උන ආතල් සීන්

netnet

Well-known member
  • Oct 6, 2016
    9,599
    8,342
    113
    එකක් මතක් උනා කලුවෝ, 2002 වගේ හදිසියේම හිතුනා සිම් එකක් ගන්න පටස්ගාල ටී එකක් දාගෙනෙ ඇදගෙන ගියා බස් එකේ. පැය බාගයක් වගේ හිටන් යනකොට ටී සර්ට් එක දිහා බැලුනා නිකමට 🤣 උකනව ඉස්සරහ පස්සට දාල ඇදගෙනෙ ඇවිත් කියහන්කෝ 🥴 එකේ තිබ්බ බැජ් එක පිටේ අයිනේ තිබිල තියෙන්නෙ. විලි ලැජ්ජයි එහෙම්මම බස්බ්ටෑන්ඩ් එකේ ටොයිකට් එකට ගිහින් මාරු කලා. මේ වගේ උන කූජිත සීන් දාහල්ලා බලන්න.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    කාටවත් කියල නැති එකක් කියනන්,

    මන් වර්චුසා එකෙ ඉන්ටවිව් ගිහින් තියනව ශර්ට් එක කනපිට ඇදගෙන 2012 වල.

    ඇදුම් නෑනෙ එහෙම ඉතින් බොඩිම් වල.
    මගෙ සපත්තු, කලිසම, ශරිට් එක වෙන එකෙක්ගෙ රැක් එකෙ තිබ්බෙ. බෙල්ට් එක තව එකෙක්ගෙ.

    කොල් කරල ඇහුව දැන් එන්න පුලුවන් ද කියල.
    කලබලෙට ඇදගෙන ගිය,

    Application support role එහෙකට, ඉන්ටවිව් එකත් ඉවර වෙල, වොශ් රුම් ගියාම දැක්කෙ.
    ඉන්ටවිව් 2nd එකට එන්න කිව්ව, එ වෙද්දි වෙන dev role එකක් සෙට් වෙල මට.

    😗
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,266
    21,142
    113
    2016 වගෙ ට්‍රේන් එකේ ගෙදර ආව කිරුලපනෙන් බස් එකෙ කොටුවට ගිහින් කොටුවෙන් ට්‍රේන් එකෙ ගාල්ලට. උදෙ ට්‍රේන් එක සෙන්ග සු ගාල. බූස්සෙන් අපෙ ඉස්කොලෙ ටීචර් කෙනෙක් නැග්ග ට්‍රේන් එකට. මන් දැක්ක්ම මන් නැගිටලා සීට් එක දුන්නා. එතකොට තමයි මට මගේ ටීශර්ට් එක දිහා බැලුනේ ටී ශර්ට් එක කනපිට. මොනා කරන්නද මෙච්චර දුර ඇදන් ආපු එකෙ ගෙදරටම ආවා. :lol: :lol: :lol:
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,599
    8,342
    113
    ආ තව අතල් එකෙක් උනා. ක්ලස් යද්දි අඩුරන අක්ක කෙනෙක් එක්ක කතා කලා හම්බවෙලා ලොකු මාරගහක් යට. කැරි කාක්කෙක් කෙලින්ම උලුව උඩට රීවා කියහන්කෝ. පිස්සට ලාටු වගේ. උදේ 9 වගේ උනේ ඉවර වෙලා ගෙදර එක්නම්ම අප්පිරියාවේ හිටියේ හවස 4 වෙනකන්
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    Mata poddak eye sight aul iskole kale , specs gaththe after ALs. so eh dawas wala School bus eka enakan innava udeta ape halt eke oka nawaththanne athule un kagahuwoth vitarai math ithin full lookout eke inne, kohomhari dakka kalin dawase apu bus eka enava duradi habai kawurth footboard na :baffled: school name board eka dakke na, oka nathuwath enavane, math ithin kohomahari atha damma mu nawaththuwe na math ithin duwan giya passenma 400meters vage nagga issarahin. naggama danne eka Vishaka eke bus eka kiyala :lol::sorry: wasa nondiya mona karannada kottawen bahahala 138 giya ape bus eka eda udenma gihin
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    කාටවත් කියල නැති එකක් කියනන්,

    මන් වර්චුසා එකෙ ඉන්ටවිව් ගිහින් තියනව ශර්ට් එක කනපිට ඇදගෙන 2012 වල.

    ඇදුම් නෑනෙ එහෙම ඉතින් බොඩිම් වල.
    මගෙ සපත්තු, කලිසම, ශරිට් එක වෙන එකෙක්ගෙ රැක් එකෙ තිබ්බෙ. බෙල්ට් එක තව එකෙක්ගෙ.

    කොල් කරල ඇහුව දැන් එන්න පුලුවන් ද කියල.
    කලබලෙට ඇදගෙන ගිය,

    Application support role එහෙකට, ඉන්ටවිව් එකත් ඉවර වෙල, වොශ් රුම් ගියාම දැක්කෙ.
    ඉන්ටවිව් 2nd එකට එන්න කිව්ව, එ වෙද්දි වෙන dev role එකක් සෙට් වෙල මට.

    😗
    තුන්පාරක් කියෙව්වා හිනායන කොටස හොයාගන්න. ඒත් හොයාගන්න බැරි උනා
     
    konda balanna athi yako muu passenut duwan enne ai kiyala 🤣
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,556
    1
    51,240
    113
    ප*යාගල
    sorry.com
    Mata poddak eye sight aul iskole kale , specs gaththe after ALs. so eh dawas wala School bus eka enakan innava udeta ape halt eke oka nawaththanne athule un kagahuwoth vitarai math ithin full lookout eke inne, kohomhari dakka kalin dawase apu bus eka enava duradi habai kawurth footboard na :baffled: school name board eka dakke na, oka nathuwath enavane, math ithin kohomahari atha damma mu nawaththuwe na math ithin duwan giya passenma 400meters vage nagga issarahin. naggama danne eka Vishaka eke bus eka kiyala :lol::sorry: wasa nondiya mona karannada kottawen bahahala 138 giya ape bus eka eda udenma gihin
    athal
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,261
    100,040
    113
    මම වෙඩින් එකකට ගිහින් තියෙනවා පොඩිම පොඩි වෙච්ච shirt එකක් ඇදන්. ටිකක් දුර තිබ්බේ. යනකොට බෑග් එකේ මැදලා දාගෙන තිබ්බ ඒක පොඩිම පොඩි වෙලා. මොනවා කරන්නද ගියා.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ඉන්ටවිව් ගිහින් තියනව ශර්ට් එක කනපිට ඇදගෙන

    👆

    තුන්පාරක් කියෙව්වා හිනායන කොටස හොයාගන්න. ඒත් හොයාගන්න බැරි උනා

    Me tika
     
    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    2013 කැල්ල බලන්න උදේ 9 ට යන්න හිටියේ. උදේ නැගිටින්න පරක්කු උනා කලබලේ නිල්පාට ෂර්ට් එක ඇදගෙන ගියේ. ගියපු වෙලාවේ ඉදල මෙකි අමුතු විදියට හිනා වෙනවා එක එක හින්ට් ගහනවා. ඊයේ රෑ බිවුවනේ ..අරක මේක . බලනකොට ඒ ෂර්ට් එකේ කණපිට ඇදගෙන ගිහින් තියෙන්නේ . හොද පිට කන පිට ලේසියෙන් හොයාගන්න බෑ. බස් එකේ ගියෙත් එත් කාටවත් මීටර් නැ :ROFLMAO:
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    වැස්ස දවසක ටවුමට යන්න අලුතින් ගත්ත කුඩේකුත් ඉහලන් පාරට බැස්සා. ඇවිදන් යනකොට ඉස්සරහට හම්බෙන මිනිස්සු අමුතු විදියට බලනවා. ටිකක් දුර ගියාට පස්සේ දැක්කේ කුඩේ ටැග් එක එල්ලි එල්ලි තියෙනවා.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    කාටවත් කියල නැති එකක් කියනන්,

    මන් වර්චුසා එකෙ ඉන්ටවිව් ගිහින් තියනව ශර්ට් එක කනපිට ඇදගෙන 2012 වල.

    ඇදුම් නෑනෙ එහෙම ඉතින් බොඩිම් වල.
    මගෙ සපත්තු, කලිසම, ශරිට් එක වෙන එකෙක්ගෙ රැක් එකෙ තිබ්බෙ. බෙල්ට් එක තව එකෙක්ගෙ.

    කොල් කරල ඇහුව දැන් එන්න පුලුවන් ද කියල.
    කලබලෙට ඇදගෙන ගිය,

    Application support role එහෙකට, ඉන්ටවිව් එකත් ඉවර වෙල, වොශ් රුම් ගියාම දැක්කෙ.
    ඉන්ටවිව් 2nd එකට එන්න කිව්ව, එ වෙද්දි වෙන dev role එකක් සෙට් වෙල මට.

    😗
    lyY7Dbv.gif
     
    • Haha
    Reactions: AnuradhaRa and NRTG

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    මේකනම් ආතල්මත් නෑ. 2010 නුවර hospital එකේ ලෙඩෙක් බලන්නගියා යාලුවෙකුයි මායි ලෙඩා බලල යනගමන් මාලිගාවත් වැඳගෙන වැව රවුමෙත් ගිහින් යමු කියල ගියා. ගිහින් මහාමායා එක පැත්තට යනකොට වැස්සක් සෙට් උනා. අපි දෙන්න ඉතින් වැස්සෙන් බේරෙන්න ගහක් යටට වෙලා හිටියා. අර වැස්සට ගස්වල කොක්කුන්ගෙ බෙටි සේරම හෝදගෙන අපේ ඇඟේ. පට්ට සුවඳක් දන්නවනෙ ඉතින්. පස්සෙ අපි දෙන්න ගෙදර එන්න බස් එකට නැගලා ලැජ්ජාවට දොරේ එල්ලිලා අවේ එලියෙ. හොල්ට් එකක් ගානේ මිනිස්සු බලනව අපි දිහා. හොඳටම තෙමිල ඒ මදිවට ඇඟ පුරා කොක්කු බෙටි දියවෙලා හැලිච්චා. බස් එකෙන් බැහැල මගදිම පාර අයිනෙ තියෙන ලිඳකින් නාගෙන ගෙදර ගියේ.
     
    Last edited:

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    මම සාමාන්යෙන් අව්වේ යනකොට කැප් එකක් පාවිච්චි කරනවා. ක්ලාස් යන කාලේ ක්ලාස් ඇරිලා බස් හෝල්ට් එකට යාළුවො සෙට් එකත් එක්ක ඇවිල්ලා කය්ය ගහන අතරේ බෑග් එකට ඇත දාලා කැප් එක දාගත්තා. මල් වරුසාවක් වගේ පන්ච් කරපු කොළ බෝල දාහක් විතර වටේට වැටුනා. අර ක්ලාස් එකේ කෙල්ලෝ ඔක්කොම කට වහගෙ හිනා උනා. අපේ උන් පන්ච් කරපු කොළ බෝල තොගයක් කැප් එක මැද්දට දාලා කැප් එක නවලා තියලා..... :baffled:
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,267
    13,155
    113
    33
    ෆින්ලන්ඩ්
    හෙන ගගහ වහින්න ගත්තා එළියට බහින්න හදද්දී ම. කූඩයක් හෙවුවා හම්බ උනේ නැති ගමන අල්මාරියේ අස්සේ තිබිලා පැකිං වත් කඩලා නැති රතු පාට කූඩයක් හම්බ උනා.

    ටවුන් එකට යනකොට වැස්ස අඩු කරලා. සමහර අක්කලා, ඇන්ටිලා අමුතු විදියට බලලා යන්තම් හිනා වෙලා යනවා.

    මටත් නිකං අමුත්තක් තේරුණා. Sports කරලා එන පොඩි කෙල්ලෝ වගයක් මගේ දිහයින් ඇවිදන් යනකොට කෙල්ලෙක් මගේ දිහා බලලා ඇදලා පෑදාලා කියනවා.

    අම්මෝ.. ඒ අයියා සෙල්ලම් නැහැ triums පාවිච්චි කරන්නේ කියලා. එතකොටම කුඩේ දිහා බැලුනා.

    බලානකොට ට්‍රියම්ස් බ්‍රේසියර් කොම්පැණි එකෙන් දෙන කූඩයක් උස්සගෙන ඇවිත් තියෙන්නේ.