මෙක උනෙ අවුරුදු 3 කට වීතර කලින්. මුලින් ම කියන්න ඔනෙ මෙ මම සින්හලෙන් කොටන පලවෙනි පොස්ට් එක, වරදි වලට සමා වෙන්න. , ඒ දවස් වල මම හිටියෙ වෛෆ් ගෙ ගෙදර, ගෙදර දානයක් දෙන්න කියල ඒ දවස් වල plan ගහනවා. මේක වුන දවසෙ අපි දෙන්නම නිදි, මම හිතන්නෙ පාන්දර 3 ට විතර ඇති
මම ගොඩාක් වෙලාවට නිදා ගන්නෙ මුනින් අතට, එක පාරටම මගෙ කකුල් දෙක ගාවින් අඳේ මෙට්ටෙ පල්ලෙහාට එබෙනව දැනිල මට අහැරුනා, මට හිතුනෙ ගෙදර හිටපු පූසා අැදට පැන්නා කියලා. මම එචචර ගනන් ගත්තෙ නෑ, අපි මදුරු දැල් දා ගෙන නිදා ගන්න නිසා පූසා ට අැතුලට එන්න බෑ. ආපහු අනිත් පැත්ත හැරිල නිදා ගන්න හදන කොට ආපහු මෙට්ටෙ පහලට එබුනා
ඒ පාර නම් මගෙ අැගෙ මවිල් කෙලින් උනා, මොකද ඒ පුසා වෙන්න බැ, ඒ ක හරියට කවුරු හරි මිනිහෙක් අැඳ අයිනට කකුල තියල අැඳ උඩ ට නැග්ග වගේ දැනුනෙ, මම අනිත් පැත්ත හරිල බලන්න හැදුව මොකාද අාඳට නගින්න හදන්නෙ කියල. මට බලන්න හම්බ උනෙ නෑ, එක පාරටම මගෙ ඔලුවෙ ඉඳන් කකුල් දෙකට හිර කරල මට හෙල්ලෙන්න බැරුව ගියා. ඒක හරියට මාව උඩ ඉඳන් පහලට kling film එකකින් ඔතලා වගේ, wife ට කතා කරන්න try කරා ට සද්දෙ පිටවෙන්නෙ නෑ, අත පය හොල්ලන්නත් බෑ
මට තේරුන මොකක් නමුත් අමනුස්ස කේස් එකක් තමයි කියල, මේ වගෙ බයවිල්ලක් ජීවිතේ වෙච්ච පලවෙනි වතාව, මොකක් කරන්නද කියල හිතා ගන්න බෑ. පොදඩ්ඩක් වෙලා ගිහම මට මගෙ උරෙස්ස හොල්ලන්න පුලුවන් උනා, මගෙ wife මට එහා පැත්තෙ මගෙ ලගින්ම නිදි, මම උරෙස්ස පොද්දක් හොලවල wife ඇහරවන්න හදුව, එත් එහෙම කරන හම වෙලවෙම මගෙ ඇග හිරකරල තියන pressure එක වැඩි වෙනවා, මොන මලයකා උනත් මම wife ව ඇහරවනවට කමති නෑ, මේ වෙලවෙ තමයි මට ඉතිපිසො ගාථාව මතක් උනේ. මම ඉදිපිසෝ ගාථාව සිහිකරන්න පටන් ගත්තා, ඒත් කිසි වෙනසක් නෑ, හබයි මට තේරුනා මගෙ කකුලෙ අගිලි හොලවන්න පුලුවන් බව, wife ගෙ කකුල මගෙ කකුලෙ ගෑවෙනවා, මම කකුලෙ අගිලි වලින් wife ගෙ කකුල හෙලෙව්ව, ඒ පාර wife ට අහරුනා, ඒත් එක්කම අර මාව හිරකරල තිබුන pressure එක එකපාරටම නැතිඋනා. wife අහුව මොකද කියල, මේ මහ රෑ ඕක කිව්වොත් මෙයා sure එකටම බයවෙන නිසා මම කිව්ව මොකුත් නෑ කියල.
ඔන්න ඕකයි කතාව, මම ලබපු සත්‍ය අද්දැකීමක්
එළකිරි භූත කොටුව මගෙ favourite ම thread එක තව අය ඔනෙතරම් අති තමුන් ගෙ අත්දැකීම් තියන, ඒ අත්දැකීම් මේ thread එක ඉස්සරහට ගෙනියන්න උදවු වෙයි.
මේක පටන් ගත්ත රොබොට් අයියට ජයවේවා!






, හැබැයි ඉතින් ගෑනු බූතයෙක් වෙන්න පුළුවන්
, ඉතින් කපුමහත්තය කියනවා ඔය මහත්තය දැන් භාවනා වට නැඹුරු වෙලා ඉන්න නිසා සමහර විට අමනුස්ස බලපෑම් ඇතිවෙන්න පුළුවන් ලු එකට බාධා ඇති කරන්න



......මොකාටවත් එනන බැහැනේ..........
