එලකිරි සත්‍ය හොල්මන් කතා ත්‍රෙඩ් එක
මම ආසයි ත්‍රෙඩ් එකක් පටන් ගන්න අපි කවුරුත් ඇත්තටම මුහුන දුන් අද්භූත/ හොල්මන් කතා ගැන. පුලුවනිනම් ශෙයාර් කරමු. ඔන්න ඉතින් මමම පටාන් ගන්නම්කෝ!
මේකනම් සිදුවුනේ අපේ ඉස්කෝලේ. ඉස්සර දෙවෙනි ලෝක යුද්ධ කාලේ අපේ ඉස්කෝලේ පාවිච්චි කලාලු තුවාල වෙච්ච සොල්දාදුවන්ට සාත්තු කරන්න.
මේකේ මෝචරියකුත් තිබුණා කියලා තමයි කියන්නේ ඒ කාලේ.
මටයි මගේ යාලුවන්ට දවසක් ඉස්කෝලේ රැ වෙනකම් ඉන්න වුනා උත්සවයකට. අපි තුන්දෙනාම ස්කූල් බැන්ඩ් එකේ. ඉතින් ෆන්ශන් එක ඉවර වෙලා අපි ටීචර්ගෙන් යතුරත් ඉල්ලගෙන සන්ගීත කාමරයට යන්න පිටත්වුනා. ඉස්කෝලේ ඇතුලේ ලයිට් තිබුනත්, අපිට දැනුනේ හරිම හුදෙකලාබවක්.
දවල්ට ළමයින්ගෙන් පිරී ඉතිරී යන ඉස්කෝලේ, රැ 8.30ට තිබුනේ ගුප්ත නිහඩියාවක්.
ඔන්න ඉතින් අපි ඇවිදගෙන ඇවිත් සන්ගීත කාමරය තියෙන බිල්ඩින් එකේ පඩි පේලිය නගින්න පටන් ගත්තා. ඒක පරණ බිල්ඩින් එකක්. මේකේ තමයි අර මම ඉස්සර කිව්ව මෝචරිය (තාවකාලික) තියාගෙන ඉදලා තියෙන්නෙ.
කොහොම හරි අපි දෙවැනි තට්ටුවට යනකොට අපිට දැනුනා සීතල හුලගක් හමාගෙන යනවා. ඒකේ සීතල කියන්න බැහ. වචන නැහ. ඇග කිලිපොලා යන හැගීමක් දැනුනේ. ඒත් එක්කම කොරිඩෝවේ ලයිට් ඩිම් වෙලා.... නිවෙන්න වගේ ගිහින් ආයෙත් පත්තු වුනා. අපිට කරකියාගන්න දෙයක් හිතුනේ නැහ. ඒ වෙනකොට අපි හිටියේ 8 වසරේ (චූ කොල්ලෝ අපි)
බය පැත්තකින් තියලා ඉස්සරහටම ඇවිදගෙන ගියා. මොකද අපේ සන්ගීත භාණ්ඩ අපිට ඇතුලට දාන්න තිබුන නිසා.
ඒත් එක්කම අපිට ඇහුනා අඩි ශබ්දයක්, කොරිඩෝවේ ඇත. ඒ හරියේ ලයිට් එක ගිහින් තිබුන නිසා අපිට මොකුත් පෙනුනේ නැහ. අර ශීතල සුලග ආයෙත් අපේ ඇගේ දැවටී ගියා. කොලෝ තුන් දෙනා මේ පාරනම් හොදටම භයවුනා. බය කොච්චරද කියනවනම්, පන්තියේ දොරට දාලා තියෙන්නෙ වෙන යතුරක්!!
කොහොම හරි වෙවුල වෙවුල, සන්ගීත බඩු පන්තියේ බිමින් තියලා, ටකස් ගාලා දොර ආයේ ලොක්කරලා අපි තුන් දෙනා දිවුවා නේද පස්ස නොබලා.
ඇත්තම කියනවනම් අපිට හිතෙන් ඇඩුනා. පස්සේ අම්මලා ලගට යනකොට ඒ අය අපෙන් ඇහුවා ඇයි මේ බයවෙලා, හති දාන්නේ කියලා. පස්සේ වෙච්ච සිද්දිය ඒ අයට කොච්චර තේරුම් කරලා දෙන්න ගියත් පිලිගත්තේම නැහ.
අපිනම් තාමත් ඒ සීන් එක ගැන කතා කරනවා... හිතනකොටත් හිරිගඩු පිපෙනවා
ඔයාලගෙත් මේ වගේ සීන් තියනවනම් ශෙයාර් කරන්න කියලා ඉල්ලා සිටිනවා.
මීට
ලන්කාපුත්‍ර

, eth owa mama vishwasa karanna
kiyahnko ekak balanna