පිළිගමි මිතුර ඔබ කවි මඩුවට ආවනිතරම තිබුනේ එක එක කිබි පින්තුර...
කෙටුවේ මම කොමෙන්ටුත් ඒ ත්‍රෙඩ් වලට...
මෙය හොද වැඩකි කිරියට වෙනසක් ගෙනෙන...
එන්නම් මමත් පදයක් ගලප යන්න...
ඉඩ හිට කියමි මම කවි පද ගලපාලා....
සමහර වෙලාවට මම බැනුනුත් අහලා...
වැඩකරුවෙක් නොවෙමි කවි පද ගලපාලා...
එනමුත් එවිත් ඉන්නම් හොද හිත පාලා...


ඉස්සර පටන් කවි මඩු විය ..........එළකිරියේ
එනමුත් එකම අඩුවක් වෙයි හැම .......දිනයේ
කවියන්ගෙන් අඩුවක් නැත මේ ........කිරියේ
කවිකාරියක් බෙහෙතටවත් නැහැ ......සිටියේ
ගජමං නෝනලා ඉස්සර කවි ..............කිව්වේ
පිරිමින් උනත් ඒ අය හා නැත .............දිනුවේ
දැන් හැදෙනා කෙල්ලෝ කොහෙද කවි ...කිව්වේ
ටොයිලට් ගිහින් සෙල්ෆිය ඇෆ්.බී. ........දැමුවේ
රිදෙයි





සත්තයි මචන් උබ කිව් කාරණේ අදඉස්සර පටන් කවි මඩු විය ..........එළකිරියේ
එනමුත් එකම අඩුවක් වෙයි හැම .......දිනයේ
කවියන්ගෙන් අඩුවක් නැත මේ ........කිරියේ
කවිකාරියක් බෙහෙතටවත් නැහැ ......සිටියේ
ගජමං නෝනලා ඉස්සර කවි ..............කිව්වේ
පිරිමින් උනත් ඒ අය හා නැත .............දිනුවේ
දැන් හැදෙනා කෙල්ලෝ කොහෙද කවි ...කිව්වේ
ටොයිලට් ගිහින් සෙල්ෆිය ඇෆ්.බී. ........දැමුවේ
රිදෙයි
දුක හිතෙනවා මචන් ඇහුවම නුබෙ කවියලිව්වා මමත් කවි ඉස්සර වැලි පිල්ලේ
දුන්නා ලියපු කවි කෙල්ලට ඉස්කෝලේ
පිස්සා මමය තවමත් ඇත වැළපිල්ලේ
ලිස්සා ගිහිපු ඇය දැන් ඇත සැනසිල්ලේ
![]()
ඇත්තද මචන් කවිකාරියෝ ඉන්නවදඉස්සර මමත් හිතුවේ ඔබ විලසින් මිතුර...
මට වැරදුනා ඉන්නවා කවි කාරියෝ මෙතන..
ඇරයුම් කරමි පැමිණෙන ලෙස සබ මැදට...
අවොත් පිලිගනිමි කවි පද බද ඇයට ....
![]()
දුක හිතෙනවා මචන් ඇහුවම නුබෙ කවිය
හැම කෙල්ලෙක්ම එකවාගේ නැත සවිය
දුක දුරු වෙන්න කියමුකො හිටිවන කවිය
මෙතන තමා දුක දුරුවන සැණකෙලිය
පිටුවක් පෙරලෙන්න වසරක් කල් ගන්න.......
කවි ත්‍රේඩ් තව ගොඩක් තියනව අපි ඉන්න.....
කිවිදුනි කවි ලියන ඔබ මෙහි පැමිනෙන්න......
මේ කවි පිටුව රැක ගන්නට අත දෙන්න........
කට්ට කන්න එන්න කිරියෙ පද ගලපනවා...
හැට්ට මහල අන්දන්නට අපි සැරසෙනවා....
ගැට්ට ලගට අරන් අවිත් බිම පෙරලනවා.....
පට්ට පතුරු පලු යන්නට කවි ලියවනවා.....
එලකිරි කවි මඩුව වෙත ඔබ දෙන සහය
ඔබගේ කවිය මිතුරේ මට හරි රහය
කවි පබදින්න ඔබ ඇවිදින් දෙන සහය
අගයමි මිතුර හිස නමමින් ඔබෙ මෙහෙය






කෙනෙකුට පාඩුවේ ඉන්නට නොදෙන පක්කු
![]()
revenge for banning Yogi Bear
I am not Muslim






