ගෙදර පරිසරෙයි, විශ්ව විද්‍යාලයක පරිසරයයි දෙකක්නේ. විශ්ව විද්‍යාලයේ කරන දේවල් ගෙදර කරන්නත් ගෙදර කරන ඒවා විශ්ව විද්‍යාලයේ කරන්නත් බෑනේ. රැග් වෙන එකේ ලොකුම දේ තමයි බැජ් එකේ උන් එකට සෙට් වෙනවා. මොකද ඒ කාලේ ජුන්නොන්ගේ පොදු සතුරා වෙන්නේ සින්නො. අපිත් එක්ක වැඩියෙන්ම සෙට් වුනේ කොළඹ රෝයල් එකේ වුන්. ඈත ගම් වලින් ආපු වුන්ට වඩා හොඳ ගති ගුණ තිබ්බා ඒ කාලේ කොළඹ කොල්ලොන්ගේ. ඕනම තැනක මානසික ලෙඩ්ඩු ටිකක් ඉන්නවනේ. ඒ වගේ උන් ටිකක් ඕකෙත් ඉන්නවා. උන් තමා ඔය ගොන් ආතල් දෙන්නේ. ආර්ට් එකේ තමා ඔය ගහන ඒවා තියෙන්නේ. අපේ එකේ නම් සින්නො ජුන්නොන්ව අල්ලන්නෙත් නෑ පොන්ඩ් කරනකන්. අදටත් වැඩියෙන්ම මතක් වෙන්නේ රැග් සීසන් එකේ අපි ගත්ත ආතල්. ඕකේ තියෙන හොඳ පැත්ත කවුරුත් කතා කරන්නේ නෑ. උදාහරණයක් විදියට හොස්ටල් එකේ ඉන්න කොට පිළිපදින්න ඕන නීති සෙට් එකක් තියෙනවා, washroom එකට ගිහිල්ල දත් මදින්න ගියාම තාම ඒවා මතක් වෙනවා. lecture hall වල/lab වල ඉන්න ඕන හැටි වෙනම නීති සෙට් එකක් තියෙනවා. ඕව ඔක්කොම කියල දෙන්නේ රැග් සීසන් එකේ. අවුරුදු 60-70ක් පරණ lecture hall වෙලත් අදටත් එක පෑන් ඉරක් නෑ ඩෙස් බංකු වල. අලයෝ මොනවද බන් උපසංස්කෘතිය ගැන දන්නේ. ඒ පාඩම් කරපු කවි අදටත් අපි සෙට් වුනාම කියල ආතල් එකක් ගන්නවා.
'දෘඪ පෞරුෂයක් තියෙන නායකයෝ බිහි වෙනව' කියල නම් අපේ සින්නො කිව්වේ නෑ . මොකද්ද උඹේ uni එක , fac එක? අපෙත් සින්නො හිටියා එක කුණුහරපයක් නොකියා අපිව වාත කරපු. තව හිටිය කුණුහරුප විතරක් කියපු උනුත් හිටියා. ඒක ඉතින් එක එක පුද්ගලයා අනුව තම වෙනස් වෙන්නේ. තමන්ගේ හීනමානය වසා ගන්න තමා ගොඩක්ම ඔහොම හැසිරෙන්නේ. දැන් හැම ආයතනයක්ම පිරිහිලානේ. ඒ වගේ විශ්ව විද්‍යාලයත් පිරිහිලා තියෙන්නේ. එළියේ ඉන්න සත්තු ඕකෙත් ඉන්නවා. A/L pass උන්නේ ගන්නේ. නැතිව විනය පරීක්ෂණයක් තියල ගන්නවා නෙමෙයිනේ.
කෙල්ලෙක්ගේ පෑන්ටියේ පාට අහන එක,එහෙම නැත්නම් කුණුහරප කියන එක වගේ දේවල් කොහොමද බන් ඔය ලෙක්චර්ස් යන,වොශ් රූම් යන එක එක්ක සම්බන්ද වෙන්නේ?
එතකොට උඹ කියන විදියට කැම්පස් එන්නේ සත්තු වගේ මුල ඉඳලාම පුනරුත්තාපනය කරන්න කරන්න ඕනි පිරිසක් කියලද?
ඕවයින් මොනාද බන් ගන්න ආතල්?



ඇයි බන් ඕක උඹ මගෙන් ඇහුවේ. අනික ඕක මේ ඒ වෙලාවට ඒ අහපු ඒකාට හිතිච්ච දෙයක්. ඒක හැම අවුරුද්දෙම හැම ජුන්නගෙන්ම අහනවා කියල එකක් නෑ. අපේ සින්නො නම් ඔය ප්‍රශ්නේ අහල නෑ. ඕක දාපු එකාගෙන්ම තමා ඒක අහන්න ඕන

