එළකිරි අපට දේශපාලුවොන්ගෙන් වැඩක් නෑ.....
එළකිරි අපට දේශපාලනෙන් වැඩක් නෑ. මම මේ POST එක දැම්මේ මේකේ ඉන්න අපේ සහෝදරයෝ කොහෙවත් ඉන්න එවුන් හන්දා මරාගන්න හන්දා. කියවල කියන දේ තේරුම් ගන්න බලන්න.
අපට මෛත්රී ආවත් මහින්ද ආවත් කවුරු ආවත් වැඩක් නෑ. අපි අද හම්බකරගත්තොත් හෙට වෙනකොට කන්නවත් අතේ සතේ තියෙයි. මොකා ආවත් උන් උන්ගේ මල්ල තර කරගන්නවා මිසක් අපට කරන දෙයක් නැනේ. අනික ඉන්න දේශපාලුවෝ ඔක්කොම රට මීහරක් මිසක් වැඩක් කරගන්න පුළුවන් උන් නෙවේ. මේ දවස්වල TV එකක් බැලුවොත් හැම එකාම කියන්නේ මීහරක් කතා. අනික උන් තමන්ගේ රටටවත් , ජාතියටවත් , ආගමටවත් ගරුත්වයක් නැති උන් කියල තේරෙනවා. ඒ වගේම අපේ රටේ ඉන්න මීහරක් උන් කියන ඒවා අහගෙන කට අරන් බලාගෙන ඉන්නවා. රට දියුණු කරන්න ඕනෙනම් කරන්න ඕනේ අරගල කරන එකවත් , ලක්ෂ ගණන් වියදම් කර කර මස 4න් 4ට මැතිවරණ තියන එකවත් නෙවේ. මහජනතාවගේ මුදල් වැදගත් දේවල් වෙනුවෙන් යොදවන එක. අමතක කරන්න එපා. හැම එකාම නාස්ති කරන්නේ අපි කන බනිස් ගෙඩියෙන් පවා රජය අය කරගන්න බදු මුදල්. අපට ආදරේනම් අමරිකාවෙවත් නැති තරම් ඇමති මණ්ඩලයක් නඩත්තු කරන්න අපේ අහිංසකට මිනිස්සු දාඩිය මහන්සියෙන් හම්බකරන මුදල් නාස්ති කරන්නේ නෑ (රජයට නෙවේ බැන්නේ. හැම එකාටම. හැම පක්ෂෙම උන් ඉන්නවනේ ඇමතිලා). අනික උන් පොඩි උන් වගේ පාර්ලිමේන්තුවේ හැසිරෙනවා මිසක් රටට කරන වැඩක් නැනේ. ඒක නොතේරෙන ගොඩක් උදවිය තමා කොහෙවත් නැති උන් වෙනුවෙන් කඩේ යන්නේ සහ ඇන කොටාගන්නේ.
ඒ හන්දා එලකිරිය ඇතුලේ වැඩකට නැති උන් වෙනුවෙන් ගහ මරාගන්නේ නැතුව පුලුවන්නම් රටට වැඩක් වෙන දෙයක් කරමු. පුලුවන්නම් මහා ලොකුවට ඕනේ නෑ. එක්කෙනෙක් එක ගහක් හිටවන්න. නැත්නම් ගෙදර වැඩක් නැති තැනක කෑමට ගන්න එළවළුවක් හිටවන්න. ආත්ම තෘප්තියක් වගේම නිරෝගී ජිවිතයක්වත් ලැබේවි. කවුරුත් තරහ වෙනෙපා. රටේ ඇත්ත තත්වෙයි පැහැදිලි කරන්න ඕනේ වුනේ.
නිවැරදිව තමාගේ ජන්දය භාවිතා කරන්න. මතක තියාගන්න, මොකා ආවත් අපට වැඩක් නෑ. හොද රැකියාවක් හොයාගෙන හොද ජිවිතයක් ගෙවන්න. සැමට ජය !!!!

Last edited: