මේක නං සම්පූර්ණ ඇත්ත
මම IT/Software සයිඩ් එකට ආස නිසා මම මේ ෆීල්ඩ් එක තෝරගෙන ඉගෙන ගත්තා , ආසාවක් තිබුනා higher studies කරලා කැම්පස් එකක ලෙක්චර් කමක් වගේ ගන්න කියලා, ජොබ් එක පටන් ගනිපු දවස් වල ජොබ් කරලා හොඳට සල්ලි හොයන්න පුලුවන් කියලා තේරුනා ඒක නිසා ජොබ් කරනවා කියලා තීරනය කරා, ඒ කාලෙ මොබයිල් ඇප් ඩිවලොප්මන්ට් වලට පට්ට ඩිමාන්ඩ් එකක් තිබුනු නිසා ඒක කරා.
පස්සෙ IT වලම වෙන ෆීල්ඩ් එකක් සෙට් උනා මොබියිල් ඇප් කරලා හොයන්න පුලුවන් ගාන වගේ හත් අට ගුනයක් ලේසියෙන්ම හොයන්න පුලුවන්, දැන් ඒක කරගෙන ඉන්නවා
දැන් කරන සයිඩ් එකට මහ ලොකු ආසාවක් නැහැ දැන් කරන ඒවට පට්ටම ස්ට්‍රෙස් එකකුත් තියනවා සමහර දවසට දවසට එක වේලක් වගේ කාල වැඩ කරන තරමට වැඩ තියනවා, හැබැයි ගොඩක් ලොකු සැලරියක් තියනවා ඒක නිසා හරිම සතුටින් මේක කරගෙන යනවා. ආස නැති ෆීල්ඩ් එකක ජොබක් කරලා හරි සල්ලි හම්බෙනවා නං තමන් ආස කරන ඒව ගේමක් නැතුව ඒ සල්ලි වලින් කරන්න පුලුවන්. මං ආසාවට කරන DIY සීන්, ටූල්ස් ගන්න ඒවා, ගේම් ගහන ඒවා සේරම කරන්නෙ අර ඒ තරං ආසාවකින් නොකරන ජොබ් එකෙන් හම්බෙන සල්ලි වලින්