[FONT="]කුරුටු බලි
[/FONT]
[FONT="]ආරම්භයක් විදියට අපේ කෙනෙක්ගේ කතාවකින්ම පටන් ගන්නම්.... ඔන්න පුංචි ගෑණු දැරිවියක් ඉන්නවා... කෙල්ලගේ වැඬේ තමයි අතට අහුවෙන අගුරු කෑල්ලක් එහෙම නැත්තම් පැස්ටල් කෑල්ලකින් හැම තැනම චිත්‍ර බලි අදින එක.... ඉතිං ගෙදර අනෙක් අයට මේක මහ වාතයක් වෙනවා... මොකද අගුරු කෑල්ලක් අහු වුණොත් බිත්ති පුරා බලි ඇඳලා බිත්තිය විනාශ කරනවා....
[/FONT]
[FONT="]ඔන්න සිංහල අලූත් අවුරුදු ලබන්න දවසකට කලින් මේ දැරිවිගේ තාත්තා ගෙදර බිත්ති පේන්ට් කරනවා... හවස් වෙන කොටත් වැඬේ ඉවර නෑ.... කොහොම හරි ගෙදර ඉස්තෝප්පුවේ ඇතුල බිත්ති පේන්ට් කරල ඉවර කර ගත්තා කියමුකෝ... දැන් පේන්ට් ඉවරයි... තාත්තා ටවුමට යනවා පේන්ට්[/FONT][FONT="]අරන් එන්න... අම්මා කුස්සියේ බරටම කැවුම්[/FONT], [FONT="]රසකැවිලි හදනවා.... අපේ දැරිවි ගැන හොයල බලන්න මේ කාටවත් වෙලාවක් නෑ.... දැරිවි ඉස්තෝප්පුවට ඇවිල්ල බලන කොට දකිනවා අලූත් පේන්ට් කරල ලස්සනට තියෙන බිත්ති.... දැරිවිට හරි සතුටුයි... අලූත් ඩ්‍රෝවින් කොළයක් දැක්ක වගේ.... හිතේ හැටියට චිත්‍ර අඳින්න පුලූවන්... දැරිවි කුස්සියට ගිහිල්ලා හෙමිහිට අගුරු කෑල්ලක් අරගෙන ඇවිල්ලා අර බිත්තිවල පුරුදු විදියට චිත්‍ර අඳිනවා.... පැය බාගයක් විතර යන කොට දැරිවි ගැන හොයල බලන්න අම්මා එළියට එනවා... දැක්ක දෙයින් අම්මා බයෙන් බිරාන්ත වෙනවා... අලූතෙන් පේන්ට් කරපු බිත්ති පුරාම අගුරුවලින් කුරුටු බලි ඇ[/FONT][FONT="]දලා.... තාත්තගේ මහන්සිය වතුරේ... අම්මා දැරිවිට බනිනවා හොදටම...
[/FONT]
”[FONT="]දැන් තාත්තා ආවම බලා ගන්න පුලූවන්... අද නම් ඔයාට ගුටිකන්න වෙනවා ඇති වෙන්නම....[/FONT]” [FONT="]පුංචි කෙල්ල බය වෙනවා හොදටම.... ගේ මුල්ලට වෙලා බයෙන් ඉන්නවා....[/FONT]
[FONT="]
තාත්තා එනවා.... ගේ ඇතුලට ආව විතරයි දැකපු දෙයින් එයාට ඇතිවන හැගීම කියන්න ඕන නෑනේ... උදේ ඉදන් වැය කරපු මහන්සිය ඉවරයි.... ආයෙත් අද රැම බිත්ති පේන්ට් කරන්න ඕන හෙට අලූත් අවුරුද්ද නිසා.... එයා නිශ්ශබ්දව මොහොතක් බිත්ති දිහා බලාගෙන ඉන්නවා.... අම්මයි දුවයි දෙන්නම බයවෙලා තාත්තගේ ප්‍රතිචාරේ කොහොම වෙයිද කියලා.... මෙන්න තාත්තගේ ප්‍රතිචාරේ..[/FONT]
”[FONT="]ෂාහ්... ලස්සනයිනේ චූටි දු[/FONT].... [FONT="]ඔයා ලස්සනට චිත්‍ර ඇඳලා.... තාත්තට ඒවා මකන්නත් දුකයි....[/FONT]’’ [FONT="]තාත්තගේ ප්‍රතිචාරේ එච්චරයි....
දැන් තාත්තා ආයෙත් අර බිත්තිවල පේන්ට් ගානවා මුලූ රැම.... දැරිවිට පොඩි වචනයකින්වත් තරවටුවක් නෑ...[/FONT]
[FONT="]ඉතිං මේ දැරිවි ලොකුවෙලා ලංකාවේ විතරක් ලෝකෙම පිළිගත්ත ජනපි‍්‍රය චිත්‍ර ශිල්පිණියක් වෙනවා.... ඇය ඇයගේ ජීවිත කතාවේ දී මේ ගැන කියනවා... එදා තාත්තා බැන්න නම් එයාගේ චිත්‍ර ඇදිල්ල එතනින්ම නතර වෙන්ත තිබුනලූ... එදා තාත්තා දක්වපු ප්‍රතිචාරෙ නිසා එය හිතාගත්තලූ කවද හරි දක්ෂ චිත්‍ර ශිල්පිනියක් වෙනවා කියල.... ඒ වගේම ඇය ඒ ඉලක්කය සපුරාගත්තා... කවුද මේ චිත්‍ර ශිල්පිණිය.... වෙන කවුරුත් නෙවෙයි ඒ සීබිල් වෙත්තසිංහ මහත්මියයි....[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]
ඉතිං ළමුන්ගේ හැකියාවන් ගැන අපි සංවේදි වෙන්න ඕන.... සමහර විට එයාගේ හැකියාව අපට වදයක් කරදරයක් වෙන්න පුලූවන්.... ඒ ගැන නොහිතා දරුවාගේ උපන් හැකියාව වර්ධනය කරන්න අපි උත්සහා කළොත් ලෝකෙට වැඩදායි පුද්ගලයෙක් හදන්න මූලික අත්තිවාරම ඒක වෙන්න පුලූවන්....[/FONT]