එපා උන අම්පාර ගමන..

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    උඹ නුවර ගියේ මේ බස් එකේමද. මේකේ අයිතිකාරයා අම්පාරේ කෙනෙක්. :D
    නෑදෑයන්ගෙන් අහල බලපන් අම්පාරෙ ඩිලංක බස් කිව්වම ඒ පැත්තේ ඕන කෙනෙක් දන්නවා. :yes:

    lo8dC8W.jpg
    (මා බස් පිස්සෙක් නොවන බව කරුණාවෙන් සලකන්න) :rofl:







    ඉතුරු ටිකක් දාපන් ඉක්මනටම. :cool:
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    උඹ නුවර ගියේ මේ බස් එකේමද. මේකේ අයිතිකාරයා අම්පාරේ කෙනෙක්. :D
    නෑදෑයන්ගෙන් අහල බලපන් අම්පාරෙ ඩිලංක බස් කිව්වම ඒ පැත්තේ ඕන කෙනෙක් දන්නවා. :yes:


    (මා බස් පිස්සෙක් නොවන බව කරුණාවෙන් සලකන්න) :rofl:







    ඉතුරු ටිකක් දාපන් ඉක්මනටම. :cool:

    oka ude nuwarin enne.panaduren newe.oka wenna ba:rolleyes:
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,830
    31,031
    113
    වාහන කටු ත්‍රෙඩ් එකේ පරණ පෝස්ට් මතක් උනා :love: මේ කතා ශෛලියමයි :lol:

    රෙප් +
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ගත වෙන හැම විනාඩියක්ම අපේ ගමනාන්තෙට බලපාන නිසාම ලොකු අක්කගේ මහත්තයා ගිහින් කොන්දොස්තරට කිව්වා තවත් කාලේ කන්නේ නැතුව මිනිස්සුන්ට යන්න ක්‍රමයක් හදලා දෙන්න කියලා..:angry:
    මොකද වෙලා තියෙන දේ හරිහමන් කාර්මිකයෙක් නැතුව කොන්දොස්තරට විතරක් ගොඩ දාන්න පුලුවන් මට්ටමක තිබුණ දෙයක් නෙමෙයි..:baffled: අනික ඉස්සරහට හම්බවෙන දහ අට වංගුව මිනිස්සු ගොඩකුත් එක්ක බාගෙට අටවගෙන අවධානමක් එක්ක බස්සන එකත් හොඳ වැඩක් නෙමෙයි කියලා බස් එකේ ආව හැමෝම කතා වෙන්න ගත්තා..ඒ නිසා ඊලඟ බස් එකට සෙනග නග්ගන්න කොන්දොස්තර පොරොන්දු උනා.. හැබැයි ඒ මහනුවර - අම්පාර බස් එකකට.. වෙන බස් වලට මේ බස් එකේ මිනිස්සු නග්ගවන්න බෑ කිව්වා.. ඒක අපිට තව ප්‍රශ්නයක්.. ආයේ එන බස් එකට අසනීප ගතියෙන් ඉන්න නැන්දා එක්ක ගොඩ වෙන්න පුලුවන් වෙයිද දන්න්නේ නෑ සෙනග නිසා.. ඔය අතරේ කොළඹ - අම්පාර බස් එකක් කඩාගෙන බිඳගෙන අපිව ඉස්සර කරන් ගිහින් එක පාරටම නැවැත්තුවා.. කොන්ඳොස්තර වගේ කෙනෙක් බැහැලා ඇවිත් කිව්වා "මග නගින්න එපා අම්පාරටම යන අය ඉන්නවනම් එන්න හැබැයි සීට්නම් නෑ!" කියල.. යන්න ඔන්න මෙන්න තිබුණ අම්පාර බස් එක ගාවට බෑග් මලු නහයෙන් කටින් උස්සන් ගිහින් අපි ඇහුවා සීට් දෙකක් වත් ගන්නම බැරිද කියලා..

    "නුවර ඉඳලම ෆුල් ලෝඩ් මල්ලී.. දිගටම මෙහෙම තමයි. ඕනෙනම් මහියංගනෙන් දාන්නම්.. එතනින් ඉඳගෙන යන බස් එකක් අල්ල ගන්න.. මග ගන්නෙත් නෑ..ඒවුනාට මේ අම්මත් ඉන්න නිසා මහියංගනෙන් බස්සන්නං ඕනෙනම්.."

    ඒ අස්සේ පොඩි අක්කා කුරු කුරු ගානවා "දැන් ඉතින් දහ අට වංගුවේ නේද යන්න වෙන්නේ.. අනේ මගේ ඔලුව කැක්කුමයි. හිටගෙනනම් යන්න බෑ.." කිය කිය..:angry:

    වෙලාවේ හැටියට නාස්ති කරන්න කාලයක් නොතිබුණ නිසා අපි කලින් බස් එකෙන් සල්ලි ඉල්ලන්නෙත් නැතුවම හදිස්සියේ ආව අම්පාර බස් එකට ගොඩ උනා.. නැන්දා මගේ අතට දුන්න පොඩි බෑග් එකකුයි කරේ දාගෙන හිටිය බැක් පැක් එකයි එක්ක ගොඩ වෙන්න දුන්නේ නෑ කොන්දා... "මල්ලි ඕවා ඔක්කොම එක්ක ඉස්සරහ යන්න බෑ.. ඔය ටික ඩිකියට දාමු" කියලා ඩ්‍රයිවර්ගෙන් යතුරක් ඉල්ලගෙන කොන්ඳ මටත් කලින් කිලෝ මීටරයක් විතර දිග බස් එක පිටි පස්සට දිව්වා.. මම බෑග් දෙක ඩිකියට පටවලා එද්දී අපේ අය ඔක්කොම බස් එකට ගොඩ වෙලා.. මම ආයේ ෆුට් බෝඩ් එකේ.. උඩට නගින්න ඉඩ නෑ සෙනග පිරිලා නිසා.. අම්පාරේ අයියා උදේ පාන්දර නුවර බස් එකේ නැග්ග විදිහටම අපිට කලින් පිටි පස්සේ දොරෙන් ඇතුළට නැගලත් ඉවරයි..:oo: අපේ ලඟම ඥාතියෝ වෙච්චි ඒකගේ දෙමව්පියෝ සිහි කරලා තේරුමක් නැති නිසා මම ඔහේ පාර දිහා බලන් හිටියා..
    Mmu6dBE.jpg

    පාර කොච්චර පටු උනත්, බස් එක කොච්චර ලොකු උනත් ඩ්‍රයිවර්ට ඒක ගාණක් නෑ.. කනේ වැලි ගැවිලා නහයේ පස් ගෑවෙන ගානට වැලමිටි වංගු දෙක තුනක් නවපු පාරට පොඩි අක්කට උදේ ඉඳලා බලාපොරොත්තුවෙන් හිටිය ටිකට් එක ඇදුණා.. :rofl:
    "අනේ මට කැරකිල්ල වගේ.. හිටගෙන යන්න අමාරුයි කියාගෙනම සීට් එකකට හේත්තු උනා...."

    අපරාදෙ කියන්න බෑ දුවට කම්පියුටර් එකක් ගන්නම කොළඹ ආව අන්කල් කෙනෙක් හිටියා ඉස්සරහම තනි සීට් එකක් බුක් කරගෙන.. සීට් එකේ ජනේලේ අයිනේ එහෙම් පිටින්ම අලුත්ම අලුත් CPU එකකුයි, මොනිටර් එකයි, UPS එකයි, ස්පීකර් සෙට් එකයි, එයාගේ තව බෑග් වගයකුයි තියාගෙන ටිකක් පහසුවෙන් ඉඳගෙන හිටියා..:P

    බඩු ටික පරෙස්සමෙන් අම්පාරටම ගෙනිය ගන්න ඕනේ නිසා එයා ඒ සීට් එකටත් එක්කම සල්ලි ගෙවලා.. අක්කට අවුල් උන ගමන් ඒ අන්කල් දඩස් ගාලා නැගිටලා සීට් එක දුන්නා.. "මේ මහතයා සීට් දෙකකටම සල්ලි ගෙවලයි තියෙන්නේ" කියලා කොන්දොස්තර කිව්වාම අපිත් ටිකක් අවුල් උනා...:baffled:
    "කමක් නෑ.. මගේ දුවටත් දුර බස් වල යන්න බෑ. ඒ නිසා ඔහොම ටිකක් ඉඳගෙන ගියදෙන්..":love:
    හෙම්බත් වෙලා හිටපු අපිට ඒ අංකලගේ මනුස්සකම සෑහෙන ලොකු සහනයක් උනා වෙලාවේ හැටියට..:yes:


    අම්පාරටම ටිකට් ගත්තු අපි අර අංකල්ට කිව්වා "මහත්තයා අපි අම්පාරටම ටිකට් ගත්තට මහියංගනෙන් බහිනවා. සීට් එකටනං බොහොම ස්තූතියි" කියලා.. අක්කගේ තත්ත්වේ හැටියට එයාට ආයේ හිටගෙන යන්න කියන්නත් බෑ.. අම්පාරට යනකන් අර මනුස්සයගේ සීට් එක නොදී යන එක කොහොමත් වටින්නේ නැති නිසා අපි සල්ලි අමතක කරලා මහියංගනෙන් බහින තීරණේට ආවා.. අපි බහින්නේ කොහෙන්ද කියලා වගේ වගක් නැති අම්පාරේ ලොකු අයියා පිටිපස්සේ දොරට වෙලා මනෝ පාරක් ගහගෙන හිටියා පාර දිහා බලාගෙන මලක නැගලා හඳට යන්න ඉන්න බුවෙක් වගේ..:rofl: නැන්දට සීට් එකක් අරන් දෙන්න ට්‍රයි කලත් ඒක හරි ගියේ නෑ.. අක්කට වැඩිය නැන්දා ෆිට් එකේ හිටිය නිසාත් දහ අට බැස්ස ගමන් ඉක්මනින්ම මහියංගනයට ලං වෙන නිසාත් නැන්දා දිගටම හිටගෙන ගියා. ඔය අතරේ අපි දහ අට වංගුවට ලං උනා..
    Mmu6dBE.jpg
    Mmu6dBE.jpg

    ගියර් වලින් වේගේ අඩු කරද්දී ගිනියම් වෙච්ච ලේලන්ඩ් එන්ජිමෙනුයි, ක්ලච් ප්ලේට් වලිනුයි, බ්‍රේක් ලයිනර් වලිනුයි එන කර ගඳත් එක්ක බස් එක සීරුවට වංගු ටික බස්සන්න ගත්තේ කණ පැලෙන්න දාලා තිබුණ සෙට් එකත් ඕෆ් කරලයි.. ඒ කාලේ පාර සෑහෙන පටුයි, පහළින් එන වාහනේ හෝන් සද්දේ ඇහුණාම ඒක යනකන් අපි වංගුවට මෙහායින් නවත්තගෙන ඉන්න ඕනේ..:baffled:

    හතරවෙනි වංගුවේදිද කොහෙද එක පාර හරවගන්න ඉඩ මදි නිසා බස් එක පස්සට ගන්න ඕනේ.. ඉස්සරහ දොර එක්ක ෆුට් බෝඩ් එක පහළ ප්‍රපාතෙට එනකන් ඇවිත් ඉස්සරහ ටයර් එක ප්‍රපාතෙට අඟල් 7 - 8ක් දියෙද්දී "චුස්ස්ස්ස්ස්" ගාලා බ්‍රේක් කරද්දී ෆුට් බෝඩ් එකේ හිටිය මගේ පපුවත් නැවතුනා වගේ දැණුනා.. අඟලක් වත් ඉස්සරහට යන්න නොදී බ්‍රේක් එකේන් කකුල උස්සපු ගමන්ම ඇක්සලේටරේ අඩියටම වගේ පාගගෙන ක්ලච් එක අත ඇරලා ගැස්සි ගැස්සි බස් එක පස්සට යද්දි ආයෙත් කර ගඳක් දැණුනා නහයට..:confused:

    මම වගේම බය වෙලා නොහිටියත් බස් එකේ කොන්ඳොස්තර බස් ඩ්‍රයිවර්ගෙන් ඇහුවා "අයියේ කර ගඳ සැරයි වගේ නේද.. බ්‍රේක් අවුලක් නෑ නේද.?" කියලා..:shocked:
    "වැකුම් බ්‍රේක් නිසාම හොඳයි ඉතින්. ඒත් එක දිගට බ්‍රේක් ගගහ බැස්සුවොත් කේස් තමයි. ඔය පේනවනේ ඉස්සරහ. " සෙකන්ඩ් ගියර් එකෙන් තර්ඩ් එකට ගියර් මාරු කරන ගමන් ඩ්‍රයිවර් අයියා ඉස්සරහා හතරැස් හැඩයට කැලේ ගස් අතු පොඩි වෙලා පාරේ වලවල් හෑරිලා හැදුණු ඉඩක් පෙන්නුවා.. දැණුනු කුතුහලය නිසා මගෙත් කට ඇරුණ නිසා "මොකද්ද අයියේ ඒ කේස් එක" කියලා ඩ්‍රයිවර්ගෙන් ඇහුවා නෙමෙයි ඉබේම ඇස්සුණා..:shocked:
    "මේ වගේම බස් එකක් මචන්.. එක දිගටම බ්‍රේක් එකෙන් බස්සන්න ගිහින් බ්‍රේක් වලට කෙළ වෙලා.. වංගුව නවනකොටම බ්‍රේක් පැඩල් එක අඩියට බැස්සාම ඕන එකෙකුට හිතා ගන්න බැරි වෙනවා.. සෙනග එක්කම ඔතනින් කැලේ කඩාගෙන පල්ලමට ගිහින් .. දවස් 7ක් තිස්සේ පොඩ්ඩ පොඩ්ඩ බස් එක උඩට ඇද්දේ.. කාටවත් තුවාල නෑ. බස් එකනම් ඉවරයි ඉතින්.. කොළඹ කතරගම දුවපු උන් ඒ උෂ්ණෙ පිට මෙහේ ආවාම ඔය ටික කර ගන්නවම තමයි.. ඒ පාරවල් වෙනයි මේ පාරවල් වෙනයි.. උන් දන්නේ ගියර් 5 දාගෙන් අරින්න විතරයි.. ගියර් අඩු කරලා කඳු බස්සන්න අඩුම ගානේ දෙපාරක් තුන් පාරක් නුවර ගිහින් එන්නවත් ඕනේ..":shocked:

    අලුත් ඩ්‍රයිවර් කෙනෙක් එලවපු බස් එකක බ්‍රේක් නැති වෙලා හෙලට වැටිලා.. ඩ්‍රයිවර් අයියාගේ කතාවයි, බස් එකක් කැලේ කඩාගෙන පහළට ගිය සලකුණුයි දැකපු මට නිකන් ඔල්මාදේ වගේ දැනුනා..:baffled: දහ අට වංගුව පාරේ යන්න පට්ට ආසාවෙන් හිටිය මගේ කකුල් දෙක එතනින් එහාට ගත්තු හැම වංගුවකදිම අම්බානක ගැහෙන්න ගත්තා.. :sorry:

    මග දිගට කැඩුණු බස් දෙකක චාටර් උනු අපි අන්තිමට මහියංගනේදී අම්පාරටම යන සෙනග පිරිච්ච බස් එකෙන් බිමට බැස්සා.. ඩිකියට දාපු බෑග් එක අතට ගන්න කිය කිය නැන්දා මට සෑහෙන වතාවක් මතක් කලා.. මළ ගෙදර වැඩ කටයුතු වලට අවශ්‍ය කරන සල්ලි තිබුණ බෑග් එක තමයි මම ඩිකියට දාලා තිබුණේ. මට නැන්දා කලින් කිව්වෙත් නෑ එකේ සල්ලි තිබුනා කියලා.. තුන් වෙනි වතාවටත් පපුව මෙව්වා වෙලා ගියා ඒක ඇහුවාම.. වෙලාවට සල්ලි තිබුණ බෑග් එකයි, මගේ බැක් පැක් එකයි දෙකම ඩිකියේ පරෙස්සමට තිබුණා.. හැබයි බස් එක වංගු ගන්නකොට පැත්ත මාරු වෙලා.. :P

    බස් එක අදින්න ඔන්න මෙන්න තියෙද්දී පිටිපස්සට දුවපු ලොකු අක්කගේ මහත්තයා ඒ වෙද්දිත් සැපට පිටිපස්සේ දොරට හේත්තුවක් දාගෙන හිටිය අම්පාරේ අයියට පැහැදිලි සිංහලෙන්ම "බැහැපිය" කියලා කිව්වා..:lol:

    මහියංගනෙන් බහිනකොට පාං කියා ගන්න බැරි තරමට හෙම්බත් වෙලා හිටියට අපේ ගමන ඒත් ඉවර නෑ..:sorry:
    යකා නැගලා හිටපු මම අම්පාරේ අයියගෙන් ඇහුවා "අයියේ දැං සනීපද" කියලා..:frown:
    "අවුලක් නෑ. මෙහෙ කැකුළියෝ ඉන්නවා.. එනවා යන්න ඊලඟ බස් එක එනකන් ටෝකක් දාලා එන්න..";)

    අපි මෙහේ කෙළ වෙලා ඉන්න අස්සේ මූ වැදි කෙල්ලන්ට ටෝක් කරන්න යන්න කතා කරනවා. නැව ගිලුනත් බෑං චූං කාරයෙක් වෙච්ච අම්පාරේ අයියව පැත්තකට අඬගහලා ලොකු අයියා කියපු වචන ටික නම් රෙද්දක් ඇඳගෙන මනුස්සයෙකුට අහං ඉන්න පුලුවන් ඒව නෙමෙයි..:P

    පස්සේ අම්පාරේ අයියම ගිහින් මහියංගනෙන් අම්පාරට යන බස් එක පටන් ගන්න තැනයි වෙලාවයි අහගෙන ඇවිත් තිබුණා ලැජ්ජාව වහ ගන්නත් එක්ක.. උදේ ඉඳලම පිස්සු කෙළිය මිසක් ඒකගේන් ගමනට කිසිම සහයක් හම්බ උනෙත් නෑනේ.. ආයේ පැය එකාමරක් අපිට මහියංගනය බස් නැවතුම් පොළේ ගත කරන්න උනා.. ඒ අතරේ අපි වෑන් එකක් හයර් කරන් යන්න හිතාගෙන ගණන් ඇහුවා.. අපිට ටිකක් හදිස්සියි කියලා දන්න නිසාත්, සෑහෙන හෙම්බත් වෙලා ඉන්නවා කියලා පෙනුන නිසාත් කොළඹ ඉඳලා අම්පාරට යන ගානම ඉල්ලුවා කීප දෙනෙක්ම..:shocked: එච්චර ගාණක් වියදම් කරන් පස් දෙනෙක් එක්ක තනි වෑන් එකක යනවට වැඩිය රෑ වෙන්න හරි බස් එකේම ගමට ගිහින් ඒ ගාණත් මළ ගෙදර වැඩ වලට දෙන්න අපි තීරණය කලා. අනික අපි ඒ වෙද්දිත් කිසිම තේරුමක් නැතුව බස් වලටම බර ගාණක් වියදම් කරලා ඉවරයි..:sorry:

    ගිණි අව්වයි, දූවිල්ලයි, දාඩියයි, මහන්සියයි, එක්ක මහියංගන ටවුමේ පැය එකාමාරක් තිස්සේ කට්ට කෑවට පස්සේ මහියංගනෙන් අම්පාරට යන TATA බස් එක ඇවිත් බස් නැවතුම් පොළේ නවත්තනකොටම අම්පාරේ ලොකු අයියා බස් එකේ එල්ලුනේ අපිට සීට් අල්ලලා දෙන්න හිතාගෙනමද මන්දා.. මුලු දවසටම වැඩක් ඇති දෙයක් කළාමද කොහෙද.. මහලොකු සෙනගක් හිටියෙ නැති නිසා අපිට යාන්තන් සීට් හම්බ උනා.. අක්කවයි නැන්දවයි එක තැනක ඉන්ඳවලා අපි තැනින් තැන අහු උන අහු උන තැන් වලින් ඉඳ ගත්තා..
    ymdTw95.jpg
    ymdTw95.jpg

    බස් එක මහියංගනින් පිටත් වෙනවත් එක්කම හොඳ හුස්මක් අරන් සීට් එක පිටිපස්සට හේත්තු වෙනකොටම කොන්දොස්තර කෑ ගහන්න ගත්තා මගින් බහින කෙනෙක් පොඩි එක්කෙනා එක්ක ඉන්න කෙනාට සීට් එක දෙන්න කියලා..:shocked: ලඟ බහින කෙනෙක් කෙසේ වෙතත් බලාගෙන ඉන්නම බැරි උන කෙනෙක් නැගිටලා සීට් එක දෙන හැටි මම බලාගෙන හිටියා.. මාලබේ ඉඳලා නුවරට එනකන් හිටගෙන ආපු, ආයේ මැදමහනුවර ඉඳලා මහියංගනයට වෙනකන් හිටගෙන ආපු, ආයේ අම්පාරේ ඉඳලා අඹගහවැල්ලට කිලෝ මීටර් 25ක් හිටගෙන යන්න බලන් උන්නු මට ඒ වෙද්දී කාටවත් සීට් එක පූජා කරන්න පුලුවන් කමක් තිබුණේ නෑ..:no:
    මනුස්සකම අමතක කරපු මම උඩ රැක් එකේ තිබුණ බෑග් එක ඔඩොක්කුවට අරගෙන ඒක උඩ ඔලුව තියාගෙන ඇස් දෙක වහ ගත්තා..:sorry: කී දෙනෙක් බස් එකට ගොඩ උනාද. කී දෙනෙක් අමාරුවෙන් හිටගෙන ගියාද කියන එක මට අදාළ නෑ කියලා හිතාගෙන මම ඇස් දෙක වග ගත්තා..:sorry:

    නින්ද නොගියත් එකම ඉරියව්වෙන් අම්පාරට එනකන්ම ඇවිත් බස් එකෙන් බහින්න යනකොටයි කකුල් දෙකම හිරි වැටිලා කියලා තේරුණේ..:eek: අපි අම්පාරට ලං වෙනකොටත් අඹගහවැල්ලට යන අන්තිම බස් එක සෙනග පිරෙනකන් නතර කරන් ඉන්නවා.. උදේ 5ට පටන් ගත්තු ගමන අම්පාරට ලං වෙනකොට හවස පහයි හතලිස් පහටත් කිට්ටුයි..:confused: අඹගහවැල්ල බස් එක දකිනකොටම කකුලේ හිරි ගතිය ඇරිලා ගිහින් ඇඟේ හිරිගඬු පිපුණේ ඒ තියෙන්නේ ගමට යන්න තියෙන අන්තිම බස් එක කියලා දැනන් හිටිය නිසාම වෙන්න ඇති.. එලෝ මෙලෝ නැතුව දුවගෙන ගිහින් බස් එකට ගොඩ වෙච්චි අපිට ගමේම අඳුරන කීප දෙනෙක් ලවා සීට් අරන් දුන්නා ලොකු අයියා මැදිහත් වෙලා.. මොකද අම්පාර කියන්නේ ඉතින් අයියලාගෙ වැයික්කියනේ..:Pකොහොමත් අඹගහවැල්ල බස් එකේ බාගෙට බාගයක් එකම ගමේ මිනිස්සු නිසා අලුත් මූණු වලට තිබුණේ අපි හතර දෙනාගේ දූවිලි පිරිලා දුඹුරු පාට වෙච්ච මූණත්තහඩු හතර විතරයි.. :baffled:

    බස් එකේ හිටිය සෑහෙන පිරිසක් ඒ වෙද්දිත් අපි කොළඹ ඉඳලා මළ ගෙදර යන නෑදෑයෝ කියලා දැනන් හිටියා..:love: බිං කලුවරත් එක්ක පරණ ලංගම ලටෙක් බස් එකේ මලාණික ලයිට් එළියෙන් අපි ඔය විදිහට ගමට ආවා.. ජෙනරේටරයක් වෙනුවට ලෑන්ඩ්මාස්ටර් එන්ජිමකින් මොකද්දෝ විකාරයක් කරලා මළ ගෙදරට ලයිට් අරන් තිබුණා.. අඳුරුත් නැති එළියත් නැති අමුතුම ලයිට් එළියක් ගේ ඇතුළේ විහිදිලා තිබුණා.. කොහේදෝ ඉඳලා ඉස්සරහට ආව තාත්තා විස්තර කතා කරන්නත් කලින් මූණ කට හෝදන් එන්න ලෑස්ති කරලා දෙන්න උත්සහ කළේ අපේ මූණවල වල තිබුණ දූවිලි පිරුණු හඩු ගතිය මලානික ලයිට් එලියට වඩා වැඩි නිසා වෙන්න ඇති..:oo:
    මම හැමදාමත් යන්න ආස කරපු ගමන වෙච්ච අම්පාරේ ගමන ලොකු අයියට පිං සිද්ද වෙන්න කුජීතම විදිහට ගියපු එකම වතාව තමයි ඔය..:baffled:
    පාඨක එලකිරි වැසියන්ට සිද්දිය කියවද්දී එපා උනා වගේම දවසක් පුරාවට බස් එකෙන් බස් එකට මාරු වෙවී කට්ට කාපු මට ඒ දවස කොච්චරනම් එපා වෙන්න ඇතිද කියලා තේරෙන්න ඇති..:rofl:


    නිව්සිටි බේකරිය උඩ හොටලේ බෝම්බෙන් බේරුණ හැටි ලියනකන් මතු සම්බන්ධයි..:P


    හිතමිතුරු
    RICH LIFE
     
    Last edited: