එවරස්ට්_කන්ද ලොවට අහිමි වෙන ලකුණු
නේපාලයේ - කත්මණ්ඩු අගනුවරට ආසන්නයේ දකුණුදිග කෝදාරි ප්‍රදේශයේ අද සිදුවූ පසුකම්පනය හේතුවෙන් එවරස් කන්දට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. විදෙස් වාර්තා සදහන් කළේ මේ වන විට එහි ඇතැම් කොටස් කඩා වැටෙමින් පවතින බවයි. දකුණුදිග කෝදාරි ප්‍රදේශයේ අද රික්ටර් මාපකයේ 6.7ක පසු කම්පන තත්ත්වයක් ඇති වුණා.
මින් සිදුවූ හානිය පිළිබඳව මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැති බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් සදහන් කළේ. නේපාලයේ - කත්මන්ඩු අගනුවර ආසන්නයේ ඊයේ සිදුවූ භූ කම්පනයෙන් පසුව මේ වන විට පසු කම්පන 65 ක් පමණ සිදුව තිබෙනවා. භූ කම්පනයෙන් මිය ගිය සංඛ්‍යාව මේ වන විට 2263 දක්වා ඉහළ ගොස් ඇති අතර, 4600කට වැඩි සංඛ්‍යාවක් මෙයින් තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි නවතම විදෙස් වාර්තා සඳහන් කළේ.
hiru
එවරස්ට් කන්ද ලොවට අහිමි වෙන ලකුණු