එලකිරි කවිමඩුව

prathapa89

Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    වට පිට විහග ගී ඇසෙනා හිමිදිරියේ....
    කුකුලා අතින් ගෙන මම මඩුවට අවේ...
    කවි කාරයෝ ඇත තාමත් තද නින්දේ...
    මා පමණයි නැත කිවිදියෝ කවි මඩුවේ....
     

    Manik_DD

    Member
    Nov 28, 2014
    88
    17
    0
    Home Sweet Home
    ඉස්සර පටන් කවි මඩු විය ..........එළකිරියේ
    එනමුත් එකම අඩුවක් වෙයි හැම .......දිනයේ
    කවියන්ගෙන් අඩුවක් නැත මේ ........කිරියේ
    කවිකාරියක් බෙහෙතටවත් නැහැ ......සිටියේ

    ගජමං නෝනලා ඉස්සර කවි ..............කිව්වේ
    පිරිමින් උනත් ඒ අය හා නැත .............දිනුවේ
    දැන් හැදෙනා කෙල්ලෝ කොහෙද කවි ...කිව්වේ
    ටොයිලට් ගිහින් සෙල්ෆිය ඇෆ්.බී. ........දැමුවේ :(:(

    රිදෙයි


    කිරියට නොපැමිණී මං ටික දිනක් වුනා
    ආවේ තතු බලා යන්නට අදත් මෙමා
    දුටුව ගමන් කවි නූලක් දිව ආවා
    අයියෝ බ්ලූ රියෝ හිත මගෙ වදනට රිදුනා

    නූලෙන් නූල බලනෙමි මම කවි මඩුවේ
    කිවිඳුන් එමට පබඳියි එහි කවි රසයේ
    මතකය ඔබේ දුවවා එහි පිටු අතරේ
    විමසා බලන් කෙතරම් සභ්‍යද වචනේ

    කවි පබඳිනා කෙල්ලන් ඇත එළකිරියේ
    විලිබිය ඇතිය ඒ හා සමගම උන්ගේ
    ආසයි බයයි ලියනට කවි මේ පිටුවේ
    රිදවා නොවෙයි අතදී පිළිගනු මිතුරේ :love::love:

     

    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    කිරියට නොපැමිණී මං ටික දිනක් වුනා
    ආවේ තතු බලා යන්නට අදත් මෙමා
    දුටුව ගමන් කවි නූලක් දිව ආවා
    අයියෝ බ්ලූ රියෝ හිත මගෙ වදනට රිදුනා

    නූලෙන් නූල බලනෙමි මම කවි මඩුවේ
    කිවිඳුන් එමට පබඳියි එහි කවි රසයේ
    මතකය ඔබේ දුවවා එහි පිටු අතරේ
    විමසා බලන් කෙතරම් සභ්‍යද වචනේ

    කවි පබඳිනා කෙල්ලන් ඇත එළකිරියේ
    විලිබිය ඇතිය ඒ හා සමගම උන්ගේ
    ආසයි බයයි ලියනට කවි මේ පිටුවේ
    රිදවා නොවෙයි අතදී පිළිගනු මිතුරේ :love::love:

    මම හිතුව රියෝ කි දේ හරිය කියා ...
    හිතුවා නැතැයි කවි කාරියෝ කිරිය පුරා..
    ඇත කවි කාරියක් මඩුවට ගොඩ විලා...
    පිලිගමි නැගණි අසුනක් පෙන්වමින් මෙමා...;)
     

    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    මා ඇත අසා පොඩි සන්දියේ කතාවක..
    දර මිටියක් ගැට ගසා නයෙක්ව යොදා ගෙන....
    තපස තෙමේ දුන් ඔවදන සිහි වෙයි මෙමට....
    පුප්පාපන් පෙනේ ඕනා තැනදී උබ...
    :eek::eek:
     

    Manik_DD

    Member
    Nov 28, 2014
    88
    17
    0
    Home Sweet Home
    මම හිතුව රියෝ කි දේ හරිය කියා ...
    හිතුවා නැතැයි කවි කාරියෝ කිරිය පුරා..
    ඇත කවි කාරියක් මඩුවට ගොඩ විලා...
    පිලිගමි නැගණි අසුනක් පෙන්වමින් මෙමා...;)

    දිගුකර දෑත ඉඳගන්නට දී අසුනක්
    පිළිගත් සොයුර ස්තූතියි දහස් වරක්
    පබඳිමු දිගට රස පදවැල් එකට යමින්
    එයි තව කවි කාරියන් පිළිගමු ආයුබොවන්
    :)
     
    Last edited:

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    උදයම ඇවිත් කවි මඩුවට කවි...........ලියලා
    ඔබ පෑ සෙනේ කෙලෙසද අමතක.....කරලා
    කිවිදුනි ඔබ ලියූ කවි පද................කියවාලා
    ඇවිදින් ඉදගනිමි කවි අඩුවේ........මෙලෙසා

    මිතුරන් හොදයි හැමදා යහගුණ......ඇත්නම්
    ජය මග ලගයි උන් කවුරුත් ලග.....ඇත්නම්
    විපත ලගදි හැරදා සැපතෙදි............ඇත්නම්
    මිතුදම් කුමට මිතුරේ හොද හිත......නැත්නම්

    එලකිරි මිතුරු කැල කවිමඩුවේ...............ඉන්න
    එලකිරි කොල්ලන්ය එලකිරියේ.............ඉන්න
    එලකිරි නමට ගැලපෙන කොල්ලන්....ගොන්න
    දෙවියෝ රැකගන්න එලකිරි..........කොල්ලන්ව

     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala

    ashman මචන් උබෙ වචනෙට හරි ජොලිය...
    අම්මප හිතෙනවද යන්නට තව නොලිය........
    එක පිට එක දාන්නට හිතෙනව වගෙ පොලිය..
    අරගෙන වරෙන් දෙමි පුරවල උබෙ ට්‍රොලිය....;)

    තැන්කියු මචන් ස්තූතියි උබට...........ගොඩක්
    මොනව උනත් උබනම් හරි ජොලිම..පොරක්
    දුන්නත් නුදුන්නත් උබ මට කිසිම......දෙයක්
    උබේ කවි කියවීම මටනම් ජොලිම.....වැඩක්
     

    blue_in_rio

    Well-known member

  • කවි පබඳිනා කෙල්ලන් ඇත එළකිරියේ
    විලිබිය ඇතිය ඒ හා සමගම උන්ගේ
    ආසයි බයයි ලියනට කවි මේ පිටුවේ
    රිදවා නොවෙයි අතදී පිළිගනු මිතුරේ :love::love:


    අම්මපා ඇත්තමයි මින් පෙර මම කීවේ
    කෙල්ලන් කිරියේ කවි කියනවා නැහැ දුටුවේ
    "රිදෙයි" කියා කවියෙන් ඒ ලෙස කීවේ
    කවි කියන්ට බැරි අයටයි, ඔබට නොවේ

    ආවත් මෙලෙස ඔබ කවි මඩුවට නංගී
    මා සිත තිබේ බලවත් සැකයක් සැංගී
    මෙච්චර කලක් සිටියේ ඇයි ඔබ සැංගී
    තරහා නැතුව සැක දුරලනු මගේ නංගී

    කවි පදවලින් නම් ඒ හැටි දොසක් නැතී
    පිළිගමි ඔබව මල් මාලා පැළඳ නිතී
    කෙල්ලන් විලස රඟනා කොල්ලන්ද ඇතී
    කෙල්ලෙක්මදැයි සැකහැර දැනගනු කැමතී

    :baffled::baffled:
     

    Manik_DD

    Member
    Nov 28, 2014
    88
    17
    0
    Home Sweet Home
    අම්මපා ඇත්තමයි මින් පෙර මම කීවේ
    කෙල්ලන් කිරියේ කවි කියනවා නැහැ දුටුවේ
    "රිදෙයි" කියා කවියෙන් ඒ ලෙස කීවේ
    කවි කියන්ට බැරි අයටයි, ඔබට නොවේ

    ආවත් මෙලෙස ඔබ කවි මඩුවට නංගී
    මා සිත තිබේ බලවත් සැකයක් සැංගී
    මෙච්චර කලක් සිටියේ ඇයි ඔබ සැංගී
    තරහා නැතුව සැක දුරලනු මගේ නංගී

    කවි පදවලින් නම් ඒ හැටි දොසක් නැතී
    පිළිගමි ඔබව මල් මාලා පැළඳ නිතී
    කෙල්ලන් විලස රඟනා කොල්ලන්ද ඇතී
    කෙල්ලෙක්මදැයි සැකහැර දැනගනු කැමතී

    :baffled::baffled:

    දුටුවිට කවිය රජයන නූලක් කිරියේ
    හනි හනිකටම දුවවිත් කවි රස බැලුවේ
    විසිරෙන දසත නොසරැප් වදනින් සිත්සේ
    බැරිවිනි ඉඳගන්න මට ඒ කවි මඩුවේ

    නුඹගේ පැනය නැහැ මට අරැමයක් වෙලා
    ආදින පටන් කවුරැත් විමසයි එලෙසා
    නොදනී කෙලෙස වටහා දෙමි මෙය කියලා
    මා කුමකට පවසම්ද බේගල් නුඹට ගොතා

    කෙල්ලන් විලස රඟනා කොල්ලන් කිරියේ
    හොඳහැටි අහගනියි එළිවුනු විට චරිතේ
    මා ගැන දන්න අය ඇත මේ එළකිරියේ
    ඔබටත් දිනෙක වැටහෙයි එය මගෙ මිතුරේ
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    උදේ පාන්දර ලේ රත් කර පකයා
    මම බනිනවා උබ හට කවියක් ගොතල...
    ඉන්නට නොහැකි නම් අනුන්ට හොට නොදම...
    උබේ මව් බිසෝ එවපන් දෙන්නම් කියලා...

    උබ යන තැනට උබ තව තව එකතු කල...
    මගේ බුදු රදුන්ටත් එකලදී අපආස කළා
    මගේ සම්බුදු පියා නොසැලී පෙරට ගියා...
    අපි උන්වස්හන්සේ පසු පස සරණ ගියා...

    වැදගත් දෙයක් කරන විට කිරිය තුල,,,
    උබ වගේ හාල් පාරුවෝ ඇත මැදින් එන...
    අපි නවතින්නේ නෑ තොපේ ගොන් අතල් වලට....
    මේ කවි මඩුව උඩ තියනවා තනියෙන් හෝ මම...

    මෙතනට ඇවිත් කවි ගොතල යන මල්ලී...
    ඇවිත් බල නොකොට යන එන මල්ලී...
    ත්‍රෙඩ් එක චාටර් කරන්නට හිතනා මල්ලී...
    පින් අයිති වෙයි නෑවිත් හිටපන් මල්ලී...

    මෙතනට ඇවිත් කවි ගොතල යන මල්ලී...
    ඇවිත් බල නොකොට යන එන මල්ලී...
    බම්පියකින් සහයෝගය දෙන මල්ලී....
    උබලට නෙවෙයි උඩ ටික කිවේ මම මල්ලි....


    මචන් ඔය යෝගි බියර් කියන එකාට වස් කවියි කියන්න ඕනේ. :yes::yes:
    යෝගිබියර් කියනා මේ අමන යකා
    කිරියට ඇවිත් පහරා යන මෝඩ එකා
    ඔළුවක් නැතිව වැඩ කරනා පිස්සු යකා
    වස් කවි කියමි දැනගන් තොගේ දෙක වනසා


     
    Last edited:

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    කිටි කිටියේ තිබුන සිතුවිලි කුරුල්ලා....
    හිටිහැටියේ යදම් බිදගෙන ඇවිල්ලා.....
    පැටිකිරියේ අහපු කවියෝ සියල්ලා.....
    කිරිකිරියේ ගෙතුව, කවි පද වරෙල්ලා..

    සද එලියේ විදපු රස තැන් මැවීලා......
    පැණි වදයේ රැදුන පැණි බිම හැලීලා...
    සුහදිනියේ නුඹගෙ සුව යලි දැනීලා....
    හිමිදිරියේ ගොතමි කවිපද ගයාලා......
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    දුටුවිට කවිය රජයන නූලක් කිරියේ
    හනි හනිකටම දුවවිත් කවි රස බැලුවේ
    විසිරෙන දසත නොසරැප් වදනින් සිත්සේ
    බැරිවිනි ඉඳගන්න මට ඒ කවි මඩුවේ

    නුඹගේ පැනය නැහැ මට අරැමයක් වෙලා
    ආදින පටන් කවුරැත් විමසයි එලෙසා
    නොදනී කෙලෙස වටහා දෙමි මෙය කියලා
    මා කුමකට පවසම්ද බේගල් නුඹට ගොතා

    කෙල්ලන් විලස රඟනා කොල්ලන් කිරියේ
    හොඳහැටි අහගනියි එළිවුනු විට චරිතේ
    මා ගැන දන්න අය ඇත මේ එළකිරියේ
    ඔබටත් දිනෙක වැටහෙයි එය මගෙ මිතුරේ

    නංගියේ මැණික් අද ඉන්නා කවි මඩුවේ
    පුදුමයි දුටුව විට ඔබෙ කවි එලකිරියේ
    ගජමන් නෝනලා දස්කම් පෑ කවියේ
    සතුටුයි දැකගන්න තව තව කවි කිරියේ
     

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    අමතක කර දමමු කොල්ලන් නැහැදිච්ච
    වාගේ ඔවුන්ගේ සිත් මල් පරවෙච්ච
    උත්තර බදිනෙපා උන් හට කුනුවෙච්ච
    රැකගමු අපි නූල කවියන් පැහැදිච්ච
     

    Manik_DD

    Member
    Nov 28, 2014
    88
    17
    0
    Home Sweet Home
    නංගියේ මැණික් අද ඉන්නා කවි මඩුවේ
    පුදුමයි දුටුව විට ඔබෙ කවි එලකිරියේ
    ගජමන් නෝනලා දස්කම් පෑ කවියේ
    සතුටුයි දැකගන්න තව තව කවි කිරියේ

    ආසයි දුටුව විට මේ පිළිගැනුම මට
    සොයුරන් විලස යමු එක්වී ඉදිරියට
    වරදක් ඇතොත් පහදා දෙනු මැනවි මට
    කවියේ ළදරැ විය තවමත් ගෙවමි මම
     

    Manik_DD

    Member
    Nov 28, 2014
    88
    17
    0
    Home Sweet Home
    අමතක කර දමමු කොල්ලන් නැහැදිච්ච
    වාගේ ඔවුන්ගේ සිත් මල් පරවෙච්ච
    උත්තර බදිනෙපා උන් හට කුනුවෙච්ච
    රැකගමු අපි නූල කවියන් පැහැදිච්ච

    එයනම් ඉතා අගනා ඔවදනක් විය
    නමා සිරස පිලිගමි අවවාද දෙන
    ගලපා වදන් පැහැදුනු සුපසන් විලස
    යමු යමු ඉදිරියට කවියේ රස එක්ක
     

    blue_in_rio

    Well-known member
  • දුටුවිට කවිය රජයන නූලක් කිරියේ
    හනි හනිකටම දුවවිත් කවි රස බැලුවේ
    විසිරෙන දසත නොසරැප් වදනින් සිත්සේ
    බැරිවිනි ඉඳගන්න මට ඒ කවි මඩුවේ

    නුඹගේ පැනය නැහැ මට අරැමයක් වෙලා
    ආදින පටන් කවුරැත් විමසයි එලෙසා
    නොදනී කෙලෙස වටහා දෙමි මෙය කියලා
    මා කුමකට පවසම්ද බේගල් නුඹට ගොතා

    කෙල්ලන් විලස රඟනා කොල්ලන් කිරියේ
    හොඳහැටි අහගනියි එළිවුනු විට චරිතේ
    මා ගැන දන්න අය ඇත මේ එළකිරියේ
    ඔබටත් දිනෙක වැටහෙයි එය මගෙ මිතුරේ

    එය නම් ඇත්තමයි නංගියේ ඔබ කීයේ
    මමත් කලක් ඒ කවි මඩුවෙහි සිටියේ
    හැකි හැම විටදිමත් කවි එක දෙක ගෙතුයේ
    රස කවි කාරයන් රැසකිය එහි සිටියේ

    දවසකි දෙකකි ගොඩවන්නට නොහැකි උනේ
    යලි එන විටදි කවි නම් නැහැ එහි තිබුනේ
    හරයක් නොමැති නොසරුප් වැකි පිරුණු තැනේ
    තව මොන කවිද, මම නොගිහින් නතර උනේ

    මාගේ සැකය සාධාරණ බව පෙන්නා
    කවිමඩුවලට නොපැමිණි හේතුව පෙන්නා
    දුන් පිළිතුරෙන් ඔබ කවුදැයි ඔප්පු උනා
    දැන් නැහැ සැකක් කෙල්ලෙක් බව මැනික් නගා

    සතුටුයි අඳුනගත් එක මේ කවි කාරී
    ආසයි තවත් දැනගන්නට ඔබේ කාරී
    මම නම් දැනට කරනවා යම් රාජකාරී
    වැඩ කරනා ගමන්මයි එන්නෙත් එළකිරි

    :):)
     

    Manik_DD

    Member
    Nov 28, 2014
    88
    17
    0
    Home Sweet Home
    එය නම් ඇත්තමයි නංගියේ ඔබ කීයේ
    මමත් කලක් ඒ කවි මඩුවෙහි සිටියේ
    හැකි හැම විටදිමත් කවි එක දෙක ගෙතුයේ
    රස කවි කාරයන් රැසකිය එහි සිටියේ

    දවසකි දෙකකි ගොඩවන්නට නොහැකි උනේ
    යලි එන විටදි කවි නම් නැහැ එහි තිබුනේ
    හරයක් නොමැති නොසරුප් වැකි පිරුණු තැනේ
    තව මොන කවිද, මම නොගිහින් නතර උනේ

    මාගේ සැකය සාධාරණ බව පෙන්නා
    කවිමඩුවලට නොපැමිණි හේතුව පෙන්නා
    දුන් පිළිතුරෙන් ඔබ කවුදැයි ඔප්පු උනා
    දැන් නැහැ සැකක් කෙල්ලෙක් බව මැනික් නගා

    සතුටුයි අඳුනගත් එක මේ කවි කාරී
    ආසයි තවත් දැනගන්නට ඔබේ කාරී
    මම නම් දැනට කරනවා යම් රාජකාරී
    වැඩ කරනා ගමන්මයි එන්නෙත් එළකිරි

    :):)

    බ්ලූ ඉන් රියෝ සොහොයුර ඔබ ගැන දනිමී
    එබැවින් නුඹට පළිතුරැ කවි පබැඳුවෙමී
    කිරියට ගොඩවැදී මා දැන් ටික කලකී
    තාමත් නැත දුටුවෙ නුඹගේ නරක ගතී

    සතුටුයි මටත් සතුටුයි හඳුනා ගැනුම
    එක්වී කියමු දිගටම කවි එක ලෙසට
    දැන් දැන් මටත් ඇත ගොඩවී වැඩ කන්ද
    අහවර වී පැමිණ ගොඩගමු කවි මඩුව
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    ආසයි දුටුව විට මේ පිළිගැනුම මට
    සොයුරන් විලස යමු එක්වී ඉදිරියට
    වරදක් ඇතොත් පහදා දෙනු මැනවි මට
    කවියේ ළදරැ විය තවමත් ගෙවමි මම

    සොයුරන් විලස යමු එක්වී ඉදිරියට
    ඔබේ කවි පදය මී පැණි විය මගේ කනට
    ඉදුරා කියමි අපි එක්වී යමු පෙරට
    නංගියේ ඉතිං තෙරුවන් සරණයි නුබට

     

    blue_in_rio

    Well-known member
  • බ්ලූ ඉන් රියෝ සොහොයුර ඔබ ගැන දනිමී
    එබැවින් නුඹට පළිතුරැ කවි පබැඳුවෙමී
    කිරියට ගොඩවැදී මා දැන් ටික කලකී
    තාමත් නැත දුටුවෙ නුඹගේ නරක ගතී

    සතුටුයි මටත් සතුටුයි හඳුනා ගැනුම
    එක්වී කියමු දිගටම කවි එක ලෙසට
    දැන් දැන් මටත් ඇත ගොඩවී වැඩ කන්ද
    අහවර වී පැමිණ ගොඩගමු කවි මඩුව

    තවමත් දුටුවේ නැහැල්ලු මගේ නරක ගති
    නොකියා කියන්නේ ඇති බව එහෙම ගතී
    ඒකෙත් ඉතිං ඇත්තක් නැත්තේම නැති
    කෙල්ලන් ළඟදි කොහොමත් මම මාර ගතී

    ;);)
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    අමතක කර දමමු කොල්ලන් නැහැදිච්ච
    වාගේ ඔවුන්ගේ සිත් මල් පරවෙච්ච
    උත්තර බදිනෙපා උන් හට කුනුවෙච්ච
    රැකගමු අපි නූල කවියන් පැහැදිච්ච

    පිළිගමි මිතුර ඔබේ ඔවදන හිස් මුදුනින්
    ඔබෙ කවි දුරු කරයි කෝපය කෙමෙන් කෙමෙන්
    නොවැටී අපත් ඔහු ඉන්නා වලට ඉතින්
    කවි පද බදිමු කවි මඩුවට සිත සතොසින්