එලකිරි සත්‍ය හොල්මන් කතා ත්‍රෙඩ් එක​

එලකිරි සත්‍ය හොල්මන් කතා ත්‍රෙඩ් එක​

මම ආසයි ත්‍රෙඩ් එකක් පටන් ගන්න අපි කවුරුත් ඇත්තටම මුහුන දුන් අද්භූත/ හොල්මන් කතා ගැන​. පුලුවනිනම් ශෙයාර් කරමු. ඔන්න ඉතින් මමම පටාන් ගන්නම්කෝ!

මේකනම් සිදුවුනේ අපේ ඉස්කෝලේ. ඉස්සර දෙවෙනි ලෝක යුද්ධ කාලේ අපේ ඉස්කෝලේ පාවිච්චි කලාලු තුවාල වෙච්ච සොල්දාදුවන්ට සාත්තු කරන්න​.

මේකේ මෝචරියකුත් තිබුණා කියලා තමයි කියන්නේ ඒ කාලේ.

මටයි මගේ යාලුවන්ට දවසක් ඉස්කෝලේ රැ වෙනකම් ඉන්න වුනා උත්සවයකට​. අපි තුන්දෙනාම ස්කූල් බැන්ඩ් එකේ. ඉතින් ෆන්ශන් එක ඉවර වෙලා අපි ටීචර්ගෙන් යතුරත් ඉල්ලගෙන සන්ගීත කාමරයට යන්න පිටත්වුනා. ඉස්කෝලේ ඇතුලේ ලයිට් තිබුනත්, අපිට දැනුනේ හරිම හුදෙකලාබවක්.

දවල්ට ළමයින්ගෙන් පිරී ඉතිරී යන ඉස්කෝලේ, රැ 8.30ට තිබුනේ ගුප්ත නිහඩියාවක්.

ඔන්න ඉතින් අපි ඇවිදගෙන ඇවිත් සන්ගීත කාමරය තියෙන බිල්ඩින් එකේ පඩි පේලිය නගින්න පටන් ගත්තා. ඒක පරණ බිල්ඩින් එකක්. මේකේ තමයි අර මම ඉස්සර කිව්ව මෝචරිය (තාවකාලික​) තියාගෙන ඉදලා තියෙන්නෙ.

කොහොම හරි අපි දෙවැනි තට්ටුවට යනකොට අපිට දැනුනා සීතල හුලගක් හමාගෙන යනවා. ඒකේ සීතල කියන්න බැහ​. වචන නැහ​. ඇග කිලිපොලා යන හැගීමක් දැනුනේ. ඒත් එක්කම කොරිඩෝවේ ලයිට් ඩිම් වෙලා.... නිවෙන්න වගේ ගිහින් ආයෙත් පත්තු වුනා. අපිට කරකියාගන්න දෙයක් හිතුනේ නැහ​. ඒ වෙනකොට අපි හිටියේ 8 වසරේ (චූ කොල්ලෝ අපි)

බය පැත්තකින් තියලා ඉස්සරහටම ඇවිදගෙන ගියා. මොකද අපේ සන්ගීත භාණ්ඩ අපිට ඇතුලට දාන්න තිබුන නිසා.

ඒත් එක්කම අපිට ඇහුනා අඩි ශබ්දයක්, කොරිඩෝවේ ඇත​. ඒ හරියේ ලයිට් එක ගිහින් තිබුන නිසා අපිට මොකුත් පෙනුනේ නැහ​. අර ශීතල සුලග ආයෙත් අපේ ඇගේ දැවටී ගියා. කොලෝ තුන් දෙනා මේ පාරනම් හොදටම භයවුනා. බය කොච්චරද කියනවනම්, පන්තියේ දොරට දාලා තියෙන්නෙ වෙන යතුරක්!!

කොහොම හරි වෙවුල වෙවුල​, සන්ගීත බඩු පන්තියේ බිමින් තියලා, ටකස් ගාලා දොර ආයේ ලොක්කරලා අපි තුන් දෙනා දිවුවා නේද පස්ස නොබලා.

ඇත්තම කියනවනම් අපිට හිතෙන් ඇඩුනා. පස්සේ අම්මලා ලගට යනකොට ඒ අය අපෙන් ඇහුවා ඇයි මේ බයවෙලා, හති දාන්නේ කියලා. පස්සේ වෙච්ච සිද්දිය ඒ අයට කොච්චර තේරුම් කරලා දෙන්න ගියත් පිලිගත්තේම නැහ​.

අපිනම් තාමත් ඒ සීන් එක ගැන කතා කරනවා... හිතනකොටත් හිරිගඩු පිපෙනවා :(

ඔයාලගෙත් මේ වගේ සීන් තියනවනම් ශෙයාර් කරන්න කියලා ඉල්ලා සිටිනවා.

මීට​
ලන්කාපුත්‍ර​
 
kputha

Member
May 5, 2012
5,534
240
0
මම හොල්මන් දැකලා තියෙනවා
ලංකාවෙ 4/2ක්ම හොල්මන් තම්යි
 
  • Like
Reactions: hacker T

peter001

Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo

    හැබැයි මචන් මෙහෙම scene එකක් තියෙනවා ,දවල්ට ගොඩක් ශබ්ධ තියෙන තැනක් නම් රෑට එකේ දෝංකාරය එනවලු.
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ඔය වගේ සීන් මට සෑහෙන්න වෙලා තියනව බන් මට මොකක්දෝ කරුමෙකට ඕව පේනව ඒත් තාම බයවෙලා නෑ.. දැන් ටයිප් කරන්න කම්මලි පස්සෙ දාන්නම්
     
    peter001

    Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo
    ඔය වගේ සීන් මට සෑහෙන්න වෙලා තියනව බන් මට මොකක්දෝ කරුමෙකට ඕව පේනව ඒත් තාම බයවෙලා නෑ.. දැන් ටයිප් කරන්න කම්මලි පස්සෙ දාන්නම්

    :shocked: kiyahnko ekak balanna
     
    GTX Titan

    Member
    Nov 19, 2013
    67
    5
    0
    උඹලා කිව්වට පිලිගන්නෙ නෑ. අපේ ඉක්කෝලෙ සංගීත කාමරේ පිටිපස්සෙ තිබිලා අපිට හම්බුනේ කොන්ඩම් එකක්. ඒක යූස් කරලා. අපි ඉතින් චූ කොල්ලො කාලෙ නිසා කෝටු වලින් ඇන ඇන බැලුවා මැජික් වගේ!! :lol: