කාලෙකින් මොකුත් දාපු නැති හින්ද අද කම්මැලි කමට හදපු මේ කෑම ගැන දාන්න හිතුනා
Cheesy Mushroom Balls (චීස් යෙදු හතු බෝල බැදුම)
හතු මිශ්‍රණය සඳහා අවශ්‍ය ද්‍රව්‍ය
* සෝදා වතුර මිරිකාගත් හතු ඇති පමණට
* ගාර්ලික් පවුඩර් හෝ සිහින්ව ලියා ගත් සුදුළුනු ස්වල්පයක්
* ගම් මිරිස් රස පදමට
* මිරිස් කුඩු රස පදමට
* ලුණු කුඩු රස පදමට
* බටර් ස්වල්පයක් තෙල් දමා ගැනීමට
* ටෝමටෝ සෝස් ස්වල්පයක්
* චිකන් හැම් (අවශ්‍ය නම් මම නම් දැම්මා)
ඉහත බටර් හැර සියලු ඩේ කලවම් කර විනාඩි 15ක් පමණ තබන්නට හරින්න..ඉන්පසු නන්ස්ටික් හෝ සුදුසු බඳුනක් ගෙන බටර් දමා විනාඩි 3ක් පමණ බඩ ගෙන නිවෙන්නට හරින්න
![]()
මෑෂ් පොටේටෝ මිශ්‍රණය සඳහා අල ගෙඩි දෙකක් පමණ තම්බා ගෙන බටර්, ලුණු, ගම්මිරිස් රස පදමට දමා අනා මිශ්‍රණය සාදා ගන්න.
ඉන්පසු mushroom balls සාදා ගන්නා ආකාරය දෙස බලමු.. අවශ්‍ය නම් චීස් කබලක් ගෙන සාදා ගත් හතු මිශ්‍රණය සමග ගෙන ඊට පසු මෑශ් පොටේටෝ ද සමසේ ගෙන මෙලෙස බෝල සාදා ගන්න
බැද ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය
* බිස්කට් කුඩු
* විප් ක්‍රීම් ස්වල්පයක් හෝ කෝන් ෆ්ලවර් ස්වල්පයක් දියකර ගන්න (මම නම් භාවිතා කරේ විප් ක්‍රීම්)
ඉන්පසු කලින් සාදා ගත් බොල විප් ක්‍රීම් වල බහා ඉන්පසු බිස්කට් කුඩු දවටා රන්වන් පැහැ වනතුරු බැදගන්න
දැන් ඉතින් කන්න තමයි තියෙන්නේ ...රසවත් කෑමක්වෙජි අයට මාංශ ඉවත් කොට හතු පමණක් දමා සාදා ගත හැක
![]()
![]()
lunch time eke waradilaawath me thread ekata enna honda na![]()
දැන් ඉතින් ත්‍රෙඩ් එක අප්ඩේට් වෙන්නේ නෑනේ ... පුළුවන් උනොත් දෙයක් දාන්න බලන්න කෑමක් හැදුවොත්
බොහොම ස්තුතියි
1.ප්‍රීමා නූඩ්ල්ස් කෑලි පහේ පැකට් එකකින් අවශ්‍ය ප්‍රමාණයක් තම්බලා (තම්බද්දි ලුණු ඩිංගක් දාන්න )
2.තාච්චියකට බටර් ටිකක් දාලා
3.බටර් දියවෙල නටාගෙන එද්දි ලොකු ළුුණු ටිකක් කපලා දාන්න.
4.ළුුණු රන්වන් පාටට බැදීගෙන එද්දි ලිප නිවලා අර තම්බපු නූඩ්ල්ස් ටික දාන්න.
5.ඊට පස්සෙ අවශ්‍ය ප්‍රමාණයට මාමයිට් අරන් අර නූඩ්ල්ස් එකට දාන්න.
*නූඩ්ල්ස් කෑලි පහේ පැකට් එකේ එක කෑල්ලකට අපි නම් දාන්නෙ තේ හැන්දෙ බාගෙ සහ කාල අතර ප්‍රමාණයක්. කාලක් වඩාත් සුදුසුයි කියල හිතෙන්නෙ.

බම්ප්Short-eats කෑමට ප්‍රිය අයට පැටීස් නැතිවම බැරිය. සරළ කෑමක් වුවත් පිට කවරය සාදා ගැනීමේදී
බොහෝ අය අමාරුවේ වැටෙත්. හේතුව කවරය බුබුලු දැමීම, හංකඩයක් වීම හෝ ගල්ටික් වීමය.
නමුත් පහත සදහන් ආකාරයට සුපිරියට පැටීස් සාදා ගැනීමට පුලුවන්. තෙලෙන් බැද්දත් බේක් කර ගත්තත්
එකසේ සුපිරිය.
අවශ්‍යදේ-
1.පාන්පිටි 250gක්.
2.මාජරීන් 125gක්.
3.ලුණු තේහැදි 1/4ක්.
4.අයිස් වතුර මෙස හැන්දක්.
සාදන ආකාරය-
![]()
පිටි, මාජරීන්(ශීතකරණයෙන් ගත් විගස ඒවා) සහ ලුණු එක්කර ග්‍රයින්ඩරයට දමා මිශ්‍ර කර ගන්න.(අතින් වුවද කළ හැකිය)
පසුව එයට අයිස් වතුර මේස හැන්දක් දමා හොදින් අනා මොලිය (Short Crust Pastryය) සාදා ගන්න.
![]()
ඉන්පසු එය පොලිතීන් බෑගයක දමා පැයක් පමණ ශීතකරණයේ තබන්න.
ඉන්පසු පිටි දැවටූ ලෑල්ලක තුනීකර (3mm පමණ ඝණකමට) අගල් 2 1/2 පමණ විශ්කම්බය සහිත රවුම් කපා ගන්න.
![]()
සුදුසු පිරවුමක් සාදා ගන්න. රවුම් වල දාරයේ බිත්තර සාරු අලේප කර පිරවුම තබා අලවා ගන්න. පැටිස් කටරයක් වුවද භාවිතා කල හැකිය.
![]()
ගෑරොප්පුවකින් සළකුනු කර ගන්න.
පැටීස් හෝ Mini Pies ආකාරයට සාදාගෙන සෙන්ට්රිග්රෙඩ් 200ක උෂ්ණත්වයේ උදුනක පුලුස්සා ගන්න. නැතහොත් අඩු ගින්දරේ රත්වූ ගැඹුරු තෙලේ බැද ගන්න.
![]()
මුලින්ම කියන්න ඕනා මේක මම sriboysl ගේ රෙසිපිය බලන් හැදුවේ. කලින් හදලා නෑ සහ ගොඩක් cookery skills නැහැ මට. නමුත් පොඩි වෙනස් කම් කිහිපයක් කළා.
මම ඉන්නේ ලංකාවෙන් පිට නිසා ගෝදම්බ රොටී හොයාගන්න බැරි උනා. ඒ වෙනුවට පරාතා පාවිච්චි කලේ. රසේ වෙනසක් නෑ. හරිම රසයි.
හරි මෙන්න චිකන් කරියට උවමනා කරන බඩු:
* රම්පෙ, කරපිංචා, සේර මෙහෙ හොයාගන්න හම්බුනේ නෑ. ඒ නිසා මම ඒවා අත ඇරලා හැදුවේ.
![]()
මුලින්ම මේ විදියට කුකුල් මස් පොඩි කැබලි වලට කපා ගන්න. ඉන්පසු ඒවා වෙනම භාජනයකට දාලා ලුණු, ගම්මිරිස්, අමු තුනපහ, මිරිස් කුඩු, කහ කුඩු, සූදුරු, එනසාල්, කරාබුනැටි කුරුදු සහ අබරපු ගොරකා ආදී කුළුබඩු වලින් හැන්දක් පමණ හොදට අතගාලා කවලම් කරගන්න. ඉන්පසු මේ චිකන් කැබලි ටික Refrigerator එකේ උපරිම පැයක පමණ කාලයක් තබන්න. මෙහෙම තියන්නේ හොදට තුනපහ සහ අනෙකුත් Spices වල රස මස් වලට උරාගන්න.
![]()
![]()
මේවා තමයි අනෙකුත් උවමනා කරන බඩු. මස් ටික හොදට season උනාට පස්සේ අපි හදන්න පටන් ගමු.
![]()
එහෙනම් ඉගුරු, සුදුලූනු, රම්පෙ, කරපිංචා, සේර, තක්කාලි, ළුණු පොඩියට කපා ගන්න. ළුණු මේ වගේ. (රම්පෙ, කරපිංචා, සේර මට හම්බුනේ නැති නිසා ඒවල photo නෑ. මේ සදහා original post එක බලන්න)
![]()
දැන් මද ගින්නේ තෙල් ලිප තබා රත්වන විට ඉගුරු, සුදුලූනු, රම්පෙ, කරපිංචා, සේර, ලූනු දමා බැදගන්න.
![]()
මිනිත්තු 3-5 ගිය පසු හෝ මදක් ළුණු රන්වන් පාට වූ විට ඉතිරි වූ කුළුබඩු මෙලෙස එකතු කරගන්න. (ඉතුරු වූ හැන්දක පමණ අනෙකුත් කුළුබඩු ප්‍රමාණය සහ බැදපු තුනපහ කුඩු)
![]()
පසුව මිනිත්තු 2-3 අතර කාලයක් කුළුබඩු සහ ළුණු හොදට රත් කරගන්න. දැන් මස් සහ තක්කාලි මෙලෙස එකතු කර මද ගින්නේ බැද ගන්න(මිනිත්තු 5-10).
![]()
ටික වෙලාවක් යද්දී සීතල මස් මෙහෙම soft ගතියට පත් වේවි. ඒ වෙලාවට පොල්කිරි මෙලෙස එකතු කරගන්න.
![]()
![]()
මෙලෙස පොල්කිරි එකතු කල පසු චිකන් කරිය මිනිත්තු 30-45 අතර කාලයක් මද ගින්නේ, භාජනය මුඩියකින් වසා පිස ගන්න. විටින් විට හැදි ගාන්නත් අමතක කරන්න එපා.
ඒ අතර තුර අපි කොත්තුවට අවශ්‍ය කළමනා ලෑස්ති කරගමු.
උවමනා කරන බඩු:
එහෙනම් මේ විදියට පොඩියට එළවලු ටික කපාගමු.
![]()
![]()
![]()
![]()
චිකන් කරිය ලෑස්ති වූ පසු එයින් අවශ්‍ය පමණ මස් කැබලි කිහිපයක් මෙලෙස කුඩා කැබලි වලට කපාගන්න.
![]()
![]()
පසුව තෙල් ටිකක් මද ගින්නේ රත් කර සුදුළුනු, ඉගුරු මෙලෙස තෙම්පරාදු කරගන්න.
![]()
ගින්දර වැඩිකර කැරට්, ගෝවා, ලූනු මෙසේ බැද ගන්න.
![]()
මද වේලාවකින් බිත්තර කඩා කුඩා කැබලි වනතෙක් හොදින් පිසගන්න.
![]()
![]()
දැන් ඉතිරි එළවලු එක්කර බැදගන්න.
![]()
![]()
පසුව මෙලෙස සකස් කල ගොදම්බ රොටී එකතු කර හොදින් මිශ්‍ර කරගන්න. පසුව පහත පරිදි කුඩාවට කපාගත් කුකුල්මස් කැබලි එකතු කර සෝයා සෝස් සමග එයද හොදින් මිශ්‍ර කරගන්න.
![]()
![]()
![]()
![]()
දැන් ලිපෙන් අයින් කර අමුත්තන්ට හෝ පවුලේ අයට මෙලෙස පිළිගන්වන්න.
![]()
PS: සමහර පින්තූර මගේ අතින් මග හැරී ඇති බැවින් ඒ පිලිබදව සමාව අයැද සිටිනවා.
![]()
කලින් දාපු නූලට ගොඩක් ප්‍රතිචාර ලැබුණු නිසා මම අද Egg Fried Rice හදන හැටි ගෙනාවා. මේක ටිකක් සුවදට වගේම රසට එන්න හැදුවේ. එහෙනම් බලමු කොහොමද හදන්නේ කියලා.
අවශ්‍ය බඩු :
- හාල්/බාස්මති හාල් කෝප්ප 2ක් (දෙදෙනෙකුට ඇති වෙන්න)
- ලුණු තේ හැන්දක්
- බීළුණු ගෙඩි භාගයක් පමණ
- කරාබුනැටි 5-7 පමණ
- එනසාල් 4-5 පමණ
- සූදුරු තේ හැන්දක් පමණ
- රම්පෙ, කරපිංචා අවශ්‍ය පමණ
- ලීක්ස්, කැරට්, ගෝවා, තක්කාලි අවශ්‍ය පමණ (ලීක්ස් 1, කැරට් සාමාන්‍ය ප්‍රමාණයේ 1, ගෝවා කොළ 3-4, තක්කාලි ගෙඩියක්)
- බිත්තර 2ක් පමණ
- ඉගුරු ටිකක්
- එළවලු හෝ ඔලිව් තෙල් මේස හැදි 2 1/2 පමණ
- සෝයා සෝස් තේ හැදි 2, සේසමි තෙල් තේ හැදි 1ක් (අතිරේක කළමණා)
සාදන ක්‍රමය :
මුලින්ම හාල් කෝප්ප දෙකක් හෝ අවශ්‍ය පමණ මෙසේ හොදට විටින් විට අලුත් වතුරේ 4-5 ගමනක් හෝද ගන්න.
![]()
![]()
![]()
![]()
ඉහත අවසාන පින්තුරයේ දැක්වෙන ආකාරයට වතුර දමා (මැද ඇගිල්ලේ පළමු පුරුක පමණ තෙක්) රයිස් කුකරයට දාන්න.
පසුව ලුණු, කරපිංචා, රම්පෙ, කරාබුනැටි, එනසාල් මෙලෙස එක් කරගන්න. පසුව පියන වසා ඉදෙන්න අරින්න.
![]()
![]()
![]()
![]()
![]()
හාල් ටික ඉදෙන අතරේ අපි අනික් දේවල් ලෑස්ති කරගමු. ලීක්ස් මෙහෙම කපලා හොදට හෝදගන්න. මොකද ලීක්ස් තීරු ඇතුලේ වැලි, මඩ තියෙන නිසා. ඉන්පසු අනික් රූප වල දැක්වෙන ආකාරයට ගෝවා, කැරට්, තක්කාලි, ළුණු පොඩියට කපාගන්න.
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
අන්තිමට ඔක්කොම ටික මෙහෙම අයින් කරලා තියාගමු. ඔය අතරේ බත් එකත් ඉදිලා ඉවර වෙයි. එහෙම උනහම හොදට ලොකු මිට තියෙන හැන්දකින් බත් එක කූරු ගාගන්න.
![]()
![]()
![]()
දැන් ලොකු භාජනයක් ලිපේ තියලා ටිකක් රත් උනාට පස්සේ තෙල් ටික දාගන්න. තෙල් රත් වූ පසු ළුණු, කරපිංචා, ඉගුරු මෙසේ එකතු කරගෙන විනාඩි 3ක් පමණ රත් කරගන්න.
![]()
![]()
ඊට පසු සූදුරු ටික එකතු කරගන්න. පසුව විනාඩි 2ක් පමණ එය රත් කරගන්න. ඉන්පසු ගෝවා ටික එකතු කරගෙන තවත් මිනිත්තු 2ක් පමණ හොදින් හැදි ගාමින් මිශ්‍ර කරගන්න.
![]()
![]()
කැරටුත් මෙසේ එකතු කරගන්න. මේ ආකාරයට අන්තිමට ලීක්ස් එහෙමත් එකතු කරගන්න. සියල්ලම මිනිත්තු 2ක පමණ පරතරයට හොදින් කවලම් කරගන්න.
![]()
![]()
ඔක්කොම හොදට කවලම් උනාට පස්සේ බිත්තර 2 එකතු කරගෙන මේ විදියට පොඩි කෑලි වලට එන විදියට බැද ගන්න.
![]()
![]()
පසුව ඉතුරු තක්කාලි ටික මෙලෙස එකතු කර මිනිත්තු 2කට පමණ පසු බත් ටිකද එකතු කර මිශ්‍ර කරගන්න.
![]()
![]()
බත් හොදට කවලම් කරලා සෝයා සෝස් සහ සෙසමි තෙල් මෙහෙම එකතු කරගන්න.
![]()
![]()
දැන් ගින්දර නිවලා හොදට කවලම් කරගන්න. අන්තිමට මෙහෙම බත් එකක් හම්බවේවි.
![]()
එහෙනම් භාජනයකට දාලා ආඩම්බරෙන් හදපු බත් එක කන්න. එකතු කරපු කුළුබඩු නිසා හරිම සුවදටත් රසටත් බත් එක තියේවි.
Ela ela Killer malli !!! chicken koththu![]()
![]()

කෝ දාමු බලන්න උයා ලගදී හදපු ඒවත්.![]()
echarai langadi heduwe
Appa mehe thiyana koththu melo rahak na.Ela ela Killer malli !!! chicken koththu![]()
![]()

Uba oheta wela uyana ekada ban karanne?කෝ දාමු බලන්න උයා ලගදී හදපු ඒවත්.![]()

Appa mehe thiyana koththu melo rahak na.![]()

Bada ginii yako. Magulak kiyanawa. Thama dawalta kawe na.mata mathak wenne kimbula aiya hadala dunna koththu eka![]()
man kaapu hondama koththu eka eka !!!!! cheese beerena, sea food ekai, chicken ekai ammioooooooooooooooooooo![]()
![]()



Appa mehe thiyana koththu melo rahak na.
Uba oheta wela uyana ekada ban karanne?![]()

