එළකිරි කතා මංසල

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    එළකිරි කතා මංසල

    [FONT=&quot]එළකිරි කතා මංසල
    [/FONT]

    [FONT=&quot]ඕන්න එළකිරියේ ගුණාත්මක භාවය ඇති කරන්න පුංචි අඩිතාලමක් විදියට මම මේ ත්‍රෙඞ් එක පටන් ගන්නවා.... මේ ත්‍රෙඞ් එක පුරාවටම ලියවෙන්නේ ලස්සන කතා... ලෝකයේ ගෞරවයට පාත‍්‍ර වුණු[/FONT], [FONT=&quot]ලෝකයේ ගැරහීමට පාත‍්‍ර වුණු ජනපි‍්‍රය චරිත වගේම එදිනෙදා ජීවිතයේ අපිට හමුවෙන මිනිස්සුන්ගේ ජීවිතවලින් අපිට ආදර්ශයක් ගත හැකි අපූරු කතා අහන්න ලැබෙනවා.... ඉතිං මේ මංසලේදී සිදුවෙන්නේ එවැනි කතා හුවමාරු කර ගැනීමයි.. ඒ කියන්නේ මේක ඕනම කෙනෙකුට විවෘතයි.... මේ ත්‍රෙඞ් එක ඉස්සරහට යන්නේ සියල්ලන්ගේම සහයෝගය හා දායකත්වය අනුවයි.... ඒ හින්ද හැමෝටම මම ආරාධනා කරනවා කතා මංසලට ගොඩවදින්න කියලා.....

    [/FONT]

    elakiri_mansala.jpg

     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    [FONT=&quot]කුරුටු බලි

    [/FONT]
    [FONT=&quot]ආරම්භයක් විදියට අපේ කෙනෙක්ගේ කතාවකින්ම පටන් ගන්නම්.... ඔන්න පුංචි ගෑණු දැරිවියක් ඉන්නවා... කෙල්ලගේ වැඬේ තමයි අතට අහුවෙන අගුරු කෑල්ලක් එහෙම නැත්තම් පැස්ටල් කෑල්ලකින් හැම තැනම චිත‍්‍ර බලි අදින එක.... ඉතිං ගෙදර අනෙක් අයට මේක මහ වාතයක් වෙනවා... මොකද අගුරු කෑල්ලක් අහු වුණොත් බිත්ති පුරා බලි ඇඳලා බිත්තිය විනාශ කරනවා....

    [/FONT]

    [FONT=&quot]ඔන්න සිංහල අලූත් අවුරුදු ලබන්න දවසකට කලින් මේ දැරිවිගේ තාත්තා ගෙදර බිත්ති පේන්ට් කරනවා... හවස් වෙන කොටත් වැඬේ ඉවර නෑ.... කොහොම හරි ගෙදර ඉස්තෝප්පුවේ ඇතුල බිත්ති පේන්ට් කරල ඉවර කර ගත්තා කියමුකෝ... දැන් පේන්ට් ඉවරයි... තාත්තා ටවුමට යනවා පේන්ට්[/FONT][FONT=&quot]අරන් එන්න... අම්මා කුස්සියේ බරටම කැවුම්[/FONT], [FONT=&quot]රසකැවිලි හදනවා.... අපේ දැරිවි ගැන හොයල බලන්න මේ කාටවත් වෙලාවක් නෑ.... දැරිවි ඉස්තෝප්පුවට ඇවිල්ල බලන කොට දකිනවා අලූත් පේන්ට් කරල ලස්සනට තියෙන බිත්ති.... දැරිවිට හරි සතුටුයි... අලූත් ඩ්‍රෝවින් කොළයක් දැක්ක වගේ.... හිතේ හැටියට චිත‍්‍ර අඳින්න පුලූවන්... දැරිවි කුස්සියට ගිහිල්ලා හෙමිහිට අගුරු කෑල්ලක් අරගෙන ඇවිල්ලා අර බිත්තිවල පුරුදු විදියට චිත‍්‍ර අඳිනවා.... පැය බාගයක් විතර යන කොට දැරිවි ගැන හොයල බලන්න අම්මා එළියට එනවා... දැක්ක දෙයින් අම්මා බයෙන් බිරාන්ත වෙනවා... අලූතෙන් පේන්ට් කරපු බිත්ති පුරාම අගුරුවලින් කුරුටු බලි ඇ[/FONT][FONT=&quot]දලා.... තාත්තගේ මහන්සිය වතුරේ... අම්මා දැරිවිට බනිනවා හොදටම...

    [/FONT]

    ”[FONT=&quot]දැන් තාත්තා ආවම බලා ගන්න පුලූවන්... අද නම් ඔයාට ගුටිකන්න වෙනවා ඇති වෙන්නම....[/FONT]” [FONT=&quot]පුංචි කෙල්ල බය වෙනවා හොදටම.... ගේ මුල්ලට වෙලා බයෙන් ඉන්නවා....[/FONT]
    [FONT=&quot]
    තාත්තා එනවා.... ගේ ඇතුලට ආව විතරයි දැකපු දෙයින් එයාට ඇතිවන හැගීම කියන්න ඕන නෑනේ... උදේ ඉදන් වැය කරපු මහන්සිය ඉවරයි.... ආයෙත් අද රැම බිත්ති පේන්ට් කරන්න ඕන හෙට අලූත් අවුරුද්ද නිසා.... එයා නිශ්ශබ්දව මොහොතක් බිත්ති දිහා බලාගෙන ඉන්නවා.... අම්මයි දුවයි දෙන්නම බයවෙලා තාත්තගේ ප‍්‍රතිචාරේ කොහොම වෙයිද කියලා.... මෙන්න තාත්තගේ ප‍්‍රතිචාරේ..[/FONT]


    ”[FONT=&quot]ෂාහ්... ලස්සනයිනේ චූටි දු[/FONT].... [FONT=&quot]ඔයා ලස්සනට චිත‍්‍ර ඇඳලා.... තාත්තට ඒවා මකන්නත් දුකයි....[/FONT]’’ [FONT=&quot]තාත්තගේ ප‍්‍රතිචාරේ එච්චරයි....

    දැන් තාත්තා ආයෙත් අර බිත්තිවල පේන්ට් ගානවා මුලූ රැම.... දැරිවිට පොඩි වචනයකින්වත් තරවටුවක් නෑ...[/FONT]

    [FONT=&quot]ඉතිං මේ දැරිවි ලොකුවෙලා ලංකාවේ විතරක් ලෝකෙම පිළිගත්ත ජනපි‍්‍රය චිත‍්‍ර ශිල්පිණියක් වෙනවා.... ඇය ඇයගේ ජීවිත කතාවේ දී මේ ගැන කියනවා... එදා තාත්තා බැන්න නම් එයාගේ චිත‍්‍ර ඇදිල්ල එතනින්ම නතර වෙන්ත තිබුනලූ... එදා තාත්තා දක්වපු ප‍්‍රතිචාරෙ නිසා එය හිතාගත්තලූ කවද හරි දක්ෂ චිත‍්‍ර ශිල්පිනියක් වෙනවා කියල.... ඒ වගේම ඇය ඒ ඉලක්කය සපුරාගත්තා... කවුද මේ චිත‍්‍ර ශිල්පිණිය.... වෙන කවුරුත් නෙවෙයි ඒ සීබිල් වෙත්තසිංහ මහත්මියයි....[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    Sybil%20Wettasinghe%20Sri%20Lankan%20Artist%2085th%20BDay.jpg
    [FONT=&quot]
    ඉතිං ළමුන්ගේ හැකියාවන් ගැන අපි සංවේදි වෙන්න ඕන.... සමහර විට එයාගේ හැකියාව අපට වදයක් කරදරයක් වෙන්න පුලූවන්.... ඒ ගැන නොහිතා දරුවාගේ උපන් හැකියාව වර්ධනය කරන්න අපි උත්සහා කළොත් ලෝකෙට වැඩදායි පුද්ගලයෙක් හදන්න මූලික අත්තිවාරම ඒක වෙන්න පුලූවන්....[/FONT]
     
    Last edited:

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    ඉතිං ළමුන්ගේ හැකියාවන් ගැන අපි සංවේදි වෙන්න ඕන.... සමහර විට එයාගේ හැකියාව අපට වදයක් කරදරයක් වෙන්න පුලූවන්.... ඒ ගැන නොහිතා දරුවාගේ උපන් හැකියාව වර්ධනය කරන්න අපි උත්සහා කළොත් ලෝකෙට වැඩදායි පුද්ගලයෙක් හදන්න මූලික අත්තිවාරම ඒක වෙන්න පුලූවන්....

    අපේ පොඩ්ඩා කරන්නෙ ගහක් දැකපු ගමන් දුවල ගිහිල්ල නගින එක

    පොරගෙ ඒ හැකියාව මොකට පාවිච්චි කරන්නද කියල මම කල්පනා කලේ
     
    Last edited:

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය


    අපේ පොඩ්ඩා කරන්නෙ ගහක් දැකපු ගමන් දුවල ගිහිල්ල නගින එක

    පොරගෙ ඒ හැකියාව මොකට පාවිච්චි කරන්නද කියල මම කල්පනා කලේ


    ජිම්නාස්ටික්වත් කරයි බං.... :)
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    [FONT=&quot]තැනේ හැටියට ඇණේ ගැසීම[/FONT]


    [FONT=&quot]මේකේ කතාව ඇල්බට් අයින්ස්ටයින් ගැන (මතක විදියට[/FONT][FONT=&quot])[/FONT]

    [FONT=&quot]පස්සේ කාලයේ ලෝකයම මහා උගතෙක් විදියට අභිෂේක කලත් මොහු පුංචි කාලේ උපන් ගෙයි මෝඩයෙක්... පන්තියේ අදක්ෂම සිසුවා යැයි කිව්වත් වරදක් නෑ... අඩුම තරමේ පුංචි වාක්‍යයක් ගලපගෙන කියවන්නවත් දන්නේ නැතිලූ... ඉතිං පංතියේ තව දුරටත් මෙයාව තියාගන්න ඉස්කෝලේ පාලන අධිකාරිය කැමති වෙන්නේ නෑ.... පංති භාර ගුරුතුමිය පුංචි ලිපියක් ලියල ඒක මෙයා අතට දෙනව ගිහිල්ල අම්මට දෙන්න කියල.... මෙයා මේක අරගෙන ගිහින් අම්මට දෙනවා.... අම්මා ලිපිය කියවල ඉවර වෙලා ඇස්වල කදුඵ පුරවගෙන් පුංචි අයින්ස්ටයින් දිහා බලාගෙන ඉන්නවා.... අම්මයි පුතයි අතර මේ වගේ දෙබසක් යනවා...[/FONT]

    ”[FONT=&quot]ඇයි අම්මේ අඩන්නේ... මොනවද ටීචර් ලියල තියෙන්නේ...[/FONT]?”

    ”[FONT=&quot]නෑ පුතේ මම මේ අඩන්නේ සතුටට....[/FONT]”

    ”[FONT=&quot]ඇයි ටීචර් මොනවද ලියුමේ කියල තියෙන්නේ...[/FONT]”

    ”[FONT=&quot]ඔන්න අහගන්නකෝ.... මේකේ ලියල තියෙන්නේ ඔයා ගොඩක් දක්ෂ ළමයෙක්... ඔයාට උගන්වන්න මේ ඉස්කෝලේ පහසුකම් මදි... ඔයාව වෙන ඉස්කෝලෙකට දාල උගන්වන්න කියලා.... ඉතිං මගේ පුතා කොච්චර ෂෝක් ද[/FONT]?”

    [FONT=&quot]ඉතිං පොඞ්ඩට ගොඩක් සතුටුයි... කිව්ව වගේම මෙයාව ඒ ඉස්කෝලෙන් අස් කරල වෙන ඉස්කෝලෙකට දානවා... කාලය වේගයෙන් ඉගිලිල යනවා... අන්තිමට මේ පොඞ්ඩා ලෝකයම ජයගත්ත මහ උගතෙක් වෙනවා.... [/FONT]

    [FONT=&quot]දවසක් අයින්ස්ටයින් පරණ ලේඛන වගයක් අවුස්සමින් ඉන්න කොට එදා ටීචර් අම්මට එවපු පුංචි ලියුම් කෑල්ල හම්බවෙනවා.... එයා ඒක කියවනවා... එයාගේ දින පොතේ ලියල තියන විදියට ඒ ලියුම කියවලා අයින්ස්ටයින්ට එදා ඇඩෙනවා... තමන්ගේ අම්මා ගැන ඇතිවන ආදරය[/FONT], [FONT=&quot]ගෞරවය දෙගුණ තෙගුණ වෙනවා... අම්මා එදා තමන්ගේ අභිමානය[/FONT], [FONT=&quot]ආත්ම ශක්තිය හා ධෛර්ය රැක ගන්න පුංචි බොරුවක් කරලා.... ඒ වෙන කොට අම්මා ජීවතුන් අතර නෑ... අයින්ස්ටයින්ට වැඩියෙන්ම දුක ගිහිල්ලා අම්මව බදාගෙන තමන්ගේ හැගීම් කියාගන්න බැරි වීම ගැනයි.... එදා අම්මා කරල තියෙන්නේ පුංචි බොරුවක් වුණාට ඒකෙන් ලැබුණු ප‍්‍රතිඵලය හිතාගන්නවත් බෑ.... ඇත්තටම ලියුමේ තිබිලා තියෙන්නේ මෙන්න මෙහෙම..[/FONT]

    [FONT=&quot]ඔයාගේ ළමයා පංතියේ අදක්ෂම ළමයා... එයාට අනෙක් ළමයින් එක්ක ඉදිරියට යන්න අමාරුයි.... ඒක අනෙක් ළමයින්ගේ ඉදිරි ගමනට බාධාවක්.... කරුණාකර ඔහුව ඉස්කෝලෙන් ඉවත් කරගන්න....[/FONT]
     

    69 GUYS

    Banned
    Jul 25, 2016
    151
    58
    0
    මමත් දාන්නංකෝ රියල් කතා ටිිකක් පසුවට
    rep+