ආයුබෝවන් සුබ දවසක් ඔබ සැමට...
උදැසනම මම ආවේ ගෙදර සිට...
අදීවේගේ රථයක මම එන කලට....
සිදු වුන අකරතැබ්බකි ආ රථය මග...
තැන වැලිපැන්න හුවමාරුව පෙන දුර...
නැවතුණි බස් රථය යාමට නොහැකි තැන...
රියදුරු මහතා බැස බස් රථයෙන් බිමට..
රෝදයේ හිලක් බව පැවසුවා සැමට.....
ගතවිය මෙයට අඩ හෝරාවක් පමණ...
සැදුවා බස් රථය යාමට හැකි ලෙසට....
ඇගයිය යුතු දෙයක් ඇත මම අද දුටුව...
පවසමි ඔබට මෙලෙසින් දැන ගනු පිණිස....
කොල්ලෙක් තරුණ, ඔහු ලග නැත පොෂ් පෙනුම...
එනමුත් හිටියේ ඔහු ඇද හරි පිළිවෙලට...
බැස බස් රියෙන් රියදුරු හට දී සහය...
ඉක්මන් කරා අප යෑමට මහරගම....
ඔහු අත මජන් එනමුත් නැහැ ඔහු සැලුනේ...
කලයුතු දේ නිසි කලට කරනට ඔහු බැදුනේ...
හැදු මව් දෙමව්පියෝ ආඩම්බර වෙන්නේ...
නැත සොහොයුරා නුබට කිසිදා වරදින්නේ...
යන එන මගින් රකිනා රියදුරු දෑත...
එහෙ මෙහෙ දුවන කොන්දොස්තර සහයකට...
යන වැඩ පසෙකලා බස් රිය සැදීමට....
ඇත දුන් සැමට පතනෙමි මම බුදුසරණ....