මට දරුණුවටම තියෙනවා බන්. මට හීනෙන් හිනා යනවා. බක බක ගාල හයියෙන් හිනා යනව බන්. මට මේ සීන් එක පොඩි කාලෙ ඉඳලම තියෙනවා. ඒත් ගොඩක් වෙලාවට ඒ දැකපු හීනෙ උදේට මතක නෑ. පට්ට තාත්වික විදිහට සුපිරියටම පේනවා. පාන්දරට තමයි පේන්නෙ. අද දැක්ක හීනෙ මම මතක තියා ගත්තා. අපි යාළුවො කට්ටිය හිටියෙ computer lab එකේ මට ඉස්සරහින් තිබුණ computer එකේ මගේ හොඳම යාළුවෙක් හිටියෙ. ඌගෙ දෙපැත්තෙ computer වල මගේ යාළුවො කට්ටිය හිටියා. මම ඌට පිටිපස්සෙ කැරකෙන පුටුවෙ වාඩි වෙලා හිටියෙ. මගේ දෙපැත්තෙන් කෙල්ලො දෙන්නෙක් වාඩි වෙලා හිටියා. ඒත් මගේ හොඳම යාළුවො දෙන්නෙක්. අරූ නිකන් ගංජ ගහල වගේ වට පිට බල බල ඉන්නවා. මම ඌට පේන්නැති වෙන්න ඌ වාඩි වෙලා ඉන්න computer එකේ වැල video එකක් දාල මම පස්සට වුණා. ඌ ඒත් වට පිට බල බල ඉන්නවා. පස්සෙ අර කෙල්ලො දෙන්නා දැක්කා සීන් එක. උන් දෙන්න අර ලැජ්ජාවට වගේ කට අත් දෙකෙන් වහගත්තා හිනා වෙවී. පස්සෙ computer lab එකේ උගන්නන මිස් ආවා. අරූව මාට්ටු වුණා වැල දැම්මා කියල. පස්සෙද් මට නින්දෙන් හයියෙන් හිනා ගියා තත්පර 7-10ක් විතර. පස්සෙ තමයි ඇහැරුණේ. සමහර වෙලාවට අම්ම අහනවා මොකද පාන්දර හිනා වුනේ කියල. මම දන්නෙත් නෑ. මට හීනියට ලැජ්ජාවකුත් හිතෙනවා බන්. කවුරු හරි මෙහෙම නින්දෙන් හිනා වෙන අය ඉන්නවද ? මෙහෙම වෙන්න හේතුව මොකද්ද කියල දන්න කෙනෙක් ඉන්නව නම් කියන්න. 


