එළකිරි භූත කොටුව.........

scylla4444

Active member
  • Jul 8, 2011
    496
    255
    43
    වෙලාතියෙනවිදියට උත්තර සපයන්නම්.

    සහෝ මෙතනදි , මේ මිනිහා පළපුරුද්ද හෝ වෙනින් මිනිහෙක් ඔයාට මායිම් වෙන තැනකින් තියල මේ දේ කරනවා වෙන්න බැරිද ?
    බූතකොටුවට බෙල්ල දාල යනකොට වැදගත් ලිපි කිහිපයක් හා ප්‍රෂ්ණ කිහිපයක් දාලතියෙනව දැක්කා.:) වෙලාතියෙනවිදියට උත්තර සපයන්නම්.
    උඩ කියලතියෙන අදහසට කියන්න තියෙන්නේ මම ඒ නොම්මරය ලිව්වේ නුවර වැව පැත්තට හැරිලා, මගේ බෑග් එක අස්සට අතදාලා. අඩුගානේ මමවත් දැක්කේ නෑ මම ලියපුදේ. (නමුත් ලිව්වේ 13.)
    ඕව මහ ටිකිරිස් දේවල බං;). නොදන්න උන්ට මැජික්. ඉතින් ඌ මැජික් පෙන්නල ගාන කපනව.:dull:

    K-Zone ගෑනුලමයෙක්ට වුන කරදරයක් පිළිඹඳව විමසල තිබුන. ඒ සම්භන්දව ටක්කෙටම වැඩකරනකෙනෙක් දැනන්හිටියා නමුත් මේවෙනකනුත් මට ඔහුව සම්භන්දකරගන්න බැරිවුනා. ඒ මනුස්සය මැරිලද දන්නෑ:baffled::baffled::(..... කෝකටත් ඒ කෙල්ලට දෙයක් කැවිලනම් ඇඟෙන් විස යම්තාක්දුරකට පිටවෙන්න කරපින්ච කැඳ දිනපතා බොන්න කියන්න. නොදන්න එකෙක්ගෙන් ටොපියක්වත් කන්න එපා, කැවුන කියන්නේ බඩුමතමයි. මේ සම්භන්දව මම ලියලතිබුන කියල මතකයි.

    මගේ ආච්චි නැතිවුන වෙලේ ආච්චිගේ පොඩිදුවට, ඒකියන්නේ මගේ නැන්ද
    ආච්චිගේ පෙට්ටිය ඉස්සරහ කෑගගහ අඬ අඬ, කලන්තේදාන් වැටි වැටි ඉන්න මොහොතක වතුර වීදුරුවකට දාල දෙයක් දීල තිබුනා බොන්න. ඕන් ඕකයි රටේ සමාජයේ හැටි. කල්පනාවෙන් පුතෝ.......

    1) තව ඉල්ලීම් ටිකක් කරන්න ඕන. මේ ත්‍රෙඩ් එක මුල ඉඳන් කියවන කෙනෙක් පුලුවන්නම් මගේ අත්දැකීම් දාපු
    ත්‍රෙඩ් ටිකේ ලින්ක් ටික වෙනම පෝස්ට් කරනවද. මටම මතකනෑ මම මොන මොන අත්දැකීම්ද මේකේ දැම්මේ කියලා.:baffled:

    2) මම අදත් දැක්කා මේ වගේ නොපෙනෙන ලෝක ගැන කතිකාවන් යන
    ත්‍රෙඩ් වල භූතකොටුවේ ඉන්න අයත් විවිධ පිළිතුරු සපයල තියෙනව. ඒවා අන්තිමට අවසන්වෙලා තියෙන්නේ මහාලොකු ගෝරි විදියට. නොපෙනෙනෙ දේවල් විද්‍යාත්මකව ඔප්පුකරන්න සාක්ෂි සොයාගන්න නෑ. තියෙන්නේ අත්දැකීම් පමණයි. ඉතින් ඒවා නොපිලිගන්නන් හා විවාදයේ යෙදෙන්න එපා. :no:

    3) හැකි හැමවිටම තමන්ගේ අත්දැකීම්, පවුලේ හෝ තමන්ට සමීප අයට සිද්දවුන අත්දැකීම් පමණක් මෙහි පලකරන්න. කාගේහෝ සම්භන්දතාවයක් නැති, කිසිදු සාක්ෂියක් නැති, මනංකල්පිත රචනා පලකර බූතකොටුව තවත් එක් නවකතාවක් නොකරන්න.:dull:

    4) තව මොකක්ද එක
    ක් කියන්න හිටිය, මතකනෑ....:baffled: මතක්වුනාම දාන්නම්.

    රොබොට් අයියා:frown:....
     
    Last edited:
    • Like
    Reactions: බින්දු

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ


    බූතකොටුවට බෙල්ල දාල යනකොට වැදගත් ලිපි කිහිපයක් හා ප්‍රෂ්ණ කිහිපයක් දාලතියෙනව දැක්කා.:) වෙලාතියෙනවිදියට උත්තර සපයන්නම්.
    උඩ කියලතියෙන අදහසට කියන්න තියෙන්නේ මම ඒ නොම්මරය ලිව්වේ නුවර වැව පැත්තට හැරිලා, මගේ බෑග් එක අස්සට අතදාලා. අඩුගානේ මමවත් දැක්කේ නෑ මම ලියපුදේ. (නමුත් ලිව්වේ 13.)
    ඕව මහ ටිකිරිස් දේවල බං;). නොදන්න උන්ට මැජික්. ඉතින් ඌ මැජික් පෙන්නල ගාන කපනව.:dull:

    K-Zone ගෑනුලමයෙක්ට වුන කරදරයක් පිළිඹඳව විමසල තිබුන. ඒ සම්භන්දව ටක්කෙටම වැඩකරනකෙනෙක් දැනන්හිටියා නමුත් මේවෙනකනුත් මට ඔහුව සම්භන්දකරගන්න බැරිවුනා. ඒ මනුස්සය මැරිලද දන්නෑ:baffled::baffled::(..... කෝකටත් ඒ කෙල්ලට දෙයක් කැවිලනම් ඇඟෙන් විස යම්තාක්දුරකට පිටවෙන්න කරපින්ච කැඳ දිනපතා බොන්න කියන්න. නොදන්න එකෙක්ගෙන් ටොපියක්වත් කන්න එපා, කැවුන කියන්නේ බඩුමතමයි. මේ සම්භන්දව මම ලියලතිබුන කියල මතකයි.

    මගේ ආච්චි නැතිවුන වෙලේ ආච්චිගේ පොඩිදුවට, ඒකියන්නේ මගේ නැන්ද
    ආච්චිගේ පෙට්ටිය ඉස්සරහ කෑගගහ අඬ අඬ, කලන්තේදාන් වැටි වැටි ඉන්න මොහොතක වතුර වීදුරුවකට දාල දෙයක් දීල තිබුනා බොන්න. ඕන් ඕකයි රටේ සමාජයේ හැටි. කල්පනාවෙන් පුතෝ.......

    1) තව ඉල්ලීම් ටිකක් කරන්න ඕන. මේ ත්‍රෙඩ් එක මුල
    ඉඳන් කියවන කෙනෙක් පුලුවන්නම් මගේ අත්දැකීම් දාපු
    ත්‍රෙඩ් ටිකේ ලින්ක් ටික වෙනම පෝස්ට් කරනවද. මටම මතකනෑ මම මොන මොන අත්දැකීම්ද මේකේ දැම්මේ කියලා.:baffled:

    2) මම අදත් දැක්කා මේ වගේ නොපෙනෙන ලෝක ගැන කතිකාවන් යන
    ත්‍රෙඩ් වල භූතකොටුවේ ඉන්න අයත් විවිධ පිළිතුරු සපයල තියෙනව. ඒවා අන්තිමට අවසන්වෙලා තියෙන්නේ මහාලොකු ගෝරි විදියට. නොපෙනෙනෙ දේවල් විද්‍යාත්මකව ඔප්පුකරන්න සාක්ෂි සොයාගන්න නෑ. තියෙන්නේ අත්දැකීම් පමණයි. ඉතින් ඒවා නොපිලිගන්නන් හා විවාදයේ යෙදෙන්න එපා. :no:

    3) හැකි හැමවිටම තමන්ගේ අත්දැකීම්, පවුලේ හෝ තමන්ට සමීප අයට සිද්දවුන අත්දැකීම් පමණක් මෙහි පලකරන්න. කාගේහෝ සම්භන්දතාවයක් නැති, කිසිදු සාක්ෂියක් නැති, මනංකල්පිත රචනා පලකර බූතකොටුව තවත් එක් නවකතාවක් නොකරන්න.:dull:

    3) තව මොකක්ද එක
    ක් කියන්න හිටිය, මතකනෑ....:baffled: මතක්වුනාම දාන්නම්.

    රොබොට් අයියා:frown:....
    :angry:
     

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ


    බූතකොටුවට බෙල්ල දාල යනකොට වැදගත් ලිපි කිහිපයක් හා ප්‍රෂ්ණ කිහිපයක් දාලතියෙනව දැක්කා.:) වෙලාතියෙනවිදියට උත්තර සපයන්නම්......

    රොබොට් අයියා:frown:....
    000203D1.gif
     

    Chai3

    Member
    Mar 5, 2012
    30
    6
    0
    පාථක ප්‍රතිචාර නම් මරු, මමත් හිතන්නෙ මේ නූල මේකෙ Posters ලට වැඩිය කියවනවා ඇති Visitors ලා,FB එකේ උනත් මේකෙ Post වල Links ගොඩක් Share වෙනවා දැකලා තියෙනවා. වෙන හොල්මන් කතා එක්ක බැලුවම මේකෙ තියෙන වෙනස තමයි මේකෙ ගොඩක් කතා විස්තර වෙන්නෙ තමන්ගේම අද්දැකිම් ගැන, ඉතින් අපේම එකෙක්ට උන දේවල් නිසා ඒක දැනෙනවා වැඩියි. ඒ වගේම එකම එක කතාවක් වත් තිබ්බෙත් නැ විශ්වාශ කරන්න අමාරු.

    මටත් මේ පැත්ත ගැන පොඩි කාලෙ ඉදන්ම ලොකු ආසවක් තිබ්බා, මොකද පොඩි කාලෙ මගෙ උපන්ගමේ (ගාල්ලෙ) ඉන්න කාලෙ අද්දැකපු දේවල් හින්දා, විද්‍යව ටිකක් එහෙන මෙනෙන් ඉගන ගන්නකොට මේවා බොරු කියල හිතුනත්, වැඩිදුර ඉගෙන ගන්නකොට, සමාජය දිහා හොදින් බැලුවම මේ නොපෙනෙන ලෝකය ගැන හොයන්න හිතට පුදුම ආසවක් එන්නෙ,

    මමත් දවසම Coding, database අස්සෙ හිර වෙලා හිටියට එලකිරි ආපු ගමන් අරින එක thread එකක් තමයි මේක, වෙලාවකට මේකෙ හොල්මන් කතා බල බල,
    හදන Software ත් හොල්මන් Software හැදෙන්නෙ :P

    අපේ වයිෆයිත් ඔයා වගේ තමයි, මම EK ඉන්නවා දැක්කොත් අහන්නෙ අර Ghost කතා තව නැද්ද කියලා, එයාටත් සිංහල කියවන්න බැරිහින්දා මම කොහොම කොහොම හරි තේරෙන විදියට කතා ටික කියනවා, ඉතින් ඉටපස්සෙ මට තමයි වදේ, Attach bathroom එකට යන්නත් මාව ඕන, රැ දොලහට නැගිටල කියනවා ඇදයට බලන්න සද්දයක් ඇහෙනවා කියලා, මට ඒවෙලාවට නම් ෆට්ට ආතල්.


    රොබට් අය්යට ජය වේවා.

    ගෑනු අය නම් බයයි තමයි පිරිමි අයට වඩා. ඒ නිසාමත් වෙන්න ඇති හුඟක් ගෑනු අයට ඔය කරන හූනියම් වුනත් නිකන්ම තදේට වැදෙන්නේ. හැබැයි ජම්මෙට වඩා පුරුද්ද ලොකුයි වගේ ඇස් කන් වහගෙන වුනත් බලන්න කැමතිම දෙය හොල්මන් කතා. :rofl::rofl::rofl: මටවත් තේරුම්ගන්න බෑ ඇයි කියල. අද පොඩ්ඩක් කනා ෆ්‍රී දවසක් ලැබුන.:lol: මගේ අදර් හාෆ් :love: වැඩට ගිහින් පාලුයි ගෙදර. ෆිල්ම් එකක් බලමු කියල හොයන්න යද්දී අන්තිමට නැවතුනේ, " Horror Movies based on true events " කියල. ලොල් :P:lol:
     
    Last edited:

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    අත්භූත නවාතැන්පොල - (සත්‍ය කතාව )

    දැඩි වර්ෂාව කපාගෙන වාහනය වේගයෙන් ඉදිරියට ඇදුනි . මද්දහන ගෙවී සුළු වෙලාවක් වුවද මිදුමත් වැහි අන්ධකාරයත් නිසා පරිසරයේ තිබුනෙ අදුරු මුසල ගතියකී .. අමිත්ට නැවත වරක් කන්නාඩියෙන් පසුපස අසුන දෙස බැලුණි. තේහැවිරිදි පුංච් පුතු පසුපස අසුනේ තවම නිදිය . මේ හදිසි ගමනත් දැඩි වර්ෂාවත් නිසා වාහනයේම පැය ගනනක් ගතකල පුංචි පුතුගෙන් දිස් වුයේ විඩාබර පෙනුමකී . එය අමිත්ගේ සිතේද ඇතිකළේ කනස්සල්ලකී

    “මම කීවානේ අමිත් සීසන් එකේ නුවරඑළියේ ගෙස්ට් හවුස් හොයන එක ලේසි නැහැ කියලා කෝ ඔයා ඇහුවේ නැහැනේ ..”

    මෙතෙක් වෙලා නිහඩව සිටි අනෝමාද මැසිවිලි නගන්නට විය. ඇයට උවමනවුයේ මෙම නිවාඩුව ගාලු ප්‍රදේශයේ ගතකිරිමටය , එහෙත් නුවර එළියේ ශිත දේශගුනයට ඇලුම්කල අමිත්ගේ කැමැත්තට පිටු පෑමට ඇයට නොහැකිවිය. එබැවින් අකමැත්තෙන් වුවද නුවර එළියේ යෑමට ඈ එකගවිය .

    “තව ටිකක් බලමු අනෝමා අපිට පොඩි ගෙස්ට් හවුස් එකක් හරි හොයාගන්න බැරි වෙන්නේ නැහැ හවස් වෙන්න තව වෙලාව තියෙනවා ..එහෙම බැරි උනොත් මම බිස්නස් වැඩ වලට ආවාම නතර වෙන තැනක් තියෙනවා එතන හරි අද රෑ ඉමු ”

    පාරම්පරික ව්‍යාපාරික පවුලක් වූ අමිත්ට මුදලින් කිසි අඩුවක් නොවුහ . එබැවින් මාස දෙක තුනකට වරක් හෝ නිවැසියන් සමග මෙවැනි දුර පලාත් වලට ගොස් විවේක ගැනීම ඔහුගේ සිරිතකි.. ඔවුන් මෙවැනි ගමන් කොතෙකුත් ගොස් ඇත.. තවමත් තරුණ වියේ සිටින අනෝමා සහ අම්ත්ටත් තෙහැවිරිදි පුතුටත් මෙවැනි ගමන් ගෙන ආවේ සතුටකි එහෙත් අද ගමන් ආරම්භයේ සිටම සොබාදහම පවා ඔවුන්ට බාදා කරන්නට පටන්ගෙන තිබුණි .

    නුවරඑළිය නගරය පුරාම ඇවිද්දත් අමිත්ට නවාතැනක් සොයාගැනීමට අපහසුවිය සියලු ප්‍රධාන සංචාරක නිකේතන සංචාරකයන්ගෙන් පිරි ගොසිනි . නොනවතින වර්ෂාව හා දැඩි සිතල ., ඔවුන්ව තවත් අපහසුතාවයට පත්කලේය..

    “කරන්න දෙයක් නැහැ අනෝමා මම බිස්නස් වැඩ වලට ආවාම නතර වෙන ගෙස්ට් හවුස් එකටවත් යමු.. ටවුන් එකෙන් ටිකක් දුරට වෙන්න තියෙන්නේ වෙලාවේ හැටියට වෙන කරන්න දෙයක් නැහැ “

    අවසානයේ අමිත් නැවතත් තමන් දන්නා නවාතැන්පල වෙත රථය පැදවුයේය.. නගරයේ සිට කිලෝමීටර් හත අටක් පමන දුරට වෙන්නට තිබු නවාතැනට ලංවනවිට හාත්පසම අදුර ගිලගනිමින් තිබුණි නවාතැන් පොලෙහි වාහනය නවතා වාහනයෙන් බැසීමටත් ප්‍රථම මැදිවයසේ පසුවන නවාතැන් භාර කරු රියදුරු අසුන පැත්තේ ඇති කවුළුවෙන් හිස පෙව්වේය ...

    “සමාවෙන්න සර් රුම්ස් නම් ඔක්කොම ඉවරයි ..”

    සුපුරුදු නවාතැන් සේවකයාගේ රුව අමිත් ඇදින ගත් නමුත් සේවකයා අමිත් හදින ගත්තේ නැත. අදුරත් වාහනය තුල සිටීමත් නිසා තමුන්ව හරිහැටි නොපෙනුන බව තේරුම්ගත් අමිත් හිතවත් සේවකයා සමග කතා කළේය ..

    “ඒයි සැම්සන් මේ මම අමිත්...”

    “ඔහ් මේ අපේ අමිත් මහතයානේ.. “

    “අපිට අද රෑට කාමරයක් ගන්න නැද්ද සැම්සන් “

    “අමිත් මහත්තයා මට කෝල් එකක් දුන්නනම් මම තැනක් ලෑස්ති කරලම තියනවනේ.. මේ දවස් දෙක තුනේ නුවරඑළිය හොටෙල් රෙස්ටුරන්ට් ඔක්කොම මිනිස්සුන්ගෙන් පිරිලා..”

    “සැම්සන් දන්න කියන තැනක් නැද්ද අපිට අද රෑට විතරක් ඉන්න ...”

    “ ටවුන් එකට ලගින්නම් හොයලා වැඩක් වෙන්නේ නැහැ මහත්තයෝ අන්න අර පාර දිගේ උඩහට ගිහින් ගම ඇතුල පැත්තට යන්න ඒ හරියේ ගෙස්ට් හවුස් දෙක තුනක් තිබුනා ...”

    නවාතැන් පලෙහි සේවකයාට සමුදුන් යුවල කදු පාර දිගේ රථය පැදවුහ.. කලින් පැවති තද වර්ෂාව දැන් පොද වැස්සක් බවට පරිවර්තනය වී තිබුනද දැඩි මීදුමත් මාර්ගයේ දුෂ්කර තාවත් නිසා අමිත්ට වැඩි වේගයකින් වාහනය ධාවනය කිරීමට නොහැකිවිය එබැවින් ඔවුන් කදු ප්‍රදේශය තරණය කිරීමේදී තරමකට රෑ බෝවී තිබුණි . රාත්‍රියේ නොදන්නා ප්‍රදේශයක නවාතැන් නොමැතිව අතරමංවූ තරුණ යුවලගේ ආත්මවිස්වාසයද හිනාවෙමින් තිබුණි . මගදී නවාතැන් පොළවල් කිහිපයක් දුටුවද ඒ සියල්ලම රාත්‍රියක් ගතකිරීමට අමිත් වැන්නවුන්ට සුදුසු නැති බැව් දුටු බැවින් අමිත් තවත් ඉදිරියටම ධාවනය කලේය.

    “ අමිත් අර බලන්න ....

    අනෝමා පෙන්වා සිටියේ අතුරු පාරකට ඊතලයකින් පෙන්වා ඇති රෙස්ටුරන්ට් එකක නමක් සහිත පුවරුවකි .. විශාල පුවරුවක්වූ එය අපවිත්‍රවී ඇති බැවින්දෝ පැරණි බවක් පෙන්වූයේය ..

    “ඒකත් හරියන එකක් නෙමේ වගේ අනෝමා බලන්නකෝ බෝර්ඩ් එකේ හැටි .. වහලා දාපු ගෙස්ට් හවුස් එකක් වෙන්න ඇති .. නැත්නම් මේ වගේ කාලේක මෙහෙම තියන්නේ නැතුව මිනිස්සුන්ට පෙනෙන්න ලයිට් එහෙම දාලා තියනවනේ ..”

    “කමක් නැහැ අපි මේකත් බලාගෙනම යමු ..

    අමිත් බෝර්ඩ් එකෙන් පෙන්වා ඇති අතුරු මාර්ගය දිගේ වාහනය ගෙන ගියේය.. මාර්ගය දෙපස විශාලව වැවී ඇති ෆයිනස් ගස් යාය නිසා මාර්ගය තවත් අදුරු බවක් පෙන්වූයේය..

    මද දුරක් ගිය තැන ඇති විශාල ගේට්ටුවට පසුකර ගිය අමිත් දුටුවේ පැරණි නමුත් තරමක් විශාල දෙමහල් නිවාඩු නිකේතනයකි. පහත මාලයේ අලින්දයක් සහ කාමර කිහිපයක් ද ඉහත මාලයේ පාර පැත්තට මුහුනලා විශාල කොරිඩෝවක් ඒත් සමග විශාල කාමරයක්ද කොරිඩෝව දිගට පුංචි කාමර පේළියක දොරවල්ද පහතට හොදින් පෙන්නෙන්න තිබුණි . එහෙත් මද ආලෝකයත් නවාතැන්පලේ පැරණි පෙනුමත් නිසා එයින් දිස්වුයේ ගුප්ත බවකි .

    “අනෝමා මේකේ කවුරුත් ඉන්න පාටක්නම් පෙන්න නැහැ අපි වෙන තැනක් බලමු ..”

    “අපි ටිකක් කතා කරලා බලමු අමිත් දැන් ගොඩක් රෑ වෙලානේ ..අපිට වෙන තැනක් හොයාගන්නත් නැති වෙයි මේ වෙලාවේ ..”

    “එත් මේකේ කවුරුවත් ඉන්න පාටක්නම් නැහැ ...

    “ටවුන් එකෙන් දුර නිසා ගෙස්ට්ලා අඩු ඇති අමිත් .. අපි ටිකක් කතා කරලා බලමු ..”

    වාහනයේ නලා නාදයත් සමගම පඩිපෙළ බැසගෙන දිව ආවේ මහලු මිනිසෙකි නුවර එලිය දේශගුනයට ගැලපෙන ලෙස ජර්සියක් හැද හිසේ ජටාවක් ගැටගසා සිටි මහල්ලාගෙන් දිස්වුයේ වැදගත් වංශවත් පෙනුමකි ..

    “අපිට මෙහෙන් කාමරයක් ගන්න පුලුවන්ද අද රෑට ..”

    “පුළුවන් සර් එන්න ඇතුලට ..., හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා ”
    ඒ මොකක්ද ?

    “අද මේකේ වැඩ කරන අය කවුරුත් නැහැ ඔක්කොම නිවාඩු ගිහින් කෑම නම් සර්ලට පිටින් ගන්න වෙන්නේ .. අනිත් පහසුකම් විතරයි දෙන්න පුළුවන් ..”

    “ඇයි මේ වගේ සීසන් එකක නිවාඩු යන්නේ ..”

    “අද පෝය දවසනේ සර් පෝය ලංවෙලා ඔක්කොම නිවාඩු යනවා ආයේ හෙට රෑට තමයි එන්නේ පෝයට මම තනියම ඉන්නේ... උදෙත් ආව ගෙස්ට්ලා දෙන්නෙක් ආයේ හැරිලා ගියා කෑම පිටින් ගන්න වෙන නිසා ..

    “කමක් නැහැ අපි හෙට උදේට යනවනේ අද රෑට පිටින් කෑම ගන්නම් “

    “අඃ එහෙනම් ගැටලුවක් නැහැනේ සර් එන්න මම හොදම රුම් එකක් ලෑස්ති කරන්නම් ..”

    මහල්ලා සමග යුවල පඩිපෙළ නගිමින් ආලින්දයට ඇතුළුවිය... මෙතෙක්වෙලා කාරය තුල නිදමින් සිටි පුතු වඩාගැනීමෙන් අවදිවී ඇහි මෑලි කඩමින් අනෝමාගේ තුරුලට ගුලිවුයේ දැඩි සීතලෙන් මිදීමට මෙනි.. අමිත් ඒ දෙස බලාසිටියේ දැඩි අනුකම්පාවෙනි ...

    පැරණි බඩු භාණ්ඩ වලින් පිරීගිය පහත මාලයේ මද වෙලාවක් සක්මන් කල අමිත්ට මෙය එළියෙන් දුටුවාටත් වඩා ගුප්ත බවක් හැගුනද ඔහු එය ගනන් නොගත්තේ මෙය හැර වෙන විකල්පයක් ඔවුන්ට නැති බැවිනි .



    “සර් එන්න උඩට මම උඩ බැල්කනිය අයිනේම රුම් එක ලැස්ති කළා ..” ඉහත මාලයේ සිට ගාරදී වැටෙන් එබී බැලු මහල්ලා යුවලට ආරාධනා කලේය .

    මහල්ලා පෙන්වූ විශාල කාමරය දෙසට බැල්කනිය පසු කරමින් යනවිට තවමත් නිදි මතෙන් සිටින පුතු එක වරම බැල්කනියේ ඇති හාන්සි පුටු පේලියේ එක් පුටුවක් දෙසට සිගිත් අතැගිලි දිගු කරමින් මුමුණන්නට පටන්ගත්තේය

    “ අම්මි ආ..අර ආන්ටි ..අර..අර ..අතන ..”

    අමිතුත් අනෝමාත් එකවරම නතරවී පුතු පෙන්වන පුටුව දෙස බැලුවද ඔවුන් දැක්කේ අදුරේ තබා ඇති හාන්සි පුටු පේළියම පමනි.. කාලෙකින් එහි කෙනෙක් වාඩිවී නැති බවට එහි ඇති මකුළුදැල් ද කියා පෑවේය ..

    “මේයා තාම නිදි මතේ හීනයක් දැකලද කොහෙද අමිත් ...අපි රුම් එකට යමු ..”

    නිදන ඇදන් දෙකක් සහ විශාල නාන කාමරයක් සහිත විශාල කාමරය ඔවුන් බලාපොරොත්තු වූවාටත් වඩා සැපපහසු එකක් විම ගැන ඔවුන් පසුවූයේ සතුටිනි...

    “අනෝමා ඔයා පුතත් එක්ක ඉන්න මම රෑට කන්න මොනවා හරි එලියට ගිහින් ගේන්නම් ..

    “අනේ එපා අමිත් යන තැනක අපි තුන්දෙනාම යමු .. මෙතන හරි පාලු පාටයි මගේ හිතට හරි නැහැ ..”

    මෙතෙක් වෙලා අමිත්ට දැනෙමින් තිබු හැගීම අනෝමාටද දැනී තිබෙන බව ඇසීමෙන් අමිත් පුදුම වුයේ නැත.. තිදෙනාම පිටතට ගොස් ආහාර රැගෙන නැවත එනවිට රාත්‍රී දහයේ කනිසමට ලංවී තිබුණි . එත් සමගම පොද ගසමින් තිබු වැස්ස නැවතත් ගිගුරුම් සහිත මහා වැස්සක් බවට පරිවර්තය වුයේ ක්ෂනිකයෙනි . රාත්‍රී ආහාරය ගෙන තිදෙනාම නින්දට වැටුණු විගසම ගමන් තෙහෙට්ටුව නිසාමදෝ ඔවුන්ට ඉක්මනින්ම නින්ද ගියේය.
    විශාල සයනයේ අනෝමා සහ පුතුද එයින් මදක් එපිටින් ඇති සයනයේ අමිත්ද නිදාගෙන තිබුණි.

    මධ්‍යම රාත්‍රියේ කිසියම් සබ්දයකින් අමිත් අවදිවිය . එවිටත් වර්ෂාව අඩුවී නැත අකුණු ගසමින් වසින වැස්සේ සබ්දය හැර වෙන යමක් අමිත්ට නැවත අසුනේ නැත. නැවතත් ඇස පියවිගෙන එන විටම නාන කාමරය දෙසින් අඩි සබ්දයක් ඇසි ඔහු සයනයේ සිටම ඒ දෙසට හැරුනි..

    අදුර නිසා හරි හැටි පැහැදිලි නැතත් විටින් විට විදුලි කෙටීමේ ආලෝකයෙන් නාන කාමරයේ දොර අසල කෙනෙක් සිටගෙන සිටින ජායාවක් දැකගත හැකිවිය . වාඩාත් විමසිලිමත්වූ අමිත්ට දැක ගැනීමට ලැබුනේ නාන කාමරය අසල සිට තමා දෙස බලාගෙන සිටින තම බිරිදවය..

    බිරිද නාන කාමරයට යන්නට ඇතැයි සිතා නැවත ඇස් පියාගැනීමට සැරසුනත් තවමත් එකම ආකාරයකට නොසෙල්වී සිටින බිරිද ගේ ඉරියව්වල වෙනසක් දුටු අමිත් නිකමට මෙන් බිරිදත් දරුවත් නිදාගෙන සිටි සයනය දෙස බැලුවේය.. දුටු දසුනින් ඔහුට ඇස් අදහා ගැනීමට නොහැකි විය ..

    තම බිරිද දරුවාද තුරුලු කරගෙන සයනයේ තද නින්දේය ..
    එහෙත් සමගම පිපිරූ අකුනේ ආලෝකයෙන් නාන කාමරය අසල සිටින අත්භූත ගැහැනියගේ වියරු මුහුණ අමිත්ට පැහැදිලිවම දර්ශනය විය ...



    ජිවිතයේ ප්‍රථම වතාවට මුහුණ දෙන අසාමාන්‍ය අත්දැකීමෙන් බියපත්වූ අමිත් කෑගැසීමට තැත් කලත් කිසිම ශබ්දයක් පිට නොවෙන තරමට ඔහුගේ උගුර හිරවී තිබුණි , සයනයෙන් නැගිටිමටවත් නොහැකි ලෙස ශරීරය පනනැතිවී තිබුනේ දැඩි බිය නිසාද නැතිනම් අදුශ්‍යමන බලවේගයේ ක්‍රියාවක් නිසාදැයි ඔහුට වටහා ගැනීමට නොහැකි විය..


    කළහැකි එකම දෙය වුයේ හැකි වැර යොදා අතින් ඇදට ගැසිම පමනි . එහෙත් බිරිදත් දරුවත් සිටින්නේ ඒ ශබ්දයෙන් අවදි වන තරමේ සුළු නින්දක නොවේ .

    ටිකෙන් ටික තමන් වෙතට ලංවෙන අත්භූත ගැහැනියගේ මුහුන අමිත්ට දැන් පැහැදිලිවම පෙනේ.. ඒ මුහුණේ ඇත්තේ බියකරු පෙනුමකි .. මද ආලෝකයෙන් රුදුරු ඇස් දිලිසෙන්නට විය ..

    ඉතිපිසෝ ගාථාව තොල් මැතිරීමට උත්සහ කලත් එහි වචන දෙක තුනකට වඩා අම්ත්ගේ මතකයට ආවේ නැත.. අත්භූත ගැහැණු රුවත් අමිත්ගේ සයනයත් අතර පරතරය අඩි කිහිපයක් තරමට ලංවෙද්දි අමිත්ට මතක්වුයේ.. දසසිල් මෑණි කෙනෙක්වූ තම මව දිනක් කියූ දෙයකි ..

    “පුතේ මොකක්හරි කරදරයක් උපද්ද්‍රවයක් වෙන්න යනකොට බුදු ගුණ සිහි කරන්න.. ඒ ඇති . හැම කරදරෙකින්ම පුතාව බේරයි .. බුදු ගුණ බලේ අනන්තයි..”

    අමිත් තදින් දෑස් පියාගෙන ආරක්ෂාවට ගෙලේ පැළද ඇති යන්තරය තදින් අල්ලාගෙන බුදුගුන සිහිකරන්නට විය..

    ක්ෂණිකයෙන් මෙතෙක්වෙලා හිරවී තිබුණු උගුර නිදහස්වීය. ඒ අවසරයෙන් අමිත් හඩනගා බිරිදට කැගැසුවේය ඒ ශබ්දය කොතෙක්දයත් බිරිද පමණක් නොව නිදාගෙන සිටි දරුවාද අවදිවී බියවී හඩන්න පටන් ගත්තේය.. බිරිද විදුලි බුබුල දල්වා අමිත් අසලට ආවේය ..

    “අමිත් ඇයි.. ඔයා හීනෙන් බයවුනාද...

    තමන් මුහුණ දුන් බියකරු අත්දැකීම බිරිදට පැවසීම මේ වෙලාවේ සුදුසු නැතිබැව් සිතු අමිත් එය සැගවුයේය..

    “මම නපුරු හීනයක් දැක්කා අනෝමා...”

    “ඔයා හොදටම බයවෙලා ඉන්නේ අමිත්.. මේ සිතලෙත් ඔයාට හොදටම දාඩිය දාලා .. අපි හෙට උදෙන්ම මෙහෙන් යමු අමිත් මෙතන ඒ තරම් හොද තැනක් නෙමේ..හරිම අමුතුයි.”

    ඉන්පසු තිදෙනාම එක සායනයකට වී විදුලි බුබුළු දල්වාම නිදාගත්තද නින්ද නැවතත් අමිත්ගේ අහලකටවත් ආවේ නැත. එහෙත් අනෝමා නැවතත් නින්දට වැටුනි.. නිදි වර්ජිතවම සිටි අමිත් පාන්දර ජාමේම අනෝමාවත් අවදි කරගෙන පිටත් වීමට බඩු භාණ්ඩ සුදානම් කර පසුව තවමත් නින්දේ සිටින පුතුවද කරපින්නාගෙන පහත මාලයට පඩි පෙළ බසිනවිට ඒ අසල බිත්තියේ එල්ලා තිබු මංගල ජයරුපය ඇස ගැටුණි.. ඒ ජයාරුපයේ සිටින කාන්තාවත් පෙරදා රැයේ තමන් දුටු අත්භූත කාන්තාවත් එක් අයෙකුම බව හදුනා ගැනීමට අමිත්ට අපහසුවුයේ නැත .

    මද වෙලාවක් ඇතුලත ඔවුන්ගේ ඇමතුමෙන් නවාතැන් පොලේ භාරකරු ඔවුන් ඉදිරියට ආවේය..

    “සර් ලා උදේම පිටත් වෙන්නද ... මම හිතුවේ ටිකක් දවල් වෙනකන් ඉදිවී කියලා ..”

    “අපිට තව ගමන් ගොඩක් තියෙනවා යන්න ඒකයි .. ඒක නෙමේ අර ෆොටෝ එකේ ඉන්නේ කවුද ?..”

    “ ඒ මේ ගෙස්ට් හවුස් එක අයිති මහත්තයි නෝනයි...”

    “එයාලා දැන් කොහෙද ඉන්නේ “

    “නෝනාව කවුද මේ කාමරයක් ඇතුලෙම මරලා දාලා තිබුනා.. ගොඩක් අය සැක කලේ ඒක කලේ මහත්තයාමයි කියලා.. පස්සේ මහත්තයාට කලකිරිලා මේ ගෙස්ට් හවුස් එක මට භාර දීලා රටගියා..දැන් අවුරුදු ගානක් වෙනවා ආයේ ආවේ නැහැ.. ඉස්සර මේක ගොඩක් සරුවට තිබුන එකක්.. “

    “ ඒ කියන්නේ ඒ ෆොටෝ එකේ ඉන්න කෙනා මැරිලා ...”

    “ඔව් ඇයි සර් මෙච්චර උනන්දුවෙන් මේ ගැන අහන්නේ ...

    “අඃ නෑ නිකන් ෆොටෝ එක දැක්ක නිසා අහන්න හිතුනා ..”

    “හ්ම්ම් ඒක මිසක් මම හිතුවා ඒත්..

    භාරකරු කියන්න හැදු වචනය ගිලගත්තේය

    “මොකක්ද හිතුවා කිව්වේ ..??

    “නෑ මහත්තයෝ දන්නේ නැද්ද මේ වටේ තියෙන ගෙස්ට් හවුස් කාරයොයි මිනිස්සුයි එකතුවෙලා මේ හෝටලේ නම සවුත්තු කරන්න එක එක කතා ගොතනවනේ ..

    “ඒ කිව්වේ ...“

    “මේ ගෙස්ට් හවුස් එකේ අවතාර තියෙනවා ගෙස්ට්ලා බයවෙනවා කියලා කතාවක් පතුරනවනේ ඔය එක එක උදවිය.. ඒකෙන් දැන් මේකට ගෙස්ට්ලා එන්නේ නැහැ .. ඉදලා හිටලා නොදන්නා කෙනෙක් ආවොත් මිසක මහත්තයාලා වගේ .. හෙක්.. හෙක්.. , මේකේ ඇති හොල්මන් අවතාරයක් නැහැ මහත්තයෝ මම මේ තනියම ඉන්නේ ඕනේ තරම් මම නම් ඔය කිසි දෙයක් දැකලා නැහැ ඕවා බොරු කතා.. හොල්මන් අවතාර කියලා දෙයක් නැහැ මහත්තයෝ ...’

    කිසිත් නොකියූ යුවල නවාතැන්පොළ භාරකරුට සමුදී පිටත් වීමට වාහනය වෙතට පැමිණුනි... තවමත් හිරු එලිය වැටී නොමැති බැවින් පරිසරයේ ඇත්තේ දැඩි අදුරු බවකි කාරය නවතා ඇති තැන සිට ඔවුන් නතර වී සිටි කාමරයත් බැල්කනියත් ලයිට් එළියෙන් පැහැදිලිවම පෙනෙන්න තිබුණි ..

    කාරයට නගින්නට හදද්දිම අනෝමාගේ ඇකයේ සිටි පුතු බැල්කනියේ හාන්සි පුටු දෙසට අත දික්කරමින් යමක් මුමුණන්නට විය ...

    “අම්මී.. අර ඇන්ටි ඉන්නවා ..අර ..අර ..අතන ..”

    “කෝ පුතේ ඔයා කාවද පෙන්නන්නේ එතන කවුරුත් නැහැනේ ..”

    “අපි යමු ...!!!”

    අනෝමා පුතුට පිළිතුරු දෙන අතර ඒ දෙස නොබලාම රියදුරු අසුනේ අසුන්ගත් අමිත් රිය පනගැන්වුවේය...


    ____________________________________________________
    ප . ලි ;- සත්‍ය සිදුවීමක් ඇසුරිනි , රසවත් කිරීමට ලුනු ඇබුල් ස්වල්පයක් එකතුකර ඇත .

    උපුටාගැනීම චමී4යු බ්ලොගයෙනි
    http://chami4u.blogspot.com/2013/08/blog-post.html
    තවත් සත්‍ය හොල්මන් කතා සදහා එහි හොල්මන් කතා ලේබලය පිරික්සන්න
     

    Chai3

    Member
    Mar 5, 2012
    30
    6
    0
    දැඩි වර්ෂාව කපාගෙන වාහනය වේගයෙන් ඉදිරියට ඇදුනි . මද්දහන ගෙවී සුළු වෙලාවක් වුවද මිදුමත් වැහි අන්ධකාරයත් නිසා පරිසරයේ තිබුනෙ අදුරු මුසල ගතියකී ....


    ____________________________________________________
    ප . ලි ;- සත්‍ය සිදුවීමක් ඇසුරිනි , රසවත් කිරීමට ලුනු ඇබුල් ස්වල්පයක් එකතුකර ඇත .

    උපුටාගැනීම චමී4යු බ්ලොගයෙනි
    http://chami4u.blogspot.com/2013/08/blog-post.html
    තවත් සත්‍ය හොල්මන් කතා සදහා එහි හොල්මන් කතා ලේබලය පිරික්සන්න
    :baffled:
     

    sudu වැද්දා

    Well-known member
  • Mar 26, 2012
    833
    381
    63
    කැලේ
    දැන් සති 2ග් ව්තර කලින් මගෙ වම් අතේ වලමිටට උඩ්න් ඇතුල් පත්තෙ ලොකු මාපටගිල්ලක සලකුනක් තිබ්බා.

    කොහෙවත් වැදුනෙත් නෑ

    මෙ සතියෙ දකුනු අතෙ වලමිටට පහලින් ආයෙත් තලුම් පාරක් තියෙනවා'

    man දන් හිතන් ඉන්නෙ night vision web cam දල රෙකොඩ් කරන්න.
     

    Hiran Pradeep

    Member
    May 23, 2009
    29
    9
    0
    galle
    බ්‍රිතාන්‍යයේ පාළු නිසසල ගමිමානයක සුවිසල් නිවසකි."විනිශ්චයකරුවන්ගේ නිවස" යනුවෙන් ගැමියන් අතර ප්‍රචලිතර මේ සුවිසල් මැදුර බොහෝ කලක් තිස්සේ වසා තැබීම නිසාදෝ දැඩි පාළු පෙනුමක් උසුලයි. නමුත් මේ කියන දිනවල දිවා කාලයන්හි එහි දොර ජනෙල් ඇර තිබෙණු රාත්‍රී කාලයන්හි පහන් දැල්වෙනුද පෙනෙයි. ඊට හේතුව තරුණ ලේඛකයෙකු වන "මැල්කමි" තම නවතම ග්‍රන්ථයක් ලියා නිම කිරීම පිණිස තෙමසකට මෙම නිවස භාරකරුගෙන් කුලියට ගැනීමය.
    කලකදී වැරදි කරුවන්ට දරුණු දඩුවමි දීම පිළිබදව ප්‍රසිද්ධව සිටි විනිශ්චයකරුවකු ගේ නිවස වු මෙහි හොල්මන් අවතාර බහුලව ඇතැයි සැක කරන ගමිමුන් දිවා කාලයන්හි හෝ මේ නිවස පසුකර යාමට මැලි වන අතර "මැල්කමි: ටද ඒ පිළිබද අනතුරු ඇගවීමට උත්සුක වුහ. නමුත් හොල්මන් අවතාර පිළිබද මත තරයේ ප්‍රතික්ෂේප කළ මැල්කමි තම කාර්යය බාධා කිරීමකින් තොරව කිරීමට ස්ථානයක් ලැබීම පිළිබදව ප්‍රීතියට පත් වුයේය.


    දින කිහිපයක් ගෙවී ගියේය. ඉදහිට රාත්‍රීරයට ඇසෙන මීයන් එහා මෙහා දිවෙන හඩ හැරුණු විට "මැල්කමි" ගේ කාර්යයට බාධා කෙරෙන අන් කිසිවක් නොවීය. විශාල නිවස දැවැන්ත මියන්ගේ පාරාදීසයක් බව නමි මැල්කමි ට වැටහී ගොස් තිබිණ.


    ආහාර ගැනීමට අසල වු තානායමට යන මැල්කමි ඉතිරි කාලය ගත කළේ ග්‍රන්ථය ලිවීම පිණිසය. නිවස පිරිසිදු කරදීම පිණිස දිනපතාම උදය වරුවේ පැමිණෙන කාන්තාවද එසේ පැමිණෙන්නේ තමා විසින් ගෙවනු ලබන වැඩි වැටුප නිසා මිද කැමැත්තකින් නොවන බවද මේ වන විට "මැල්කමි" ට පැහැදිලිව වැටහී ගොස් තිබිණ.


    වැසි බර රැයක් ආරමිභ විය. දැඩි සුළගක් හමා ගියේ ගත කිලි පොලා යන සීතලයක්ද සමගිනි. "මැල්කමි" තම ග්‍රන්ථය ලිවීමෙහි නිරත වී සිටියද සුළගෙහි හා දැඩි වර්ෂාවෙහි ශබීදය ඹහුට සිත එකග කර ගැනිමට මග අවුරා සිටියේය.
    නිවසෙහි විශාල විසිත්ත කාමරයේ පසෙක වු මධ්‍යම ප්‍රමාණයේ කාමරයක වු ජනේලයක් කීප වරක්ම මහ හඩින් ඇරෙනු වැසෙනු ඇසුනු මැල්කමි එම කාමරයට ගියේ ජනේලය වසා දමනු පිණිසය.


    දොර වසා තිබු කාමරයේ දොර විවර කොට විදුලි පහන දැල්වු "මැල්කමි" බිත්තියෙහි තැනින් තැන රාමු කර එල්ලු සිතුවමි සහිත කාමරයෙහි ජනේලය තදින් වසා දැමුවේය. ආපසු කාමරයෙන් පිට වන්නට පෙර ඹහුගේ දෙනෙත කාමරයෙහි පසෙක වු සිතුවමක් වෙත එල්ල විය. පැරණි පන්නයේ ඇදුමකින් සැරසී පුටුවක වාඩිවී සිටින ප්‍රභූවරයා දැඩි රළු මුහුණකින් යුතු වු අයෙකි. සිතුවම දෙස බැලු ඹහු දොර අසලට ගියේ කාමරයෙන් පිටවිමටය. දොර අසලදී ආපසු හැරී බැලු ඹහු නෙත ගැටුණු දර්ශනයෙන් විමතියටත් භීතියටත් පත්විය. සිතුවමෙහි වු ප්‍රභූවරයාගේ රුව අතුරුදහන් වී තිබුණු අතර ඒ මත දිස් වුයේ විශාල ලේ පැල්ලමකි.


    කර කියා ගත හැකි දෙයක් සිහි නොවු "මැල්කමි" වහා කාමරයෙන් පිටවී හඩ නගා දොර වසා දැමුවේය. ඊ ළග මොහොතේ නෙත ගැටුනු දර්ශනය ඹහුගේ බිය දෙගුණ තෙගුණ කළේය. තම සියොළග වෙවිලනුත් නළලට දහදිය උනනුත් "මැල්කමි" ට දැනිණ.


    විසිත්ත කාමරයේ වු කැටයමි සහිත විශාල පුටුව මත සිතුවමෙහි වු ප්‍රභූවරයා වාඩි වී සිටියේ ගිනි පුළිගුවන් වියරු දෙනෙතින් "මැල්කමි" දෙස බලමිනි. දැඩි කුරිරු බවක් රැදුණු ඹහුගේ‍ බැල්මෙන් භීතියෙන් මුසපත් වු "මැල්කමි" ගේ බැල්ම ප්‍රභූවරයාගේ සුරතෙහි වු තොණ්ඩුවක් සහිත රැහැන වෙත යොමු විය.


    ඊළග මොහොතේ පියවර කිහිපයක් පිටුපසට තැබු තරුණයා පසු පස නොබලා දිවගොස් නිවසේ ඉදිරිපස දොර විවෘත කර මිදුලට පැන්නේය. ඹහු නැවත නිවස දෙස හැරී බැලුවේ යාර කිහිපයක් දිව ගිය පසුය. ඹහුගේ මහත් සැනසුමට මෙන් ඹහු බලාපොරොත්තු වු පරිදි පිටුපසින් හඹා එන අවතාරයක් නොවීය.


    අදුරු පාර දිගේ දිව ගිය "මැල්කමි" නතර වුයේ තානායමේ ආලින්දය තුළය. තම අත්දැකීමි විස්තර කිරීමට තරමි සිහි එළවා ගැනීමට ඹහුට තවත් පැය භාගයක් පමණ ගතවිය. ඹහු සනසවා නිදා ගැනිමට කාමරයක් පිළියෙල කරදුන් තානායමි හිමියාත් ඹහුගේ බිරිදත් සියල්ල විස්තර කළේ පසුදාට පහන් වු පසුවය.


    "අපි මහත්තයාට කිවිවනෙ ඹය ගෙදර නතර වෙන්න එපා කියලා. ඹය ගේ මහා භයානක තැනක්. මීට අවුරුදු ගණනාවකට ඉස්සර ඹය ගේ අයිති වෙලා තිබිලා තියෙන දරුණු විනිශ්චයකාරයාගේ රූපෙ තමයි ඒ කාමරේ තියෙන සිතුවමමේ තියෙන්නේ. ඹය මිනිහට බලය තිබුනු දවස් වල සුළු වැරදි වලට පවා එල්ලලා මරන්න නියම කරපු මිනිසුන්ගේ ගණන නිමත් නැහැලු. ඹය වගේ පවිකාර මිනිස්සු ලේ තැවරුණු දෑත් පිටින්ම මැරුණාම උන්ගේ ආත්ම වලටත් නිදහසක් නැහැ මහත්මයා. මරණින් මතුත් පුරුදු පවිකාර ජිවිකයම තමයි උන්ගේ ආත්මය බලාපොරොත්තු වෙන්නේ" තානායමිකරුවා විස්තර කළේය.