uba gay da natnam kolukaryak da![]()
දේකේ වෙනස මන් දන්නේ නෑ බන්.
uba gay da natnam kolukaryak da![]()
ඉතිං උඹ සමලිංගික මිනිහෙක්.. ඒක උඹට ලෙඩක් වගේද පේන්නෙ ? අනේ නිකා හිටාං බං.. මොන බෙහෙත්ද.. ඔන්න ඔහොම හිටපං.. සමලිංගික කියන්නෙ පිස්සො නෙමේනෙ..
ඔබ ගිය මානසික වෛද්‍යවරයාට මානසික අවුලක් තියන හැඩයි......මම චැනල් කලේ මනසික වෛද්‍යවරයෙක් තමා, එයා තමා කිවේ මේක් මාන්සික ලෙඩක් නම් නේමේ.එක ඔයා මුලින්ම තේරුම් ගන්න ඔනේ. ඉතින් ලෙඩක් නොවන දේකට මන් මොනවද දෙන බෙහෙත් කියලා කීව. ඒ වගේම් බන්, මන් ඔය මොහොනය කරල සනීප කරන්න පුලුවන්ද කියලත් ඇහුවා බන් අර ශ්‍රී සෙත් කියල ඔහොම ප්‍රතිකාර කරන තැන ගැන කියලා, ඒත් ඩොක්ටර් කිවා එවා නම් බොරු වැඩ කියලා. කොහොම හරි බන් ඩොක්ටර් මට පෙති වගයක් ගන්න කියලා ලියල දුන්නා, එත් බන් එව පාමසි එකෙන් ගන්න ගියාම පාමසි එකේ එකා කිවා මට නම් හිතේන්නේ මල්ලි ඩොස්තර අතින් බෙහත් වැරදිලා, කොකටත් මන් කොල් කරල බලලම දේන්න්ම කියල, ඊට පස්සේ ඌ අර ඩොක්ටට කොල් කරල මොනවඩ මන්ඩ අහලා තුන්ඩුවේ තිබ්බ බෙහෙත් නෙමේ දුන්නේ වෙන එක්ක. ඒත් එක මාසයක් බීව බන්,වැඩක් උනේ නෑ.
අනේ මන් දන්නවා මචො දැන් ඒක, ඒත් මට ඒකෙන මිදේන්න ඔනේ බන්. අපේ අම්ම මට කෙල්ලේක් හොයා ගන්න කියන්වා. මට දැන් වයස 26 ක් බන්. මන් කොහොමද මචන් මේක එයාලට පැහැදිලි කරන්නේ
එක පාරට පැහැදිලි කරන්න බැරි නම් වක්‍රාකාරව හරි අම්මට දැනෙන්න ඉඩ ඇරපං.. ඔය කියන වෙදකම් කරල අතක් පයක් කඩාගන්නැතුව ඕක නැති කරගන්න පුළුවන්ද කියල උත්සාහ කරපං.. හරිගියෙ නැත්තං ඉතිං අම්මට පැහැදිලි කරල දීපං.. අම්මට උඹව මොන විදිහට හදන්න ඕනෙ වුනත් සොභාදහමෙ පාලකය අම්ම නෙමේනෙ බං.. මිනිස්සුන්ට සොබාදහම පාලනේ කරන්න බෑ.. අනිවාර්යයෙන් සොබාදහමට යටත් වෙලා ජීවත් වෙන්න සිද්ධ වෙනව.. සමලිංගික වීම කියන්නෙ ජීවිතයක් නැතිවීම නෙමේනෙ බං.. සර් ආතර් සී. ක්ලාක් හිටං සමලිංගික.. එහෙම කියල එතුමා ලෝකෙට සේවයක් කලේ නැද්ද ? එතුමට අදටත් කී දෙනෙක් ගරු කරනවද ? බඳින්න පුළුවන්නම් බැඳපං.. ආතර් සී. ක්ලාක් මහතත් එක පාරක් බැන්ද.. හැබැයි වැඩිකල් කසාද ජීවිතේ ගෙනිච්චෙ නෑ..
අනේ බන් ඇයි බන් මටම මෙහම උනේ, මන් කගෙවත් හිතක් ව්ස්ත් රිද්දන එකෙක් නෙමේ බන්. අම්මා දැනගත්තොත් එයා දුකටමයි මැරෙයි බන්. මා ගැන ගොඩක් බලපොරොත්තු තියන් ඉන්නේ. මට ගේ විදියටම ජීව්ත් උනත් බන් කවඩාවත් බදින්න බැරි වෙයි, මන් කැමති නැ බ්න් මන් හින්ද කෙල්ලෙක්ගේ ජීවිතේ විනාස කරන්න. ඒ කිවෙ මචන් මට. කෙල්ලෙක් හොයන සැප දේන්න බැරි එකේක් නෙමේ බන්. එත් කවදවත් අදරයක් ඇති වෙන එකක් නෑ. මට කෙල්ලෙක් ඉදලා තියෙනව බන්. ඒත් ඒකිව රවට්ටන්න බැරි හින්දම මන් එකිගේන් ඈත් උනා.