උබලගේ පැත්තේ එල්ලුවද?

allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    :yes::yes:

    >>>

    >>>>

    උබලගේ පැත්තේ පොඩි පෙට්ටි වගයක් එල්ලන්න පටන් ගත්තාද බන්? අතේ උසින් වගේ එල්ලන් යනවා ... අහද්දී හරි විස්තරයක් කියන්න දන්නෙත් නෑ එන කොල්ලෝ... උන් මේ ටෙම්පරි ජොබ් වලට ආව උන් වගේ.. අහද්දී කියන්නේ බැක්ටීරියා එකක් ලු ඩෙංගු මදුරුවෝ අඩු කරන්න ලු කරන්නේ...

    කවුරුද හරි විස්තර දන්නේ මේක ගැන.. ?
     
    Last edited:
    • Like
    Reactions: mrazeez

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States

    පොදු ස්ථාන ඉලක්ක කර ගිනිමින් වොල්බැකියා බැක්ටීරියාව අන්තර්ගත මදුරුවන් පරිසරයට මුදා හැරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගෙන තිබේ.

    ලෝක මදුරු වැඩසටහන යටතේ වොල්බැකියා බැක්ටීරියා අන්තර්ගත ඊඩිස් ඊඩිප්ටයි මදුරුවන් සාර්ථකව මුදා හැරීම තුළින් ඩෙංගු, චිකන්ගුන්යා, සිකා සහ කහ උණ වෛරස්වලට සම්ප්‍රේපෂණය වීමට ඇති හැකියාව අවම කිරීම මෙමගින් අපේක්ෂිත ය.

    නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යංශය පවසන්නේ, කොළඹ දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයකදී නියමු ව්‍යාපෘතියක් ලෙස ඇරඹෙන මෙම වැඩසටහන පසුව දිවයින පුරා ක්‍රියාත්මක කරන බවයි.

    වොල්කියා බැක්ටීරියාව අන්තර්ගත මදුරුවන් පරිසරයට මුදා හැරීම සිදු කරන්නේ, මදුරු බඳුන නමැති බහාලුමක් උපයෝගී කර ගනිමිනි.

    ජලයෙන් පිරී පවතින මදුරු බිත්තර සහ ආහාර අඩංගු කැප්සූලයකින් සමන්විත මදුරු බඳුන වීදි, උද්‍යාන සහ සෙවණ සහිත ප්‍රදේශවල එල්ලා තැබෙන අතර සති දෙකක පමණ කාලයකදී මේරු බිත්තර තුළින් මදුරුවන් සෑදි මදුරුවන් මදුරු බඳුනෙන් පිටතට පියාසර කරනු ඇති.

    මෙලෙස මුදා හරින මදුරුවන් ප්‍රදේශයේ සිටින මුදුරුවන් සමග එක්ව වොල්බැකියා බැක්ටීරියා අඩංගු නව මුදුරු පරම්පරාවක් බිහි කරන අතර ආරක්ෂිත එම මදුරුවන් ප්‍රජාව ඩෙංගු රෝගයෙන් ආරක්ෂා කිරීමට ද උපකාරී වේ.

    සෞඛ්‍ය අමාත්‍යංශය පවසන්නේ, ඉදිරයේදී මදුරු බඳුන ප්‍රජාවට නොමිලේ ලබා දෙන බවයි.
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ජලයෙන් පිරී පවතින මදුරු බිත්තර සහ ආහාර අඩංගු කැප්සූලයකින් සමන්විත මදුරු බඳුන වීදි, උද්‍යාන සහ සෙවණ සහිත ප්‍රදේශවල එල්ලා තැබෙන අතර සති දෙකක පමණ කාලයකදී මේරු බිත්තර තුළින් මදුරුවන් සෑදි මදුරුවන් මදුරු බඳුනෙන් පිටතට පියාසර කරනු ඇති.

    මෙලෙස මුදා හරින මදුරුවන් ප්‍රදේශයේ සිටින මුදුරුවන් සමග එක්ව වොල්බැකියා බැක්ටීරියා අඩංගු නව මුදුරු පරම්පරාවක් බිහි කරන අතර ආරක්ෂිත එම මදුරුවන් ප්‍රජාව ඩෙංගු රෝගයෙන් ආරක්ෂා කිරීමට ද උපකාරී වේ.
    මොකක් ද බන් ඒ කිව්ව හරුපේ? මදුරු ගහනේ තවත් වැඩි වෙනවා නේ බන්..
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,804
    113
    Homagama
    මොකක් ද බන් ඒ කිව්ව හරුපේ? මදුරු ගහනේ තවත් වැඩි වෙනවා නේ බන්..

    නව පරම්පරාවක් හැදෙන්නේ. එයාලාට බැ ඩෙංගු බො කරන්න.
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    නව පරම්පරාවක් හැදෙන්නේ. එයාලාට බැ ඩෙංගු බො කරන්න.
    හරි.. එහෙම උනාට එකෙන් ගහනය පාලනයක් වෙන්නේ නැනේ.. ඉන්න ප්‍රමාණය තවත් වැඩි වෙනවා නේ බන්.. දැන් ඉන්නේ 10 නම් ඕකෙන් වෙන්නේ 50 වෙන එක නේ...
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    කොරෝනා නිසා මිනිස්සුන්ගෙ ගමනාගමනය සීමා වීමේ ප්‍රතිපලයක් විදිහට ඩෙංගු අඩු වෙලාලු තියෙන්නෙ. ඒ අඩු වෙච්ච එකේ ක්‍රෙඩිට් එක ගන්න කරන වැඩක් වෙන්න ඇති. ප්‍රොජෙක්ට් එකෙන් කොමිස් එකකුත් ගහගන්න පුළුවන්

    කොරෝනා සමයේ ඩෙංගු මට්ටු වේ​

    2019 වසරට සාපේක්ෂව ඉකුත් 2020 වසරේ මෙරට ඩෙංගු රෝගීන් වාර්තා වීම සියයට 70 කින් පමණ අඩු වී තිබෙනවා. 2019 වසරේදී මෙරටින් වාර්තා වූ ඩෙංගු රෝගීන් ගණන එක්ලක්ෂ 5,049 ක්. පසුගිය වසරේදී මෙරටින් වාර්තා වී ඇත්තේ ඩෙංගු රෝගීන් 30,960 දෙනෙකු පමණයි.

    කොවිඩ් වසංගත තත්ත්වයත් සමග ඇතිවූ සංචරණ සීමා ඇතුළු කරුණු ගණනාවක් මෙම තත්ත්වයට හේතු වන්නට ඇති බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසන්නේ. ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ එම ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර.

    http://nethnews.lk/article/83818
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,144
    34,735
    113
    එහෙමනං ඒක තමයි මේ හවසට වෙනදට වැඩිය මදුරුවෝ වැඩි. පුදුම මදුරුවො තොගයක් ඉන්නේ මේ දවස්වල. හැබැයි ඇඟට විදින ප්‍රමාණය නම් අඩුයි වගේ
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,916
    1
    58,209
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මෙලෙස මුදා හරින මදුරුවන් ප්‍රදේශයේ සිටින මුදුරුවන් සමග එක්ව වොල්බැකියා බැක්ටීරියා අඩංගු නව මුදුරු පරම්පරාවක් බිහි කරන අතර ආරක්ෂිත එම මදුරුවන් ප්‍රජාව ඩෙංගු රෝගයෙන් ආරක්ෂා කිරීමට ද උපකාරී වේ.
    අලුත් මදුරුවො පරණ මදුරුවන්ට හුකන්නත් ඕනෙ වැඩේ සිද්ධවෙන්න
     
    • Wow
    Reactions: nayi hami