උදව්වක් ඕනේ...😣

Kevin kj

Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    මං මේ පාර A/L කරනවා...Arts කරන්නේ...(Econ,Japanese,Agriculture)ඒත් දැන් මට ඒ ලෙවල් එපාවෙලා...Covid වලට කලින් මං හිතාගත්තා හොඳටම වැඩ ටික කරගන්න.මං මුල් කාලෙදි ගණන් ගත්තේ නෑ japanese එහෙම...මොකද අපිට ඕ ලෙවල් කාලේ ඒවමයි කියලා දුන්නේ කොවිඩ් පටන්ගන්න කලින්...එතකොට clz පටන් ගත්ත අලුතම වගේ...මට online නම් සෙට්ම වුණේ නෑ...කොවිඩ් වලින් පස්සේ clz පටන් ගද්දී notes නෑ.මං ඒවා ඔක්කොම ඉල්ලගත්තා පස්සේ.දැන් තව ටික කාලයයි...විභාගය කල් ගියාම හිතුණා මාස තුනෙන් ගේම ගහනවා කොහොමහරි කියලා.ඒත් ඒකටත් හිත එක අරමුණක තියාගන්න බෑ.උපරිම විනාඩි 10 වගේ පාඩම් කෙරෙන්නේ...පොඩි උපදෙස් ටිකක් ඕනේ...January 23 exam පටන් ගන්නවා...මගේ නම් ටාගට් එක ජපන් යන්න,levels ටික පාස්වෙලා...ගෙදරින් කියනවා මේකත් කොහොමහරි ගොඩ දාන්නලු...පස්සේ අනිත් ඒවා කරන්නලු...අනේ මන්දා දැන් එපාවෙලා😏
     
    thanujaka

    Well-known member
  • මෙහෙමයි බං.
    පාඩම් කරන්නත් ප්‍රැක්‍ටිස් එක ඕනේ.
    සරලව කියනවනං තමන්ගේ රස්සාව හොදට අතට හුරු මිනිස්සු ඉන්නවා නේ, උන්ට වෙන දෙයක් කරන ගමන් උනත් තමන්ගේ ජොබ් එක කරන්න පුළුවන්.
    ඔය පරණ ඩ්‍රයිවර් ලා බලපං, වංගු ගොඩවල් පිරුණ පාරවල් වල යන ගමන් හුණු ගගා පුවක් කප කප විටේ ලෑස්ති කරන් හරි අපූරුවට කනවා,
    මහන ගෑණු කට්ටිය බලන්න, දෙවනි ඉනිම බල බලත් ඇදුම් වහනවා වරදින්නේ නෑ,
    අන්න ඒ වගේම තමයි පාඩම් කිරිල්ලත්, එක පාරට ඔන්න මම පාඩම් කරනවා කියලා හිතාගෙන පාඩම් කරන්න බෑ, ඒක ඇගට නොදැනීම ශේප් එකේ කරගන්න පුළුවන් හුරු උනාම, එතකොට මහන්සියකුත් නෑ, ඉස්සර ටිකක් ලොකු කාලෙත් මම කාර්ටූන් බලන්න ආසයි, ඒ බල බලම තමයි පාඩම් කරන්නේ.
    දැන් උඹට එහෙම කරන්න කල් නැති නිසා වෙන ක්‍රමයක් තියෙනවා, ඒ තමයි හිත රිලැක්ස් වෙන්න දෙයක් කරලා පාඩම් කරන්න ගන්න.
    උදාහරණයකට ඉස්සර මම පාඩම් කරලා වෙහෙසයි වගේ නං ස්විමින්ග් පාරක් දාන්න යනවා පූල් එකකට. පැයක් දෙයක් එහෙම වතුරේ බැහලා පොඩ්ඩක් පීනලා කරලා ආවම හිත රිලැක්ස්. ඊටපස්සේ පාඩම් කරන්න පුළුවන්.
    ඒ වගේ හිත රිලැක්ස් වෙන මොකක් හරි දෙයක් ඔයාටත් ඇති,
    ගේම්ස් ගහනවා වගේ දෙවල් කරන්න එපා එතකොට තව ස්ට්‍රෙස් එනවා.
    ශේප් එකේ ඔයාගේ හිත රිලැක්ස් වෙන දෙයක් බලලා කරලා ඊට පස්සේ පාඩම් වලට යොමු වෙන්න.
    එක්සෑම් එක ගොඩ දාගන්න ඔයාට ඕන තරං කල් ඇති.
    අනිත් එක 19-24 කියන්නේ ජීවිතේ හොදම කාලය, ඔය අවුරුදු 5 ඇතුලත අපි කරන දේවල් මත තමයි අපේ ජීවිත කතාවම එතනින් ඉස්සරහට ලියවෙන්නේ.
    ඒකත් මතක තියාගෙන වැඩි බරක් නොගෙන පාඩම් කරන්න.
    එක්සෑම් එකට හොදින් මූණ දෙන්න මම උඹට හදවතින්ම සුභ පතනවා.
     
    • Love
    Reactions: Kevin kj

    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    මෙහෙමයි බං.

    Thanks ayye...😊