උයන්න දේවල් ගන්නෙ කොහොමද?

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,828
    9,973
    113
    එළකිරියන්ස්ලා කොහොමද සතියකට හෝ මාසයකට හරියන විදියට එළවලු මස් මාලු ගන්නෙ කොහොමද? කොච්චරක් විතර ගන්නවද? Store කරන්නෙ කොහොමද? Meals plan, organise කරගන්නෙ කොහොමද? ලොකු ලොකු කතන්දරනම් එපා සාමාන්‍ය විදියට balanced diet එකකට.
    මමනම් protein ටිකක් ගැන විතරයි හිතන්නේ. ගෙදර අයට එහෙම බෑනෙ. ටික දවසකට උයන්න වෙලා තියනවා. එළවලු ටිකක් ගෙනාවා. එක එළවලුවක් එක්ක මාලු කෑල්ලක්, මොකක්හරි පොල් සම්බෝලයක් හරි කොල සම්බෝලයක් වගේ දෙයක් උදේට. දවල්ට උදේ ඉතුරුවෙන දෙයක් එක්ක තව එළවලුවක්, රෑට හිතාගන්න අමාරුයි. 😁

    Cholesterol නිසා බිත්තර කහමද සහ chicken දෙමාපියන්ට නොදීමට තීරණය කර ඇත. 🙂
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    මම නං එළවලු, මාළු අනෙකුත් අවශ්‍ය දෑ මිලට ගන්නේ පෑලියගොඩ මාර්කට් එකෙන්

    කලින් ත්‍රෙඩ් එකක් දාලා තියෙනවා ඒ ගැන නං.

    කැමති නං බලන්න.

    පෑලියගොඩ එළවලු, ෆිෂ් මාර්කට් ගියා - පින්තුර කීපයක් සහ විස්තරයක්
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,828
    9,973
    113
    මම නං එළවලු, මාළු අනෙකුත් අවශ්‍ය දෑ මිලට ගන්නේ පැලියගොඩ මාර්කට් එකෙන්
    ගන්නෙ කොහෙන්ද නෙවෙයි මචන්. සතියකට මෙච්චර ප්‍රමාණයක් පවුලෙ මේ ගානට, දවසෙ meals ටික plan කරගන්නෙ මේ විදියට වගේ දේවල්..
     
    • Like
    Reactions: Janatha Jhon

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    ගන්නෙ කොහෙන්ද නෙවෙයි මචන්. සතියකට මෙච්චර ප්‍රමාණයක් පවුලෙ මේ ගානට, දවසෙ meals ටික plan කරගන්නෙ මේ විදියට වගේ දේවල්..
    මම දාපු ත්‍රෙඩ් එක ඇඩ් කරා
     
    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    1,906
    1,325
    113
    එළකිරියන්ස්ලා කොහොමද සතියකට හෝ මාසයකට හරියන විදියට එළවලු මස් මාලු ගන්නෙ කොහොමද? කොච්චරක් විතර ගන්නවද? Store කරන්නෙ කොහොමද? Meals plan, organise කරගන්නෙ කොහොමද? ලොකු ලොකු කතන්දරනම් එපා සාමාන්‍ය විදියට balanced diet එකකට.
    මමනම් protein ටිකක් ගැන විතරයි හිතන්නේ. ගෙදර අයට එහෙම බෑනෙ. ටික දවසකට උයන්න වෙලා තියනවා. එළවලු ටිකක් ගෙනාවා. එක එළවලුවක් එක්ක මාලු කෑල්ලක්, මොකක්හරි පොල් සම්බෝලයක් හරි කොල සම්බෝලයක් වගේ දෙයක් උදේට. දවල්ට උදේ ඉතුරුවෙන දෙයක් එක්ක තව එළවලුවක්, රෑට හිතාගන්න අමාරුයි. 😁

    Cholesterol නිසා බිත්තර කහමද සහ chicken දෙමාපියන්ට නොදීමට තීරණය කර ඇත. 🙂
    මන් ලඟ තියෙන්නෙ මිනි බාර් ෆ්‍රිජ් එකක්.
    මාලු ගන්නව කීල්ස් එකෙන්, කොහොමත් ටවුන් එකට යන නිසා ඔන උනම ගන්නව.

    එලවලු ගොඩක් ගෙනත් තියා ගන්නෙ නැ. ආර්තිය මද්යස්තනෙ පැත්තෙ යන්ව සතියකට සැරයක් දෙකක් ඕන උනො උනොත්.

    පොල් හොයන එක තමයි අවුල. එත් ඉතින් මග දිගට තනව. හොඳ පොල් යොයන්ඩ වටයක් යන්ඩ වෙනව. තිබුනොත් හය හතක් ගෙනත් තියා ගන්නව.

    --
    උදේට බිත්තර දෙකක් එක්ක එලවලුවක්
    දවල්ට බත් ජුන්ඩක් එක්ක උයල තිය්න දෙයක් කනව
    රැට මාලු හරි මස් හරි ග්‍රිල් කර්නව, එලවලුත් ටිකක් දාගනව, නැත්තන් සුප් එකක් හදා ගන්නව. ඔය මොකුත් නැත්තන් බිත්තර දෙකක් කන්ව
     
    • Love
    Reactions: KSPathirana

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,023
    12,162
    113
    🌎
    උදේට බිත්තර දෙකක් එක්ක එලවලුවක්
    දවල්ට බත් ජුන්ඩක් එක්ක උයල තිය්න දෙයක් කනව
    රැට මාලු හරි මස් හරි ග්‍රිල් කර්නව, එලවලුත් ටිකක් දාගනව, නැත්තන් සුප් එකක් හදා ගන්නව. ඔය මොකුත් නැත්තන් බිත්තර දෙකක් කන්ව
    @tupac97
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,980
    15,473
    113
    New Zealand
    Oya eggs wala cholesterol kathawa boruwak..
    මේක ඇත්ත වෙන්න ඇති. මෙන්න මේ පගයා කන බිත්තර ප්‍රමාණේ හැටීයට මූ මෙලහකටත් කොලොස්ටෝල් වැඩිවෙල කූරියා ගහලා ඉන්න ඔනි
    👇👇👇👇
    images.jpg
     
    • Like
    Reactions: banda065

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    උදේට බිත්තර දෙකක් එක්ක එලවලුවක්
    දවල්ට බත් ජුන්ඩක් එක්ක උයල තිය්න දෙයක් කනව
    රැට මාලු හරි මස් හරි ග්‍රිල් කර්නව, එලවලුත් ටිකක් දාගනව, නැත්තන් සුප් එකක් හදා ගන්නව. ඔය මොකුත් නැත්තන් බිත්තර දෙකක් කන්ව
    සුප් බොන බව්වෙක් දැක්කේ අද. :ROFLMAO:
     
    • Haha
    Reactions: mr.bauwwa

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,780
    12,950
    113
    ලංකාවේ.. ලංකාවේ
    මාළු කුරියෙක් කිලෝ 4-5 ගන්නවා බොහෝ වෙලවට. කපලා ගෙනියන්නේ
    තව මාළු ජාතියක් ගන්නවා එකෙන් කිලෝ 1 හෝ 1.5 කපලා ගෙනියන්නේ
    බල්ලෝ පුසන්ටත් මාළු කිලෝ කීපයක් ගන්නවා. කපලා දවස් 2-3 ප්‍රමෙනේ එකට ෆ්‍රීස් කරනවා
    කපලා දවසට උයන ප්‍රම්නේ වෙන්කරලා ෆ්‍රීස් කරනවා

    කුකුල් මස් කිලෝ 2ක් හෝ 2.5 එක පාරකට කපලා අරන් දවසට උයන ප්‍රම්නේ වෙන්කරලා ෆ්‍රීස් කරනවා
    ඌරා කිලෝ 1.5ක් එක පාරකට උයන්න ෆ්‍රීස් කරනවා

    උයන කොටස එලියට ගත්තා අන්ෆ්රීස් / ඩිෆොරස්ට් කළා උයන්න ගත්තා.

    මාළු ඉතිරි තිබ්බොත් සමහර සති වල යන්නේ නෑ ගන්න. කුරියා ගන්න එක ලාබයි.

    බිත්තර ඉස්සර නම් 50ක් අරන් තියාගෙන කෑවා. දැන් නම් අඩු වෙලා. බිස්කට් වලට වෙච්ච දේ උනේ. මිල අසාමාන්‍ය ලෙස වැඩි කළා, ගන්න එක අඩු උනා. තාමත් එහෙමයි

    එළවලු, පලතුරු ගන්නේ එක පාරකට හෝ දෙපාරක් උයන ප්‍රමනේ විතරයි. සතියට.
    උදා කැරට් ගත්තොත් කිලෝවකට අඩු, බෝංචි ගත්තොත් 750ක් කියන්නේ දෙපාරක්
    බීලුනු කිලෝ 3-4 අරන් මාසෙකට කිට්ටු කාලයක්
    පොල් තෙල් එකපාර මාසෙටම
    සුදුලූනු කිලෝ එකක් මාසෙට එක පාර

    තියන එලොලු අනුව, උයන කෙනා අනුව මෙනු එක වෙනස් වෙනවා අපේ ගෙදර. එක තීරණය වෙන්නේ ඒ මොහොතේ. වයිෆ් ඉව්වොත් සමහර එළවලු, කොළ ජාති ගන්නෙම නෑ. අම්මා ගත්තොත් සමහර ජාති උයන්න ගන්නෙ නෑ. බොහෝවිට වයිෆ් උයනනේ.

    උයන ප්‍රමෙනේ කන ප්‍රමනෙට බොහෝ සමානයි. ඒ නිසා රත් කර කර කන්නේ අඩුවෙන්. එහෙම නොවෙනවා නොවේ

    මේකද අහපු ප්‍රශ්නේට උත්තරේ
     
    Last edited:

    හැමෝම දීපු උත්තර වල එකතුවක් එක්ක මගෙ අදහස්, තත්ත්වයට සෙට් වෙන විදියට හදාගත්තා බ්‍රදර්. ෂේප් කරගන්න පුලුවන් උනා.
    තව, අපේ ගෙදර තිබුණ ප්‍රශ්නයක් කෑම ඉතුරු වෙනවා, ඊට පස්සෙ ඒවා විසිකරන්න වෙනවා, ඒක නිසා මම, උදේට කෑවෙ මොනවද, ගෙදර අනිත් අය කරන වැඩ අනුව ගොඩක් බඩගිනි වෙයිද, උයන දේ අනුව ගොඩක් ඕන වෙයිද නැත්තන් පොඩ්ඩක්ද කියල හිතල පොඩ්ඩක් එහෙ මෙහෙ කරල ඉව්වා. කෑම විසි කරන එක අඩුම උනා.
    උයන වෙලාව තමයි ටිකක් යන්නෙ, ඒක වෙලකට විනාඩි 45, විනාඩි 90ක් විතර යනවා. ඕක තව ටිකක් අඩු කරගන්න පුලුවන් උනානම් වටිනවා.
     
    • Like
    Reactions: mr.Z and wqe123

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,362
    166,745
    113
    එකමත් එක රටක
    උයන වෙලාව තමයි ටිකක් යන්නෙ, ඒක වෙලකට විනාඩි 45, විනාඩි 90ක් විතර යනවා. ඕක තව ටිකක් අඩු කරගන්න පුලුවන් උනානම් වටිනවා
    එක වේලකට හදන්නේ ඇයි ?
    දවසට එකපාරක උයන්න .
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,828
    9,973
    113
    එක වේලකට හදන්නේ ඇයි ?
    දවසට එකපාරක උයන්න .
    අපේ ගෙදර අය එහෙම කරාම කන්නෙ නෑ බන්. නැත්තන් පොල් ටික එකපාරට ගාල fridge එකේ තියල ගන්න පුලුවන්. එතකොට තෙල් මිදිලා වගෙත් තියනවා, රසත් සෙට් නෑ කියනවා. දෙදනාටම එක එක පොඩි පොඩි රෝගාබාධ නිසා මෙහෙම එවෙලෙට උයන එක කරන්නත් වෙනවා.
    මස් හෝ මාලු උයන වේලට පස්සෙ වේල ඉක්මන්. බත් එක දාලා එක එළවලුවක් හැදුවම ෂේප්.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,362
    166,745
    113
    එකමත් එක රටක
    අපේ ගෙදර අය එහෙම කරාම කන්නෙ නෑ බන්. නැත්තන් පොල් ටික එකපාරට ගාල fridge එකේ තියල ගන්න පුලුවන්. එතකොට තෙල් මිදිලා වගෙත් තියනවා, රසත් සෙට් නෑ කියනවා. දෙදනාටම එක එක පොඩි පොඩි රෝගාබාධ නිසා මෙහෙම එවෙලෙට උයන එක කරන්නත් වෙනවා.
    මස් හෝ මාලු උයන වේලට පස්සෙ වේල ඉක්මන්. බත් එක දාලා එක එළවලුවක් හැදුවම ෂේප්.
    පිස්සු නේ . එහෙම වෙන්නේ නෑ .
    පොල් නම් ගාල අර food container එකක හරි ඒ වගේ bag වල හරි දාල ෆ්‍රිසර් එකේ දාන්න . කිසි අවුලක් නැතුව දවස් ගානක් තියාගන්න පුලුවන්
    පැයක් ඇති දවසටම උයන්න රයිස් කුකර් එකේ බත ගහනවනම්