එලකිරි කවිමඩුව

Ashman

Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    තවමත් දුටුවේ නැහැල්ලු මගේ නරක ගති
    නොකියා කියන්නේ ඇති බව එහෙම ගතී
    ඒකෙත් ඉතිං ඇත්තක් නැත්තේම නැති
    කෙල්ලන් ළඟදි කොහොමත් මම මාර ගතී

    ;);)
    ඔබ හරි හොදයි හැම දෙයක්ම බම්ප් කරතී
    එලකිරි කොල්ලො කෙල්ලන් ටික ගොඩ දමතී
    කෙල්ලන් ලගදී කවුරුද නොම වෙන්නේ ගතී
    බ්ලූ ඉන් රියෝ නුබ ලග නෑ නපුරු ගතී
     

    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    ජිවිත ඔරුව පැද උඩුගං බලා යති...
    ඇති කම්කටොලු දුක් විසදන ගමන් අපි...
    මොනදේ තිබුන මුත් සිහියට ගන්න සකි....
    වැදු මව් දෙමව්පියෝ අපි සුරකින්න නීති...

    කලේ ගුණ නොදත් දරුවන් ඉන්න ලෝකේ ....
    මට අද ඇසුනේ හද කම්පා කරනා දේ....
    අසරණ තාත්තෙක් මහා මග දාමා ගියේ....
    බෙහෙත් තුන්ඩුවක් පමනයි ලග තිබුනේ....

    කල හැකි එකම දෙයකිය සිහියට අවේ...
    තුන්දුවේ බහෙත් ටික ම අරගෙන දුන්නේ...
    බසයක් නවත්තා තාත්තා එහි නගවා...
    යැව්වා ගම බලා අත මුදලකුත් තියා...

    හැදුවේ දෙමව්පියෝ අප සිටි පොඩි කාලේ...
    සෙව්වේ බැලුවේ යැව්වේ පාසල් බාලේ...
    කර දඩු උස මහත්වී දරුවන් මේ කාලේ...
    පන්නයි ගසා තම මව්පියවරු පාරේ...

    නැත මින් කියවෙන්නේ සැම දරුවන් ගැනම...
    ඇත දු දරුවෝ රකිනා මව්පියෝ හෝදට....
    මතු බුදු වන්න පෙරුමන් පුරන ඒ සැමට...
    මගේ හද වතින් පතනෙමි ජය අත් වෙන්න...
     

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    එයනම් ඉතා අගනා ඔවදනක් විය
    නමා සිරස පිලිගමි අවවාද දෙන
    ගලපා වදන් පැහැදුනු සුපසන් විලස
    යමු යමු ඉදිරියට කවියේ රස එක්ක

    දැරියක් ඇතිවිටදි කවදත්.......... ලග ලගම
    සවියක් දැනේ සිත්වල අප........ නොම දැනම
    ජවයක් ඇවිත් වාගේ ලැබ......... සම තැනම
    කවියක් වගේ නූලට ඔබ.......... හැම තැනම:)
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    ආයුබෝවන් සුබ දවසක් ඔබ සැමට...
    ගුඩ් මොනින්ග් ඇවිත් නොකොට යන ඔබට...
    පට්ටම පට පටය මෙය පට්ටම ජොලිය....
    අවොත් නොකොට යන්නට නම් මට බැරිය.
    :shocked::shocked:;):eek::eek:
    දාන දාන බම්ප් වලට තුති වේවා...
    ඔබේ කවි හැකියාව ඇත ඔබ තුල සැගවිල...
    ඔබ පබදින්න කවියක් පද ගලපාලා....
    දිරි දෙනු පිණිස ඇත මෙහි සැම සෙට් විලා...
    උදයෙම ඇවිත් කවි කී අපේ ගාලු පුතා
    කොහේ ගියාද තාමත් නෑ අපේ පුතා
    කවි පද බදින්නේ හොද හැටි සිතා මතා
    ආවොත් ලියනු මැන කවියක් සොදුරු ඉතා
     

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    ජිවිත ඔරුව පැද උඩුගං බලා යති...
    ඇති කම්කටොලු දුක් විසදන ගමන් අපි...
    මොනදේ තිබුන මුත් සිහියට ගන්න සකි....
    වැදු මව් දෙමව්පියෝ අපි සුරකින්න නීති...

    කලේ ගුණ නොදත් දරුවන් ඉන්න ලෝකේ ....
    මට අද ඇසුනේ හද කම්පා කරනා දේ....
    අසරණ තාත්තෙක් මහා මග දාමා ගියේ....
    බෙහෙත් තුන්ඩුවක් පමනයි ලග තිබුනේ....

    කල හැකි එකම දෙයකිය සිහියට අවේ...
    තුන්දුවේ බහෙත් ටික ම අරගෙන දුන්නේ...
    බසයක් නවත්තා තාත්තා එහි නගවා...
    යැව්වා ගම බලා අත මුදලකුත් තියා...

    හැදුවේ දෙමව්පියෝ අප සිටි පොඩි කාලේ...
    සෙව්වේ බැලුවේ යැව්වේ පාසල් බාලේ...
    කර දඩු උස මහත්වී දරුවන් මේ කාලේ...
    පන්නයි ගසා තම මව්පියවරු පාරේ...

    නැත මින් කියවෙන්නේ සැම දරුවන් ගැනම...
    ඇත දු දරුවෝ රකිනා මව්පියෝ හෝදට....
    මතු බුදු වන්න පෙරුමන් පුරන ඒ සැමට...
    මගේ හද වතින් පතනෙමි ජය අත් වෙන්න...


    පට්ට අදහස මචන්
    :)
     

    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    තවමත් දුටුවේ නැහැල්ලු මගේ නරක ගති
    නොකියා කියන්නේ ඇති බව එහෙම ගතී
    ඒකෙත් ඉතිං ඇත්තක් නැත්තේම නැති
    කෙල්ලන් ළඟදි කොහොමත් මම මාර ගතී

    ;);)
    නොකියා කියන්නම් සබදේ පද ගලපා
    කෙල්ලන් ලදී අපි කව්රුත් අයි සප්පා...
    උබ ගැන වැරද්දක් නැත හද කරනා කම්පා....
    වැදු මව් දෙමව්පියෝ ආඩම්බර වෙයි සැමදා....
     

    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    උදයෙම ඇවිත් කවි කී අපේ ගාලු පුතා
    කොහේ ගියාද තාමත් නෑ අපේ පුතා
    කවි පද බදින්නේ හොද හැටි සිතා මතා
    ආවොත් ලියනු මැන කවියක් සොදුරු ඉතා
    උදයේම ගියා මම අවමගුලකට සහෝ...
    යුතුකම් තියනවනේ කලයුතු රටට සහෝ...
    එනමුත් සිහි වෙන්නේ මට කවි මඩුව සහෝ...
    එකයි ආ විගස මෙහි පැමිණියේ සහෝ....

    වැඩ ටික ඉවර වී එන විට රැ වෙනවා...
    අපු ගමන් මල ගෙදරට ගොඩ වෙනවා...
    පැය දෙක තුනක් තව එහි මා නැවතෙනවා....
    නින්දට කලින් කවියක් කොටලා යනවා....

    ගේදොර වැඩ අස්සේ කවි ගොතනා සැමට....
    යුතුකන් කරන රැකි රක්ෂා කරනා සැමට....
    මෙහි පැමිණෙනා කවිරස විදිනා ඔබට....
    බුදු දම් සඝ සරණ පතනමි මම සැමට...

    යන්නම් මිතුර සමුගෙන මම මොහොතකට...
    එන්නම් ගොසින් අහවර වී මගේ වැඩ....
    අද ඔබ කරන සැම කටයුතු සුබ වේන්න....
    තබනා පියවරෙන් පියවර දිරි ගන්න...
     
    • Like
    Reactions: GuneBhai

    Manik_DD

    Member
    Nov 28, 2014
    88
    17
    0
    Home Sweet Home
    වැඩ අහවරයි ආවා කවි මඩුව වෙත
    හිතුවේ දුර ගිහින් ඇති මා අමතකව
    කෝ මේ කවියො ටික කොහිදැයි සොයන්නට
    කිරියේ නැත්ද මහතුන් පොලිසියෙ ඉන්න

    ස්තූතියි සැමට මා වෙත සෙත් පැතුව
    ඔබලා නිසයි එන්නේ කවි පබඳින්න
    බ්ලූ ඉන් රියෝ මට නැහැ පිළිතුරැ දෙන්න
    ඔබෙ ගුණ වයා ඇත කවුරැත් හදවතින
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,197
    31,929
    113
    කලකිරෙනවා අප්පා මේ ජීවිතය...
    දැන් ඉවසන්න බැහැ අම්මෝ බදු බරය...
    උන් කෙලිනවා දාගෙන තේ පැන් රසට...
    ලේ බඩ පල තොපිට කන බොන ඒවාට...


    large_vlcsnap-2015-11-20-19h34m23s683.jpg
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,197
    31,929
    113
    වැඩ අහවරයි ආවා කවි මඩුව වෙත
    හිතුවේ දුර ගිහින් ඇති මා අමතකව
    කෝ මේ කවියො ටික කොහිදැයි සොයන්නට
    කිරියේ නැත්ද මහතුන් පොලිසියෙ ඉන්න

    ස්තූතියි සැමට මා වෙත සෙත් පැතුව
    ඔබලා නිසයි එන්නේ කවි පබඳින්න
    බ්ලූ ඉන් රියෝ මට නැහැ පිළිතුරැ දෙන්න
    ඔබෙ ගුණ වයා ඇත කවුරැත් හදවතින

    මහතුන් ඉන්නෙ කොහෙද මෙලක පොලීසියේ...
    දුටු තැන ගහනවා උන් දඩ ගැටිස්සියේ...
    මෙහෙව් වෙන රටක් නැත ලොව පොලීසියේ...
    වැස්සක් නැතිව ගහපං හෙන පොලීසියේ... :frown:
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,197
    31,929
    113
    ණයට ගන්න රුපියල් පන්දාහක් නැද්ද?...
    ඇන්න නේද රවියා ලයිෂන් එකට...
    ගෙවපන් දැන් මේ බදු ණය වී පිටට...
    බීපන් අපේ ලේ ටික සැප විඳින්නට...
    :frown:
     

    Manik_DD

    Member
    Nov 28, 2014
    88
    17
    0
    Home Sweet Home
    මහතුන් ඉන්නෙ කොහෙද මෙලක පොලීසියේ...
    දුටු තැන ගහනවා උන් දඩ ගැටිස්සියේ...
    මෙහෙව් වෙන රටක් නැත ලොව පොලීසියේ...
    වැස්සක් නැතිව ගහපං හෙන පොලීසියේ... :frown:

    ඒ නම් හැබැයි දුටුවොත් ඇත්තෙම නරකයි
    ඉඳහිට හොඳ අයත් ඇති බව කිව යුතුමයි
    අසරණයාට ගොරවයි මුදලට වැඳුමයි
    කවදා හැදෙයි දෝ කියලා මටත් සැකයි
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    සට කපට එලවා හිට්ලර් ජනේරු අටේ
    ගෙනාවයි යහපාලනය සෙට් වෙලා අපිත් හොඳේ
    අවුරුද්දක් වෙන කලට තව පොඩ්ඩෙන් අපිට හොඳේ
    කෙලවෙනවා වාහන මිල වැඩි පුතේ
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,197
    31,929
    113
    ඇන්නා ටොක්ක හිල්වෙන්නට බදු එක්ක...
    ඇම්ඩා වගේ ඉන්නා කැබිනට් උසට...
    ගංජා නොගහ කොහොමද මේ වැඩ වලට...
    ගෙවපන් පුතේ වාහන බදු අපෙ පවට...
    :frown:
     
    • Like
    Reactions: Ashman

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    ටික ටික ඇවිත් කවිමඩුවේ ඉදගත්තා
    කවියනි කිවිදියනි ඔබ ලියු කවි දැක්කා
    බදු බර වැඩියි ඒ බව මම පිලිගත්තා
    මගේ කාරෙකේ මිල තව තව උඩ නැග්ගා
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    පොලිසියේ කෙනෙක් ඉන්නව නම බුදු සරණ
    අකුරට වැඩ කරයි කාටත් නෑ සහන
    ඔහු දඩ ගසයි ඔහු ලග නෑ පිලිසරණ
    යන විට කියයි ඔබ හට වෙයි බුදු සරණ
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    වැඩ අහවරයි ආවා කවි මඩුව වෙත
    හිතුවේ දුර ගිහින් ඇති මා අමතකව
    කෝ මේ කවියො ටික කොහිදැයි සොයන්නට
    කිරියේ නැත්ද මහතුන් පොලිසියෙ ඉන්න

    ස්තූතියි සැමට මා වෙත සෙත් පැතුව
    ඔබලා නිසයි එන්නේ කවි පබඳින්න
    බ්ලූ ඉන් රියෝ මට නැහැ පිළිතුරැ දෙන්න
    ඔබෙ ගුණ වයා ඇත කවුරැත් හදවතින

    ඔබ කියු විලසින්ම මින් පෙර මැණික් නගේ
    කවි කාරයෝ කෝ දැන් උන් කොහෙද ගියේ
    ආසයි දැකගන්න අපෙ කවියන්ගෙ රගේ
    කවියනි එන්න පියබා කවි මඩුව දිගේ....
     

    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    කොල්ලනි හොදැහැටී මෙය අහ ..........................ගන්න.
    සුන්දර දේ පමණක් කවියෙන් අග .........................යන්න.
    වස් කවි උනත් හැකි මට තොල මතු.......................රන්න.
    මව් කිරී කට ගෑ එකෙකු නම් වාදෙට ......................එන්න.
     
    • Like
    Reactions: Ashman