එළකිරි භූත කොටුව.........

sebastian show

Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    රැන්වර්ත් බෙහෙවින් සුන්දර ගමිමානයක් වුවාසේම අවතාර බහුල ගමිමානයක් බවට ද ප්‍රසිද්ධව තිබිණ. විශාල දේවස්ථානයක් එම ගමිමානයෙහි විය. පෞරාණික වටිනාකමකින් මෙන්ම වටිනා භාණ්ඩ වලින් ද පිරුණු මෙම දෙවි මැදුර මුළු ප්‍රාන්තයෙහිම වු විශිෂ්ඨතම නිර්මාණය ලෙස පිළිගැනිනි. එහි සුන්දරත්වයෙන් වසග නොවු දෙනෙතක් නොවීය.
    බෙහෙවින් අලංකාර සිතුවමක් මේ දෙවි මැදුර තුළ විය. මෙම සිතුවම 15 වන ශත වර්ෂයෙහි එහි ජිවත් වු ජර්මන් ජාතික සිත්තරුන්ගේ විස්කමක් බව බොහෝ දෙනෙකුගේ අදහසයි. මේ දෙවි මැදුර ගොඩ නගන ලද්දේ 15 වන ශත වර්ෂයෙහි බව කියැවෙයි.
    රාත්‍රී කාලයට දේවස්ථානය අසලින් ඇති ඇල ඉවුර දිගේ යන ඇතැමෙකුට අලංකාර ලෙස පින්තාරු කරන ලද ඹරුවක නැගී හබල් ගාමින් යන මිනිස් රුවක් දක්නට ලැබේ. ඒ හැම දිනයක්ම සද හොදින් පායා ඇති දිනයක් වීම මෙහි විශේෂත්වයයි.
    ඹරුවෙහි නැගුණූ පුද්ගලයා ගේ ගත වැසී ඇත්තේ පුජකවරයෙකුගේ ඇදුමකිනි. ඹරුවෙහි තවත් අමුත්තෙකු ද වෙ යි. ඒ කුඩා දුඹුරු පැහැති සුනඛයෙකි.
    ඹරුවෙහි නැගුණූ මේ පුජක ඇදුමින් සැරසුණු තැනැත්තා රැන්වරුත් හි දේවස්ථානයේ සිතුවමි නිමවු පුජකයවරයා බවට විශ්වාසයක් පවතී.
    ඹහු කුඩා දුඹුරු පැහැති බල්ලෙකු ඇති දැඩි කළ බව ද තම ස්වාමියාට දැඩි සෙනෙහසක් දැක්වු මේ සුනඛයා ඹහු යන සෑම තැනකම පසුපසින් යෑමට පුරුදුව සිටි බව ද කියැ‍වේ. අද මිනිසුන් හමුවේ දිස්වන්නේ මේ සුනඛ මිතුරාගේත් මිනිස් මිතුරාගේත් අවතාරයයි. නමුත් ඹවුන්ගෙන් කිසිවෙකුට හෝ හිරිහැරයක් සිදු වි නැත. අවතාර වැවද ඒක්තරා අහිංසකයන් දෙදෙනකි.
    මේ ප්‍රදේශයෙහි සැරිසරන බුරු අවතාරයක් ද වෙයි. ශීත සමයෙහි එක් රැයක දෙපසින් වගුරු බිමි සහිත පාළු මාවතක් පසු කර යන ගැමියෙකි. හදිසියේ එක්වරම පසු පස හැරී බැලීමට සිතක් ගැමියා තුළ පහළ විය. කිසිවෙකු තමාට එසේ කරන ලෙස විධානය දෙන බවක් ඹහුට හැගුණේ අහේතුක බියක් සමගිනි.
    ඹහු හැරී බලනවාත් සමගම සතෙකුගේ කුර ගැටෙන හඩක් එක්වරම පසු පසින් නැගී ආවේ පැහැදිලිවය. පිටුපස හැරී බැලු ගැමියාට පාරෙහි තමා දෙසට එන සුදු පැහිති බු‍රුවෙකු දක්නට ලැබිණ. ඌ දක්කාගෙන එන්නෙකු පෙනෙන්නට නොවීය.
    ගැමියාට බියක් දැනිණි. ඹහු බලා සිටියේය. එවිට බුරුවාත් නැවතී තමා දෙස බලා සිටිනු ඹහුට පෙනුණි. ඹහු ගමන ආරමිභ කළ විට මේ අද්භූත සත්වයාත් ඹහු පසු පස ගමන් කරන්නට විය.
    මේ අද්භුත සත්ත්වයා අවතාරයක් විය නොහැකිද? යන සැකය ගොවියා තුළ පහළ විය. ඒ සමගම සිතට ආ අදහසක් ක්‍රියාත්මක කළ හෙතෙම ආපසු හැරී බුරුවා දෙසට ගමන් කළේය. බුරුවා දෙසට තමා ළගා වත්ම ඌ පාර මැද නැවතී තමා දෙස බලා සිටිනු ගැමියාට පෙනුණි. ඒ සමගම බියට පත්වුවාක් මෙන් එක් වරම හැරුණු සත්ත්වයා පසු පස නොබලා දුවන්නට විය. ගැමියා ආපසු හැරුණේය. ඹහුගේ සිතිනි බිය පහව ගොස් තිබිණ. නමුත් මොහොතකට පමණි.
    ගමන ආරමිභ කළ ඹහු පිටුපසින් නැවත කුර හඩ නැගෙයි. බුරුවා නැවත ඹහු පසු පසින් පැමිණෙයි. හැරී බලන සෑම මොහොතකම ඌ පෙරට වඩා තමාට ළංවී සිටිනු ගැමියාට පෙණින.
    මේ වන විට ගැමියා හොදින් බියපත් වී සිටි අතර ඒ සීත රැයේදීත් ඹහුගේ සියොළග දහදිය නැගෙමින් තිබිණ.
    දැන් බුරුවා තමා අසලින්ම වාගේ එනු ඹහුට දැනෙයි. එක්වරම හැරී බැලු ඹහු බුරුවා තමාට අඩි කීපයක් පිටු පසින් එන බැවින් උගේ නාස් කුහර වලින් ළා රෝස පැහැති ගිනි දළු දෙකක් සමග දුමි රොටු පිටතට එන බවක් පෙනිණ. පල්මානික්කමි පිළිස්සෙන ගද වැනි ගදක් ද ඹහුට දැනිණ.
    බුරුවා තමා පසු කර දිව යනු ගැමියාට පෙනෙයි. ඉදිරියෙහි වු වැටක් තුළින් ඌ එක්වරම යනු දුටු ගැමියා මේ නමි අවතාරයක්ම බව සැක හැර දැන ගත්තේය.
    දේවස්ථානය ද පසු කළ මේ අද්භුත සත්ත්වයා එක පිමිමේ ගමිමානය වෙත ඇදෙයි. දේවස්ථාන භුමියේ විශාල තාප්පය තුළින් ඌ අනෙක් පසට යනු දුටු ගැමියාගේ දෙනෙත උඩ ඉන්දවිණි.
    පසු දින උදැසනින්ම පැමණ මාවත පරීක්ෂා කර බැලු ගැමියාට බුරුවෙකුගේ කුර වල සළකුණ කුදු සොයා ගත නොහැකි වීමෙන් තමා දැක ඇත්තේ පෙර අසා තිබු අවතාරය බව ඹහුට වැටහිණ.......
     

    sebastian show

    Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    භූතාත්මය ගැන කතාවට එන්න කලින් ඒ කතාවෙ පූර්විකාව නොකියා බැහැ.අවුරුදු ගානකට කලින් මේ කතාව කියපු අක්කාගෙ නැන්දව මරලා දාලා කියලා ආරංචිය ආවා.ඒ මරලා තිබුත්නෙ හරිම කෲර විදිහට,පිහියෙන් කපලා කොටලා.මේ ඝාතනය වුනේ මොන හේතුවකට කවුරු අතින්ද කියන එක අදටත් අභිරහසක්.ඒ දවස් වල ආපු ආරංචි වල හැටියට ඒ ගෑණු කෙනාගෙ දුවත් ළඟ හිටියා සහ ඒ ළමයා සිද්දිය නිසා කම්පනයට පත් වෙලා .ඒත් තාමත් මිනීමරුවා නිදැල්ලේ.සැකය යොමු වුනේ ඒ ගෑණු කෙනාගෙ ස්වාමි පුරුෂයා දිහාවට.ඒත් කිසිම සාක්ෂියක් තිබුනෙ නැති නිසාම පුරුෂයා නිදහස් වුනා.ළමයත් මුකුත් නොකිව්ව බවයි සදහන් වුනේ.

    කොහොම හරි අන්තිමට අර ගෑණු ළමයා ඇවිත් නතර වුනේ තමුන්ගෙ ලොකු මාමාගෙ ගෙදර වුන මට මේ කතාව කියපු අක්කාගෙ ගෙදර.මඟ තොටේ යනකොට, දැන් උසස් අධ්‍යාපනය ලබන ,අර නංගිව හම්බ වුනත් වුන දේවල් හිතේ කොනකටම තල්ලු කරලා හිනා කටක් පුරවගෙන කතා කරන නංගිගෙන් මං මොනවා කියලා අහන්නද?? අන්තිමට ඒ ඝාතනය නොවිසදුන අභිරහස් ගනයට වැටුනා.

    එහෙම්මම ඒ සිද්දිය යට ගියා.මේ කතාව කියන අක්කාගෙ අම්මයි තාත්තයිත් වයසයි.ලෙඩ දුක් හැදෙන කාලෙ.ඇත්තම කිව්වොත් මට ආච්චියි, සීයායි වෙන්නෙ.කාලෙ ගත වෙද්දි අපේ සීයගෙ එක කනක් ඇහෙන්නෙ නැති තත්වයක් උද්ගත වෙලා.කොච්චර බෙහෙත් ගත්තත් කිසිම සුවයක් නම් ලැබිලා නෑ.තව ටික කාලයක් යනකොට ආච්චිගෙ කකුලක් රිදිල්ලක් පටන් අරගෙන.ඒකත් සීයගෙ ලෙඩේ වගේම තමයි.කොච්චර වෙදකම් කලත් පලක් වෙලා නෑ.

    මේ සිද්දිය වෙනකොට දෙන්නම විශ්‍රාම ගිහින් හිටියත් සීයා පුද්ගලික විදුහලක ඉගැන්වීම කලා.දවස ගානෙම එහාට මෙහාට යන එක කරදරයක් නිසා විදුහලේම නේවාසිකාගාරයේ නතර වෙලා සති අන්තයේ තමා ගෙදර ඇවිත් තියෙන්නෙ.මේ දවසෙත් සීයා ගෙදර ඉදලා නෑ.කට්ටියම නිදා ගෙන ඉන්න වෙලාවෙ මේ අක්කා එක පාරම ඇහැරිලා තිබුනේ මහ හයියෙන් ගෑණූ කෙනෙක් අඩන සද්දයක් ඇහිලයි.අර නංගියි,අක්කගෙ අම්මයි දෙන්නම හොදටම නිදාගෙන ඉදලා තියෙන්නෙ.නින්දෙන් බය වුනත් අඩුම ගානෙ දගලපු ස්වරූපයක් හරි තියෙන්න ඕනෙ නෙ කියලා කල්පනා කරපු අක්කා අදුරෙම සාලෙ වාඩි වුනාලු.





    ටික වෙලාවකින් අර අඩන සද්දෙ ආයෙත් මතු වෙලා.සද්දය එන්නෙ එලියෙන් කියලා තේරුන අක්කා සාලෙ ජනේලෙන් එලිය බලලා.හැමදාමත් රෑට නොනිවා තියෙන බල්බ් එලියෙන් අක්කා දැක්කෙ මිදුලෙ තිබුන කොස් ගහ මුල හඩා වැටෙන ගැහැණියක්. ඒත් ඊලග මොහොතෙ ගැහැණිය එතනින් අතුරුදන් වෙලා.ඒ මොහොතෙ කට්ටියව ඇහැරවා කලබල කිරීම පලක් නැති නිසා අක්කත් නින්දට ගිහින්.

    පසු දවසක මේ කතාව ඒ අක්කගෙ බාප්පට මේ කතාව කිව්වාම ටික වෙලාවක් කල්පනා කරපු ඒ සීයා අහලා තිබුනා " ඒ අපේ නංගි වෙන්න බැරිද?" කියලා; අර ඝාතනය වුන කාන්තාව.මේ සැකය නිසා අක්කා කලේ සාස්තර කියන තැනකට ගිය එක.එතැනින් අහලා තියෙන පළවෙනි ප්‍රශ්නෙ "ලගදි කවුරු හරි නෑදෑයෙක් මියගියාද?" කියලයි.උත්තරය ඔව් වුනාම කියපු විස්තරේ ඇහැවාම මාව නම් හීතල වෙලා ගියා.බැලින්නම් මිය ගිය ගෑණු කෙනාගෙ ආත්මය මේ අක්කගෙ තාත්තව ඒ කියන්නෙ තමුන්ගෙ අයියව හොයා ගෙන එනවලු.එන්නෙ එයාට වෙච්ච අසාධාරණේ කියන්නලු.







    සාස්තර කියන කෙනා අහලා තියෙනවා මෙයාගෙ මරණය අභිරහසක් වෙලා නේද,ජීවත්ව ඉන්න කාලෙ ප්‍රශ්නයක් වුනාම කියන්නෙත් මේ අයියට නේද කියලා.ඒක දෙකමත් ඇත්ත.පරණ පුරුද්දට මෙයාට සාධාරණේ ඉටු වුනේ නැති එක ගැන හැමදාම ඇවිත් අර සීයාගෙ කනට කරලා කියනවාලු.එයාගෙන් ප්‍රතිචාරයක් නැති වෙනකොට ආච්චිගෙ කකුලෙන් ඇද ඇද එයාට කියනවලු.එයාගෙ කෙනෙක්ගෙන්ම එයාගෙ ඤාතියො නැති තැනක වුන දේ ගැන කියනවලු.


    ඔය දේවල් දැන ගෙන ගෙදර ඇවිත් කිව්වාම අක්කගෙ අම්මා කියලා තියෙනවා මෙච්චර කල් අක්ක බය වෙයි කියලා, නොකියපු කතාවක්.එක දවසක් දවල්, එයා උය උයා ඉන්න කොට කවුරු හරි මිදුලෙ ඇවිදින බව දැකලා හිතලා තියෙනවා මේ මොකද තමුන්ගෙ දුව ගෙට එන්නෙ නැතුව යන්නෙ කියලා.එලියට බැහැලා බලනකොට දුව නොවන බවත් අදුරගෙන.කොන්ඩය කඩා ගත් ගැහැණු කෙනෙක් ඇවිදිනවලු.ඒ සැනෙන්ම අතුරුදහන් වෙලා.


    මේ නිසාම මේ අක්කලා දාන මාන කරලා මිය ගිය ආත්මයට පින් පමුනුවලා.ඒත් තාමත් සීයගෙයි,ආච්චිගෙයි ලෙඩ නම් හොද වෙලා නෑ.
     
    • Like
    Reactions: nishshankapieris

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    රොබොට් දැන් නිහඬව උන්න ඇති:no::no::no:. දැන් ඇවිත් භූත කොටුවට තල්ලුවක් දෙන්නම ඕන.:yes::yes::yes::yes:
     

    CyberDemon

    Member
    Jul 11, 2012
    81
    3
    0
    Hanthanaya Kadu Pamula
    රොබට් අයියාට පුළුවන් වෙලාවක මට උදවු කරන්න.මට කිසිම දෙයක් හංගන්න ඕන නැහැ අයියේ ඒකයි මං මේ හැමදෙයක්ම ප්‍රසිද්දියේ ලියුවේ.මිට වඩා දේවල් වුනා එත් ඒවා එක දවසින් ලියලා ඉවරකරන්න බැහැ.මට ඕන මගේ අම්මව ඉක්මනින් සනීප කරගන්න ඊට එහා මං වෙන දේවල් කල්පනා කලේ නැහැ.රොබට් අයියගෙන් වගේම මට තව අයගෙන් උදවු ඕන.ඒ හැමෝටම මගේ දුක කියන්න පුළුවන් එකම විදිය තමයි මේක එකයි මං ගැටලුව ප්‍රසිද්දියේ කියුවේ.ඒ වගේම එක යහළුවෙක් කියලා තිබුනා දෙවියන්ට පින් දීල දෙවියන්ගෙන් පිහිට ඉල්ලන්න කියලා එත් අපේ ගෙදර බුදු පහනවත් තියන්න එපා කියල සුනිල් මහත්තයා කියුවා ඒ මොකද කියුවොත් මේ හැම දෙයක් ගැනම කලකිරිලා මගේ තාත්ත ඔය ඔක්කොම පිළිම අයින් කළා,ඉතින් දැන් ගෙදර පාලනය කරන්නේ අමනුෂ්‍යයින්ලු අපි දැන් ආයෙත් පහන තියන්න ගත්තොත් එක බාරගන්නේ අමනුෂ්‍යයින්ලු..ඉතින් එකෙන් තව ප්‍රශ්න වැඩි වේවි කියුවා.ඔයා ප්‍රශ්න ඔක්කොම නිසා මගේ තාත්තත් හුගාක් මානසිකව වැටිලා ඉන්නේ.පුළුවන් ය මට උදවු කරන්න,ඔයාලා දන්නා තැන් තියෙනවානම් කියන්න.රොබට් අයිය මට පිළිතුරක් දෙනකම් බලන් ඉන්නවා.ඒ වගේම හුගාක් ස්තුති ප්‍රියංකර අයියට..

    Oyage post okkoma nam kiyewwe naha, eth atharin pathara theruna seen eka. Okata kiyanne Radolu gedi mathuranawa kiyala. oya kamathi nam mata address eka PM karanna mama oka thawakalikawa adu kara ganna ona badu tika nomile ewannam. Muddara gasthu onath naha ;)

    Anith de thamaa Nilawara dewiyonge pilima 4k aran gedara 4 kone thiyala hamadhama Asala mal puuja karana eka.. Etha kota kadan bari widihata gedhara araksha wenawa.. sathiyak yanna kalisn prasneth iwara wenawa.. habai simawen panapu gaman ayeth leda wenawa. Gedara sanipen inna ekath loku deyak ne :)

    Paraparawe ayata witharak araksha karana kenek thtma oya wisthara tika kiwwe! Ehema nam budusaranai oyage ammata :)
     

    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    රොබා අයියා ඇතුළු භූත කැළ වෙත ගෞරවයෙන් ලියන වගයි ලු ය, :yes:

    සතියක් පුරාම එක දිගට භූත කොටුව කියවල ඉවර කෙරුවෙ මේ දැන් ලු ය.
    :eek:

    හැමදාම හොරා වගේ ඇවිල්ල හොරා වගේ කියවල හොරා වගේ ගියාට sorry වෙන්න ඕන ලු ය.:sorry:

    මචෝ රොබොට් අයියේ උඹනං පට්ට dial 1ක් ලු ය. :cool:

    මේ වගේ seen 1k පටන් ගත්ත එකට උඹට හෙන thnku ලු ය.:rolleyes:

    ඒ වගේම මේ thread 1 මේ දක්වා ඇදගෙන ආපු කස්ටියටත් thnku වේවා කිව්ව ලු ය.:rolleyes:

    ඕං එහෙනං තවත් නවක සාමාජිකයෙක් භූත කොටුවට නිල වශයෙන් එකතු වුණා ලු ය. :shocked:

    :cool:
    *-_-* කසුන් මල්ලී *-_-*:cool:
     
    Last edited:

    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    Oyage post okkoma nam kiyewwe naha, eth atharin pathara theruna seen eka. Okata kiyanne Radolu gedi mathuranawa kiyala. oya kamathi nam mata address eka PM karanna mama oka thawakalikawa adu kara ganna ona badu tika nomile ewannam. Muddara gasthu onath naha ;)

    Anith de thamaa Nilawara dewiyonge pilima 4k aran gedara 4 kone thiyala hamadhama Asala mal puuja karana eka.. Etha kota kadan bari widihata gedhara araksha wenawa.. sathiyak yanna kalisn prasneth iwara wenawa.. habai simawen panapu gaman ayeth leda wenawa. Gedara sanipen inna ekath loku deyak ne :)

    Paraparawe ayata witharak araksha karana kenek thtma oya wisthara tika kiwwe! Ehema nam budusaranai oyage ammata :)

    machooo onna baninnanan epooooo...
    Nilawara dewiyo
    kiwwe kawda.....?
    adamai ahuwe... poddak pahadili karapanko danaganna..... :)
     

    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    ඇයි මචං දැන් මේ tread 1 update වෙන්නෙ නැත්තේ....?
    රොබොට් අයියේ... උඹ කෝ බං...?
    අලුත් කතාවකුත් අරන් වරෙන්කො අපිව බලන්න...
    :(
     

    Tikiri Nanga

    Member
    May 25, 2012
    55
    15
    0
    රොබොට් අයියා ඇතුලු මිතුරනි,

    http://banapotha.blogspot.com/2011/12/blog-post.html

    මේ ලින්ක් එක බලන්න​......, ඇත්ත නැත්ත නම් මම නොදනිමි. නමුත් මට යම් අමනුශ්‍ය කරදරයක් නිසා ගොඩාක් කාලයක් තිස්සේ සුව නොවෙන හිසරදයක් තියෙනවා. බුදුගුණ හෝ මෛත්‍රීය වඩද්දී ඔලුව පුපුරන්න යනවා. ඒ නිසා ඒක ඇත්ත වෙන්න පුලුවන්.

    http://www.forestdhamma.org/books/sinhala/

    මේ පොතේ විදිහට බුද්ධෝ බුද්ධෝ කියලා හිතන එකත් හරි. ඒක වඩා පහසුයි. භාවනාව හුගාක් දියුණු ස්වාමීන්වහන්සේ නමක් මට කිව්වා බරපතල කර්මයක් නොවේ නම් මෛත්‍රීය වඩනවට වඩා පිළිකුළ වඩලා ප්‍රථිපල ගන්න ලේසි කියලා. අමනුෂ්‍යයෝ පිළිකුළ වඩන කොට හරී සතුටින්ලු ඉවත් වෙන්නේ. මෛත්‍රීය වඩන කොට තරහින් පිච්චි පිච්චිලු යන්නෙ.

    මොක කරත් කර්මය බරපතල නම් ඒක ගෙවෙනකම් සහනයක් නෑ.

    නමුත් මම අත්දැකීමෙන් දන්නවා. අපිරිසිදු ස්ථාන හා පුදගලයන්ට ඔය කරදර වැඩියි. ඒනිසා ලට්ට ලොට්ට එකතු කරන්න එපා.තමනුත් ඉතා පිරිසිදුවට ඉන්න​. විශේෂයෙන් කාන්තාවෝ. ගෙවල් වල ඉඳුල් එකතු කරන්න එපා. ගෙවල් ඉතා පිරිසිදුවට තියන්න​. පුලුවන් නම් සේපාලිකා, පිච්ච වගේ සුවඳ මල් වවන්න. උදේ හවස දුම් අල්ලන්න.​... මස් මාංශ වලින් වෙන් වෙන්න​. බැරි නම්, බැදලා කන්න එපා. බැදුම්, පුලුටු වලට උන් ආසයි. පුලුවන් තරම් පින් කරන්න​. අකුසලෙන් වෙන් වෙන්න​. ගෙවල් වල මළගිය අයට පින් දෙන්න එපා. පංසල් ගිහින් පින් දෙන්න​..., එතකොට ටික ටික කරදර අඩු වෙයි. ගොඩාක් අමනුෂ්‍යයෝ අයින් කරන තැන්වලින් සහනයක් නෑ. මගෙ යාලුවෙක් දැන් අවුරුදු ගානක් තිස්සේ ලක්‍ෂ 60කට වඩා වියදම් කරලා අමනුෂ්‍ය කරදරයකින් ගැලවෙන්න නොගිය තැනක් නෑ. කිසි සහනයක් නෑ. අපේ පෙර කර්ම තියෙනකොට කොහෙන් හරි ඒ ගොල්ලො බන්ධනය වෙනවා. අපේම වැරද්ද​... ඒ නිසා මේ ආත්මෙවත් අකුසල් නොකර යහපත් ජීවිතයක් ගෙවන්න. ​. ගොඩ තැන්වලින් තාවකාලික සහනයක් ලැබෙන්නේ. නැවත නැවත ඒ කරදරේ ඉස්මතු වෙනවා. මමත් ගොඩාක් වියදම් කලා. ඒත් වැඩක් නෑ. දැන් මම ඒකත් එක්කම ජීවත් වෙන්න හිත හදා ගෙන ඉන්නේ. හරියට ලෙඩක් හැදුනම හොද කරන්න බැරි, වෙන විකල්පයක් නෑ.