මට මචන් එලකිරි කට්ටියගෙන් උදව්වක් ඕනා.මම දන්නව මේවගේ ප්රශ්නයක් ආපුවම එලකිරි එකේ සෙට් එක පුලුවන් උදව්වක් කරනව කියලා.මේ වගේ ත්රෙඩ් වලට මමත් ඒ වගේ උදව් කරල තියෙනවා.මම මේ දවස්වල තරමක මානසික ප්රශ්නෙකට මැදිවෙලා ඉන්නේ.මගෙ වයස දැන් 29යි.තාම කෙල්ලෙක් නම් නැහැ.උඹලා හිතයි මේකද මුගේ මහලොකු ප්රශ්නේ කියලා.නැහැ මචන්, මට මගේ තනිකම කවදාවත් ප්රශ්නයක් උනේ නැහැ.මම මගේ විස්තර ටිකක් කියලා ප්රශ්නෙට බහින්නම්.
මම තමයි අපේ පවුලේ වැඩිමලා.මට නංගියි මල්ලියි තමයි ඉන්නේ.නංගි මට වඩා අවු. 4 විතර බාලයි.මල්ලි නම් මට වඩා ගොඩක් බාලයි.අම්මා, තාත්තා එක්ක අපේ තාත්තගේ අයියයි, අක්කයි (ඒ කියන්නේ අපේ මහප්පයි, නැන්දයි )ඉන්නවා අපිත් එක්ක.ඒ දෙන්නම බැඳලා නැහැ.අපේ අම්ම මේ අවුරුද්දේ 1 වෙනිදා අපිව දාලා මේ ලෝකෙන් සඳහටම යන්න ගියා.බොහොම අම්මරුවෙන් හිත හදා ගත්තේ, එලකිරිවගේ ෆිට් යාලුවො සෙට් එකක් අහල පහල ඉන්න නිසා.අපේ යාලුවෝ සෙට් එකේ ඉන්නවා 16 විතර.ඔක්කොම එකා වගේ ෆිට්.මම තමයි සෙට් එකෙන්ම වැඩිමල් එකා.බාලම එකා මට වැඩිය අවු. 8 විතර බාලයි.අපේ නංගි යාලු වෙලා ඉන්නෙත් අපේ එකෙක් එක්කම තමයි.උන් දෙන්න නම් ගෙවල් වලින් කැමැත්තත් අරගෙන, ලබන අවුරුද්දේ විතර බඳින්න තමයි ඉන්නේ.මල්ලි කාරය නම් ඉතින් තාම O/L කරන එකා නිසා, කෙල්ලෙක් නැහැ.(මම දන්න තරමින්)
ඉතිං අපේ යාලුවො සෙට් එකේ මට ගොඩක්ම ෆිට් යාලුවෙක් ඉන්නවා.අපි ෆිට් එකට ඌට කිව්වෙ "චමියා" කියලා.චමියාට නංගි කෙනෙක් ඉන්නවා.චමියා මට වඩා අවු.3ක් විතර බාලයි.ඉතින් එයාගේ නංගි අනිවාර්යෙන්ම මට වඩා අවු. 6ක් වත් බාල ඇති.මගේ හිතේ ඉතිං මේ නංගි ගැන අදහසක් තිබුනා.මම හිතන්නේ ඒකේ පුදුම වෙන්න දෙයක් නැහැ.මොකද ඒ නංගි අපේ නංගිගෙත් යාලුවා.අනික එයාගේ අයියා මගේ යාලුවා.අපේ ගෙදර අනිත් අයත්, විශේෂයෙන්ම අපේ මහප්පා මගේ යාලුවගේ ගෙදර කට්ටියත් එක්ක ගොඩක් ෆිට්.ඒත් ඉතිං මම මගේ අදහස කාටවත්ම කිව්වෙ නැහැ.මම හිතන්නේ අන්න එතන තමයි මගේ දුර්වල තැන.
මීට මාස 6-7 කට උඩදි මාර අප්සෙට් වැඩක් උනා.අපේ සෙට් එකේ තව යාලුවෙක් ඉන්නවා.පොර හොඳට මහත දෙහෙත , කලු, ඒත් ප්රියමනාප පෙනුමක් තියෙන එකෙක්.අනික හිත හොඳ එකා.මාත් එක්කත් හොඳට ෆිට්.ඉතිං මූ දවසක් අපේ එකෙකුට කියලා, මුගේ හිතේ චමියාගේ නංගි ගැන අදහසක් තියෙනවා කියලා.ඕක අහපු වෙලාවේ ඉඳන් මට ෆුල් අප්සෙට්.ඒත් මම ඒ බවක් අඟවන් නැතුව හිටියා.පස්සෙ මම හිතුවා මූත් මගේ හොඳ යාලුවෙක් නිසා උගේ අදහසට ඉඩ දීල සීන් එකෙන් අයින් වෙන්න.අපේ සෙට් එකටම මුගේ ඔය සීන් එක ලීක් උනා.චමිටත් මේක දැන ගන්න ලැබුනා.ඒත් මේ වෙනකම් චමියා මේකට හරි උත්තරයක් දුන්නේ නැහැ.චමියාගේ නංගිත් මේ සීන් එක තාම දන්නේ නැහැ.ඒ නංගි අපි ඔක්කොටම සලකන්නේ එක විදියටමයි.මේ යකාට තියා මටහරි, වෙන එකෙකුට හරි ඒ නංගි විශේෂයක් දක්වනවා කියලා මම නම් හිතන්නේ නැහැ.ඒ කොහොම වෙතත් මම පොඩ්ඩක් සීන් එකෙන් අයින් වෙන්න හිත හදා ගන්න බැලුවේ.ඒත් මගේ හිතේ තිබිච්ච ගින්දර අලු යට තිබුන ගිනි පුපුරක් වගේ උඩට ආවේ පෙරේදා වෙච්ච සිද්දියක් නිසා.
මම කාමරේට වෙලා, එලකිරි එකේ තිබිච්ච නවල් එකක් ඩවුන් කර කර හිටියේ.අපේ මල්ලිත් මගේ කාමරේට වෙලා පොතක් පාඩම් කරකර හිටියේ. මම නවල් එක ඩවුන් කරන එක මූ දකින්න ඇති.පොර මට කියනවා, "අය්යේ, තමුසේ දන්නේ නෑනේ වැඩක්.අද උදේ මහප්පා කියනවා, තමුසෙට චමී අයියගේ නංගිව සෙට් කරලා දුන්නොත් හරි කියලා".....මට ටික වෙලාවක් යනකන් හිතාගන්න බැරි උනා මූ කියපු හරුපේ.අනිය මුගේ වයසටද වැඩ."තමුසෙටත් ඕනා නැති දෙයක් නැහැ , පිස්සුද ඕයි.අනික තමුසෙ දන්නවනේ එතන වෙන සීන් එකක් යනවා කියලා." එහෙම කියලා මම පොරට බැන්නා.මම එහෙම කලත් මගේ හිතේ තිබුනේ නම් වෙන දෙයක්.මිනිහ කියනවා, "නෑ නෑ අයියේ, ඇත්තටම මහප්ප එහෙම කිවුවා" කියලා.මේ වෙලාවේ අපේ නංගි, මස්සිනා කාරය එක්ක සාලෙට වෙලා හිටියේ.නංගිටත් අපේ සීන් එක ඇහිලා.නංගිත් කියනවා, "මමත් අහගෙන අයියේ මහප්පා එහෙම කියනවා.හැබැයි මෙයත් ඒකට පෝරදදා හිටියා" කියලා.මස්සිනා මේ මොකවත් දන්නේ නැතුව, නංගිගෙන් මොකක්ද සීන් එක කියලා අහනවා මට ඇහුනා.නංගි මෑන්ට ඒක කිව්වම, පොර මොකක් හරි හිමීට කිව්වා.ඒක මට ඇහුනේ නැහැ.
කොහොමෙන්, කොහොමෙන් හරි මේ වැඩෙන් උනේ, මම බොහොම අමාරුවෙන් හදා ගන්න ගිය හිත, ලෙහෙසියෙන් හදා ගන්න බැරි තරමට ආපහු පෑරුණ එක.දැන් මට හිතෙන්නේ, මගේ පැත්තට බර වැඩියි වගේ.ඒත් ඉතිං අරුත් මගේ හොඳ යාලුවා.කොහොමද යාලුවනේ මම ඌට මේ වගේ කැත වැඩක් කරන්නේ.(අපේ සෙට් එකම එහෙම හිතනවා.මට සුවර්.මොකද මම මගේ අදහස කාටවත් කියලා නැහැනේ මීට කලින්.අරූගේ සීන් එක තමයි කට්ටිය දන්නේ.හැමෝම හිතයි මම මැදින් පැන්න කියලා)ඒත් මගේ සිහිනේ, මට අමතක කරන්නත් බැහැ.මේකට විසඳුමක් හිතෙනවා නම් කියන්න.බය වෙන්න එපා, මම ගඟේ මූදේ පනින්න යන්නේවත් වහබොන්න තරම්වත් මෝඩයෙක් නෙමෙයි.ඒත් මට විසඳුමක් පේන්නේ නැතිකොට තමයි උබලාගෙන් ඇහුවේ.

Hitha Awl karaganna Epa.....Iwasanna