හික් හික්..... කුකුළන්ට මතකනේ මාව ගිය දෙසැම්බර් පොලිස් සුකන්නෝ දෙන්නෙක් අල්ලා ගත්ත බව.....
ඔන්න ඉතින් අද ගියා දඩ කොළයක් ගන්න බලාගෙන පොලිසියට....... උදේම.....
උඩ තට්ටුවක තමා රථවාහන කොටස..... ගියා එතනට, ගිහින් එතන ඉන්න පොලිස් නෑම්බියෙක්ට දුන්නා මට අරුන් ලියලා දුන්න කොලේ..... ඒකි කියපි, එහා පැත්තට දෙන්න කියලා..... ගියා එහා පැත්තට..... එතන රථවාහන පොලිස් බුවා ද කොහෙද..... ඌට දුන්නා කොලේ...... ඒක බලලා කියපි, මේකට උසාවි කියලා.......

කාලා වරෙන්කෝ......

මම කිව්වා දඩ කොළයක් දෙන්න කියලා..... මොන කොහෙද..... මූ බෑ ම කිව්වා.......
ගියා ඩිෆෙන්ස් එකේ ඈදුරුම් කමක්

මාර්ගෙන්, ඒ පොලෝසියෙම, SI කෙනෙක් හොයාගෙන..... ගිහින් බුවාට විස්තරේ කියලා, පොරත් එක්ක ගියා රථවාහන එකා ගාවට...... ඌ ඒත් ගේම..... මේක ගිය 23 නේ ලියලා තියෙන්නේ..... දැන් මේකට මුකුත් කරන්න බෑ......
මම කිව්වා පොඩි ලයිට් දෙකක් මේක, එලියත් නෑ කියලා.... මූ ගේමම ඉල්ලනවා.... ලයිට් දෙක පොඩි උනා කියලා නෑ..... මේක උසාවි කියලා......
මම මේ SI මහත්තයා කියන නිසා මොනවා හරි කරලා දෙන්නම්..... උසාවි 8 වෙනිදනේ..... 7 වෙනිදා එන්නකෝ බලන්න...... මොකක් හරි කරන්න....... දැනට නම් මුකුත් කරන්න බෑ..... අපි අවුරුද්දේ අන්තිමට මේවා ඔක්කොම සෙටල් කරලා තියෙන්නේ...... පොත් හය හතක ලියලා.... . දැන් මේකට දඩ ලියන්න නම් ඒ ඔක්කොම වෙනස් කරන්න වෙනවා........ 7 වෙනිදා එන්නකෝ මොකක් හරි කරන්න පුලුවන්ද බලන්න කියලා.........
දැන් ඉතින් මොන සුත්තක් කරන්නද ඉතින්..... ආවා ඒ ගමන එතනින්...... ආයෙත් ඩිෆෙන්ස්

එකට කෝල් කරලා ගින්න දුන්නා......
ආයෙත් ඩිෆෙන්ස් එකෙන් උත්තරේ ආවා, ගිහින් OIC හම්බ වෙලා ****ගොඩ ASP කිව්වා කියලා, කතා කරන්න කියලා.....
ගියා ආයෙත් හොට්ටේ පොලෝසියට...... ගිහින් හම්බ උනා OIC ව.... හම්බ වෙලා කිව්වා ASP **** අංකල් කිව්වේ ගිහින් OICව හම්බවෙන්න කියලා...... මෙහේ රථවාහන එකෙන් මට දඩ කොලයක් දෙන්නේ නෑ කියලා....... මූ මාව එච්චර ගණන් ගත්තේ නෑ වගේ ඉදලා, වටේට කෝල් දෙක තුනක් දාලා, ආ එන්න යන්න කියලා ගියා රථවාහන කෑල්ලේ පහලට..... ගිහින් කෑ ගහපි **** කෙල්ලේ..... මෙහේ වර කියලා.....

මේන් අර හොට්ටි පොලිස් එකී ආවා......
OIC :- මොකෝ මේක.....??
හොට්ටි පොලිස් :- ආ සර්..... ඕක ලයිට් ගලවලා පෙන්වන්න තියෙන්නේ......
OIC :- යකෝ මේක ***** ASP සර්ගේ වැඩක්..... මේක දීලා යවනවා.....
OIC මට :- කෝ අරන් දෙන්න **** ASP මහත්තයට කෝල් එකක්.......

හුටා, මගේ ලග **** අංකල්ගේ නම්බරෙත් නෑ..... ඩිෆෙන්ස් එක හරහනේ කතා කරේ...... මගේ වෙලාව හොද කමට, මොබිටෙල් ෆෝන් එකේ නම්බර් එක තිබ්බා.... ගත්තා කෝල් එකක්..... අරන් දුන්නා OIC ට......
OIC :- ආ සර්..... ඔන්න මම සර් කිව්ව වැඩේ කරලා දුන්නා.......

මම මේ ඒ ලමයගේ

ෆෝන් එකෙන්ම තමා සර්ට ගත්තේ....... (හික්ස්, මම **** අංකල්ට කෝල් කරලා නෑ මතක ඈති කාලෙක)
OIC මට :- පුතා ඔයා උඩට ගිහින් ලයිසන් එක ඉල්ල ගන්න.
හික්ස්.....

ගියා උඩට, ගිහින් අර උදේ හොට්ටි අතට දුන්නා අර කොලේ....... මෙන්න ලයිසන් එකම දීපි.....

දඩ කොල නෑ..... ලයිට් ගලවලා පෙන්නීලි නෑ...... අර පොත් ගානක ලිව්ව කතා නෑ......
ඔන්න ඔහොමයි ලංකාවේ පොලිසිය.........
මට අර ඈදුරුම්කම් නොතිබුනා නම්, 8 වෙනිදට, කරදරයක් නැතුව, උසාවි යන්න තිබ්බා.....