එලකිරි ගරාජ්

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    meka gaththa eth mata set wenne na :no:

    price 3529000 $
    top speed 250 km/h, 155 mph
    power & torque 460 hp, 338 kW
    720 Nm @ 3500 rpm
    0-100 km/h, 0-62 mph.
    5.6 seconds


    attachment.php


    attachment.php


    hafoi mn meka nkn dmme.mata baninna nm epoooo :nerd:
     

    Attachments

    • 2008-rolls-royce-hyperion-pininfarina-7.jpg
      2008-rolls-royce-hyperion-pininfarina-7.jpg
      94.3 KB · Views: 230
    • 2008-rolls-royce-hyperion-pininfarina.jpg
      2008-rolls-royce-hyperion-pininfarina.jpg
      92.4 KB · Views: 224

    Mao

    Member
    Oct 16, 2012
    10
    1
    0
    මේ තමයි මගේ පළවෙනි කාර් එක
    2010 ගත්තේ
    Toyota corolla AE80 (YOM-1983)
    1.3 DX
    album
    AE80.jpg


    දැන් තියෙන්නේ මේක
    Nissan pulsar N13 (YOM -1990)
    1.4 SHOC
    30092011271.jpg

    anojaoshi
     
    Last edited:

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    1 NISSAN AD
    images


    2 NISSAN VANETTE
    images


    3 NISSAN CALIFORNIA
    images


    4 NISSAN HB12 (TRAD SUNNY)
    images


    5 NISSAN SERENA
    images


    6 TOYOTA SUPER GL
    3858_a.jpeg


    7 TOYOTA HILUX
    images


    8 HYUNDAI ACCENT
    ImageCache


    9 MITSUBISHI MINICAB
    BF72037_1.jpg


    motor cycles

    HINDA C50

    19779702.jpg


    HONDA MB 5
    honda-mb5-82-509624.jpg


    KDX 200
    images


    HONDA XL 125
    images


    YAMAHA SR 125
    Yamaha%20SR125%2082.jpg


    SUZUKI GS 125
    Suzuki%20GS125E%2090.jpg


    TVS STAR SPORT
    sport-2011-6-16-3.jpg


    TVS SCOOTY PEP
    TVS%20Scooty%20Pep%20Plus%202.jpeg
     

    banda_

    Member
    Dec 4, 2012
    196
    115
    0
    Colombo
    Peugeot 206

    මම පාවිච්චි කරන්නේ මේක.... Peugeot 206

    20557657.jpg


    traffic එකේ 10ක් විතර තෙල් වැඩ කරන්නේ. දුර දුවද්දි 15ක් කරනවා කතා නැතුව.... 16ක් කරපු ට්‍රිප් පවා තිබ්බා.... with AC

    අතේ සල්ලි නැති නිසයි මේක ගත්තේ.... එතකොට 15ක් උනා. ගන්නකොට පොඩි පොඩි වැඩ ටිකක් තිබ්බා.... දැන් නම් කිසි අවුලක් නැහැ....

    රළු පාරවල් වල දිගටම යද්දී suspension අවුල් එනවා.. එක තමයි තියෙන ලොකුම ලෙඩේ..
    carpet එකේ පිස්සු කොර..... කිසි ලෙඩක් නැහැ


    ඒ ඇරෙන්න රොකට් එක වගේ. පට්ට pickup . balance

    spare පාර්ට්ස් ගණන්. හැබැයි net එකේ හොයල, සර්විස් කරන තැනින් අහල, බ්‍රෑන්ඩ් name , product name දැනගෙන පංචිකාවත්තේ ඇවිද්දොත් dealers ලට වැඩිය අඩුවට හොයාගන්න පුළුවන්.

    service කරන තැන 6750/=ක් කිව්ව front brake pad සෙට් එක 4500/= ට ගත්ත, එහෙම හොයල....

    හැබැයි පාර්ට්ස් වල durability වැඩියි.....
    ඉක්මනට විකුනන්න කියල හිතන් ගත්තට, දැන් ඒ අදහස අයින් කරලා, modify කරගෙන යනවා....

    original color වෙනස් කරලා white paint කරන්න හිතන් ඉන්නවා....

    77255476.jpg


    internet එකේ forum වලින් බලල හුඟක් running repairs මමම කරගන්නවා.
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    :confused::confused::confused::confused:spark plug වර්ග දෙකක් තියෙනවා එකක් 2000ක් විතර අනික 550යි.Iridium සහ copper කියලා.මේ දෙකේ වෙනස මොකක්ද කියල දන්නවද?
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    Hyundai Accent ගැන මොකද කියනේ Link

    00091286_1.jpg

    00091286_3.jpg

    00091286_4.jpg

    මම මෙහෙ දැනට පාවිච්චි කරන්නේ මේකක් තමයි. අවුරුද්ද 2000. දැනට අවුරුද්දක් විතර වෙනවා අරගෙන. මම ගන්නකොට 48000 ක් දුවල තිබුන. අද වෙනකම් කිසිම ලෙඩක් නැහැ. ෆුල් ටෑන්ක් එකට හැතැක්ම 250 දුවනවා ළඟ දුවනකොට. දුර දුවනවානම් අනිවා 350 ට එහා කරනවාමයි.
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    toyota-ke-72-121547111.jpg


    කලින් තිබ්බා මේකක්. 16 ශ්‍රී එකක්

    32074_1282373841.jpg


    දැන් තියෙනවා මේක. අලුත්ම එකක් ඒ දවස් වල ගත්තේ

    attachment.php


    දැන් තියෙනවා මේකක් . G_-xxxxx සුදු ෆුල් ඔප්ෂන් මැනුවල් එකක්. 12/75 ක් උනා. සති 3 යි අරන්
     
    Last edited:

    kasun757

    Well-known member
  • Jan 12, 2011
    984
    155
    63
    අපි පාවිච්චි කරපුවා..

    1.nissan vanette

    u8qf2.jpg
    [/url][/IMG]
    කල් පැවැත්ම හොදයි..ගැස්සෙනව වැඩි..දුර යන්ඩ අමරුයි..නියෙමෙට තෙල් කරනව..

    2.toyota townace cr27

    5vssu.jpg
    [/url][/IMG]
    සුපිරි වැන් එක..දැන් පට්ට මාකර්ට්..20 පැනල යන්නෙ සුපිරි එවා.කාර් එක වගේ..මම නොර්මල් 17 පැනල තෙල් කරන්ඩ එලවනව.මේකෙ මෝල කොරොල්ල CE100 එකෙ මෝලම ත්මා.2C මොල්ලි එන්ජිම කියන්නෙ.පාර්ට්ස් එහෙම ඔන තරම්..පව්ලකට ගෙදර පවිච්චියට මරු.


    3.corolla CE 100

    uu16d.jpg
    [/url][/IMG]
    හොද කාර් එකක්..ඩිසල් උනාට ගැස්සෙන්නෙ නෙ..සැප පහසුව හොදයි..ස්ටාෆ් සර්විස් දුවන්ඩ එකක් දාල තියනවා දවසකට 200KM දුවනව ඒක.townace cr27 මෝලමයි තියෙන්නෙ.


    4.honda AX-1 100ch

    7obrj.jpg
    [/url][/IMG]

    හැන්ඩ්ලින්ග් .ස්පීඩ් එහෙම පට්ට..250cc වල හොදට පෙට්‍රල් කරන බයික් එකක්.මම පැදපු සුපිරිම බයික් එක..එකම අව්ල පර්ට්ස් පට්ට ගනන්..එත් දැන් නම් චයිනීස් පාස්ට්ස් එනවා මෙකට..
     
    Last edited:

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    සොරි වෙන්න ඕන කලින් පොස්ට් එක එඩිට් කරලා විස්තර දාන්න ගීහින් ඇඩ්මින් බැහැයි කිව්වා කාලේ ගත්ත වැඩියි කියල . ඒ ගමන අයෙත් දැම්ම අමතක උන වාහනත් එක්කම

    NISSAN AD
    images


    මගේ පලවෙනි කාර් එක . ගත්තේ 125 000 කට . අවුරුදු එකහමාරක් වගේ පාවිච්චි කරා. දිරුම් ආපු හින්ද ලක්සේකට දීල දැම්ම ඒ කාලේ. 2000 අවුරුද්දේ වෙන්න ඕන. 2005 අහම්බෙන් වගේ දැක්ක ඒ කාර් එකම ෆෝ සෙල් ගහගෙන යනවා. නිකම් කෝල් එකක් ගහල බැලුව.
    425 000 ක් කිව්වා. මේක 14 ශ්‍රී . කිසිම කරදරයක් නැති වාහනයක්.


    NISSAN VANETTE
    images


    මේක 57 - එකක්. හැබැයි පවර් ස්ටියරින් තිබුනේ නැහැ. ගත්තේ 183 000 යි. හැබැයි 13 නොම්බරයක්. එකයි මිල ටිකක් අඩු. අවුරුදු දෙකක් විතර පාවිච්චි කරා. ඉස්සරහ දුන්න ඇරුනාම කියන්න වෙන වරදක් තිබුනේ නැහැ. ඩිසල් වැඩකරනවා හොඳට. 290 000 කට වික්ක. දැන් තිබුනානම් හොඳ ගානකට දෙන්න තිබුන.

    TOYOTA LITEACE CM 36

    10102009328jpg.jpg


    මේක කොම්පැනියෙන් පාවිච්චියට දීපු එක. පට්ට ගහන්න කියපු වාහනේ. ඩිසල් වැඩකරනවා හොඳට. එක දිගට ඕන දුරක් එලවන්න පුළුවන්. කිසිම මහන්සියක් නැතුව.


    NISSAN CALIFORNIA
    images


    මේකත් 14 ශ්‍රී . මොකට ගත්තද කියල අදටත් හිතාගන්න බැහැ . 125 000 කට ගත්තේ. පට්ට යනකම් දිව්වා. මේක ගතපු එකෙක් විකුනුවෙනම් නැහැ ලේසියට. මොකද මේක විකුනන්න හරිම අමාරුයි. ගේ පරණ පිනකට බ්රෝකරෙක් 150 000 කට විකුණලා දුන්න යන්තම්.

    NISSAN HB12 (TRAD SUNNY)
    images


    මේක 17- මේක ගත්තේ 630 000 යි. කිසිම කරදරයක් නැති වාහනයක්. තෙල් කරනවා හොඳට. එන්ගිමේ සද්දේ කනට ඇහෙන්නේ නැහැ. ටොයෝටා කොරොල්ල වැගන් එක තරමටම වටිනා එකම නිසාන් වාහනේ මේක කියලයි මගේ අදහස. 625 000 ට වික්ක මට මතක විදිහට.

    NISSAN SERENA
    images


    මේක 253 - . හැමෝම කිව්වට සෙරින හොඳ නැහැ කියල මම අවුරුදු තුනක් පාවිච්චි කරා. මාසෙට අනිවාර්යෙන් කිලෝමීටර 3000 ක් වගේ දිව්වා. කවදාවත් මග නැවතිලානම් නැහැ. එකම දේ එන්ජිම හදනවනම් සෙරින එන්ජින් හදල තියන පරණ ඩිසල් එන්ජින් බාස් කෙනෙක් ඉන්න ගරාජ් එකකින් වැඩ කරානම් මුකුත් ප්‍රස්නයක් වෙන්නේ නැහැ. හැබැයි එන්ජිම 100000 ක් දුවනකොට ඉවරයි. මමනම් එකපාරක්වත් එන්ජිම පිටින් තිබ්බේ නැහැ. යට කෑල්ල විතරක් ගෙනත් අනික් ඒවා පරණ එන්ජිමෙන් අරන් හයි කෙරෙව්වා. මම එන්ජින් දෙකක් තිබ්බ. එක වතාවට මට වියදම් උනේ 25000 ක් වගේ තමයි. මම මේක ගත්තේ 8 යි . මම වික්කේ 14 යි.

    TOYOTA SUPER GL
    3858_a.jpeg


    මේක 56-. මේකත් පාවිච්චියට ලැබුන එකක්. කොමන් වාහනයක් නිසා කිසිම විශේෂ වෙනසක් නැහැ .


    TOYOTA HILUX
    images


    මේක 254-.මේකත් පාවිච්චියට ලැබුන එකක්. අලියෙක් පටෙව්වත් අදිනවා කිසිම බරක් දැනෙන්නේ නැතුව. ඩිසල් වැඩකිරීමත් හොඳයි. සැප පහසුවනම් ටිකක් අඩුයි. පිටිපස්සේ සිට එකේ යන එවුන්ට දැනෙන්නේ අස්සයා පිටේ යනවා වගේ තමයි.

    TOYOTA CR 27
    images


    මේක 56- වෙන්න ඕන මතක හැටියට. මේකත් පාවිච්චියට ලැබුන එකක්. හොඳ වාහනයක්. සැප පහසුව අතින් හොඳයි. ඩිසල් වියදමත් අඩුයි.


    TOYOTA CR 27 (LOTTO)
    images


    මේක 58- . මේකත් පාවිච්චියට ලැබුන එකක්. හොඳ වාහනයක්.


    TOYOTA CR 41
    images


    මේක 253 වගේ තමයි මතක. පාවිච්චියට ලැබුනේ. මටනම් මෙලෝ සැපක් නැහැ. ගැස්සෙනවා ටිකක්.

    NISSAN FB 15
    images



    මේක ජේ නම්බර් එකක්. තෙල් ගහල ඉවරයක් නැහැ. සැප පහසුව වරදක් නැහැ. පාවිච්චියට තමයි ලැබුනේ.

    HYUNDAI ACCENT
    ImageCache


    දැනට අවුරුද්දක් විතර පාවිච්චි කරනවා. මේක ඔටෝ . අවුරුද්ද 2000. දැනටනම් කිසිම වරදක් නැහැ. තෙල් කෙරුවාවත් වරදක් නැහැ ඉතින්. ෆුල් ටෑන්ක් එකට හැතැක්ම 250 ක් වගේ දුවනවා ළඟ දුවනකොට. දුර දුවනකොට හැතක්ම 350 පන්නනවා අනිවාර්යයෙන්ම. මේ ගාන කරන්නේ ඔක්ටේන් 93 තෙල් ගැහුවාම. 87 වලට මිට වඩා ටිකක් අඩුයි. ගන්නකොට දුවල තිබුනේ 48 000 යි. මම ගත්තේ ඩොලර් 2000 කට.

    SUZUKI EVERY
    images


    ටික දවසක් පාවිච්චි කරා. ඔටෝ එකක්. ඔය කියන තරම් තෙල් වැඩ කරන්නේ නම් නැහැ. ඉස්සරහට ගියර් 3 යි ඔටෝ එකේ තියෙන්නේ. හයි වේ එකේ දාල 100 පාගල ගියාම ගාල්ලට යනකොට දෙයියනේ කියල ටැංකියෙන් බාගයක් තෙල් ඉවරයි. මොකද ගියර් 3 හින්ද 100 ට වගේ යනකොට එන්ජිමේ rpm හුඟක් වැඩියි. 40 ට වගේ යනවනම් හුඟක් තෙල් කරනවා.

    MITSUBISHI MINICAB
    BF72037_1.jpg



    මේකත් දැනට පාවිච්ච කරනවා. අවුරුද්ද 2001. මැනුවල්. තෙල් නම් කරන්නේ ඒ සී එක්කම 12යි , දුර දිව්වත් ළඟ දිව්වත්. හැබැයි ජෙට් එක වගේ තමයි. පුංචි උනාට ඕන වැස්සක 100 ට ගියත් ලිස්සිලිනම් නැහැ.


    motor cycles

    HINDA C50
    19779702.jpg


    තාත්තගේ වාහනේ , තාත්තට හොරෙන් තමයි වැඩි කාලයක් පැද්දේ.


    HONDA MB 5
    honda-mb5-82-509624.jpg


    නැවිලා යන්න ආපු පලවෙනි බයික් එකද මන්ද. ආපු දවස්වලම ඒ කාලේ හැටියට හොඳ මොඩ් බයික් එකක්. පස්සේ කාලේ වෙද්දී පීචන්ම වෙලා ගියා ඉතින්

    KDX 200
    images


    පිකප් වෙන තරමට බ්රේක් නැහැ. මැරෙන්න වැඩි වෙලාවක් යන්නේ නැහැ හදිසි උනොත්


    HONDA XL 125
    images


    හොඳ බයික් එකක්. තෙල් කරනවා ගජරාමෙට.


    YAMAHA SR 125
    Yamaha%20SR125%2082.jpg


    හොඳ බයික් එකක්. හැබැයි රජෝ බැටරිය බැස්සොත් ස්ටාර්ට් තල්ලු තමයි. මොකද මේක ඔරිජිනලි කික් පැඩල් එකක් එන්නේ නැහැ.

    SUZUKI GS 125
    Suzuki%20GS125E%2090.jpg


    මේකනම් පැද්දේ කොරියන් එකක්. මෙලෝ රහක් නැහැ. ජපන් එකනම් මිට වඩා ගොඩක් හොඳයිලු.

    TVS STAR SPORT
    sport-2011-6-16-3.jpg


    කියන්න වරදක් නැති බයික් එකක්. උපරිම යන්න පුළුවන් 100 ට තමයි. ඊට වඩා ස්පීඩ් කරොත් මල්ශාලාවකට යන්න වෙනවාමයි

    TVS SCOOTY PEP
    TVS%20Scooty%20Pep%20Plus%202.jpeg


    මේක ගැන ඉතින් කියන්න දෙයක් නැහැ මම හිතන්නේ. දුකට සැපට ඕන දෙකට මේක ඔට්ටුයි.
     
    Last edited:

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    mata eke vistara kiyannako


    Toyota marino (Corolla AE100 engima) Toyota ceres (toyota sprinter 1992-1995 engima) me thamai pradana jaathi deka. ekama shape eka wenas wenne podi podi dewal. meeta amatarava cerec eke GT modal ekakut enava engine capacity 1600 hari 1700cc da koheda shure naha. (180Bhp)

    Normal marino ceres walat engine wala performance wadi 1500cc (115 Bhp wage)

    body parts tikak adui. mechanical spare parts itin ona taram tiyanava.

    wahane honda ekak set unot itin aye funma tamai... 1992 indala 1997 wenakan evva lankave tiyanava....:yes::yes: