එළකිරි භූත කොටුව.........

sebastian show

Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    මේ කතාව උනේ ගිය 2005 ජුනිමාසේ ගම්පහ ජා ඇල අකරවිට පැත්තේ ස*නි * කියල කෙල්ලෙකුට .....නම කියන්න නම් බෑ
    2006 අවුරුද්දේ උසස් පෙළ පන්තියට ගිය එයා ඔය කාසියේ භූතයා වගේ ටිකක් අත්භූත දේවල් හොයන්න ආස කෙනෙක්...මෙයට ඕනේ උනා කාසි භූතයා වගේ ...ඊට වැඩිය ප්‍රබල ක්‍රමයක් හොයන්න.....ඔහොම මෙයා ඔය ගැන හොයනකොට නෙට් එකේ දැකල තියෙනවා අර වීදුරුවට අමනුෂ්‍ය ආත්ම ආරෝපණය කරගන්න ක්‍රමයක්.........මෙයා ගෙදර කවුරුත් නැති වෙලාවල් වල මේ වැඩේ ගොඩක් කරලා වීදුරුවට එන භුතයෝන්ගෙන් එක එක ප්‍රශ්න අහල තියෙනවා.......දවසක් ඒ වීදුරුවට අපු භූතයා යන්න බෑ තමුසෙගෙ ලේ බොන්න ඕනේ මට කියපුවම.....මෙයා බැනල තියෙනවා .....පස්සේ ඒ භූතයා ඒ වීදුරුවෙන් යන්න ගියාලු.............පස්සේ මෙයට බය හිතිලා මේ සෙල්ලම නවත්වලා තියෙනවා .....පස්සේ ටික දවසක් යනකොට දනෙනවලු මෙයාගේ පස්සෙන් කවුරු හරි එනවා වගේ ..එත් පිටි පස්ස බලපුවම කවුරුත් නැලු ......ගෙදර මෙයාගේ කාමරේත් නිතරම ජනෙල් ඇරෙනවලු ......නිකන් කවුරු හරි ගෙදර එයාගේ කාමරේ ඉන්නවා වගේ.......නිදාගෙන ඉන්නකොට කවුරුහරි සිතල අත්වලින් ඔලුව අතගානවා වගේ දැනෙනවාලු.....මෙයා බය වැඩි කමට ගෙදර අයටවත් කියලා නෑලු....දවසක් ටියුෂන් ක්ලාස් ඉවර වෙලා ..........හවස 6 7 වගේ වෙලාවක පාරේ එනකොට මෙයා නිකමට වගේ එයාගේ හෙවනැල්ල දිහා බලනකොට ...........පෙනුනලු එයාගේ ඇගෙන්ම තව පිරිමි කෙනෙකුගේ හෙවනැල්ලක් ......මෙයා බය වෙලා දුවනවත් එක්කම....හෙන හුලගක් වගේ ඇවිදින් මෙයාගේ කනට කොදුරනවලු භයානක දේවල් ....(මම උබව මරනවා ...උබේ ලේ මට බොන්න ඕනේ ) මෙයා ගෙදර දුවලා අම්මලට ඔක්කම විස්තරේ කියලා .....කරපු ගොන් වැඩේ ගැන ......පස්සේ මෙයා එදා රෑ නිදාගෙන තියෙන්නෙත් අම්මා එක්කලු පස්සේ එදා රෑ නිකමට හොදිසියට වගේ මේ කෙල්ලගේ අම්මට ඇහැරිලා තියෙනවලු එතකොට මේ කෙල්ල පෙන්න නෑලු ....පස්සේ කුස්සියට යනකොට දැක්කලු දුව පිහියක් අරගෙන නිකන් ඇනගන්න වගේ හදනවලු පස්සේ දුවව පිටි පස්සෙන් අම්මා බදලා අල්ලනවත් එක්කම .......මහා අමුතු සද්දෙකින් බෙරිහන් දෙන්න ගත්තලු මට උබේ දුවගේ ලේ බොන්න ඕනේ බොන්න දීපන් කියලා.....පස්සේ මේ සද්දෙට කෙල්ලගේ අයියයි මල්ලියි තාත්තයි ඇහැරිලා ...ඇවිල්ලා මේ කෙල්ලව අල්ලාගෙන වතුර ගහල තියෙනවා එතකොටලු හොද සිහියට ඇවිත් තියෙන්නේ......පස්සේ පහු වෙනිදා උදෙන්ම ගුරුන්නාන්සේ කෙනෙක් ගෙන්වලා ලොකු තොවිලයක් කරලා තියෙනවා .....මෙන්න මේ අවස්ථාවේදී තමයි අපේ අයිය කෙනෙක් මට කෝල් කරලා කිවේ වරෙන් කියලා ...අපි යනකොට තොවිලේ ඉවරයි අපි එයාගෙන් ප්‍රශ්න අහනකොට එයා කරපු ගොන් වැඩේ අකුරක් නැර අඬ අඬ අපිට කිව්වා...........

    විශ්වාස කිරීම හෝ නොකිරීම ඔබ සතු දෙයකි .....කරුණාකර මේවා කියවන ඔබටයි අප කියන්නේ මෙවැනි දේවල් අත්හද බැලීමට ගොස් නිකම් අමාරුවේ නොවැටෙන්න.....මන්ද අපට ඇත්තේ එක ජිවිතයක් නිසා ..................
     

    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    මේ කතාව උනේ ගිය 2005 ජුනිමාසේ ගම්පහ ජා ඇල අකරවිට පැත්තේ ස*නි * කියල කෙල්ලෙකුට .....නම කියන්න නම් බෑ
    2006 අවුරුද්දේ උසස් පෙළ පන්තියට ගිය එයා ඔය කාසියේ භූතයා වගේ ටිකක් අත්භූත දේවල් හොයන්න ආස කෙනෙක්...මෙයට ඕනේ උනා කාසි භූතයා වගේ ...ඊට වැඩිය ප්‍රබල ක්‍රමයක් හොයන්න.....ඔහොම මෙයා ඔය ගැන හොයනකොට නෙට් එකේ දැකල තියෙනවා අර වීදුරුවට අමනුෂ්‍ය ආත්ම ආරෝපණය කරගන්න ක්‍රමයක්.........මෙයා ගෙදර කවුරුත් නැති වෙලාවල් වල මේ වැඩේ ගොඩක් කරලා වීදුරුවට එන භුතයෝන්ගෙන් එක එක ප්‍රශ්න අහල තියෙනවා.......දවසක් ඒ වීදුරුවට අපු භූතයා යන්න බෑ තමුසෙගෙ ලේ බොන්න ඕනේ මට කියපුවම.....මෙයා බැනල තියෙනවා .....පස්සේ ඒ භූතයා ඒ වීදුරුවෙන් යන්න ගියාලු.............පස්සේ මෙයට බය හිතිලා මේ සෙල්ලම නවත්වලා තියෙනවා .....පස්සේ ටික දවසක් යනකොට දනෙනවලු මෙයාගේ පස්සෙන් කවුරු හරි එනවා වගේ ..එත් පිටි පස්ස බලපුවම කවුරුත් නැලු ......ගෙදර මෙයාගේ කාමරේත් නිතරම ජනෙල් ඇරෙනවලු ......නිකන් කවුරු හරි ගෙදර එයාගේ කාමරේ ඉන්නවා වගේ.......නිදාගෙන ඉන්නකොට කවුරුහරි සිතල අත්වලින් ඔලුව අතගානවා වගේ දැනෙනවාලු.....මෙයා බය වැඩි කමට ගෙදර අයටවත් කියලා නෑලු....දවසක් ටියුෂන් ක්ලාස් ඉවර වෙලා ..........හවස 6 7 වගේ වෙලාවක පාරේ එනකොට මෙයා නිකමට වගේ එයාගේ හෙවනැල්ල දිහා බලනකොට ...........පෙනුනලු එයාගේ ඇගෙන්ම තව පිරිමි කෙනෙකුගේ හෙවනැල්ලක් ......මෙයා බය වෙලා දුවනවත් එක්කම....හෙන හුලගක් වගේ ඇවිදින් මෙයාගේ කනට කොදුරනවලු භයානක දේවල් ....(මම උබව මරනවා ...උබේ ලේ මට බොන්න ඕනේ ) මෙයා ගෙදර දුවලා අම්මලට ඔක්කම විස්තරේ කියලා .....කරපු ගොන් වැඩේ ගැන ......පස්සේ මෙයා එදා රෑ නිදාගෙන තියෙන්නෙත් අම්මා එක්කලු පස්සේ එදා රෑ නිකමට හොදිසියට වගේ මේ කෙල්ලගේ අම්මට ඇහැරිලා තියෙනවලු එතකොට මේ කෙල්ල පෙන්න නෑලු ....පස්සේ කුස්සියට යනකොට දැක්කලු දුව පිහියක් අරගෙන නිකන් ඇනගන්න වගේ හදනවලු පස්සේ දුවව පිටි පස්සෙන් අම්මා බදලා අල්ලනවත් එක්කම .......මහා අමුතු සද්දෙකින් බෙරිහන් දෙන්න ගත්තලු මට උබේ දුවගේ ලේ බොන්න ඕනේ බොන්න දීපන් කියලා.....පස්සේ මේ සද්දෙට කෙල්ලගේ අයියයි මල්ලියි තාත්තයි ඇහැරිලා ...ඇවිල්ලා මේ කෙල්ලව අල්ලාගෙන වතුර ගහල තියෙනවා එතකොටලු හොද සිහියට ඇවිත් තියෙන්නේ......පස්සේ පහු වෙනිදා උදෙන්ම ගුරුන්නාන්සේ කෙනෙක් ගෙන්වලා ලොකු තොවිලයක් කරලා තියෙනවා .....මෙන්න මේ අවස්ථාවේදී තමයි අපේ අයිය කෙනෙක් මට කෝල් කරලා කිවේ වරෙන් කියලා ...අපි යනකොට තොවිලේ ඉවරයි අපි එයාගෙන් ප්‍රශ්න අහනකොට එයා කරපු ගොන් වැඩේ අකුරක් නැර අඬ අඬ අපිට කිව්වා...........

    විශ්වාස කිරීම හෝ නොකිරීම ඔබ සතු දෙයකි .....කරුණාකර මේවා කියවන ඔබටයි අප කියන්නේ මෙවැනි දේවල් අත්හද බැලීමට ගොස් නිකම් අමාරුවේ නොවැටෙන්න.....මන්ද අපට ඇත්තේ එක ජිවිතයක් නිසා ..................
    ඕක සිර කතාව මත ඕක කරනවා විදුඑ=රුවට අවම බැනල යවන්න එපා එතකොට උන් ගේම ඉල්ලනවා..පින් දීල ඉල්ලන මොනවා හරි පොඩි දෙයක් දීල යවන්න ඕනේ..සමහරු නම් ඉල්ලන්නේ න.එක පාරක් අව අපේ ලොකුතාත්ලගේ ගෙදර හිටපු බලලත් වීදුරුවට..ඉස්සරනම් නිතර නිතර කර එත් දැන් අවුරුද 4 ක් 5 ක් වෙනවා කරේ නෑ.. 20 තිස් පාරක් කර මට අවුලක් උනේ නෑ .තනියම බ දෙන්නෙක් වත් ඕනේ..ඕකට..
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඕක සිර කතාව මත ඕක කරනවා විදුඑ=රුවට අවම බැනල යවන්න එපා එතකොට උන් ගේම ඉල්ලනවා..පින් දීල ඉල්ලන මොනවා හරි පොඩි දෙයක් දීල යවන්න ඕනේ..සමහරු නම් ඉල්ලන්නේ න.එක පාරක් අව අපේ ලොකුතාත්ලගේ ගෙදර හිටපු බලලත් වීදුරුවට..ඉස්සරනම් නිතර නිතර කර එත් දැන් අවුරුද 4 ක් 5 ක් වෙනවා කරේ නෑ.. 20 තිස් පාරක් කර මට අවුලක් උනේ නෑ .තනියම බ දෙන්නෙක් වත් ඕනේ..ඕකට..

    මොකක්ද මචන් මේ සීන් එක? කොහොමද මේක කරන්නේ?
     

    donguy

    Member
    Feb 28, 2011
    419
    68
    0
    පේජස් 193 ම එක දිගට කියෙව්වා, ගොඩක් ඉන්ටරෙස්ටින් ත්‍රෙඩ් එකක්. දිගටම කරගෙන යන්න.
     

    Thilan88

    Active member
  • Mar 30, 2009
    735
    197
    43
    කරටියේ
    මොකද මේ නුල ඉවරද? රෝබෝට්‌ අයියා වේදේ අතාරින්න එපා.සුබ පතනවා.
     
    Last edited:

    pramodha

    Member
    Nov 26, 2008
    52
    1
    0
    Help

    Mattakkuliye Pergusoin road ake Pastor Sri Lal Gawata yanna. Onama Yakek Ewarai. Poya Dawasaka ude 9ta hari Saturday Hawasa 2n Passe yanna.
     

    pramodha

    Member
    Nov 26, 2008
    52
    1
    0
    Help for u

    oka sulu deyak. Mattakuliya Fergusion Pare Pastor Sri Lal gawata yanna. Saturday hawasa 2ta hari Poya dawasaka ude 9ta yanna. one yakek, ledek suwai. 100% sure
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    :shocked:
    ඕක සිර කතාව මත ඕක කරනවා විදුඑ=රුවට අවම බැනල යවන්න එපා එතකොට උන් ගේම ඉල්ලනවා..පින් දීල ඉල්ලන මොනවා හරි පොඩි දෙයක් දීල යවන්න ඕනේ..සමහරු නම් ඉල්ලන්නේ න.එක පාරක් අව අපේ ලොකුතාත්ලගේ ගෙදර හිටපු බලලත් වීදුරුවට..ඉස්සරනම් නිතර නිතර කර එත් දැන් අවුරුද 4 ක් 5 ක් වෙනවා කරේ නෑ.. 20 තිස් පාරක් කර මට අවුලක් උනේ නෑ .තනියම බ දෙන්නෙක් වත් ඕනේ..ඕකට..
    :shocked::shocked::shocked: hapoi ehema dewaluth karanna puluwanda..:shocked::shocked:
     

    kasun Digital

    Member
    Dec 1, 2006
    23
    3
    3
    Colombo
    හොල්මන් roxxxx

    ඔන්න දවස් ගානක් තිස්සේ කියවලා අද තමා අවසාන පිටුව කියෙව්වේ. එළකිරි එකේ සාමාජිකයෙක් වෙලා හිටියට මෙකේ සිංදුවක් download කරනවා ඇරෙන්න වෙන දෙයක් නම් කරලා නෑ. :P:P:P

    ඉතින් මේ වගේ tread එකක් පටන් ගත්තට රොබොට් අයියට ගොඩක් ස්තූතියි. ඒ වගේම මේ thread එක ඇදගෙන යන සියළුම දෙනාට බෙහෙවින්ම ස්තූතියි. මම මේ thread එක කියවන්න තමා එළකිරි එකේ වැඩිම කාලයක් ගතකලේ. මම මේ therad එකට comment එකක් දාන්න හිටියත්, මේක අවසාන වෙනකම් කියවලාම දාන අදහසින් තමා හිටියේ. රොබොට් අයියා කියනවා වගේ හොරෙන් කියවලා මාරු වෙන team එකේ තමා මාත් හිටියේ.:P :rolleyes::rolleyes:

    මමත් මේ හොල්මන් සීන වලට ගොඩක් කැමති උනත් හොල්මනක් නම් දැකලා නෑ. :no::no::no::no:

    තව දෙයක් මතක් කරන්න කැමතියි මෙකේ සහයෝගය දක්කවන කට්ටියට, සමහර කට්ටිය මම දැක්කා වෙනත් වෙබ්සයිට් වලින් අරන් කතා දාලා තියනවා. ඉතින් ඒ කතාවත් එක්කම, ඒ කතාව උපුටා ගත්ත ලිපිනයක් සදහන් කලොත් ගොඩක් හොදයි නේද? නැත්තම් අපි ඒ කතාව ලියපු කෙනාට වෙන අසාදාරණයක්.:yes::yes::yes:

    ඔගොල්ලෝ දැකලා ඇති සිළුමින පත්තරේ යන "පියවී ඇසින් ඔබ්බට" කියලා යන කොටස. ඒක ගොඩක් වෙලාවට ලියන්නේ මතුගම මහින්ද කියලා පුද්ගලයෙක්. මට හම්බුනා මේ "පියවී ඇසින් ඔබ්බට" කතා සෙට් එක යන බ්ලොග් එකක්. ගිහිල්ලා බලන්න ඒකට ගොඩක් අත්දැකීම් දාලා තියනවා. අනිත්දේ තමා මේ බ්ලොග් එකේ තියන හැම දෙයක්ම ඇත්ත සිදුවීම් ;););)

    http://rightmindfulness.wordpress.com/

     

    kasun Digital

    Member
    Dec 1, 2006
    23
    3
    3
    Colombo
    කෝ කට්ටිය

    කෝ බොලව් මේකේ රොබොට් අයියා ඇතුළු පිරිස. :angry::angry::angry::angry:
    හොල්මන් නැද්දෝ.......
     

    kasun Digital

    Member
    Dec 1, 2006
    23
    3
    3
    Colombo
    මළවුන් ගෙන්වීම පාපයක්ද ????

    මට හම්බුනා පරණ ලිපියක් දිනමිණ පත්තරේ තිබිලා. කට්ටියට වැදගත් නිසයි දාන්න හිතුනේ. :angry::angry::angry::angry:


    මළවුන් ගෙන්වීම පාපයක්
    බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ, බෞද්ධ සංස්කෘතිය අධ්‍යයන අංශයේ සහකාර කථිකාචාර්ය,
    පනහඩුවේ යසස්සි හිමි
    වර්තමාන සමාජය තුළ නොපෙනෙන ලොවෙන් සිදුවන බලපෑම් පිළිබඳව නිරතුරු කතිකාවන් බිහිවේ. යක්ෂ, පේ‍්‍රත, අමනුෂ්‍ය බලපෑම්වලින් මිදීමට බොහෝ අය විවිධ ක්ෂණික උපායන් සොයා ඇදෙති. අමුනුෂ්‍ය බලවේගයන්ට සැබෑ ලෙසට පුද්ගලයකුට බලපෑම් කළ හැකිද? මේ පිළිබඳව මේ සංවාදය දිගහැරෙන්නේ, බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ, බෞද්ධ සංස්කෘතිය අධ්‍යයන අංශයේ සහකාර කථිකාචාර්ය, පනහඩුවේ යසස්සි හිමියන් සමඟිනි.

    * සිත පිළිබඳව බුදුදහම තුළ විග්‍රහ වන්නේ කොහොමද?

    බුදුරජාණන් වහන්සේ සිතේ ස්වභාවය ගැන මුලිකවම විග්‍රහ කරලා තියෙනවා. සිත, මනස, විඥානය යන නාමයන්ගෙන් ද හඳුන්වනු ලබනවා. සිත බුදුදහමට අනුව නිතර වෙනස්වන, පෙරළන, ඒ වගේම චංචල හා චපල වූවක් ලෙසයි දක්වලා තියෙන්නේ.

    සිතේ ස්වභාවය තමයි දුර ගමන් යනවා. තනිව හැසිරෙනවා. ශරීරයක් නැහැ. ඒ වගේම ගුහාවක වාසය කරනවා කියලා බුදුරජාණන් වහන්සේ සිත ගැන අර්ථ විවරණ දක්වලා තියෙනවා. ඒ වගේම ‘සිත’ බුදු දහම තුළ දියෙන් ගොඩ දැමූ මාළුවකුට උපමා කරලා තියෙනවා.

    පුද්ගලයෙකුව පාලනය කරන යාමක බලවේගය තමයි සිත කියලා කියන්නේ. ඉන් අදහස් වන්නේ මේ ලෝකයේදී පුද්ගලයා ඉදිරියට හා පසුපසට ගෙන එන්නේ පාලනය කරන්නේ සිත බවයි. ලෝකය පිහිටා තිබෙන්නේත්, පාලනය වන්නේත් සිත මතයි. ඒ වගේම පුද්ගලයකුගේ ක්‍රියාකාරිත්වය තීරණය වන්නේත් සිත මතයි. ඒ විතරක් නෙමේ සිත කියන ධර්මය තමයි මේ ලෝකේ පැවැතීම තීරණය කරන්නේ. ඒ නිසා ‘සිත’ යන සංකල්පයට බුදු දහම තුළ ප්‍රමුඛස්ථානයක් හිමිවෙලා තියෙනවා.

    “මනෝ පුබ්බං ගමා ධම්මා” යන ධම්ම පදයේ ගාථාවට අනුව සිත ක්‍රියාවට සමාන කරනවා. එහිදී පුද්ගල පැවැත්මට ක්‍රියාවට ශ්‍රේෂ්ඨ වෙන්නේ, මූලික වන්නේ සිතයි. ඒ අනුව පැහැදිලි වන කාරණයක් වන්නේ බුදුදහම තුළ සිතට ප්‍රබල ස්ථානයක් හිමිවෙලා තියෙනවා කියන කාරණයයි.

    ඒ නිසා සිතෙන් සිතා කරනු ලබන ක්‍රියාවන් තමයි කුසල් හා අකුසල් ලෙස නැවැත වර්ගීකරණය වන්නේ. වරෙක බලවත් වන සිත තවත් වතාවකදී දුර්වල විය හැකියි.

    * සිත සහ සිතිවිලි යන්න සංකල්ප දෙකක්ද? නැත්නම් එක් සංකල්පයක අංශ ද්විත්වයක්ද කියලා පැහැදිලි කළොත්?

    සිතේ හටගනු ලබන නව නිෂ්පාදන අපි සිතිවිලි කියලා හඳුන්වනු ලබනවා. අභිධර්මය තුළ සිත විග්‍රහ කිරීමේදී චෛතසික කියලා වදනක් අපට හමුවෙනවා. ඒ නිසා සිතයි සිතිවිලියි අතර පවතින්නේ දැඩි සමීප බවක්.

    සිත හා චෛතසික හෙවත් සිතිවිලි එකට උපදිනවා, එක්ව පවතිනවා සහ එක්ව නැති වෙනවා. ඒ නිසා සිතෙන් තොර චෛතසික ගැනවත්, චෛතසික වලින් තොර සිත ගැනවත් අපට කතා කරන්න බැහැ.

    * අද වනවිට යක්ෂයෝ, භූත ආත්ම, අමනුෂ්‍ය බලවේග ගැන කතා වෙනවා. මේ සිදුවීම් සිතට දැඩි ලෙස බලපෑම් කරන්නේ ඇයි ?

    සිත සහ සිතිවිලි අතර අතරමැදි අවස්ථාව තමයි යක්ෂ, පේ‍්‍රත, භූත, අවතාර කියලා අපි හඳුන්වන්නේ. මේ විශ්වය කියලා කියන්නේ මිනිසුන් විතරක් ජීවත්වන තැනක් නෙමෙයි. භූත කොටස්, පේ‍්‍රත, අමනුෂ්‍ය ආදී විවිධ කොටස්වලට පෘථිවිය එක වාසස්ථානයක්. ඒ නිසා විශ්වය තුළ විවිධ සත්ත්ව කොටස් ජීවත් වෙනවා. අපේ සිත යම් වෙලාවකදී දුර්වල වුණොත් ඒ මොහොත තුළදී භූත, අවතාර, විවිධ අමනුෂ්‍ය කොටස්වලට ඒ සිතට එක්වීමට හැකියාව තියෙනවා. ඒ නිසාවෙන් සිතේ බලවත් බව අඩු වූ තැන මෙවැනි දේට යම් ආකාරයකට බලපෑමක් එල්ල කරන්න පුළුවන්.

    යක්ෂයෝ, අවතාර, පේ‍්‍රත බලවේග කියන්නේ සිතේ ඇතිවන සංකල්පයක්. ඒ නිසා මේවා කෙනෙකුට දකින්න බැහැ. අවතාර, හොල්මන්, යක්ෂයෝ හැබහින් දැකපු ඒවායේ ස්වරූපය නිවැරැදි අවබෝධ කරගත්තු කවුරුවත්ම නැහැ.

    සිත කියන්නේ වචනාර්ථයම ගත්තාම සෙලවෙන හිතක්. චංචල වූවක්. අපේ මනස ටිකෙන් ටික දුර්වල වෙද්දී සිත තුළ අයහපත් සිතිවිලි ඇති වෙනවා. සොහොනක් ළඟින් කෙනෙක් ගමන් කරද්දී ඔහුගේ සිතට විවිධාකාර සිතිවිලි හැඟෙනවා. මළගිය ආත්මයන් මේ ස්ථානවල සැරිසරන්න පුළුවන් කියලා අනියත බවක් පුද්ගලයා තුළ නිරායාසයෙන්ම ඇති වෙනවා.

    ඒ ඇතිවීමත් සමඟ ඔහුගේ මනස දුර්වල වෙලා මිත්‍යා විශ්වාස සිතට ඇතුල් වෙනවා. ඒ සමගින් තමයි ඔහු හොල්මනක්, භූතයෙක් දැක්කා ආවේශ වෙලා කියලා කියන්නේ. නමුත්, මෙතන අමනුෂ්‍ය බලවේගවල ස්වරූපය අපි දකින්නේ නැහැ. මනසේ ප්‍රබල බව අඩුවීමත් සමඟ චිත්ත රූප මැවීමක් තමයි මෙතැනදී සිදුවන්නේ. කෙනෙක් මරණයට පත්වුණාම අපි කියනවා ඔහුව මරණින් පසු අපි දැක්කා කියලා. සාමාන්‍ය විග්‍රහ තුළ ඔහු අප පිටුපස එනවා කියලා හිතනවා. කතා කරනවා වගේ ලක්ෂණ දැනෙනවා. එතැනදී සිදුවන්නේ මනසේ ඇතිවන චිත්‍රය අවතාරයක් හොල්මනක් බවට පත්වී එය සිතෙන් දැකීමයි.

    ඒ නිසා සංකල්පමය වශයෙන් අවතාර සහ හොල්මන් කියන්නේ චිත්තරූප මත පදනම් වීමක් විතරයි.

    * නමුත්, මේ අමනුෂ්‍ය බලවේගයන්ට පුද්ගලයකුට බලපෑම් කරන්න පුළුවන්ද?

    සමහරෙක්, මියගිය අයගේ ආත්ම, අවතාර, පේ‍්‍රතයින් තමා වෙත බැඳගනිමින් ඔවුන්ගෙන් යම් යම් කාර්යයන් ඉටුකර ගන්නවා කියලා කියනවා. උදාහරණයක් විදිහට යන්ත්‍ර, මන්ත්‍ර, බලි තොවිල් කරන පුද්ගලයකු තුළ ඔවුන් උත්සාහ දරන්නේ මළගිය ආත්මයක් තමා වෙත රඳවා ගන්නටයි. ඒ තුළින් උත්සහ දරනවා යම් යම් කාර්යයන් ඉටුකර ගන්න. ඇත්තටම මළවුන් ගෙන්වීම අකුසලයක්.

    නමුත්, එතන සිදුවන්නේ තිරශ්චීන හෙවත් පහත් ස්ථානයක උපත ලැබූ පුද්ගලයකුගෙන්, යම් යම් තොරතුරු ලබා ගැනීමක්. මේ පිළිබඳව ඔවුන් පුළුල් ප්‍රචාර ලබා දෙනවා. යම් කෙනෙක් තමාට භූතයෙක් හෝ මළගිය ආත්මයක් ආවේශ වුණා කියලා කීවට එතන රූපයක් දකින්න ලැබෙන්නේ නැහැ. නමුත්, ඒ පුද්ගලයා මියගිය චරිතයේ හෝ අමනුෂ්‍ය ආත්මයේ ස්වරූපයේ ආකාරයට රඟපෑමක් කරනවා. කතා කිරීම, ඇවිදීම, ආහාර ගැනීම, පුරුදු සියල්ල අමනුෂ්‍ය ආත්මයේ ආකාරයට සිදුකරන්න ඔහු පෙළඹෙනවා. එතනත් අපට මේ පේ‍්‍රතයාගේ හෝ භූතයාගේ ආකාරය පෙනෙන්නේ නැහැ. පරිවර්තනයක් පමණයි සිදුවෙලා තියෙන්නේ. මානුෂික වශයෙන් පුද්ගලයෙක් තුළ සිදුවන පරිවර්තනයක් තමයි මේ රඟපෑමට මුල්වෙන්නේ.

    * සමහරෙක් අදහස් දක්වන ආකාරයට පින් ලබා දුන්නාම අමනුෂ්‍ය ආත්ම බලපෑම් නොකර ඉවත්වනවාලු. නමුත් එසේ නොකළොත් අනවශ්‍ය බලපෑම් සිදුකරනවා කියනවා. මේ පිළිබඳ ඔබ වහන්සේගේ මතය කුමක්ද?

    ඒ කාරණයේදී යම් ආකාරයකට සත්‍ය වටපිටාවකුත් තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව මරණයට පත්වන පුද්ගලයෝ උත්පත්තිය ලබන ස්ථාන කිහිපයක් තියෙනවා. සතර අපාය කියලා හඳුන්වන්නේ එයයි. නරකය කියන්නේ නිරය. තිරිසන්ගත ලෝකයට අයත් වන්නේ සතුන්.

    යම්කිසි කෙනෙක් ජීවත්වෙලා ඉන්න කාලය තුළ පව් කරලා පේ‍්‍රත ලෝකයක උත්පත්තිය ලැබුවොත්, ඒ මොහොතේදී ඔහු අන් අයගේ පින් බලාපොරොත්තුවෙන්, පින් ලබාගත හැකි නිවෙසකට එනවා. එහිදී තුන්මන් හන්දි, හතරමං හන්දි, දොරවල් අසල, අහුමුළුවල, ඒ ආදී තැන්වල පින් බලාපොරොත්තුවෙන් පේ‍්‍රත ආත්ම රැඳී සිටින බව පේ‍්‍රත වස්තු සූත්‍රය තුළ දක්වනවා.

    යම් හෙයකින් ඔහුට හෝ ඇයට පින් අනුමෝදන් නොකළ හොත්, ඒ පුද්ගලයින් ජීවත්ව සිටින අයට යම් ආකාරයකට අනිසි බලපෑම් සිදුකරන ඉඩකඩක් පවතිනවා. අද සමාජය තුළදී බොහෝදෙනෙකුට පේ‍්‍රතයෝ ආවේශ වෙනවා. එය සැබෑ රඟපෑමක් හෝ බොරු රඟපෑමක් වෙන්න පුළුවන්. කලින් කල ඒ ආවේෂ වීමක් සමඟ සමහර බලපෑම් පුද්ගලයකුගේ යහපත උදෙසා සිදුවන අවස්ථාවක් අපිට දකින්න ලැබෙනවා.

    ඒත්, සමහර ආවේශවීම් පුද්ගලයකුගේ අයහපතටයි සිදුවන්නේ. විවිධ රෝගාබාධ ඒ පුද්ගලයාට ඇති කරමින්, මානසික හා කායික පීඩා ඔහුට නිරන්තරව ඇති කරනවා. ඒ නිසා මේ දෙපාර්ශ්වයම පිළිබඳ සළකා බලද්දී අවධාරණය කළ යුත්තේ මළගිය ආත්මයන්ට ජීවත්ව සිටින අයට යම් ආකාරයක බලපෑමක් කරන්න පුළුවන් කියලයි.

    * අද වනවිට ගුප්ත විද්‍යා මන්දිර රැසක් බිහිවෙලා. යකුන් පළවා හරින බව කියමින් ජනතාව ඒ කෙරෙහි ආකර්ශනය කරගෙන සැබෑවටම මෙය සිදුවිය හැක්කක්ද?

    බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව ගුප්ත විද්‍යා ශාස්ත්‍රය තිරශ්චීන විද්‍යා විදිහටයි හඳුන්වලා තියෙන්නේ. තිරශ්චීනයි කියන්නේ පහත් කියන අර්ථය. ගුප්ත විද්‍යා මන්දිර ඉදිකරලා ඒ තුළින් විශාල ධනයක් කෙනෙකුට උපයන්නට පුළුවන්. ඒත්, ඒ ඉපයීම පහත් ඉපයීමක් විදිහටයි දේශනාවෙහි සඳහන් වන්නේ. ගුප්ත විද්‍යාව තුළ යන්ත්‍ර, මන්ත්‍ර, බලි තොවිල්, පුද පිළිවෙත් ආදී සියල්ල දකින්න පුළුවන්. නමුත් මෙතනදී සිදුවන්නේ යක්ෂ, පේ‍්‍රත, කුම්භාණ්ඩ පිසාච වැනි අමනුෂ්‍ය කොටස් මුල්කරගෙන ඔවුන්ගෙන් වැඩ ගැනීමක්. ඒ වගේම ඒ අයට යම් බලපෑම් එල්ල කිරීමක්.

    නමුත්, බුදුරජාණන් වහන්සේ උන් වහන්සේගේ දේශනාවේ කොතනකදී හෝ මේ තිරශ්චීන විද්‍යා අනුගමනය කළ යුතුයි කියලා දක්වලා නැහැ. මේ තොවිල්, යන්ත්‍ර මන්ත්‍රවලදී බිලි පූජා සිදුකරනවා. එතන සිදුවන්නේ පාපකාරී ක්‍රියාවක් විතරයි.

    නමුත්, පැරණි යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කරපු අය භාවිතා කළේ පාපකාරී ක්‍රියාපිළිවෙතක් නෙමෙයි. බුදු ගුණ ආශ්‍රයෙන් තමයි භූත ආත්ම පළවා හැරියේ. ඒ ක්‍රමය ඉතා සාර්ථකයි. වර්තමානයේ පවතින ගුප්ත විද්‍යා මන්දිරවලට වඩා පාරම්පරිකව සිදුකරන පළවා හැරීම් බුදුගුණ ආශ්‍රය කරගන්නා නිසා සාර්ථක ප්‍රතිඵල දක්නට ලැබෙනවා.
     
    • Like
    Reactions: DemonAkalanka

    kasun Digital

    Member
    Dec 1, 2006
    23
    3
    3
    Colombo
    යකුනේ බලාගෙනයි.


    කවුරුත් හොල්මන් ගැන කතාවක් නැති නිසා ඔන්න පත්තරේක තිබිලා ලිපියක් හම්බුනා. කියවලා බලපල්ලකෝ :angry::angry::angry::angry::angry:

    ඉර මැදියමේ හෝ ගොම්මං වේලාවේ දියමංකඩ බැස දිය නාන යුවතියගේ දුහුල් සළුවට මුවා වූ අඟපසඟවලට ගැමි තරුණයින් පමණක් නොව යකුන් පවා ලොබ කරතියි ගැමියෝ විශ්වාස කළහ. එහෙත් නාන කාමරය තුළ සළු උනා කරාමය යට ජල ස්නානය කරන නවීකරණය වූ යුවතිය දෙස යකුන්ගේ හෝ බැල්ම වැටෙන බවක් වාර්තා නොවේ.

    අනාදිමත් කාලයක සිට මිනිසා තුළ යක්ෂ, පේ‍්‍රත, කුම්භාණ්ඩ, ආදි අමනුෂ්‍ය බලවේග පිළිබඳ ව වූ අධි විශ්වාසයන් පැවතියේ ය. අතීතයේ දී යකුන් වැහීමෙන් ප්‍රලය වන කාන්තාවෝ රැයක් පහන් වනතුරු කට්ටඩියන් සමඟ තරගයට නටති. ඉතා කුඩා අවකාශවලින් රිංගීම ආදි විශ්වකර්ම ක්‍රියා සිදු කරයි.

    ඇදුරු බසට අවනත නොවීමෙන්, පොල් මලෙන් හා මඩු වලිගයෙන් බැටකා, උදෑසන වන විට හොඳහැටි මට්ටු වී නිරෝගී වූවක ලෙස අලුත් දිනයක අරුණළු දකිති. මෙබඳු තොවිල් පවිල් එකල ගම්මාන පුරා සෑම කෙම්මුර දිනකම පාහේ පැවැත්වුණි. ගම් හතක් දෙවනත් කරමින් දිව යන දෙවොල් බෙර, ගැටබෙර, තම්මැට්ටම්, දවුල් ආදී හි හඬ, බියකරු අඳුරු රාත්‍රියේ මූසල බව දුරු කර හුදී ජනයාට දේවාශිර්වාදයක් එක් කළේ ය.

    අතීතයේ ගැමියා ලෙඩරෝග දුටුවේ බියකරු යකුන් ලෙසිනි. ‘සන්නි’, ‘කෝල’, ‘වලිප්පු’ සුව කිරීමට ගැමි වෙදරාල පමණක් නොව කට්ටඩි රාල ද බොහෝ වෙහෙස විය. ක්ලමථය, ආතතිය, විශාධය, ප්‍රඥාපරාධ, ආදි නම්වලින් වර්තමානයේ හඳුන්වන විවිධ මානසික අවුල් වියවුල් එකල ගැමියාට ද පොදු විය. ගොවිතැන් පාළු වීම්, දියණි වරුන්ගේ නොමනා විවාහ, ස්වාමියාගේ පරඹු සේවන, අසම්මත ගැබ් ගැනීම්, හිතෛශීන්ගේ මරණ, ආදියේදී වර්තමානයටත් වඩා අතීතයේ ගැමියා බොහෝ කම්පා වීමට තරම් සංවේදී විය.

    මේ සංවේදී බව නිසා ම සුළු සිද්ධියකදී පවා ගැමියාට මානසික වශයෙන් පීඩා විඳීමට සිදු විය. එයින් සිය ජීවිතයේ සතුට නැති වී විවිධ කායික හා මානසික ලෙඩරෝගවලට ලක්වීමට සිදුවිය.

    මෙසේ අකාරුණික ලෙස සිය සතුට උදුරාගත් අනුකම්පා විරහිත මානසිකත්වය යක් ෂත්වය යයි සලකා තොවිල් නැටීමකින් සිය මනස නිරවුල් කරගැනීමට ගැමියාට හැකි විය. මෙය වත්මන් මනෝ චිකිත්සක ක්‍රියාවලින් අභිබවනය කරන්නේ නොවේ ද?

    කායික රෝග ලෙස හඳුන්වන රෝගවලින් සියයට අනූවක් ම මනස මූලික ව සෑදෙන බව බටහිර වෛද්‍ය විද්‍යාව ද පිළිගනී. අනාදිමත් කාලයක සිට මේ බව දැන සිටි ගැමියා බොහෝ රෝගවලට පිළියම් වශයෙන් සිදු කළේ අධිවිශ්වසනීය වූ මානසික ප්‍රතිකාරයි. ගොම්මන් වෙලාවේ දියමංකඩට යන වැඩිවිය පත් ගැමිලිය හිටිහැටියේ ක්ලාන්ත වෙයි. අන්‍ය භාෂාවකින් කතා කරයි.

    ඇඟ සලිත කරමින් කෙස්වැටිය මුදා හිස කරකවයි. මෙබඳු රෝගීන් වර්තමානයේ දුලබ වුවත් අතීත සමාජයේ ඕනෑතරම් දක්නට ලැබුණි. කඩිමුඩියේ එතැනට පැමිණෙන කට්ටඩිරාල ඇයට ඇප නූලක් බඳී.

    පසුව එළැඹෙන කෙම්මුර දිනෙක ඇය වෙනුවෙන් සියලු ගැමියන්ගේ සහභාගිත්වයෙන් තොවිලයක් නටති. බෙර හඬ හා කටකතා තොවිලය පිළිබඳ ව සන්නිවේදනය කරන්නේ ;කාපමණ දෙනකුට ද, එපමණක් දෙනා තොවිලයට සහභාගි වී ඊට ඇප උපකාර කරති. පරෝපකාරයට අතීත ගැමියාට බුලත් දිය යුතු නැත.

    හාත්පස අඳුර ගලා එන සන්ධ්‍යාවේ ගොක්කොළ හා රඹ පතුරුවලින් අලංකාර කළ රඹ තොරන් ඉදිරිපිට සුදු වේට්ටි ඇඳ පච්චවඩම් බැඳි ඇදුරන් සිදුකරන නර්තන දැකගත හැක්කේ පන්දම් ආලෝකයෙනි. දින කීපයක සිට ගෙවල් මිදුල් පවිත්‍ර කොට තොවිලයට සුදුසු පරිසරයක් නිවසේ නිර්මාණය කළ අසල්වැසි ගැමි තරුණියෝත්, ඇටඇටිපස්වර්ගය, දියමස්, ගොඩමස්, තොලබෝ හීරැස්ස ආදි කොළ වර්ග, පොල් මල්, පුවක් මල්, විවිධ වර්ණවත් මල් වර්ග ඇතුළු තොවිලයට අවශ්‍ය කළමනා සපයා දුන් ගැමි තරුණයෝත්, එක ම මාගල් පැදුරක හෝ වියන ලද පොල් අතු ඇතුරූ මිදුලේ හිඳ ආතුරයා සමඟ තොවිලය නරඹති.

    මේ තොවිල්පොල ඕපාදූප හා කටකතා කියන ගැහැනුන්ටත් පුරසාරම් හා පූචානම් දොඩන පිරිමින්ටත් සුරපුරක් බඳු ය. ඒ අතර නිවෙස්වලට හොරා පෙම් බැන්ද තරුණ තරුණියන්ගේ ජවනිකා ද අහුමුලුවල නැත්තේම නොවේ. මෙසේ රෝගී නිරෝගී විශේෂයකින් තොරව සියලු ම දෙනාට සිත නිදහස් කරගත හැකි රමණීය රාත්‍රියක් උදාකර දීමට යක්ෂයා වක්‍ර දායකත්වයක් සපයා ඇත.

    දක්ෂ අභිමානවත් පෞර්ෂයකින් යුතු ඇදුරාගේ තියුණු බැල්මත් දුම්මල ආවේශයත්, කිසිවෙකුට නොපැරදවිය හැකි තාණ්ඩව නර්තනයත් බොහෝ නෙත් වශී කරති. එයින් ස්වයං මෝහනයට පත්වන ළාමක පිරිමිත්, ගැහැනුත්, විශේෂයෙන් ආතුරයාත් ප්‍රලය වෙයි. මෙය තොවිල් පලෙහි උච්චතම අවස්ථාවයි. මුලුගැන්වී සිතට වද දුන් සියලු සිතුවිලිත්, බියගුලු අදහසුත් සියල්ල වමාරමින් දෙනෝදාහක් ඉදිරියේ ඇදුරා හා සම සමව නර්තනයේ යෙදීමට ඔවුහු පෙලඹෙති. තවද උද්වේගකර බෙරහඬ විසින් පැමිණ සිටින සියල්ලන්ගේ ම ශරීරගත සියලු කේශනාලිකා කම්පිත කරමින් ඇති කරවන උත්තේජනය, ඔවුන්ගේ අට අනූවක් රෝග නව අනූවක් ව්‍යාධි දුරු කරයි.

    බුදු වදනට අනුව සියලු පුහුදුන් ජනයා උමතු රෝගීහු වෙති. වත්මන් නිර්ණයන්ට අනුව රෝගී හෝ නිරෝගී යයි සලකන සියලු ජනයා තොවිල් පළට එක්වන අතර බුද්ධ දේශනාවට අනුගත නිරෝගී නිර්වාණ සුවය එහිදී ඔවුනට පසක් කරගැනීමට රුකුල් නොදෙන නමුත් යහපත් ලෙස සමාජයේ ජීවත් වීමට අවශ්‍ය විවිධ උපදෙස් හා පණිවිඩ එහිදී බොහෝ සෙයින් ලද හැකි ය. තොවිල් පලෙන් පිටව යන බොහෝ දෙනා මානසික ලිහිල් භාවයකින් හා මනා ජීවිත පරිඥානයකින් යුතු පුද්ගලයන් බවට පත් කිරීමට ඇදුරන් නිරන්තර උත්සාහයක නිරත වේ. යක්ෂත්වය හෝ වෙනත් සංකල්පයක් මූලික කරගෙන මෙබඳු සහන සමාජයක් ගොඩනඟන සාමූහික රෝග නිවාරණ ක්‍රමවේදයක් නූතන දියුණු යයි සම්මත සමාජවල දක්නට නොලැබේ.

    ඉර මැදියමේ හෝ ගොම්මං වේලාවේ දියමංකඩ බැස දිය නාන යුවතියගේ දුහුල් සළුවට මුවා වූ අඟපසඟවලට ගැමි තරුණයින් පමණක් නොව යකුන් පවා ලොබ කරතියි ගැමියෝ විශ්වාස කළහ. එහෙත් නාන කාමරය තුළ සළු උනා කරාමය යට ජල ස්නානය කරන නවීකරණය වූ යුවතිය දෙස යකුන්ගේ හෝ බැල්ම වැටෙන බවක් වාර්තා නොවේ.

    එමෙන්ම රීරියකා, මහසොහොනා, ගොපල්ලා ආදි යකුන් ගැසීමෙන් මියගිය මිනිසුන් පිළිබඳව ගම්මානයේ විවිධ කටකතා පැතිරේ. පුලුටු බැද ජාම වේලාවල්වල කෑම නිසා, මල ගෙදරක ගොස් රාත්‍රියේ තනිව පැමිණීම නිසා, පාන්දර ගව පට්ටිය වෙත යාම නිසා, ආදි සමාජය නොපිළිගත් විවිධ ක්‍රියා කරණ කොට ගෙන මෙසේ යකුන් ගසා මියගිය පිරිස් අතීතයේ විය. මියැදුණු අයගේ පිට ප්‍රදේශයේ යකුගේ ඇඟිලි පහේම සලකුණු පිහිටා තිබු බව ඇතැම් ගැමියෝ පවසති. කෙසේ වෙතත් පිට ප්‍රදේශයේ ඇඟිලි පහක ආකාරයේ රුධිර නාලිකා පිහිටා ඇති බව වෛද්‍යවරුන්ගේ මතයයි.

    බෙල්ලේ ඇති රුධිර නාල හිරවීම ආදියකදී ඉහත රුධිර නාලිකා අවහිර වී මරණයට පත්විය හැකි බවත් ඒ අවස්ථාවල මෙසේ ඇඟිලි පහක සලකුණු සේ මේවා දිස්විය හැකි බවත් උගතුන්ගේ මතයයි. ගැමියෝ මෙයට කුමන අර්ථ කථනයක් දුන්න ද ඉන් මිදීමට ද යක්ෂ සංකල්පය හා බද්ධ වූ ප්‍රතිකර්මයක්ම නිර්මාණය කරගත්හ. යක්ෂයාගේ අඩි ශබ්ද හෝ වෙනත් ශබ්ද ඇසෙන විට එකවරම පිටුපස නොබලා අත යටින් බැලීම ඒ සඳහා තිබු ප්‍රතිකර්මයයි.

    අත යටින් බැලීම දුෂ්කරය. එය වේගයෙන් සිදුකළ නොහැකි ය. මේ නිසා කුමන කැලඹිලි ස්වභාවයක් මනස තුළ හෝ පරිසරය තුළ සිදු වුවද ඒ සඳහා මිනිසා දක්වන සරල ප්‍රතික්‍රියාව වන හැරී බැලීම පවා සෞඛ්‍යාරක්ෂිතව සිදුකිරීමට මෙම යක්ෂ සංකල්පය හරහා ගැමියාට උපදෙස් ලැබුණි.

    අතීතයේදී යකුන්ගේ විවිධ හඬ නැගීම් කැලෑබද කඳුකරයෙන් ඇසුණු බවත්, යකුන්ගේ ගඳ පවා දැනුණු බවත් ඉංගි‍්‍රසි ජාතික ‘රොබට් නොක්ස්’ සිය අත්දැකීම් පසුබිම් කරගනිමින් එදා හෙළදිව කෘතියේ දක්වා ඇත.

    එහෙත් වත්මන් නවීකරණය වූ සමාජයේ විද්‍යුත් උපකරණවල හඬ මිස මේ කිසිවක් ඇසෙන්නට නැත. කැලෑ විනාශ වීම, කොන්ක්‍රීට් ගොඩනැගිලි ඉදිවීම, ගම ජනාකීර්ණ වීම ආදිය නිසා එදා ගැමියා යක්ෂත්වයට ආරෝපණය කළ, හැන්දෑවට හඬලන දුර්ලභ සත්ත්ව විශේෂයක වඳ වීමත්, සන්ධ්‍යාවේ දී යම් රසායනයක් නිකුත් කරනු ලබන දුර්ලභ පැලෑටියක වඳවී යාමත් නිසා මෙසේ නවීකරණය වූ සමාජයෙන් ජන විඥානගත අවිහිංසක සංකල්පමය යක්ෂයා ද නිරායාසයෙන්ම නික්ම යන්නට ඇත.

    එදාට වඩා සංකීර්ණ වූ සමාජයේ මිනිසා තුළ මානසික අවුල් වියවුල් ද සංකීර්ණ මෙන්ම ප්‍රබල වන බව දක්නට ලැබේ. රැකියාව, ගමනාගමනය, ආර්ථිකය, ආහාර, විලාසිතා ආදි මේ සියල්ල තුළින් මිනිසා තව තවත් මානසික පීඩාවට ලක්වෙයි.

    දවස තිස්සේ කායික හා මානසික පීඩනයට පත්වන ඇතැම් පුද්ගලයින් සන්ධ්‍යාවේ සිය පවුලේ සාමාජිකයන් සමඟ සතුටු සාමීචියේ යෙදෙනවාට වඩා පෙලඹෙන්නේ රූපවාහිනී ටෙලිනාට්‍යයක රසය විඳ ගැනීමටයි. එහෙත් වත්මන් ජනපි‍්‍රය සංස්කෘතියේ ටෙලි රචනා සැබැවින් ම මනස නිරවුල් කරන්නේ ද යන්න සැක සහිත ය.

    ඒ කෙසේ වෙතත් අතීත ගැමියා තුළ තිබු ඉහත සඳහන් කළ ධාර්මික වින්දන ප්‍රතිපත්තිය හා මෙය සමකළ හැකි ද? මනස සංවේදී කිරීමත් ඒ මඟින් විවිධ ගැටලු නිරාකරණය කිරීමේ දියුණු ක්‍රමවේදයත් මෙම ධාර්මික වින්දන ක්‍රියාදාමයේ අන්තර්ගත වී ඇත. වර්තමානය වන විට මානසික ආතතිය ආදිය දුරු කිරීමට ජනයා තෝරාගන්නා මනස සේදීමේ බොහෝ ක්‍රියාකාරකම් මඟින් සිදුවන්නේ මිනිසා අසංවේදී වීමයි. ඒ නිසා එහි විපාක ලෙස සමාජය තුළ අපරාධ, දූෂණ, වංචා ආදියෙහි වර්ධනය වීමක් දක්නට ලැබේ.

    ඒ නිසා මෙසේ මනස නිරවුල් කරගැනීමේ නව වින්දන ප්‍රතිපත්තිය අතීත ගැමියා ධාර්මික වින්දනයෙන් බිහි කරගත් තුලිත සමාජය බිඳ දමා අසමතුලිත කර ඇත.

    අප අතීතයේ ආරක්ෂාව පතා ගෙළ පැලඳි සුර, යන්ත්‍ර, පංචායුධ ආදිය වෙනුවට නවීකරණය වූවෝ පොල්කටු කැබලි, ප්ලාස්ටික්, යකඩ, පිත්තල පතුරු ගෙල පලඳා ගනිති. එයින් පෙනී යන්නේ අතීත ගැමියා සිය සතුටට හෝ නිරෝගී බවට වින කළ විවිධ මානසික හෝ අධිභෞතික යක්ෂ බලවේග පිටුදැකීම සඳහා භාවිත කළ දියුණු උපක්‍රම නවීන පරපුර විසින් ඉවත දමා ඇති ආකාරය යි.

    අප ප්‍රාථමික යයි සලකන වර්තමානයේ දුලභ වශයෙන් දැකගත හැකි යක්ෂ සංකල්පය සැබෑ ලෝකයේ භෞතිකත්වය හා ගැළපුණා ද නොගැළපුණා ද ඒ මඟින් අතීත ගැමියා නිර්මාණය කරගත් යහපත් මෙන්ම සාර්ථක සමාජ සංස්කෘතික සංකල්ප සියල්ල, නිතැතින්ම පොදුජන යහපතට යොමු වූවක් බව පැහැදිලි ය.

    සංකීර්ණ නවීන සමාජයේ යකුන් ගැහීම යකුන් වැහීම ඉතා දුර්ලභ ය. ගම ජනාකීර්ණ වී කාර්මිකකරණයට නතු වීමෙන් ස්වභාවික පරිසරයේ ඇතිවූ විවිධ වෙනස්කම් පමණක් මීට බලපා ඇතැයි කිව නොහැකි ය. මානසික වශයෙන් අප තුළ ඇතිවී ඇති පරිවර්තනය ද මීට හේතු වී ඇත. කෙසේ වෙතත් අප ඒ සොඳුරු යක්ෂයා ජන විඥානයෙන් එළවා දමා ඇත.

    උපුටා ගත්තේ සිළුමිණෙන්
    http://www.silumina.lk/punkalasa/20100502/_art.asp?fn=ar1005027