උඹලා කන හාල මොකද්ද බන්?

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ලංකාවෙ ඔය මොන වර්ගෙ තිබ්බත් තායිලන්තෙ Jasmine rice (thai hom mali) හාල් වලට ගහන්න හාලක් වෙන කිසිම රටක නෑ බං..අැමරිකාවට,යුරෝපෙටත් export කරනවා ඒවා..ඒ තරම් කොලටි..ලංකාවෙ හාල් රට යවන්න ලේසි නෑ ගහන වස නිසා..
     
    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව

    113862--01--1555687827.jpeg

    is it ?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,323
    100,171
    113
    එක්ස්චේන්ජ් කරපන් ඉතින්. මාසෙට ඇති වෙන්න කොටල වෙන හාලක් හදපු එකෙක් එක්ක හරි නැත්තන් කොටසක් විකුණල ආයෙ ගනින්කො වෙන ජාතියක්. එකම අවුරුද්දක් කන්න බෑනෙ.
     
    • Love
    Reactions: BuLaTha

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,091
    5,884
    113
    canada
    ලංකාවෙ ඔය මොන වර්ගෙ තිබ්බත් තායිලන්තෙ Jasmine rice (thai hom mali) හාල් වලට ගහන්න හාලක් වෙන කිසිම රටක නෑ බං..අැමරිකාවට,යුරෝපෙටත් export කරනවා ඒවා..ඒ තරම් කොලටි..ලංකාවෙ හාල් රට යවන්න ලේසි නෑ ගහන වස නිසා..
    jasmin rice rasada ?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,555
    113
    Colombo
    අපිත් උපන්දා සිට අපේ කුඹුරු වල හාල් තමයි කන්නෙ. ඉඳලා හිටලා ෆ්‍රයිඩ් රයිස් එකක් එහෙම හදා ගන්න ඕන උනාම තමයි කඩෙන් සම්බා හරි බාස්මතී හරි ගන්නෙ
    කවුරුත් කියලා තියනවා වගේ ගොයම් කපපු ගමන් හාල් වලින් බත් උයන්න අමාරුයි, ඒක හාල් පරන වුනාම හරියන්නෙ. පරන වෙන්නෙ නැතුව උයද්දි ඔය අවුල් යන එක වතුර අඩු කරා කියලා හරියන්නෙ නැහැ. වතුර අඩු කරාම තැම්බෙන්නෙ නැති වෙනවා, තැම්බෙන ගානට වතුර තිබ්බම එකට ඇලෙනවා. මාසයක් දෙකක් පරන උනාම ඔය ගතිය හරියනවා.

    ඔය කවුරුත් කියනවානේ කුඹුරු වලට වස ගහනවා කියලා, අනික් එලවලු වලට සාපේක්ශව කුඹුරු වලට හරිම අඩුවෙන් තෙල් බෙහෙත් ගහන්නෙ. කොටන්න කලින් වල් මැරෙන්න තෙල් ගහනවා, ආයෙ වී වපුරලා දවස් 21කට කලින් වල්පැල මැරෙන්න තෙල් ගහනවා. අපි ඊට පස්සෙ තෙල් ගහන්නෙ නැහැ. ඊට පස්සෙ තෙල් ගහනවා නම් ගහන්න වෙන්නෙ කිරිවැදීගෙන එද්දි මොකුන් හරි මැස්සො මහාපරිමානෙන් හැදිලා අර කිරිවැදුන ඇට බොන්න ගත්තොතින් තමයි. අපිට ඒ වගේ කරන්න වෙලා තියෙන්නෙ ඉතාම කලාතුරකින් තමයි.

    මම මේ සැරේ කීරි සම්බා දානවද කියලා බැලුවෙ. අවුල තියෙන්නෙ එතකොට වී තම්බලා සම්බා හාල් හරියට හදා ගන්න ඕන. ඉතිරි වී ටික විකුනද්දි ප්‍රශ්නයක් වෙයිද දන්නෙ නැහැ, සම්බා වී ගන්නවද දන්නෙ නෑ මේ පැත්තෙ.
     
    true story machan..කුඹුරු කෙරුවාව එපාම වෙලා තියෙන්නේ මට...
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,996
    13,897
    113
    126
    Hogwarts

    @BuLaTha
    Machan
    Ubalata සුවදැල් / පච්චපෙරුමල් / කුරුලුතුඩ, basmati wage haal wawanna amaruda?
    Ai ubala ewa wawanne nati ekata hethuwa?
    .
    Ethakota issara minissu oil nogaha organic widiyatane haal gathhe.. den ehema karanna beri ai ? Issara minissu kara wage
     
    • Love
    Reactions: BuLaTha

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,555
    113
    Colombo
    true story machan..කුඹුරු කෙරුවාව එපාම වෙලා තියෙන්නේ මට...

    මෙහෙම කරලා බලපන්
    ගෙදරට කන්න ලියදි දෙක තුනක සම්බා වගේ දාල බලපන්. මේ සැරේ මම තනියම අක්කරයක් කරා, සේරම වී තිබ්බෙ කිලෝ 1000ට ඔන්න මෙන්න. විකුනලා ලාබ ගන්න අයිඩියා එකක් තිබ්බෙ නැති නිසා පාඩුවක් නැහැ. ගෙදරට කන්න ප්‍රමානෙ තියාගෙන ඉතිරි ටික විකුනලා දැම්මා
    මම දාල තිබ්බෙ දෙනියායෙන් ගෙනාපු වී වර්ගයක්, නමක් ගමක් දන්නෙ නැහැ, තාත්ත දුන්නෙ මේක හොඳයි කියලා. හාල් හොඳටම හොඳයි, ඇට පොඩියි. ගොයම් ගස් උසයි ඒක නිසා කපන්න කලින් වැස්සක් ඇවිත් තැනින් තැන ගොයම් වැටුනා.
    මේ සැරේ දාන්නෙ මොනාද කියලා හිත හිතා ඉන්නෙ. ඕන රෙද්දක් කියලා සම්බා දාන්නත් හිතිලා තියෙන්නෙ මට.
     
    • Love
    Reactions: BuLaTha

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව
    @BuLaTha
    Machan
    Ubalata සුවදැල් / පච්චපෙරුමල් / කුරුලුතුඩ, basmati wage haal wawanna amaruda?
    Ai ubala ewa wawanne nati ekata hethuwa?
    .
    Ethakota issara minissu oil nogaha organic widiyatane haal gathhe.. den ehema karanna beri ai ? Issara minissu kara wage
    පොඩි පොඩි හේතු කිහිපයක් තියෙනවා මචො..

    ඒ ඒ කන්නෙට සුදුසු හාල් තියෙනවා.. සමහර ගොයම් ගස් නොසෑහෙන්න උස යනවා.. එහෙම උනාම පෙරලෙනවා.. ඉතින් මිටි ගොයමක් තමයි හරියන්නේ.. අනුරාධපුර අම්පාර පරිසර තත්වයන් වෙනස්.. කොළඹ මෙහේ වෙනස්..

    ගෙදර එදා ඉඳන් කන්නේ රතු.. ඒකෙන් පිට දාන්නෙම නෑ.. ඔය පිළිකා අනන් මනන් සීන් කියලා රතුමයි කන්නේ...

    බාස්මතී වලට අයිඩියා එක දාලා තියෙන්නේ ඊලඟ කන්නෙට.. හේලිස් එකේ දෙනවා ව්වියක්.. ඒකේ අස්වැන්න හොඳයි.. එත් අපිට පරිභෝජනයට බෑ.. ඔක්කොම එයාල මිලදී ගන්නවා..
     
    • Love
    Reactions: Voldemort Bro

    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    අපි නම් කන්නේ නාඩූ.. ඒත් @2osama / @erozanවගේ තැරිදාර පුන්නක්කු සේල්ස්මෑන් වැක්ශීන් රාජපක්ස පොන්න වහලුන් කන්නේ තුන් වේලටම පුන්නක්කුයි රාජපක්ශ ගූයී හුජ්ජයි
     
    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව
    අපි නම් කන්නේ නාඩූ.. ඒත් @2osama / @erozanවගේ තැරිදාර පුන්නක්කු සේල්ස්මෑන් වැක්ශීන් රාජපක්ස පොන්න වහලුන් කන්නේ තුන් වේලටම පුන්නක්කුයි රාජපක්ශ ගූයී හුජ්ජයි
    :lol::lol::lol:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,555
    113
    Colombo
    @BuLaTha
    Machan
    Ubalata සුවදැල් / පච්චපෙරුමල් / කුරුලුතුඩ, basmati wage haal wawanna amaruda?
    Ai ubala ewa wawanne nati ekata hethuwa?
    .
    Ethakota issara minissu oil nogaha organic widiyatane haal gathhe.. den ehema karanna beri ai ? Issara minissu kara wage

    ඕව කරන්න බැහැ බන් ඒකයි මිනිස්සු ඕව කරන්නෙ නැත්තෙ. ලාබයක් තියේ නම් කවුරුත් නොකර ඉන්නෙ නැහැ.
    අස්වැන්න පට්ටම අඩුයි, ඔය හාල් වර්ග කියන තරම් සුන්දර නැහැ, අස්වැන්න පට්ටම අඩුයි, කුඹුරක් කරලා මහන්සියටවත් වී නැත්නම් ආයෙ කරන්න එපා වෙනවා. අනෙක් වගාවල් වගේ නෙමෙයි කුඹුරකට පට්ට විදියට මහන්සි වෙන්න ඕන, ඒ මහන්සියෙ හැටියට වී නැත්නම් ආයෙ කුඹුරු කරන්න එපා වෙනවා.
    උදාහරනයක් විදියට කුඹුරු අක්කරයක් කරන්න අඩුම 20-30 අතර වියදම් වෙනවා, ඒක නිසා කුඹුරු අක්කරයක් කරාම ගෙදර කන්න වී ටික ඉතිරි කරගත්තට පස්සෙ ඉතිරි වී ටික විකුනලා 30ක් වත් අතට එන්න ඕන, එහෙම නැත්නම් කුඹුර කරලා වැඩක් නැහැ, ඒ 30ක් ඕන කරන්නෙ ඊලඟ කන්නෙ කුඹුර කරන්න. ඒ ගාන හොයන්න බැරි නම් ඒ ගාන කුඹුරට වියදම් නොකර ඒ සල්ලි වලින් හාල් කඩෙන් කන එක ලාබයි
    මොකද කුඹුරට මහන්සිත් වෙල අම්බ කට්ටකුත් කාල, ඊලඟ සැරේ කුඹුර කරන්නත් අතින් කයිට් වෙනවා කියන්නෙ අපරාදෙ බන්