උඹලා යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් විශ්වාස කරනවාද?

උඹලා යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කොඩිවිණ පොල් ගැසීම් විශ්වාස කරනවාද? (හේතුව සදහන් කරන්න)

  • ඔව්

    Votes: 45 37.8%
  • නැහැ

    Votes: 79 66.4%

  • Total voters
    119

vito

Well-known member
  • May 5, 2008
    10,977
    1
    12,316
    113
    අදාළ නෑ නේ
    අමු හොර හැත්ත :angry: :angry: :angry:
    අමාරුවෙ වැටුන මිනිස්සුන්ගෙන් ගැන ගරාගන්න එක තමා ඕකුන් කරන්නෙ
    හොඳ කරන්න බැරි ලෙඩ හොඳ කරනව කියල බොරුවට සල්ලි ගරන සක්කිලි ඉන්නෙ
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    අමු හොර හැත්ත :angry: :angry: :angry:
    අමාරුවෙ වැටුන මිනිස්සුන්ගෙන් ගැන ගරාගන්න එක තමා ඕකුන් කරන්නෙ
    හොඳ කරන්න බැරි ලෙඩ හොඳ කරනව කියල බොරුවට සල්ලි ගරන සක්කිලි ඉන්නෙ
    Meka nam thanikara aththa.
    Amaruwe watila saranak nathi eka yanawa ban othenta
     
    • Like
    Reactions: Error365! and vito

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,943
    113
    Gampaha
    නෑ...

    දේව කතානං විශ්වාස කරන්නෙ නෑ...
    හැබැයි මළ ප්‍රේතයින්ට මනුස්සයෙකුගෙ ඇඟට යන්න, පොඩි හොල්මන් පාරක් දාන්න පුලුවන් ඇති කියල හිතනව.

    දේව වරම්, යක්කු වැහිල ආවේස වෙලා නටන දඟලන එකනං අමු බොරුවක් කියල තමයි හිතන්නෙ.

    ඒ මාර්ගයෙන් කපුවොනං අමු බොරුවක් කරන්නෙ.
     
    Last edited:

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,323
    21,361
    113
    ප්‍රෙත භූත කතා නම් ඇත්ත. ඒත් ගුරුකම් කරන උන් 90%ක් විතරම ඉන්නෙ පට්ට හොරු. අවංක උනුත් දැකල තියෙනවා පට්ටම හොරුත් දැකල තියෙනවා. හොරුන්ට බයිට් දීලත් තියෙනවා. 🤣🤣🤣🤣 ඇත්ත කියල පිලිගත්තෙත් සුපිරි වැඩක් දැක්කට පස්සෙ. මාතර ගාල්ල පැත්තෙ ඉන්නවා වැඩ්ඩෝ ඒත් දැන් සෑහෙන්න අඩුයි. විස්වාස නොකරන උන්ගෙ වැරැද්දක් නෑ හැබැයි ඔය ලොරො ටෝක් දෙන ගොඩක් උන් ඔය වගේ වැඩක් වෙන තැනකට යන්න බයයි. 🤣🤣🤣🤣
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    දැන් නම් ඔය දේවාල කරන උන් 99% ක්ම හොරු,තක්කඩි..
    කලාතුරකින් පරම්පරාවෙන් එන ගුරෙක් ඉන්න පුලුවන් හරියට වැඩ දන්න
     
    USGuy

    Junior member
  • Jul 28, 2018
    50
    96
    18
    යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්, අමූලික බොරු කියන්න තියෙන ප්‍රබලම හේතුව මේකයි .

    1. ඕවා කරන හැම එකාම , ඕවා කරන්නේ කීයක් හරි හොයාගන්නනෙ .
    2. ඒ කියන්නෙ මූලික අපේක්ෂාව මුදල් ඉපයීම
    3. ඉතිං ඕක හරියට කරන්න පුළුවන් නං , ඒ හැකියාවෙන් , හෙට අදින ලොතරැයියක් අරන් , "2" ඉෂ්ට කර ගන්නව නේ බං ...
    PS.
    90% බොරු කියලා ඉතිරි 10% විශ්වාස කරන ජනතාව පිළිබඳ දැනෙන්නෙ කණගාටුව කි.😪
     
    Sen-lu

    Well-known member
  • මේකෙ කීප දෙනෙක් අතන ඉන්න කෙනා මෙතැන ඉන්න කෙනා හරියටම කියනව කිව්වාට කොහෙද උන් ඉන්නේ ඇහුවාම එක්කෝ උං මැරිලා. නැත්නම් බයිපාස් කරලා. නැත්නම් වනගත වෙලා එක්කෝ දැන් ඉන්න තැන මතක නෑ. ඕවා පට්ටපල් බොරු ඉස්සර ඔහොම උං හිටිය කියන එකත් මම නම් පිළිගන්නෙ නෑ.
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් සත්‍යයයි .කලින් කෙනෙක් පෝස්ට් එකක් දාලා තිබ්බා යම් ආකාරයක විජ්ජා වල් ගැන .
    ඒ කියලා තියෙන ක්‍රමවේද උදාහරණයක් විදිහට සැලකුවහොත් බත් මුට්ටියේ කතාව,
    ඇත්තටම යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් වල දී ඔය බත් මුට්ටිය පරික්ෂා කිරීම කරනු ලබනවා,එය සිදු කරනු ලබන්නේ භූමියකට කර තිබෙන වින දෝෂය කුමක්දැයි කියා හඳුනා ගැනීමටයි ,සත්‍ය වශයෙන්ම එය කරනු ලබන්නේ මුලින් නැවුම් මුට්ටියක් එක් අදාළ මන්ත්‍රයකින් මතුරා නිවසියන් ලවා එයට හාල් දමා ගෙන එය සාමාන්‍ය බතක් උයන ආකාරයෙන් උයා ගැනීමයි .ඉන්පසු ලිපේ තිබී දීම පරික්ෂා කිරීමේදී එම බතේ තිබෙන සළකුණු මගින් භූමියේ තිබෙන දෝශය හඳුනා ගත හැකි. මෙම ක්‍රමවේදය විජ්ජා වල් පෙන්වීමට හෝ pathihara පෙන්වීමට හෝ යොදා නොගනී .නිසි ආකාරයෙන් ශාස්ත්‍රය උගත් ඇදුරෙක් මෙම ක්‍රමවේදය යොදා යොදාගනු ලබන්නේ තමන්ට නිශ්චිත වශයෙන්ම මෙම භූමි දෝෂය කුමක්දැයි තහවරු කර ගැනීම පිණිසයි .
    නමුත් වර්තමානයේ දී කිසිදු ගුරු ඇසුරක් නොමැතිව යම් ආකාරයකින් මේ ගුරුකම් ශාස්ත්‍රය සිදු කරනු ලබන ව්‍යාජ ඇදුරන් විසින් යම් යම් වංචනික ක්‍රමවේද භාවිතා කරමින් විජ්ජා වල් පෙන්වීමට උත්සාහ කරයි . ගුරුකම් ශාස්ත්‍රය තුළ විජ්ජා කාණ්ඩයක් පැවතුනත් මෙලෙස හැම විටම හැමවිටම විජ්ජා වල් පෙන්වීමක් සඳහන් නොකරයි .
    තවත් උදාහරණයක් ගැන කිව්වොත් දෙහි ගෙඩියෙන් ලේ ගැනීම
    නිසි ආකාරයෙන් අවශ්‍ය මන්ත්‍ර වලින් ජීවම් කරන ලද දෙහි එය පුද්ගලයාගේ ශරීරයේ ඒ ඒ ස්ථානවලට තබා මතුරමින් කපන විට එම දෙහි ගෙඩියේ ඇතුළත ඇති ඇට රතු කළු වැනි පාට වෙමින් එම කැපුණු දෝෂය පිළිබඳව ඉඟියක් පවසයි
    ශාස්ත්‍රය තුළ මේ ක්‍රමවේදය භාවිතා කරනු ලබන්නේ එම ආතුරයාගේ දෝස කැපීමේ තත්ත්වය නිර්ණය කර ගැනීම පිණිසයි .
    වර්තමානයේ දී බොහෝ ඇදුරන් මෙම ක්‍රමවේදය නොදැන වෙනත් වංචනික ක්‍රම මගින් කපන දෙහි තුළින් ලේ වැක්කෙරන ආකාරයක් පෙන්වීමට උත්සාහ කරයි .
    යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍රය බොරුවක් හෝ මිථ්‍යාවක් නොව එය තවත් එක් ක්‍රමවේදයක් පමණි.නමුත් වර්තමානයේ දී නිසි අයුරින් එය හැදෑරීමක් නොකළ මිනිසුන් වාණිජ අරමුණු වෙනුවෙන් එය සිදු කරමින් විවිධ වංචනික ක්‍රියා සිදු කරන නිසා එම ශාස්ත්‍රය හෑල්ලුවට ලක් වී ඇත .
    අනිත් කරුණ නම් මෙම සාස්ත්රය කිසිදු අයුරකින් මැජික් පෙන්වීමට භාවිතා කරන ශාස්ත්‍රයක් නොවේ .
    යක්ෂ අමුනුස්ස දෝස වලින් මිනිස්සුන්ට ඇතිවන ඇති වන ආපදා උපද්‍රව වලින් මිනිසුන්ව සුවපත් කර ගැනීමට එකල පටන් භාවිතා කර ගනු ලබන ක්‍රමවේදයක් වේ.
     
    • Like
    Reactions: animation

    Sen-lu

    Well-known member
  • යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් සත්‍යයයි .කලින් කෙනෙක් පෝස්ට් එකක් දාලා තිබ්බා යම් ආකාරයක විජ්ජා වල් ගැන .

    ඔයා කොහොමද දන්නෙ? ඔයා හරියටම ඕවා කරන හැටි දන්නවාද? නැත්නම් කරන අය දන්නවාද?
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    ඔයා කොහොමද දන්නෙ? ඔයා හරියටම ඕවා කරන හැටි දන්නවාද? නැත්නම් කරන අය දන්නවාද?
    mn meka igena gena tiyenawa..
    මගේ සීයා නිවිතිගල රත්නපුර හිටිය දක්ෂවෙදමහත්තයෙක්
    පුංචි නැන්දා මෑතක් වෙනකම් කලා ..එයා 2020 දි අන්තරා වුනා
    මම ශාස්ත්‍රය හදාරලා තියෙනවා පොඩි කාලේ ඉදන්
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,977
    1
    12,316
    113
    අදාළ නෑ නේ
    යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් සත්‍යයයි .කලින් කෙනෙක් පෝස්ට් එකක් දාලා තිබ්බා යම් ආකාරයක විජ්ජා වල් ගැන .
    ඒ කියලා තියෙන ක්‍රමවේද උදාහරණයක් විදිහට සැලකුවහොත් බත් මුට්ටියේ කතාව,
    ඇත්තටම යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් වල දී ඔය බත් මුට්ටිය පරික්ෂා කිරීම කරනු ලබනවා,එය සිදු කරනු ලබන්නේ භූමියකට කර තිබෙන වින දෝෂය කුමක්දැයි කියා හඳුනා ගැනීමටයි ,සත්‍ය වශයෙන්ම එය කරනු ලබන්නේ මුලින් නැවුම් මුට්ටියක් එක් අදාළ මන්ත්‍රයකින් මතුරා නිවසියන් ලවා එයට හාල් දමා ගෙන එය සාමාන්‍ය බතක් උයන ආකාරයෙන් උයා ගැනීමයි .ඉන්පසු ලිපේ තිබී දීම පරික්ෂා කිරීමේදී එම බතේ තිබෙන සළකුණු මගින් භූමියේ තිබෙන දෝශය හඳුනා ගත හැකි. මෙම ක්‍රමවේදය විජ්ජා වල් පෙන්වීමට හෝ pathihara පෙන්වීමට හෝ යොදා නොගනී .නිසි ආකාරයෙන් ශාස්ත්‍රය උගත් ඇදුරෙක් මෙම ක්‍රමවේදය යොදා යොදාගනු ලබන්නේ තමන්ට නිශ්චිත වශයෙන්ම මෙම භූමි දෝෂය කුමක්දැයි තහවරු කර ගැනීම පිණිසයි .
    නමුත් වර්තමානයේ දී කිසිදු ගුරු ඇසුරක් නොමැතිව යම් ආකාරයකින් මේ ගුරුකම් ශාස්ත්‍රය සිදු කරනු ලබන ව්‍යාජ ඇදුරන් විසින් යම් යම් වංචනික ක්‍රමවේද භාවිතා කරමින් විජ්ජා වල් පෙන්වීමට උත්සාහ කරයි . ගුරුකම් ශාස්ත්‍රය තුළ විජ්ජා කාණ්ඩයක් පැවතුනත් මෙලෙස හැම විටම හැමවිටම විජ්ජා වල් පෙන්වීමක් සඳහන් නොකරයි .
    තවත් උදාහරණයක් ගැන කිව්වොත් දෙහි ගෙඩියෙන් ලේ ගැනීම
    නිසි ආකාරයෙන් අවශ්‍ය මන්ත්‍ර වලින් ජීවම් කරන ලද දෙහි එය පුද්ගලයාගේ ශරීරයේ ඒ ඒ ස්ථානවලට තබා මතුරමින් කපන විට එම දෙහි ගෙඩියේ ඇතුළත ඇති ඇට රතු කළු වැනි පාට වෙමින් එම කැපුණු දෝෂය පිළිබඳව ඉඟියක් පවසයි
    ශාස්ත්‍රය තුළ මේ ක්‍රමවේදය භාවිතා කරනු ලබන්නේ එම ආතුරයාගේ දෝස කැපීමේ තත්ත්වය නිර්ණය කර ගැනීම පිණිසයි .
    වර්තමානයේ දී බොහෝ ඇදුරන් මෙම ක්‍රමවේදය නොදැන වෙනත් වංචනික ක්‍රම මගින් කපන දෙහි තුළින් ලේ වැක්කෙරන ආකාරයක් පෙන්වීමට උත්සාහ කරයි .
    යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍රය බොරුවක් හෝ මිථ්‍යාවක් නොව එය තවත් එක් ක්‍රමවේදයක් පමණි.නමුත් වර්තමානයේ දී නිසි අයුරින් එය හැදෑරීමක් නොකළ මිනිසුන් වාණිජ අරමුණු වෙනුවෙන් එය සිදු කරමින් විවිධ වංචනික ක්‍රියා සිදු කරන නිසා එම ශාස්ත්‍රය හෑල්ලුවට ලක් වී ඇත .
    අනිත් කරුණ නම් මෙම සාස්ත්රය කිසිදු අයුරකින් මැජික් පෙන්වීමට භාවිතා කරන ශාස්ත්‍රයක් නොවේ .
    යක්ෂ අමුනුස්ස දෝස වලින් මිනිස්සුන්ට ඇතිවන ඇති වන ආපදා උපද්‍රව වලින් මිනිසුන්ව සුවපත් කර ගැනීමට එකල පටන් භාවිතා කර ගනු ලබන ක්‍රමවේදයක් වේ.

    tenor.gif
     
    Sen-lu

    Well-known member
  • mn meka igena gena tiyenawa..
    මගේ සීයා නිවිතිගල රත්නපුර හිටිය දක්ෂවෙදමහත්තයෙක්
    පුංචි නැන්දා මෑතක් වෙනකම් කලා ..එයා 2020 දි අන්තරා වුනා
    මම ශාස්ත්‍රය හදාරලා තියෙනවා පොඩි කාලේ ඉදන්
    ඔයාට කරන්න පුළුවන් දේවල් මොනවාද කියලත් කරදරයක් නැත්නම් ලියාගෙන යන්න. පැහැදිලි යමක් කරන්න පුළුවන් නම් ඕවා ගැන research කරන team එකක් මම දන්නව එයාලත් එකක මමත් කැමතියි ඇවිල්ලම බලන්න කොහොමද ඕක වෙන්නේ කියල.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ගුරුකම් නම් විශ්වාස කරනවා දැකලා තියෙනහ් දෙවල් නිසා ...
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    උඹලා යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කොඩිවිණ පොල් ගැසීම් විශ්වාස කරනවාද?
    කරන්න හෝ නොකරන්න හේතුත් කියාගෙන යන්න
    මට මේ වෙනකන් හම්බෙලා මේ ගැන නිකං කතා කරපු මිනිස්සු 50% 50% ඉන්නේ.
    මම විස්වාස නම් කරන්නැ සතපහකට. නමුත් ඔවා විස්වාස කරන අයව ලේසියෙන් වට්ටන්න පුලුවන් කියලා දන්නවා. උන් හෙන බයයි උන්ට ගුරුකමක් කරනවා කිව්වාම. දන්න හැකියාව අනුව වස්කවි ලියලා කියලා කට්ටිය බය කරලා තියනවා