බෞද්ධයෝ ශ්‍රී මහා බෝධිය පහුකරන් සිල්ගන්න යන්නේ වෛරයක් නිසා නෙමෙයි උතුරු නැගැනහිරත් බුදු වහන්සේ ගේ පහස ලැබූ වෙහෙර විහාර, රහහත් වහන්සේලා වැඩසිටි ස්ථාන තියෙන නිසා. පල්ලෙහා තියෙන්නේ ඒ වගේ වෙහෙර විහාර කීපයක්.

මඩුකන්ද විහාරය - වවුනියාව
( දළදා වහන්සේ තැන්පත් කර තිබූ විහාරයකි. )

කුරුන්දි මහා විහාරය - මුලතිවු
( බුදුන් වහන්සේගේ දෙවන ලංකා ගමනේ දී උන්වහන්සේ මෙම ස්ථානයට වැඩම කළ බවට ද ජනප්රවාදයේ සඳහන්ය.)

ගිරිහඬු සෑය - ත්‍රිකුණාමලය
(බුදුන් වහන්සේගේ කේශ ධාතු තැන්පත් කර තැනු ලොව ප්‍රථම චෛත්‍යයි.)

වෙල්ගම් වෙහෙර - ත්‍රිකුණාමලය
( දේවානම් පියතිස්ස රජු විසින් දෙතිස්ඵල බෝධි අංකුරයක් රෝපණය කරමින් වෙල්ගම් වෙහෙර කරවූ බව වංශ කතාවන්හි සඳහන් වේ.)

මංගල මහා සෑය (තිස්ස මහා විහාරය) - සේරුවිල
(බුදුන් වහන්සේ ගේ ලලාට ධාතුන් වහන්සේ හා කේශ ධාතු තැන්පත් කර කාවන්තිස්ස මහ රජු විසින් ඉදිකරන ලද්දකි.)

දීඝවාපිය - අම්පාර
( මහාවංශයට අනූව දීඝවාපිය වෙත බුදුන් වහන්සේ වැඩි බවත් උන්වහන්සේ භාවනානුයෝගීව වැඩ සිටි ස්ථානයේ පසුකාලීනව චෛත්‍යක් ඉදිවූ බවත් සදහන් වේ.)

නාගදීපය - යාපනය
( බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් පස්වන වර්ෂයේ හි බක් පොහොය දිනක මැණික් පුටුව වෙනුවෙන් අරගල කළ චූලෝදර මහෝදර යන නාග ගෝත්‍රිකයන් දමනය මෙහි විශේෂ සිදුවීමකි.)

කඳුරුගොඩ විහාරය - යාපනය
( දේවානම් පිය තිස්ස රජතුමා විසින් ඉදිකළ රහතන් වහන්සේලා හැට නමක් වැඩ සිටි ස්ථානයකි. )

බෞද්ධයෝ ඇලජික් තඹුත්තේගම කල්ලතෝනි පාදඩයට ඇන්දිච්ච බෞද්ධයෝ තාමත් ඉන්නවා නං බත් කන්න එපා !
==================
සොනාල ගුණවර්ධන