බසයෙන් බැහැපු ඈ වට පිට බලන්නේ
අපේ ගමේ මොනවද ඈ කරන්නේ
සුළගට වැනෙන කෙස් ගෙන කනෙ රුවමින්නේ
පංසල දෙසට නොවැ ඈ මේ ඇදෙන්නේ
උඹ ලඟ නමනව වැඩියි මල්ලි.
sure එකටම කෙල්ල යනව ඇත්තෙ wedding එකට හාමුදුරුවන්ට කියල photo වලට පන්සලේ location set කරගන්න වෙන්න ඇති.
බසයෙන් බැහැපු ඈ වට පිට බලන්නේ
අපේ ගමේ මොනවද ඈ කරන්නේ
සුළගට වැනෙන කෙස් ගෙන කනෙ රුවමින්නේ
පංසල දෙසට නොවැ ඈ මේ ඇදෙන්නේ
උඹ ලඟ නමනව වැඩියි මල්ලි.
sure එකටම කෙල්ල යනව ඇත්තෙ wedding එකට හාමුදුරුවන්ට කියල photo වලට පන්සලේ location set කරගන්න වෙන්න ඇති.





ආවට එලකිරියෙ, නාවට මේ පැත්තේ
ලාවට කවි කෑලි, ලීවට ඒ මැද්දේ
නෑමට ඉඩ පාඩු, පෑමට කවි සද්දේ
බෑමට මගෙ පාඩු, යෑමට නොදැකූ සේ...........![]()
අම්මෝ සුමුදු අයියේ කලකිනි දැක්කේ
නෑ කවි මඩුවේ කවියක් ලගකදි දැක්කේ
මුල සිට හිටි එවුන් දැන් නෑ මේ පැත්තේ
ඔබමයි නිතර කවි බැද මඩුවත් රැක්කේ

එනවා ඇවිත් යනවා...... එල කිරි පැත්තේ
මොනවා උනත් රැදුනා.... හිත කවි අස්සේ
හිතුවේ නැතත් හිතුනා..... දුක මට තිස්සේ
කවියෝ යලිත් එනවා..... අද,හෙට සිත්සේ.......![]()

කවියෝ යලිත් එනවා..... අද,හෙට සිත්සේ.......
එල....
ඉන්නවා හුත්තො අපි තාමත් පන පිටින්
නැතිවට පෙර සේ අපි මේවාය ඔන්ලයින්
ඉද හිට කියනවා කවි පාලුව නැති කරන්
කියපං සුමුදුවෝ කවියක් කට පුක තද කරන්
පෙරදා කවියො වැලි කැට සේ.... මෙහි සිටියෝ.
හැරදා නොගියො රළපෙළ සේ.... නැගි සිටියෝ
පැතුවා සකියො යලි එන සේ ......එහි වැසියෝ
නැතිදා දෙවියො රැකදෙන සේ.... අපෙ කවියෝ....
නැත බොහො උන්ට හුස්මටවත් වෙලාවක්
එහෙවු උන්ට තිබේද කවි කලාවක්
බිසී කියා හැම වී ඇත මුලාවක්
ඔසුවකි කවිය ආතතියට නිමාවක්

ඉඳ හිට පැමිණියෙමි අපේ කවි මඩුව වෙත
බිඳ විට පොලාගෙන දත කට නියා විත
හිඳ සිට නොලස් විඳි කව් රස නොවී ලත
මිඳ පිට නොලා ලිව් කවියක් මඩුව මත
රස කර ගොතා කවි කියනා හැටි දැකලා
සරළව මෙසේ පවසන්නම් කවි ගොතලා
ඉඳහිට ඇවිත් කවි මඩුවම බම්ප් කරලා
ඔබ දෙන සහය සිහිකරනෙමි මම මෙලෙසා