue_in_rio

    Well-known member

  • Thanks ban :dull::dull:

    මට නම් හරි‍යටම දෙ‍යක් කි‍යන්න තේරෙන්නේ නෑ බන්. හැබැ‍යි මහප්පා කි‍යපු පලි‍යටම දෙ‍යක් කරන්න එපා. හැම පැත්ත ගැනම හිතලා බලපන්.

    ඒකත් ඇත්ත :baffled::baffled:

    දැනට බුම්ප් මචං...ටිකක් හිටපං... කාගෙ හරි ටිකිරි මොලේකට එල අයිඩියා එකක් එවි...:P:yes::yes::D

    ඔව් බන්, ඉවසලා ඉන්නවා. :oo::oo:
     

    blue_in_rio

    Well-known member
  • ඉස්සර වෙලා ඒ කෙල්ල උබ ගැන කොහොමද හිතන් ඉන්නේ කියපන්,

    ඒ නංගි අපි ඔක්කොටම සලකන්නේ එක විදියටමයි.මේ යකාට තියා මටහරි, වෙන එකෙකුට හරි ඒ නංගි විශේෂයක් දක්වනවා කියලා මම නම් හිතන්නේ නැහැ.

    ඒකයි මම කලින්ම කිව්වේ බන් ..... :confused::confused::confused::confused::confused:
     

    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    කට්ටිය මේකට මොනවා කියයිද නම් දන්නේ නැහැ. මට නම් හිතෙනවා උබ මේ ගැන ඉස්සරවෙලා කෙල්ලගේ අයිය එක්ක කතා කලොත් හොදයි කියල .මම කියන්නේ නිකම් මුට්ටිය දාලා බැලුවොත් වගේ
     

    blue_in_rio

    Well-known member
  • කට්ටිය මේකට මොනවා කියයිද නම් දන්නේ නැහැ. මට නම් හිතෙනවා උබ මේ ගැන ඉස්සරවෙලා කෙල්ලගේ අයිය එක්ක කතා කලොත් හොදයි කියල .මම කියන්නේ නිකම් මුට්ටිය දාලා බැලුවොත් වගේ

    ඒකනම් ඇත්ත මචන්, ඒත් කොහෙද, අරූ ගම කාලනේ.මගේ ප්‍රමාදය තමයි ඇත්තටම මේකට මුල.මම දැන් මේ සීන් එක කිව්වොත්, චමියා මං ගැන මොනවා හිතයිද බන් ? :confused::confused:
     

    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    Machan mama nam Kiyanne Yaluwek widiyata Kalayata Oya Prashne wisadanna deela Tikak Balagena inna Kiyala Bro!:yes:

    Hoda Uttharayak Kalaya Wisinma Oyata dei:)Hitha Awl karaganna Epa.....Iwasanna:yes:1ka thamai mata Hithena hatiyata me Prahne ta Karanna Thiyana hodama de:)
     

    3267

    Member
    Mar 22, 2009
    2,361
    258
    0
    වව්ල් කැලේ
    ඒකනම් ඇත්ත මචන්, ඒත් කොහෙද, අරූ ගම කාලනේ.මගේ ප්‍රමාදය තමයි ඇත්තටම මේකට මුල.මම දැන් මේ සීන් එක කිව්වොත්, චමියා මං ගැන මොනවා හිතයිද බන් ? :confused::confused:

    ඔහොම වෙන අය හිතන දේවල් ගැන හිත හිත හිටියොත් හැමදාම ඔහොම තමයී ඉන්න වෙන්නෙ....:yes::yes:
    උඹ කෙල්ලට ලව් ද..? එහෙනම් උඹ ඒක කෙල්ලට මුලින්ම කියපන්.....:confused::confused:
    කෙල්ල කැමති නම් උඹට, ඊට පස්සෙ උඹ උබේ යාලුවට මේ ගැන කෙලින්ම කියපන්......;);)
    වෙන අය උඹට ඉස්සර වෙලා උඹ කැමති ආදරය කරන දේවල් අරන් යන්න දෙන්න උඹ ලෑස්ති නම් කමක් නෑ....මම උඹ නම් මම එහෙම වෙන්න දෙන්නෙ නෑ.......:no::no::no:
    තීරනය උඹේ අතේ......;);););):D:D:D
     

    Mozilla

    Well-known member
  • උබට රැවුලයි කැදැයි දෙකම එක සැරේ බෙර ගන්න බැ පුතේ....ඕවා අපෙන් අහලා වැඩක් නැ....උබ කෙලින් තීරණයක්‌ ගනින්.......උබට දෙයක් ඔනිවෙන්ම් ඒ දේ වෙනුවෙන් සටන් කරපන්....විශේෂයෙන්ම ආදරේ කරනකොට මේකත් ටිකක් අහපන්..

     

    msvperera

    Active member
  • Nov 8, 2009
    694
    29
    28
    on earth
    aio... mchn girayata ahu una wage deyakne me....mata therena widihata nam den hodama thiranaya thiyenne girl ge athe... hebei girlta danaganna arinna one ubeth idea ekak thiyennawa kiyala eya gena. wena dewal karanna giyoth samaharawita yaluwanwa nethiwewi, nethnam girlwa nethiwewi... man kiyanne thwa tikak try karapan.. samahara vita ube yaluwa thama girlta thadeta love karanne nethi wenna puluwa, uba girlta kemathi kiyala denagaththama uge idea eka wenas wennath puluwan hariyata ube una wage... .
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මචා උබට මම දෙයක් කියන්නම්. උබ ඒ නංගි ගැන හිතන එක අතඇරපන්. මොකද අරූට ඒකිව සෙට් නොවෙන්න පුලුවන්. ඒත් අනිව උඹ ඒකිව සෙට් කර ගත්තොත් උබට අර යාලුවව නැතිවෙනව. ඒක 100% ෂුවර්.ඒක උබට කරන්ඩ අමාරු වැඩක් තමා මචො. නමුත් ඒක උබට අනාගතේට ගත්ත හොද තිරණයක් වෙයි. මම මේක මගෙ අත්දැකීමෙන් කියන්නෙ. නමුත් මේක මගෙ මතය. උඹ කැමති තීරණයක් ගනින් මචො. මොකද මේක උබෙ ජීවිතය පිළිබද ප්‍රශ්ණයක්. උඹ හිතල තීරණයක් ගනින්. හොදට හිතල.
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    ඕක ගැන එච්චර හිතන්න එපා මචන්. උබ කොහොමත් කෙල්ලට ලව් බව පේනවා. අනික උබේ යාළුවගේ තාම කෙල්ල ගැන අදහසක් විතරනේ තියෙන්නේ.
    උත් එක්ක යාළුවෙලා හිටියනම් උබ වැරදි වැඩක් කරන්නේ. අනික කොහොමත් උබලගේ ගෙදර මෙහෙම සිද්දියක් කතා උන කියල උබේ මස්සිනාගෙන් උබේ යාලුවෝ සෙට් එක දැන ගනීවි.
    ටිකක් කල් ඉවසීමෙන් ඉදපන්. පස්සේ උබට වෙලාවක් එයි මේ ගැන කෙල්ලත් එක්ක සහ ගෙදර අයත් එක්ක කතා කරන්න.;)
    කොහොමත් උබ මෙතන වැරදි දෙයක් කරන්නේ නැ.:yes:


    තව වැදගත් දෙයක් තියනවා, කෙල්ල තමා ඉතින් අවසාන වසයෙන් තීරණය ගන්නේ. එක ඉතින් මොනවා වේවිද දන්නේ නැ.
     
    Last edited: