



කවුද යකෝ ලේලන්ඩ් එකක සද්දෙ බෙල් 212 හෙලිකොප්ටර් එකක් වගේ කිව්ව එකා......??![]()
![]()



ස්ටෝරියේ කෙල්ලෙක් නැත......
පරිප්පු නැති හෝටලයක් බදුය........
![]()



(මා බස් පිස්සෙක් නොවන බව කරුණාවෙන් සලකන්න)


උඹ නුවර ගියේ මේ බස් එකේමද. මේකේ අයිතිකාරයා අම්පාරේ කෙනෙක්.
නෑදෑයන්ගෙන් අහල බලපන් අම්පාරෙ ඩිලංක බස් කිව්වම ඒ පැත්තේ ඕන කෙනෙක් දන්නවා.
(මා බස් පිස්සෙක් නොවන බව කරුණාවෙන් සලකන්න)
ඉතුරු ටිකක් දාපන් ඉක්මනටම.![]()


අනික ඉස්සරහට හම්බවෙන දහ අට වංගුව මිනිස්සු ගොඩකුත් එක්ක බාගෙට අටවගෙන අවධානමක් එක්ක බස්සන එකත් හොඳ වැඩක් නෙමෙයි කියලා බස් එකේ ආව හැමෝම කතා වෙන්න ගත්තා..ඒ නිසා ඊලඟ බස් එකට සෙනග නග්ගන්න කොන්දොස්තර පොරොන්දු උනා.. හැබැයි ඒ මහනුවර - අම්පාර බස් එකකට.. වෙන බස් වලට මේ බස් එකේ මිනිස්සු නග්ගවන්න බෑ කිව්වා.. ඒක අපිට තව ප්රශ්නයක්.. ආයේ එන බස් එකට අසනීප ගතියෙන් ඉන්න නැන්දා එක්ක ගොඩ වෙන්න පුලුවන් වෙයිද දන්න්නේ නෑ සෙනග නිසා.. ඔය අතරේ කොළඹ - අම්පාර බස් එකක් කඩාගෙන බිඳගෙන අපිව ඉස්සර කරන් ගිහින් එක පාරටම නැවැත්තුවා.. කොන්ඳොස්තර වගේ කෙනෙක් බැහැලා ඇවිත් කිව්වා "මග නගින්න එපා අම්පාරටම යන අය ඉන්නවනම් එන්න හැබැයි සීට්නම් නෑ!" කියල.. යන්න ඔන්න මෙන්න තිබුණ අම්පාර බස් එක ගාවට බෑග් මලු නහයෙන් කටින් උස්සන් ගිහින් අපි ඇහුවා සීට් දෙකක් වත් ගන්නම බැරිද කියලා.. 
අපේ ලඟම ඥාතියෝ වෙච්චි ඒකගේ දෙමව්පියෝ සිහි කරලා තේරුමක් නැති නිසා මම ඔහේ පාර දිහා බලන් හිටියා..





නැන්දට සීට් එකක් අරන් දෙන්න ට්රයි කලත් ඒක හරි ගියේ නෑ.. අක්කට වැඩිය නැන්දා ෆිට් එකේ හිටිය නිසාත් දහ අට බැස්ස ගමන් ඉක්මනින්ම මහියංගනයට ලං වෙන නිසාත් නැන්දා දිගටම හිටගෙන ගියා. ඔය අතරේ අපි දහ අට වංගුවට ලං උනා..





දහ අට වංගුව පාරේ යන්න පට්ට ආසාවෙන් හිටිය මගේ කකුල් දෙක එතනින් එහාට ගත්තු හැම වංගුවකදිම අම්බානක ගැහෙන්න ගත්තා.. 






එච්චර ගාණක් වියදම් කරන් පස් දෙනෙක් එක්ක තනි වෑන් එකක යනවට වැඩිය රෑ වෙන්න හරි බස් එකේම ගමට ගිහින් ඒ ගාණත් මළ ගෙදර වැඩ වලට දෙන්න අපි තීරණය කලා. අනික අපි ඒ වෙද්දිත් කිසිම තේරුමක් නැතුව බස් වලටම බර ගාණක් වියදම් කරලා ඉවරයි..
ලඟ බහින කෙනෙක් කෙසේ වෙතත් බලාගෙන ඉන්නම බැරි උන කෙනෙක් නැගිටලා සීට් එක දෙන හැටි මම බලාගෙන හිටියා.. මාලබේ ඉඳලා නුවරට එනකන් හිටගෙන ආපු, ආයේ මැදමහනුවර ඉඳලා මහියංගනයට වෙනකන් හිටගෙන ආපු, ආයේ අම්පාරේ ඉඳලා අඹගහවැල්ලට කිලෝ මීටර් 25ක් හිටගෙන යන්න බලන් උන්නු මට ඒ වෙද්දී කාටවත් සීට් එක පූජා කරන්න පුලුවන් කමක් තිබුණේ නෑ..
කී දෙනෙක් බස් එකට ගොඩ උනාද. කී දෙනෙක් අමාරුවෙන් හිටගෙන ගියාද කියන එක මට අදාළ නෑ කියලා හිතාගෙන මම ඇස් දෙක වග ගත්තා..
අපි අම්පාරට ලං වෙනකොටත් අඹගහවැල්ලට යන අන්තිම බස් එක සෙනග පිරෙනකන් නතර කරන් ඉන්නවා.. උදේ 5ට පටන් ගත්තු ගමන අම්පාරට ලං වෙනකොට හවස පහයි හතලිස් පහටත් කිට්ටුයි..
අඹගහවැල්ල බස් එක දකිනකොටම කකුලේ හිරි ගතිය ඇරිලා ගිහින් ඇඟේ හිරිගඬු පිපුණේ ඒ තියෙන්නේ ගමට යන්න තියෙන අන්තිම බස් එක කියලා දැනන් හිටිය නිසාම වෙන්න ඇති.. එලෝ මෙලෝ නැතුව දුවගෙන ගිහින් බස් එකට ගොඩ වෙච්චි අපිට ගමේම අඳුරන කීප දෙනෙක් ලවා සීට් අරන් දුන්නා ලොකු අයියා මැදිහත් වෙලා.. මොකද අම්පාර කියන්නේ ඉතින් අයියලාගෙ වැයික්කියනේ..
කොහොමත් අඹගහවැල්ල බස් එකේ බාගෙට බාගයක් එකම ගමේ මිනිස්සු නිසා අලුත් මූණු වලට තිබුණේ අපි හතර දෙනාගේ දූවිලි පිරිලා දුඹුරු පාට වෙච්ච මූණත්තහඩු හතර විතරයි.. 
බිං කලුවරත් එක්ක පරණ ලංගම ලටෙක් බස් එකේ මලාණික ලයිට් එළියෙන් අපි ඔය විදිහට ගමට ආවා.. ජෙනරේටරයක් වෙනුවට ලෑන්ඩ්මාස්ටර් එන්ජිමකින් මොකද්දෝ විකාරයක් කරලා මළ ගෙදරට ලයිට් අරන් තිබුණා.. අඳුරුත් නැති එළියත් නැති අමුතුම ලයිට් එළියක් ගේ ඇතුළේ විහිදිලා තිබුණා.. කොහේදෝ ඉඳලා ඉස්සරහට ආව තාත්තා විස්තර කතා කරන්නත් කලින් මූණ කට හෝදන් එන්න ලෑස්ති කරලා දෙන්න උත්සහ කළේ අපේ මූණවල වල තිබුණ දූවිලි පිරුණු හඩු ගතිය මලානික ලයිට් එලියට වඩා වැඩි නිසා වෙන්න ඇති..


