එළකිරි භූත කොටුව.........

jayafast

Member
Aug 24, 2010
200
29
0
මේක මට ළඟදී වුනු කේස් එකක්.හැමදාමත් වගේ මගේ යාලුවෙක්ට වාසි වෙලා දැම්ම පාටි එකක් හැමෝටම,ඕක ඉවර වෙලා එද්දී ටිකක් රෑ වුනා. අපේ ගෙවල් වලට ඉස්සරහ තියෙනවා පොඩි පාලුවට ගිය වත්තක්.කවුරුත් ඕකට අඩිය තියන්නේ නෑ.ඔය වත්ත අයිතිව තිබුනේ එක මිනිහෙක්ට.ඒ මිනිහට පිළිකාවක් හදුනා.අන්ත දුක් විදලා මැරුණේ.හරියට බිව්වා.කොයි වෙලෙත් පුරුද්දට වගේ ඒ මිනිහ ඉදන් හිටියේ වත්තේ තිබුණු ගලක.දැන් ඒ ගෙදර මිනිහගේ දුව ජිවත් වෙනවා.මම තාම ගෙදර ගරාජ් කැල්ලක් හද ගන්න බැරි වුනු නිසා වාහනේ පාර්ක් කරන්නේ ඔය කියන වත්ත අයිනේ.මොකද ගෙදර ඉදන් කෙලින්ම බැලුවම වාහනේ හොදට පේනවා.ආරක්ෂාවත් හොඳයි.:yes:ඉතින් ඔය මිනිහ මැරිලා දැනට හය මාසයක් වගේ ඇති.ඒ වත්ත රෑට පට්ට කලුවර තැනක්.ගේ තියෙන්නේ අනිත් පැත්තේ.මන් ඉතින් ර වුනු නිසා වහනෙත් පාර්ක් කරලා ලොච්ක් කරනවත් එක්කම කව්දො කහින සද්දයක් ඇහුන.:eek:පාරෙත් කවුරුත් හිටියේ නැති නිසා වට පිට බැලුව.මන් පිටි පස්ස හැරිලා බලද්දී අර ගල උඩ මොකක්දෝ චායවක් පේනවා :confused:.මන් හොදට බැලුව.මිනිහෙක්ගේ චායාවක් .එත් මට ඇතුලට ගිහින් බලන්න බෑ ඒ වත්තේ පුරාම බෝතල් කටු.එත් මන් හොදට බැලුවා.ඇස දෙකට වරදින්න විදිහක් නෑ.ඒ අර මිනිහගේ චායවම තමයි.මට දැනුන ඒ මිනිහ දැන් ඒ වත්තේ හොල්මන් කරන බව.ගොඩක්ම බය වුනේ නෑ කලින් ඒ වගේ අත්දකිම් තියෙන නිසා.එත් හිතනම් ගැස්සුනා.මන් එහෙම්මම ගෙදරට ආව.පස්සේ මන් ටිකක් හොයල බැලුවා.ඒ මිනිහගේ දුවගේ හස්බන්ඩ් බය වෙලා තියෙනවා එක පාරක්.එත් ඒවට දේවල් කරන්න ගියාම කියල තියෙනවා ඒ මිනිහ ඉන්නකන් වැරදි කල එත් දැන් මැරිලා ඉඩමට ආසාවේ හොල්මන් කරනවලු.ගොඩක් අය දැකල තියෙනවා.එත් තොවිල් කරලා එලව ගන්න තරම් ඒ මිනිස්සුන්ට වත් කමක් නෑ.ඊට පස්සෙනම් මන් දැක්කේ න.තාමත් මන් වාහනේ පාක් කරන්නේ එතන.අවුලක්නම් නෑ.බුත කොටුවේ කතාවක් නැති නිසා තමයි වෙලා තිබුණු වෙලේ කොටලා දාන්න හිතුවෙ. තව අත්දැකීම් තියෙනවා කොටලා පස්සේ දාන්නම්.වැරදි තියෙනවනම් සම වෙන්න ඕනා.
 

jmai007

Well-known member
  • May 24, 2010
    1,087
    61
    48
    kadawatha
    වැරදි තිබ්බත් රොබෝට් අයියගේ නුල ඇදන් යන එකම ඇති මචෝ...:yes::yes::yes::yes:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ප්‍රේතයොත් එක්ක කතා කරන සීන් එකකට මමත් මූන දීල තියනව..
    අපේ ආචිචි (තාත්තගෙ අම්ම) ඇතුළු හෙන සෙට් එකක් ගෙන්නල..
    ගෑනු කෙනෙක් ගෙ ඇගට ගෙන්නුවෙ.. ඒක video කලේ නැත්තෙ ඇයි කියල හිතුන මට පස්සෙ.. අඩෝ ඒ මිනිස්සුන් ගෙ කතා විලාෂෙ ඉතිං ආයෙ අල්පෙනිත්තක වෙනසක් නෑ.. මේව කිව්වට සමහරු පිලිගන්නේ නෑ.. සිරාවට මමත් ඔය ගෙන්නව කිව්වට ඕක කරල බලන කන් ජෝක දදා හිටියෙ ඉතිං :rofl:

    ඇග හිරි වැටෙනව ඕයි.. :nerd:
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    මේක බම්ප් වෙනවා විතරයිනේ.. :(
    මේ වෙලාවට කියවන්න ඇඟ හිරි වැටෙන හොල්මන් කතාවක් තිබ්බනම්.. :D
     

    sebastian show

    Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    මේ කතාව මට ඇත්තටම වෙච්ච දෙයක්. අපේ ලොකුතාත්තා කෙනෙක් නැතිවුනා මීට අවුරුදු කීපයකට කලින් පපුවේ අමාරුවක් හැදිලා තමයි නැති වුනේ. එයාගේ මිනිය භූමදාන කලේ නැහැ ආදාහනයක් තමයි කරන්න ලෑස්ති කලේ. ඒකට සොහොන ගැහුවෙත් ඒගොල්ලන්ගේ ගෙදරට ඉඩම් දෙකකට එහායින් තියෙන රබර් කෑල්ලක. ඒකෙ තමයි ඒගොල්ලන්ගේ ආච්චිලා සීයලා හැමෝගෙම සොහොන් තියෙන්නෙ. මේ සිද්ධිය වුනේ ආදාහනය කරන දවසේ.

    කට්ටියම පෙරහැරේ ගිහින් මිනි පෙට්ටිය සොහොනෙ තියලා
    ආදාහනයත් කරා. අපි ඉතින් මිනිය දැවිලා ඉවරවෙනකන් හිටියේ නැහැ ටිකක් වෙලා ඉදලා ආවා. එතන කට්ටියක් හිටියා ඒක බලන්න. ඉතින් මල ගෙදරට ආපු හැමෝමත් ආපහු ගියා. අපි මහන්සියට නිදාගත්තා. හවස් වෙලා ඇහැරුනාම පේනවා අයියායි ( අයියා කිවුවේ ඒ ලොකුතාත්තාගේ පුතා) එයාගෙ යාලුවොයි ටිකක් කලබලෙන් වගේ එහෙට මෙහෙට දුවනවා වගේ. අපි ඇහුවට කාරනේ කිවුවෙත් නැහැ. අයියා සැරෙන් සැරේ ලාම්පුතෙල් බෝතල් අරන් යනවා අපේ තාත්තා දැකලා එයාට සැක හිතිලා ඇහුවලු. එතකොට තමයි කියල තියෙන්නේ අර මිනියේ පපුව කොටස පිච්චෙන්නෙ නැහැලු. කොච්චර ලාම්පුතෙල් ගැහුවත් වැඩක් නැතිලු. ඉතින් එක අයියා කෙනෙක් ගිහින් පන්සලෙන් පිරිත් පැන් ඉල්ලන් ඇවිත් මිනියට ඉහලා ආයේ ලාම්පුතෙල් ගහලා පිච්චුවලු ඒත් පිච්චිලා නැහැ.
    පස්සෙ තාත්තා පන්සලට ගිහින් හාමුදුරුවන්ට කාරණය කිවුවම හාමුදුරුවෝ ඇබිත්තයා ගෙන්නලා අහලා. පන්සලේ පිරිත්පැන් ඉවරවෙලා තිබිලා ඒ කොල්ලා ටැප් එකෙන් වතුර අරන් දීල පිරිත් පැන් කියලා. ඒක මිනිස්සුන්ගේ හිතේ තියෙන විස්වාසයක්නෙ කියල තමයි ඒ ඇබිත්ත කොල්ල හිතල තියෙන්නෙ. ඊට පස්සෙ හාමුදුරුවො හනිකට වතුර ටිකක් ගෙන්නලා පිරත් කරලා දුන්නලු මිනියට ඉහින්නයි ගෙදර ඉන්න හැමෝටම බොන්න දෙන්නයි ගෙට ඉහින්නයි. ඒ පිරිත් වතුර ටික මිනියට ඉස්ස විතරයි චූස් ගාලා වගේ සද්දෙකුත් එක්ක වතුර ටික අර මස් කෑල්ලට උරාගත්තලු ඒත් එක්කම වටෙන්ම ගින්දර ඇවිත් ඒක පිච්චුනාලු. එතකොටම අර රබර් වත්තෙ රබර් ගස් මුදුන් මහ හුලගක් එක්ක කැරකිලා කැරකිලා ගියාලු. ඕව ගැන සත පහකට වත් විස්වාස නොකරපු අයියාත් හොදටම බය වෙලා. තව ඒ අයියගේ යාලුවෙක්ට එතනම බයටම මුත්‍රා පිටවෙලා. එයාගෙ නම කියන්න බෑ එයත් ෆේස් බුක් ඉන්නවා. නෝන්ඩිනේ.
    ඊට පස්සෙ හත් දවසෙ දානෙ වෙනකන් ලොකු අම්මා හොදටම අසනීප වුනා. එදා ආපු හාමුදුරුවො කිවුවේ ඒ පපුවේ තියෙන තෙල් කොටස වෙන අය අල්ලගෙන හිටපු නිසා තමයි පිච්චුනෙ නැත්තෙ කියලා. ඊට පස්සෙත් තව සිද්ධි කීපයක් වුනා ඒ ගෙදර. ඕක තමයි කතාව.

    Source:http://boothamandiraya.blogspot.com