+++එළකිරි දුම්රිය අංගනය+++

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හොඳ මනුෂ්‍ය ගතිගුණ තියෙන කොල්ලෙක් නිසා එහෙම කිව්වා.:sorry::oo:

    මට සමාවෙන්න.මේ කමන්ට් එක දැක්කට පස්සේ මම දාපු ෆොටෝස් අයින් කරන්න හැදුවා.එත් එඩිට් ඔප්ෂන් එක නැහැ.මම ඇඩ්මින්ට කියලා අයින් කරන්න බලන්නම්.
    මම උගෙන් ෆොටෝස් හොරෙන් උස්සලා දැම්මේ නැහැ.උට කතාකරලා අහලා උගෙන් කැමැත්ත අරගෙන තමයි දැම්මේ.
    ඔයා මේ ත්‍රඩ් එකට වැදගත් කෙනෙක්.ඔය ඉන්න.මම යන්නම්.

    මම නිකන් බලලා යන්න ආව කෙනෙක්.අසාවත් එක්ක පින්තුර ටික දැම්මා.එක හෙන මෝඩ වැඩක් වගේ.

    මම නැවත එලකිරියෙහි කෝච්චි සම්බන්ද කිසිම සංවාදයකට සහබාගී නොවෙමි.
    ඔබට ජය...!!!

    Unsubscribed

    (සමහරවිට මාත් එක්ක අමනාප කම් තියෙන එවුන් අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න මම විදියට ඔයාගේ රෙප් කපයි.එහෙම වුනොත් මම ගැන වැරදියට හිතන්න එපා මචං.මම එහෙම ඩයල් එකක් නෙමෙයි.)

    කිසිම අවුලක් නැත.. මම උඹත් එක්ක තරහවක්ද නැත. උඹ හොඳ කිරියේ ඔන්ලයින් සිටිනා හොඳ එකෙක් කියා මා දනිමි... :)

    ත්‍රෙඩ් එකේ සිටීම හෝ නැති වීම උඹේ කැමැත්තකි සහෝ... ;)
    පින්තූර උස්සලා දාපු එකක් ගැන මම කීවේ නෑ සහෝ.. තඩි පින්තූර ලෝඩ් වෙනකොට එපා වෙනවා. මෙතන ඉන්න හැමෝම සාමාන්‍ය කෝච්චි ඇති තරම් දැකලා තියෙනවා නෙහ්. :cool:
    මං කෝච්චි පින්තූර ( අනුන්ගේ එවුවා නෙමෙයි. මගේ කැමරාවෙන් මං ගත්තුවා) මේ ත්‍රෙඩ් එකේ දාන්න ගියොත් දවසට 20 ගානේ ත්‍රෙඩ් එකේ දැම්මත් අවුරුදු 05කට වැඩියෙන් පෝස්ට් කරන්න කෝච්චි පින්තුරු තියේ..

    ආයේ උඹ මේ ත්‍රෙඩ් එකට වැදගත් යමක් අරගෙන පැමිනේවි යයි සිතමි... :cool:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    පින්තූර කතාව මාත් කියන්න හිතලා කිව්වේ නෑත්තේ අවුලක් වෙයි කියලා....:(

    පින්තූර වලට වඩා සංවාදයක් යනවා නම් තමයි හොඳ...අතර මැදින් වැදගත් පින්තූරත් එක්කලා.....:yes::yes:

    දෙන්නම හිටපියවු...

    ගියෝත් එහෙම මාරුවෙ
    න් මාරුවට තොපි දෙන්නගේ රෙප් කපනවා 1.5 ගානේ:growl:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    11.gif
    සුදුසුකම් නැත :baffled:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මාතර බලා ධාවනය වන සීඝ්‍රගාමී දුම්රිය පෙව 6.40ට මාතර බලා පිටත් වේ.
    එම දුම්රිය නවත්වන්නේ කොළඹ කොටුව, දෙහිවල, ගල්කිස්ස, මොරටුව, පානදුර, දකුණු කළුතර, අලුත්ගම, බෙන්තොට, කොස්ගොඩ, අම්බලන්ගොඩ, හික්කඩුව, ගාල්ල..
    ගාල්ලේ සිට මාතර දක්වා ඇති සෑම දුම්රිය ස්ථානයකම නවත්වනවා ඇත..

    ඔන්න ඔහොමයි මං පොඩි කාලේ උදේ 6.40ට මරදානෙන් මාතර බලා පිටත් වෙන කෝච්චියට මරදාන ඉස්ටේසමෙන් දෙන එනවුන්ස්මන්ට් එක. මයේ අම්මා ගුරුවරියක්.. දෙවනි පන්තියේ දුම්රිය ගමන් අවසර පත්තරයක් උන්දැට තිබුනා. (තාම තියෙනවා) ඔය වොරන්ට් එක අරගෙන අම්මයි තාත්තයි, නංගියි එක්ක ආච්චි බලන්න අප්‍රේල්, අගොස්තු, දෙසැම්බර් කියන ඉස්කෝල නිවාඩු කාල තුනේම අපි මාතර යනවා.
    දෙසැම්බර් නිවාඩුවට මාතර යන ගමනට නොවැම්බර් පලවෙනිදා ඉඳං මමයි නංගියි දවස් ගනිනවා. ගමේ යන දවසේ උදේ පාන්දර නැගිටලා මූන හෝදලා ලේස්ති වෙලා ඉන්නේ මරදාන ඉස්ටේසමට යන්න ආටා එකක් එනකං. ගොඩක් වෙලාවට ඉස්ටේසමට යන්න කලින් දවසේ රෑ කථා කරගන්නේ ගෙවල් ගාව බන්දු මාමාගේ ආටා එක. බන්දු මාමට උදේ 5.30ට ට විතර එන්න කියන්නේ කලින් ගිහින් ජනේලේ අයිනේ සීට් එකක් අල්ලගන්නයි..අපේ ගෙදර ඉඳං ඉස්ටේසමට යන්න විනාඩි 20කට අඩු මිසක් වැඩි වෙන්නේ නෑ. කොහොමත් 6 වෙන්න කලින් ටිකට් අරගෙන ප්ලැට් ෆෝර්ම් එකටත් ගිහිල්ලා. තාත්තා නොයිවසිල්ලෙන් බලාගෙන ඉන්නේ කෝච්චිය ආපු ගමන් ගොඩ වෙලා අපි 04 දෙනාට යන්න සීට් 04ක් අල්ලගන්නයි. කෝච්චිය නවත්වන්නත් කලින් පොරකාලා පොරකාලා තාත්තා කෝච්චියට ගොඩවෙලා සීට් අල්ලගන්නවා. අල්ලගන්නේ මුහුද පැත්තේ සීට්. උදේට ඒ පැත්තේ තමා ඉර අවුව ඇත්තේ. අපි ඇවිත් වාඩි උනාට පස්සේ තමා තත්වය ටිකක් සංසුන් වෙන්නේ. ඊට පස්සේ හිමිහිට මරදානේ කැටිම පැත්තට ගිහින් බිත්තර පාං, රෝල්ස් අරගෙන ඇවිත් දෙනවා කන්න අපිට.
    ඔය අතරේ මම කරන්නේ එලියට බැහැලා දුවලා දුවලා ගිහින් ඇන්ජිම මොකද්ද කියලා බලාගන්න එක. ගොඩක් වෙලාවට ඔය කෝච්චියට සෙට් වෙන්නේ M4 එකක්. ඇන්ජිමේ නම මොකද්ද කියලා බලාගෙන ඇවිත් මම නංගිට කියනවා. එයා බලාගෙන ඉන්නේ මම ඇන්ජිමේ නම බලාගෙන එනකන්. ඊට පස්සේ මමයි නංගියි නොයිවසිල්ලෙන් බලාගෙන ඉන්නේ කෝච්චිය කොයි වෙලේද පිටත් වෙන්නේ කියලා. හරියටම 6.40ට බෙල් එක වදිනවා. "දඩස්" සද්දෙකුත් එක්ක ඇන්ජිමේ හොර්න් එක ගහගෙන කෝච්චිය මාතර බලා පිටත් වෙනවා. කොටුවෙන් කෝච්චිය ෆුල් පැක් වෙනවා. ගාල්ලට යනකන්ම එක දිගට සෙනඟ ඉන්නවා ඔය කෝච්චියට. මුහුද දිහා බලාගෙන, ඉස්ටේෂන් වල නම් බල බල, පාරේ තියෙන ගස් කොලන් වල කොල කඩ කඩ, ජනේලෙන් ඔලුව එලියට දාගෙන එන හුළඟට කොන්ඩේ උඩ යනවා බල බල මම මාතර යනවා...

    "බනිස්, මාලු පාං, බිත්තර පාං, රෝල්ස්"
    "වඩ වඩ,බනිස්, මාලු පාං, බිත්තර පාං"
    "රෝල්ස් උණු උණුවෙන්"

    ඔය වචන ටික කෝච්චියේ ඇහෙන්න පටන් ගන්නේ අලුත්ගම පහු කරාම. කොච්චර බඩගිනි නැතත් තාත්තාගේ මූන බලන්නේ අපි දෙන්නා එකටමයි. අපි දෙන්නගෙම අවශ්‍යතාවය බිත්තරා පාං. තාත්තා අරං දෙනවා ඉතිං. ඕක කකා ආයේ ජනේලෙන් ඔලුව දාගෙන යනවා කෝච්චියේ..
    ගාල්ලට කෝච්චිය එනකොට 10-10.15 වෙනවා. ගාල්ලෙන් පස්සේ සීඝ්‍රගාමී දුම්රිය මන්දාගාමී වෙනවා කියලා මම මුලින්ම කිවා නේ. ගාල්ලෙන් පස්සේ තියෙන හැම ඉස්ටේසමකම කොච්චිය නවත්වනවා. නවත්තපු ගමන් මම දුවන්නේ ඇන්ජිම කෝච්චියෙන් ගලවනවා බලන්න. M4 එකට මම පොඩි කාලේ ඉඳංම පට්ටම ආසයි ආදරෙයි. ලඟට ගිහින් ඇන්ජිම පොඩ්ඩක් හරි අල්ලන්න ඕනේ මට. අපේ කෝච්චියෙන් ගලවපු ඇන්ජිම කෙලින්ම යන්නේ ගාල්ලේ ටර්න් ටේබල් එකට...ටර්න් ටේබල් එක ගාවට යන්න මට බෑ. ඒ කාලේ පොඩි එකා නේ. ඒ නිසා ප්ලැට් ෆෝර්ම් එකේ ඉඳං බලාගෙන ඉන්නවා ඇන්ජිම අනිත් පැත්ත හැරවෙන හැටි. ඒ කාලේ මාතර - වවුනියාව රජරට රැජිණ මාතරින් පිටත් වෙන්නේ උදේ 9.35ට. ගොඩක් වෙලාවට මාතරින් කෝච්චිය එවන්නේ M7 එකක් හරි W3 එකක් හරි අමුනලා.. අර තඩි රැජින ඇදගෙන ගාල්ලට එනකොට 10.45 වත් වෙනවා. ගාල්ලෙදි අපි ආපු කෝච්චියේ ඇන්ජිම රැජිනට අමුනලා රැජිනේ ආපු ඇන්ජිම අපේ කෝච්චියට අමුනනවා. M4 එක සෙට් කරාට පස්සේ රැජින බුලට් එක වගේ.. මාතර කෝච්චියට කලින් රැජින යන්න පිටත් වෙන්නේ සෑහෙන දුරක් යන්න තියෙන නිසා. දුකෙන් උනත් රැජින වවුනියා යන හැටි මම ප්ලැට් ෆෝර්ම් එකට වෙලා බලාගෙන ඉඳලා අපේ කෝච්චියට ගොඩවෙනවා. ඔය ඔක්කොම සෙල්ලම් ටික වෙලා අපේ
    කොච්චිය මාතර යන්න පිටත් වෙනකොට 11 පහු වෙනවා. ගාල්ලෙන් පස්සේ කෝච්චිය සෑහෙන දුරට හිස්. සෙනඟ බොහෝම අඩුයි.. ගාල්ලෙන් පස්සේ මට අවස්ථාව ලැබෙනවා පා පුවරුවේ ගමන් කරන්න. අම්මා නම් එක හෙලාම එපා කියද්දි තාත්තා කියන්නේ "කොල්ලෝ උනාම පුරුදු වෙන්නත් එපැයි" කියලා විතරයි. තාත්තාගේ අවසරයෙන් පා පුවරුවට මම දුවලා යනකොට නංගිගේ මූන හොඳ නෑ..
    ගාල්ලෙන් පස්සේ මුහුදුබඩ දුම්රිය මාර්ගයේ වටපිටාව සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා.. සම්පූර්ණයෙන්ම ගැමි වටපිටාවක්. පොල්ගස් පේලියට, එක තැනක පොල් මලක් මදිනවා, ලණු වියනවා, බයිසිකල් වලින් එහේ මෙහේ යනවා. කරත්ත, මාලු වෙලඳාම, එක තැනක ගමේ පොලක්, තව තැනක පොඩි කඩමංඩියක්, පොඩි ළමයි සෙල්ලම් කරනවා. උන් කෝච්චිය එනකොට ඈතට දුවලා යනවා. ඒ දවස්වල ගාල්ලේ ඉඳන් මාතරට යන දුම්රිය ගමන ජීවිතේ කවදාවත්ම අමතක නොවෙන ගමනක් විදියට මගේ හිතේ සටහන් වෙලා තියෙනවා. වෙනස්ම ජීවන රටාවක්. ගැමි පරිසරයක් හරහා යන මේ ගමන ඇත්තටම උඩරට දුම්රිය මාර්ගයේ ගමනට වඩා සුන්දරයි. අද වෙනකොට නම් මේ සුන්දරත්වය සම්පූර්ණයෙන්ම වගේ නැති වෙලා ගිහිල්ලා. මුහුදුබඩ මාර්ගයේ ලස්සනම දුම්රිය ස්ථානයක් තමයි තල්පේ කියන්නේ. තල්පේ ඉස්ටේසමේ අනිවාර්යෙන්ම මම බහිනවා. බැහැලා ඉස්සරහට දුවලා ගිහින් ආයේ කෝච්චියට ගොඩවෙනවා. හබරාදූව, කොග්ගල, කතලුව, අහංගම, මිදිගම, කුඹල්ගම, වැලිගම, මිරිස්ස, කඹුරුගමුව, වල්ගම, මාතර. ඔන්න ඔහොමයි ඉස්ටේසන් ටික තිවුනේ.. හැමදාම කෝච්චිය මාතර එනකොට 12.30 කිට්ටු වෙනවා. මාතරින් බහිනකොට හැමෝටම ගොඩක් වෙහෙසයි. ඒත් මගේ හිතේ නම් පුදුම සන්තෝසයකුත් එක්ක මතකසටහන් ගොන්නක් සටහන් වෙලා ඉවරයි.. ඉස්ටේසමෙන් එලියට එනකොට දැං තියෙන්නේ ත්‍රිවීල්. ඉස්සර තිබුනේ තිරික්කල. එලියට ආපු ගමන් කඩෙන් ක්‍රීම් සොඩා බොතල් දෙකක් තාත්තා ගන්නවා. මටයි තාත්තටයි එකක්. අම්මටයි නංගිටයි එකක්. ඉස්ටේෂන් එකේ ඉඳං පාරට ඇවිත් අකුරැස්ස බස් එකේ නැගලා ආච්චිලෑ ගෙදර යනවා..

    මේ ටික ලියන්න හිතුනේ මං පොඩි කාලේ ආච්චි බලන්න ගමේ ගිය හැටි මතක් වෙලා. මේ කාලේට මම පුදුන විදියට ආදරෙයි...ආයේ කවම කවදාවත් ඔය විදියට අපි 04 දෙනාට මාතර යන්න ලැබෙන්නේ නෑ. ආයේ කවම කවදාකවත් බිත්තර පාං, ක්‍රීම් සොඩා අරන් දෙන්න මගේ තාත්තාට පුළුවන් කමක් නෑ.
    දැං හැමදේම වෙනස් වෙලා. රාජකාරි කටයුතු අපේ ජිවිත බිලිඅරගෙන ඉවරයි. දැං ආච්චි බලන්න මාතර යන්නේ හයි වේ එකේ. රෑ 10ට විතර ගෙදරින් යනවා කාර් එකේ. 12ටත් කලින් ආච්චිලගේ ගෙදර. එක්කෝ අම්මලා වෙනම. මම වෙනම. පුදුම කරුම ජිවිතයක් කියලා හිතෙනවා වෙලාවකට. දුක හිතිලා මේක ලිව්වේ.

    316711_10150343670756418_3673489_n.jpg

    304759_10150343674291418_1421085_n.jpg

    316693_10150343674836418_3490798_n.jpg

    320954_10150343676246418_2469593_n.jpg

    316603_10150343674026418_1634482_n.jpg

    311964_10150343677666418_57032_n.jpg

    robaiya

    Member
    Feb 10, 2015
    1,869
    501
    0
    train simulator හොදම වර්ශන් එක මොකක්ද? එකේ ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් එකකත් දෙනවද :)
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    train simulator හොදම වර්ශන් එක මොකක්ද? එකේ ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් එකකත් දෙනවද :)

    අළුත්ම එක නම් ප්ලේ කරේ නෑ බං...අන්තිමට ආවේ 2015 වගේ මතක....2012 එක ගන්න...ඒක පට්ට..සුපිරි එන්ජින් ටිකක් තියනවා

    2012

    http://oceanofgames.com/railworks-3-train-simulator-free-download/

    2016
    http://oceanofgames.com/train-simulator-2016-free-download/
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    මේ ටික ලියන්න හිතුනේ මං පොඩි කාලේ ආච්චි බලන්න ගමේ ගිය හැටි මතක් වෙලා. මේ කාලේට මම පුදුන විදියට ආදරෙයි...ආයේ කවම කවදාවත් ඔය විදියට අපි 04 දෙනාට මාතර යන්න ලැබෙන්නේ නෑ. ආයේ කවම කවදාකවත් බිත්තර පාං, ක්‍රීම් සොඩා අරන් දෙන්න මගේ තාත්තාට පුළුවන් කමක් නෑ.
    දැං හැමදේම වෙනස් වෙලා. රාජකාරි කටයුතු අපේ ජිවිත බිලිඅරගෙන ඉවරයි. දැං ආච්චි බලන්න මාතර යන්නේ හයි වේ එකේ. රෑ 10ට විතර ගෙදරින් යනවා කාර් එකේ. 12ටත් කලින් ආච්චිලගේ ගෙදර. එක්කෝ අම්මලා වෙනම. මම වෙනම. පුදුම කරුම ජිවිතයක් කියලා හිතෙනවා වෙලාවකට. දුක හිතිලා මේක ලිව්වේ.

    :(:(
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    මාතර බලා ධාවනය වන සීඝ්‍රගාමී දුම්රිය පෙව 6.40ට මාතර බලා පිටත් වේ.
    එම දුම්රිය නවත්වන්නේ කොළඹ කොටුව, දෙහිවල, ගල්කිස්ස, මොරටුව, පානදුර, දකුණු කළුතර, අලුත්ගම, බෙන්තොට, කොස්ගොඩ, අම්බලන්ගොඩ, හික්කඩුව, ගාල්ල..
    ගාල්ලේ සිට මාතර දක්වා ඇති සෑම දුම්රිය ස්ථානයකම නවත්වනවා ඇත..

    දැන් ඕක 6.30 නේ.මම ඊයේ ගියා ඔකේ.M8a තමයි යන්නේ :)සුපුරුදු කලුදුම සමග :sorry:
    ගාල්ලේ ටර්න්ටෙබල් දාන්නේ නෑ මම හිතන්නේ ඕක දැන් .
    මරදාන-කොටුව-දෙහිවල-ගල්කිස්ස-රත්මලාන-පානදුර-වාද්දුව-දකුණ/කළුතර-අලුත්ගම-බෙන්තොට-අම්බලන්ගොඩ-හික්කඩුව-ගාල්ල
    ගාල්ල සිට මාතර බලා ඇති සෑම දුම්රිය ස්ථානයකම නවත්වනවා ඇත :)
    රැජිනයි ඕකයි දැන් අලුත්ගමදී නේ ක්‍රොස් වෙන්නේ?​
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    දැන් ඕක 6.30 නේ.මම ඊයේ ගියා ඔකේ.M8a තමයි යන්නේ :)සුපුරුදු කලුදුම සමග :sorry:
    ගාල්ලේ ටර්න්ටෙබල් දාන්නේ නෑ මම හිතන්නේ ඕක දැන් .
    මරදාන-කොටුව-දෙහිවල-ගල්කිස්ස-රත්මලාන-පානදුර-වාද්දුව-දකුණ/කළුතර-අලුත්ගම-බෙන්තොට-අම්බලන්ගොඩ-හික්කඩුව-ගාල්ල
    ගාල්ල සිට මාතර බලා ඇති සෑම දුම්රිය ස්ථානයකම නවත්වනවා ඇත :)
    රැජිනයි ඕකයි දැන් අලුත්ගමදී නේ ක්‍රොස් වෙන්නේ?​

    එහෙම වෙන්න ඇති බං... 2011න් පස්සේ ගියේ නෑ කෝච්චියේ මාතර... :sorry:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඉතිං තෝන්තු කොටලුවෙනි...

    අවෝඩ් වැඩේ නිසා අනිත් ත්‍රෙඩ් ඔක්කොම යට ගිහින් මේ ටිකේ:cool:..
    හෙට අනිද්දා පහුවෙලා අයේ වැඩට බහිමු:dull:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මාතර බලා ධාවනය වන සීඝ්‍රගාමී දුම්රිය පෙව 6.40ට මාතර බලා පිටත් වේ.
    එම දුම්රිය නවත්වන්නේ කොළඹ කොටුව, දෙහිවල, ගල්කිස්ස, මොරටුව, පානදුර, දකුණු කළුතර, අලුත්ගම, බෙන්තොට, කොස්ගොඩ, අම්බලන්ගොඩ, හික්කඩුව, ගාල්ල..
    ගාල්ලේ සිට මාතර දක්වා ඇති සෑම දුම්රිය ස්ථානයකම නවත්වනවා ඇත..

    ඔන්න ඔහොමයි මං පොඩි කාලේ උදේ 6.40ට මරදානෙන් මාතර බලා පිටත් වෙන කෝච්චියට මරදාන ඉස්ටේසමෙන් දෙන එනවුන්ස්මන්ට් එක. මයේ අම්මා ගුරුවරියක්.. දෙවනි පන්තියේ දුම්රිය ගමන් අවසර පත්තරයක් උන්දැට තිබුනා. (තාම තියෙනවා) ඔය වොරන්ට් එක අරගෙන අම්මයි තාත්තයි, නංගියි එක්ක ආච්චි බලන්න අප්‍රේල්, අගොස්තු, දෙසැම්බර් කියන ඉස්කෝල නිවාඩු කාල තුනේම අපි මාතර යනවා.
    දෙසැම්බර් නිවාඩුවට මාතර යන ගමනට නොවැම්බර් පලවෙනිදා ඉඳං මමයි නංගියි දවස් ගනිනවා. ගමේ යන දවසේ උදේ පාන්දර නැගිටලා මූන හෝදලා ලේස්ති වෙලා ඉන්නේ මරදාන ඉස්ටේසමට යන්න ආටා එකක් එනකං. ගොඩක් වෙලාවට ඉස්ටේසමට යන්න කලින් දවසේ රෑ කථා කරගන්නේ ගෙවල් ගාව බන්දු මාමාගේ ආටා එක. බන්දු මාමට උදේ 5.30ට ට විතර එන්න කියන්නේ කලින් ගිහින් ජනේලේ අයිනේ සීට් එකක් අල්ලගන්නයි..අපේ ගෙදර ඉඳං ඉස්ටේසමට යන්න විනාඩි 20කට අඩු මිසක් වැඩි වෙන්නේ නෑ. කොහොමත් 6 වෙන්න කලින් ටිකට් අරගෙන ප්ලැට් ෆෝර්ම් එකටත් ගිහිල්ලා. තාත්තා නොයිවසිල්ලෙන් බලාගෙන ඉන්නේ කෝච්චිය ආපු ගමන් ගොඩ වෙලා අපි 04 දෙනාට යන්න සීට් 04ක් අල්ලගන්නයි. කෝච්චිය නවත්වන්නත් කලින් පොරකාලා පොරකාලා තාත්තා කෝච්චියට ගොඩවෙලා සීට් අල්ලගන්නවා. අල්ලගන්නේ මුහුද පැත්තේ සීට්. උදේට ඒ පැත්තේ තමා ඉර අවුව ඇත්තේ. අපි ඇවිත් වාඩි උනාට පස්සේ තමා තත්වය ටිකක් සංසුන් වෙන්නේ. ඊට පස්සේ හිමිහිට මරදානේ කැටිම පැත්තට ගිහින් බිත්තර පාං, රෝල්ස් අරගෙන ඇවිත් දෙනවා කන්න අපිට.
    ඔය අතරේ මම කරන්නේ එලියට බැහැලා දුවලා දුවලා ගිහින් ඇන්ජිම මොකද්ද කියලා බලාගන්න එක. ගොඩක් වෙලාවට ඔය කෝච්චියට සෙට් වෙන්නේ M4 එකක්. ඇන්ජිමේ නම මොකද්ද කියලා බලාගෙන ඇවිත් මම නංගිට කියනවා. එයා බලාගෙන ඉන්නේ මම ඇන්ජිමේ නම බලාගෙන එනකන්. ඊට පස්සේ මමයි නංගියි නොයිවසිල්ලෙන් බලාගෙන ඉන්නේ කෝච්චිය කොයි වෙලේද පිටත් වෙන්නේ කියලා. හරියටම 6.40ට බෙල් එක වදිනවා. "දඩස්" සද්දෙකුත් එක්ක ඇන්ජිමේ හොර්න් එක ගහගෙන කෝච්චිය මාතර බලා පිටත් වෙනවා. කොටුවෙන් කෝච්චිය ෆුල් පැක් වෙනවා. ගාල්ලට යනකන්ම එක දිගට සෙනඟ ඉන්නවා ඔය කෝච්චියට. මුහුද දිහා බලාගෙන, ඉස්ටේෂන් වල නම් බල බල, පාරේ තියෙන ගස් කොලන් වල කොල කඩ කඩ, ජනේලෙන් ඔලුව එලියට දාගෙන එන හුළඟට කොන්ඩේ උඩ යනවා බල බල මම මාතර යනවා...

    "බනිස්, මාලු පාං, බිත්තර පාං, රෝල්ස්"
    "වඩ වඩ,බනිස්, මාලු පාං, බිත්තර පාං"
    "රෝල්ස් උණු උණුවෙන්"

    ඔය වචන ටික කෝච්චියේ ඇහෙන්න පටන් ගන්නේ අලුත්ගම පහු කරාම. කොච්චර බඩගිනි නැතත් තාත්තාගේ මූන බලන්නේ අපි දෙන්නා එකටමයි. අපි දෙන්නගෙම අවශ්‍යතාවය බිත්තරා පාං. තාත්තා අරං දෙනවා ඉතිං. ඕක කකා ආයේ ජනේලෙන් ඔලුව දාගෙන යනවා කෝච්චියේ..
    ගාල්ලට කෝච්චිය එනකොට 10-10.15 වෙනවා. ගාල්ලෙන් පස්සේ සීඝ්‍රගාමී දුම්රිය මන්දාගාමී වෙනවා කියලා මම මුලින්ම කිවා නේ. ගාල්ලෙන් පස්සේ තියෙන හැම ඉස්ටේසමකම කොච්චිය නවත්වනවා. නවත්තපු ගමන් මම දුවන්නේ ඇන්ජිම කෝච්චියෙන් ගලවනවා බලන්න. M4 එකට මම පොඩි කාලේ ඉඳංම පට්ටම ආසයි ආදරෙයි. ලඟට ගිහින් ඇන්ජිම පොඩ්ඩක් හරි අල්ලන්න ඕනේ මට. අපේ කෝච්චියෙන් ගලවපු ඇන්ජිම කෙලින්ම යන්නේ ගාල්ලේ ටර්න් ටේබල් එකට...ටර්න් ටේබල් එක ගාවට යන්න මට බෑ. ඒ කාලේ පොඩි එකා නේ. ඒ නිසා ප්ලැට් ෆෝර්ම් එකේ ඉඳං බලාගෙන ඉන්නවා ඇන්ජිම අනිත් පැත්ත හැරවෙන හැටි. ඒ කාලේ මාතර - වවුනියාව රජරට රැජිණ මාතරින් පිටත් වෙන්නේ උදේ 9.35ට. ගොඩක් වෙලාවට මාතරින් කෝච්චිය එවන්නේ M7 එකක් හරි W3 එකක් හරි අමුනලා.. අර තඩි රැජින ඇදගෙන ගාල්ලට එනකොට 10.45 වත් වෙනවා. ගාල්ලෙදි අපි ආපු කෝච්චියේ ඇන්ජිම රැජිනට අමුනලා රැජිනේ ආපු ඇන්ජිම අපේ කෝච්චියට අමුනනවා. M4 එක සෙට් කරාට පස්සේ රැජින බුලට් එක වගේ.. මාතර කෝච්චියට කලින් රැජින යන්න පිටත් වෙන්නේ සෑහෙන දුරක් යන්න තියෙන නිසා. දුකෙන් උනත් රැජින වවුනියා යන හැටි මම ප්ලැට් ෆෝර්ම් එකට වෙලා බලාගෙන ඉඳලා අපේ කෝච්චියට ගොඩවෙනවා. ඔය ඔක්කොම සෙල්ලම් ටික වෙලා අපේ
    කොච්චිය මාතර යන්න පිටත් වෙනකොට 11 පහු වෙනවා. ගාල්ලෙන් පස්සේ කෝච්චිය සෑහෙන දුරට හිස්. සෙනඟ බොහෝම අඩුයි.. ගාල්ලෙන් පස්සේ මට අවස්ථාව ලැබෙනවා පා පුවරුවේ ගමන් කරන්න. අම්මා නම් එක හෙලාම එපා කියද්දි තාත්තා කියන්නේ "කොල්ලෝ උනාම පුරුදු වෙන්නත් එපැයි" කියලා විතරයි. තාත්තාගේ අවසරයෙන් පා පුවරුවට මම දුවලා යනකොට නංගිගේ මූන හොඳ නෑ..
    ගාල්ලෙන් පස්සේ මුහුදුබඩ දුම්රිය මාර්ගයේ වටපිටාව සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා.. සම්පූර්ණයෙන්ම ගැමි වටපිටාවක්. පොල්ගස් පේලියට, එක තැනක පොල් මලක් මදිනවා, ලණු වියනවා, බයිසිකල් වලින් එහේ මෙහේ යනවා. කරත්ත, මාලු වෙලඳාම, එක තැනක ගමේ පොලක්, තව තැනක පොඩි කඩමංඩියක්, පොඩි ළමයි සෙල්ලම් කරනවා. උන් කෝච්චිය එනකොට ඈතට දුවලා යනවා. ඒ දවස්වල ගාල්ලේ ඉඳන් මාතරට යන දුම්රිය ගමන ජීවිතේ කවදාවත්ම අමතක නොවෙන ගමනක් විදියට මගේ හිතේ සටහන් වෙලා තියෙනවා. වෙනස්ම ජීවන රටාවක්. ගැමි පරිසරයක් හරහා යන මේ ගමන ඇත්තටම උඩරට දුම්රිය මාර්ගයේ ගමනට වඩා සුන්දරයි. අද වෙනකොට නම් මේ සුන්දරත්වය සම්පූර්ණයෙන්ම වගේ නැති වෙලා ගිහිල්ලා. මුහුදුබඩ මාර්ගයේ ලස්සනම දුම්රිය ස්ථානයක් තමයි තල්පේ කියන්නේ. තල්පේ ඉස්ටේසමේ අනිවාර්යෙන්ම මම බහිනවා. බැහැලා ඉස්සරහට දුවලා ගිහින් ආයේ කෝච්චියට ගොඩවෙනවා. හබරාදූව, කොග්ගල, කතලුව, අහංගම, මිදිගම, කුඹල්ගම, වැලිගම, මිරිස්ස, කඹුරුගමුව, වල්ගම, මාතර. ඔන්න ඔහොමයි ඉස්ටේසන් ටික තිවුනේ.. හැමදාම කෝච්චිය මාතර එනකොට 12.30 කිට්ටු වෙනවා. මාතරින් බහිනකොට හැමෝටම ගොඩක් වෙහෙසයි. ඒත් මගේ හිතේ නම් පුදුම සන්තෝසයකුත් එක්ක මතකසටහන් ගොන්නක් සටහන් වෙලා ඉවරයි.. ඉස්ටේසමෙන් එලියට එනකොට දැං තියෙන්නේ ත්‍රිවීල්. ඉස්සර තිබුනේ තිරික්කල. එලියට ආපු ගමන් කඩෙන් ක්‍රීම් සොඩා බොතල් දෙකක් තාත්තා ගන්නවා. මටයි තාත්තටයි එකක්. අම්මටයි නංගිටයි එකක්. ඉස්ටේෂන් එකේ ඉඳං පාරට ඇවිත් අකුරැස්ස බස් එකේ නැගලා ආච්චිලෑ ගෙදර යනවා..

    මේ ටික ලියන්න හිතුනේ මං පොඩි කාලේ ආච්චි බලන්න ගමේ ගිය හැටි මතක් වෙලා. මේ කාලේට මම පුදුන විදියට ආදරෙයි...ආයේ කවම කවදාවත් ඔය විදියට අපි 04 දෙනාට මාතර යන්න ලැබෙන්නේ නෑ. ආයේ කවම කවදාකවත් බිත්තර පාං, ක්‍රීම් සොඩා අරන් දෙන්න මගේ තාත්තාට පුළුවන් කමක් නෑ.
    දැං හැමදේම වෙනස් වෙලා. රාජකාරි කටයුතු අපේ ජිවිත බිලිඅරගෙන ඉවරයි. දැං ආච්චි බලන්න මාතර යන්නේ හයි වේ එකේ. රෑ 10ට විතර ගෙදරින් යනවා කාර් එකේ. 12ටත් කලින් ආච්චිලගේ ගෙදර. එක්කෝ අම්මලා වෙනම. මම වෙනම. පුදුම කරුම ජිවිතයක් කියලා හිතෙනවා වෙලාවකට. දුක හිතිලා මේක ලිව්වේ.

    පසුව කියවන්න බම්ප්....
     
    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    යාපනය සිට කොළඹ කොටුව බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය ගමන් ඇරැඹිමට සුළු මොහොතකට පෙර.. (2016-01-04 දින) :rolleyes::rolleyes:
    පෙට්ටි 15ක් තියෙනව..:yes::yes:
    ඉන්දියන් වුනාට වැඩකරු.. :P:P

    IMG_20160104_181808_1.jpg

    IMG_20160104_182400_1.jpg

    ලංකාවේ වැඩියෙන්ම ප්‍රමාද වන දුම්රියන් අතර මුල් තැන ඉන්න දුම්රියක් මේක..:eek::eek:
    ඒ වගේම සෑහෙන සෙනගක් යන දුම්රියක්..
     
    Last edited: