එන්න අපේ ක්‍රිකට් විරුවන්ට සුබ පතන්න

sanddun

Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    එන්න අපේ ක්‍රිකට් විරුවන්ට සුබ පතන්න

    අපේ කොල්ලෝ මේපාර කප් එක ලංකාවට ගේනවා එක සුවර් බොහෝ දෙනෙකුගේ මුවග පසුගිය මාසය පුරාවටම
    රැදුණු වදන් පෙළක් දහසකුත් බලාපොරොතු නොව එකම සිහිනයක් ගැන හිත තබාගෙන දෑස් දල්වා මිලියන 20 ජනතාව
    බලා සිටියා .
    නමුත් අවසානයේ අපිට අනුශුරයන් විදිහට තරගය අවසාන උනා
    ලංකාවේ තිබ්බ තරග හැම එකකටම දහස් ගණනින් මුදල් ගෙවාගෙන අපේ ක්‍රීඩා ලෝලීන් තරග බලන්න ගියේ හුදෙක්
    විනෝද සදහාම පමණක් නොවේ ජය වෙනුවෙන් දිරි දෙන්න පසුබසින අවස්ථාවල් වලදී ලංකාවේ නම කියල කෑගහල
    අපේ කොල්ලෝ ටිකට පන දෙන්න
    ඉතින් එවිදිහට කැපවුන අපේ ක්‍රීඩා ලෝලීන්ට මුළු රටම ගරු කරනවා
    අපේ කණ්ඩායම සංග ඇතුළු සියලුම දෙනා අපිට ජය ගෙන්න ගොඩක් වෙහෙසුනා
    මසකට වැඩි කලක් රටවල් තුනක් අතර ගුවන් ගමන් වල යෙදෙමින් පුහුණු කටයුතු කරමින්
    ඔවුන් දැක්වූ කැපවීම අති මහත්
    වැරදීම් සිදුවුණා උඩ පන්දු ගිලිහුනා පන්දුව රැක ගන්න බැරිඋනා
    නමුත් ඒවායින් පන්නරය ලබමින් අපිට අවසානය දක්වා එන්න පුළුවන් උනා
    මොකද අපේ කණ්ඩායම තමයි කණ්ඩායම් හැගීමෙන් සෙල්ලම් කරපු නිසා
    මොකක්දෝ අවාසනාවකට අපේ කණ්ඩායමට අවසාන තරගයේදී සියලු අංශ පරි පුර්ණ විදිහට
    ගොඩනග ගන්න බැරි උනා
    ඉතින් දැන් එය සිදු වෙලා අවසන් මාධ්‍ය හමුවේදී සංග වැදගත් කතාවක් කිව්වා
    අපේ පරාජය අපි කණ්ඩායමක් විදිහට සියලු දෙනාම
    වගකියන බව
    ලෝක කුසලානයේ සහභාගී උනා රටවල් වල නායකයින් අතරින් අංක එක අපේ සංග කියල බොහෝදෙනෙක් පැවසුවා

    පරාජයන් ගැන දැන් කතාකරා ඇති දැන් අපිට ලංකාවේ ක්‍රිකට් වලට අලුත් පණක් ලැබුන මොහොතක්

    ඉතින් ඊලගට එන තරග සංචාරයන් වලදී හොදින් ක්‍රීඩා කරලා ඊලග වසරේදී ලංකාවේ පැවැත්වෙන 20:20ලෝක කුසලානය
    අපේ දෙරණේ ඉහලට ඔසවන්න සංගා ඇතුළු සියලු දෙනාට ශක්තිය සහ වාසනාව ලැබේවා කියල පතමු

    එළකිරියේ සියලු දෙනාම එකතු වෙන්න

    ඒ මගේ පැතුමයි

    :yes::):yes:

    RED.jpg




    1%28342%29.jpg



    sanga%20arrives%201.jpg



    sanga%20arrives5.jpg

     
    Last edited:

    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    සිංහ ලීලාවෙන් ක්‍රීඩා කර ලෝක කුසලාන අනුශූරයන් වුවද අපිට නුඹලා සැබෑම ලෝක ශූරයන්මයි
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අපේ කොල්ලෝ..
    මේතාක් ඉදිරියට එන්න ලැබිමත් අපි ලබාපු එක්තරා අන්දමක ජයග්‍රාහණයක්..
    ඒ ජයග්‍රාහණය එක්තරා විදියකට අපේ ක්‍රිඩකයන්ට වගේම..
    අපිටත් ලොකු සතුටක්..
    තුන් ඉරියව්වෙන් ම දක්ෂකම් පෑ අපේ ක්‍රිඩකයින්ට..
    මෙවර ලෝක කුසලානය අපිට අයිති වෙන විත්තිය කොයි රටවල් අතරත් අප ගැන විශ්වාසයක් ගොඩ නගාගෙන හිටියා..
    ඒත් අවාසනාවට ඒ සිහිනය අපිත් අත්පත් කර ගන්න බැරි වුන එක ගැන..
    අපි තරමක් දුරට හරි දුක් වුනාට..
    ඒ දුක තියාගෙන අපේ ක්‍රිඩකයන් වෙනුවෙන් පලිගන්න, වෛර කරන එක නෙවෙයි අපි කරන්න ඕනේ..
    ඒ අයව අපි තව දුරටත් දිරිමත් කරලා..
    ඔහුන් සමග එකට සිටිය යුතුයි...

    දිණුමකදි විතරක් ඔහුන් සමග ඉන්නේ නැතිව..
    පැරදුමකදි වුනත් අපි ඔහුන් සමග හිටියා නම් පමණයි..
    ඔහුන්ට සහනයක් දැනෙන්නේ...

    ලබන ලෝක කුසලානය ලබා ගැනිමට අපේ කණ්ඩායමට හැකිවේවා..
    කියලායි.. මම ප්‍රාර්ථනා කරන්නේ..