එලකිරි සි0හල රස කතා
Rep would be Nice
ක්රිකට් කතා…
කට්ටියම ඉස්කෝලේ යන කාලේ එක එක සෙල්ලම් කරනවානේ. සාමාන්යෙන් ඉස්කෝලෙක ගොඩක් සෙල්ලම් ජාති තියෙනවනේ. රනාත් අවුරුදු දොළහේ දහතුනේ කාලේ ඉදලාම එක එක සෙල්ලම් කරා. ඒකෙන් නැගලම ගිය සෙල්ලම තමා ක්රිකට්. දන්නවනේ ඉතින් ක්රිකට් කියන්නේ අපේ රටේ ජාතික කිරීඩාව කියලා. ඉතින් ඒ නිසාමද කොහෙද රනාත් ඉතාම උනන්දුවෙන් ඔය සෙල්ලම කළා. මේ කියන්න හදන්නේ එහෙම ඉස්කෝලේ වෙනුවෙන් ක්රිකට් ගහපු කාලේ වෙච්ච පොඩි කතා ටිකක්.
අං ඇවිල්ලද?
ඔන්න දවසක් රනාලගේ ඉස්කෝලෙයි තව ඉස්කෝලෙකුයි ක්රිකට් මැච් 1ක් ගහනවා. රනාලා ඒ ඉස්කෝලෙට ගිහිල්ලා තමා මැච් 1 ගැහුවේ. ඉස්සෙල්ලාම බැට් කළේ අනිත් ඉස්කෝලේ එවුන්. මූ ඒ ඉස්කෝලේ එදා රනාලත් එක්ක තරගෙට ක්රිකට් ගහපු එකෙක්. ඉතින් හිතාගන්නකෝ කොහොම ස්ටෑන්ඩඩ් 1ක් තියෙන්න ඇතිද කියලා. ඔන්න දැන් රනාගේ සයිඩ් 1 එවුන් බෝල් කරනවා. අම්මටසිරි අනිත් එවුන් රනාලට පොරි හැලෙන්න නෙළනවා. කොටින්ම කියනවනම් පළවෙනි විකට් 1 වැටුනේ ඕවර් 21ක් ඉවර උනාම. එතකොට ළකුණු සීයත් පැනලා. හිතාගන්නකෝ ගහලා තියෙන ගැහිල්ල. කොටින්ම කියනවානම් රනාගේ ටීම් 1 කැප්ටන් ස්ලිප්ලාවත් අයින් කරලා ඉස්සරහා ෆීල්ඩ් කරන්න දැම්මා. (සාමාන්යෙන් ඉස්කෝලේ ක්රිකට් වලදී ස්ලිප්ලා අයින් කරනවා කියන්නේ ෆීල්ඩ් කරන එවුන් හෙන ඩිසාස්ටර් සිටුවේෂන් 1ක ඉන්නවා කියන 1.) කියන්න බැරි උනා. රනාගේ ටීම් 1 කැප්ටන්ගේ නම මාලින්. ඌට ආදරේට කියන්නේ මාලි කියලා.
දැන් වැඩේ හරියන්නේම නෑ. අරුන් හිටු කියලා ගහනවා. හැම ඕවරේකදිම හතරේ පාරක් කොහෙන් හරි වදිනවා. බෝලර්ස්ලාත් කැමති නෑ දැන් බෝල් කරන්න. මහන්සියයි, වදින වැදිල්ලටයි තමා ඉතින්. දැන් මාලි අතේ බෝලෙ. බෝලෙ දෙන දෙන එකා දාන්න බෑ කියනවා. හෙන අවුල. රනාගේ ටීම් 1 විකට් කීපර්ගේ නම ප්රසාද්. කොල්ලෝ කියන්නේ ප්රයියා කියලා. මාලි ගියා ප්රයියා ළගට.
“උඹ ඔය ග්ලවුස් 2යි පෑඩ් 2යි ගලෝලා බෝල් කරපන්”. මාලි ප්රයියාට කිව්වා.
“මට බෑ. උඹට පිස්සුද බං?”. ප්රයියා ඇහුවා.
“යකෝ හැම එකාම බෑ කියනවා. උඹ ඕවර්ස් 3ක් දාලා දීපං”
මාලි කොහොමහරි ප්රයියාව කැමති කරගත්තා. දැන් ප්රයියා විකට් කීප් කරනකොට දාන ග්ලවුස්, පෑඩ්ස් පිට්ටනිය මැද්දෙම ගලෝනවා.
එතකොටම අපේ රිසව් ප්ලේයර් කෙනෙක් වතුර බෝතලේකුත් අරගෙන දුවගෙන ආවා.
“මාලි තමුසේ මොනාද ඕයි කරන්නේ? අන්න සෑර්ට මළ පැනලා හෙනට බනිනවා.” ඌ එහෙම කිව්වා. (සෑර් කිව්වේ කෝච්ට හොදේ)
“පළ යකෝ යන්න. තෝද කැප්ටන් මමද කැප්ටන්? සෑර් නෙමෙයිනේ මෙතන බෝල් කරන්නේ.” මාලියා බැනලා වතුර අරගෙන ආව එකාව එළෝ ගත්තා.
රනාලත් දැන් බලාගෙන ඉන්නවා ඊළගට මොකක්ද වෙන්නේ කියලා.
එතකොට පැවිලියන් 1 පැත්තෙන් හෙන සද්දයක් එනවා. සද්දේ දාන්නේ අපේ කෝච්.
“මාලී… මාලී… අං ඇවිල්ලද තමුසෙට? අං… අං…” කෝච් අත් 2 අං 2 වගේ ඔළුවට තියාගෙන ඇට් කරලා ඇහුවා.
“පල *** යන්න.” මාලි අතත් දික් කරලා කෝච්ට එහෙම කිව්වා.
එදායින් පස්සේ ඒ සීසන් 1 එක මැච් 1කවත් මාලි කැප්ටන් කළේවත් ප්රයියා බෝල් කළේවත් නෑ.
wHaTz Up
මේ වැඩේ උනේ රනාලා ගල්කිස්ස සයිඩ් 1 තියෙන සාන්ත කෑල්ලක් ඉස්සරහෙන් තියෙන ඉස්කෝලයක් එක්ක ගහපු මැච් 1කදී. ඒ ඉස්කෝලේ අය තමා බැට් කරන්නේ. උං හෙන පණ්ඩිතයි. බැට් කරන්න විකට් 1ට ආවම “කොහොමද මචං” කියලා ඇහුවම ජීවිතේට සිංහල වචනයක් අහලා නෑ වගේ මූණ දිහා බලනවා. ඕවා අල්ලන්නේ නෑනේ කොල්ලන්ට. ඔය වගේ එවුන් සෙට් උනාම මැද්දෙදි හොදට බයිට් කරනවා. බයිට් කරන්න සෙට් වෙන්නේ විකට් කීපර්, ස්ලිප්ලා ෆෝවඩ් ශෝට්ලෙග් වගේ ඉන්න එවුන් තමා.
සාමාන්යෙන් ඉස්කෝලේ ක්රිකට් වලදී බැට් කරනකොට බෝලෙට ගහනවට වඩා කරන්නේ බෝලේ ලීව් කරන එක. ඒ කියන්නේ නිදැල්ලේ කඩුළු රකින්නා වෙතට යවන 1. ඒක ක්රිකට්වල හැටි. පුළුවන් තරම් විකට් 1 ඉන්න කියලා තමා උගන්නන්නේ. ඉතින් අරුනුත් හොදට බෝලේ ලීව් කරනවා. රනාලට හෙන මළ. ඉතින් එක එක ඒවා කියනවා බැට් කරන එකාට. සමහර එවුන් ඒවාට මල පැනලා හයියෙන් ගහන්න ගිහින් අවුට් වෙනවා. ඒ උනාට සමහර උන් හිමීට හිනාවෙලා බිම බලාගෙන බැට් කරලා 100ක් ගහලා අවුරුද්දේ අන්තිමට හොදම ක්රිකටර් වෙනවා.
“ෆුල්ටොස් එකක් දාන්න කියපන් අරූට මුන්ට ඒකටවත් ගහගන්න පුළුවන්ද බලන්න”
“ඒයි, ඔය අතේ තියෙන එකේ නම බැට් 1. ඕකෙන් කරන්නේ බෝලෙට ගහන එක. නැතුව උඹ කරනවා වගේ දාන දාන බෝලෙට උස්සන 1 නෙමේ…”
“උඹ විතරද බං බැට් කරන්න ඉන්නේ. ඔහොම බෝල් කන්න එපා යකෝ. අනිත් එවුන්ටත් දීපිය. උනුත් ආස ඇති බැට් කරන්න…”
ඔය වගේ ඒවා තමා කියන්නේ. වැඩිපුරම කියන්නේ බැට් කරන එකාව මලපන්නන්න. මොකද එතකොට ඒකා මොනා හරි මෝඩ වැඩක් කරලා අවුට් වෙනවා. කුණුහර්ප කියන්නේ නෑ. අනික ඕවා අම්පයර්ලට රිපෝට් කලාම උන් පොතක ලියාගෙන උඩට රිපෝට් කරනවා. ඒක Carrier (මේකට හරියන සිංහල වචනේ කියන්නකෝ) 1ට හොද නෑ. රට නියෝජනය කරන ටීම් 1කට සිලෙක්ට් වෙනකොට පිට්ටනියේ යහපත් හැසිරීමත් බලනවා.
හරි ආයෙත් කතාවට.
ඔය වගේ එක එක දේවල් කියද්දි අරුන්ගේ එකෙක් අවුට් උනා. ඌ හෙන පණ්ඩිතයා. මැද්දෙ හිටියේ නිකම් ලෝඩ් පකීර් වගේ. ලකුණු 5ක්වත් ගැහුවෙත් නැද්ද කොහෙද. අවුට් වෙලා යනකොටත් රනාලගේ කට්ටිය මූට කිංඩියක් දෙකක් දැම්මා. අරූට මලේ මල. ඌ යන්නේ නැතුව නැවතුනා.
“වට්ස් අප්?”
ඌ ඇහුවා.
“වට්ස් අප් ***නේ නෑ, අවුට් උනානම් කට වහගෙන පලයං…” ෆීල්ඩ් කරන එකෙක් කෑ ගහලා එහෙම කිව්වා.
පිට්ටනිය මැද්දේ සිනා සාගරයයි. අම්පයර්ලටත් හිනා.
ඒ මැච් 1නම් රනාලා දින්නා

Last edited: