මේක බය හිතෙන එකක් නෙමෙ හැබැයි මේ භූත කොටුව ඇදගෙන යන්න උදවු වෙයි කියල හිතල දාන්නේ,
මෙක මට පොඩි කාලේ වෙච්ච වැඩක්. අපේ බාප්පා ට අපේ සීයා ගෙන් හම්බුන ඉඩමේ තිබුන ගරා වැටිච්ච ගෙයක්. ඕක අයිතිකාරයා බාප්පත් එක්ක හැමදාම වැලි. ඉඩම් නඩුවකුත් තිබුන ඕකට. කොහොම හරි නඩුවෙන් බාප්පා දිනුවා, අර පරණ ගේ කඩල දැම්මා, හැබැයි ගෙට දාල තිබුන පරණ උළු ටික වත්තේ අයිනක ගොඩගහල තිබුන,
අපේ දුරින් නෑදෑයෝ වෙන බාස් කෙනෙක් හිටියා, රත්නපුරේ පැත්තේ. පොර හිටිගමන් එනවා අපේ ගෙවල් පැත්තේ, වැඩ නැති කාලෙට. ඔහොම ආපු දවසක බාප්පාගේ ගේ පහුකරන් පයින් එනකොට (බාප්පාගේ ගේ තියෙන්නේ පාර අයිනේ) මිනිහ දැකල තියෙනවා අර කඩල දාපු ගෙදර අයිති කාරය අර උළු ගොඩ උඩ වාඩිවෙලා ඉන්නවා. ඒ මිනිහ එතකොට මිය පරලොව ගිහින් ගොඩක් කල්. කට්ටියම ඕක අහල හිනා වෙනවා, බාස් බීල විකාර කියවනවා කියල.
කාලේ ඔහොම ගෙවිල ගියා, බාප්පාගේ ගෙට පල්ලහයින් තියෙන්නේ අපේ නන්දා ගේ ගෙදර. ඉඩම් වට මායිම් තාප්ප මොකුත් නෑ. නැන්දාට ඉන්නේ දුවයි පුතයි, මුන් දෙන්නම මට වැඩ වැඩිමල් එත් දෙන්නම හරියට ඉගෙන ගත්තේ නැ. හරි හමන් ජොබ් එකක් නැ,, නැන්දත් ගෙදර, මාමත් ඔය කුලීවැඩ කල මිසක් හරි රස්සාවක් නෑ. මීගොල්ලෝ මොකක් හරි සීන් එකකට ගෙදරට බහිරව පූජාවක් කරන්න ඕනේ කියල කොහෙන්ද කපුවෙකුත් සෙට් කරගෙන වැඩේට සෙට් උනා. අපිත් ගියා බලන්න.
වැඩේ පටන් ගත්තා හෙන ජෝකි ගොඩයි. මමත් අපේ පොඩි නැන්දගේ පුතා එක්ක සෙට් වෙලා හිටියේ, පොර මටවඩා අවුරුද්දක් වැඩිමල්, මම වගේම එඩිතර ඩයල් එක

කපුවා අවෙස වෙලා යකා නටනවා දුම්මල ගහනවා වෙලාවකට නයෙක් වගේ බඩගානවා, කුකුලව බෙල්ලෙන් හපාගෙන වනනවා. පොර වැඩේ පටන් ගන්න කලින් කට්ටියටම උපදෙස් මාලාවක් දීල තිබුනේ, ඒවා පිළිපදින්නේ නැති යට ගුටි, දුම්මල කන්න වෙනවා කියල තිබුන.
ඔහොම යකා නටපු කපුවා එකපාරට සිහි නැති උනා, පොරගේ ආවතේව කාරයෝ හතර දෙනා මුව උස්සල ගත්තා හරස් අතට. මේක නිකන් මෝල්ගහ වගේ දරදඩු වෙලා හෙලවෙන්නේවත් නැ. කොටින්න්ම හුස්මගන්නෙත් නෑ. මුට සිහිය ගන්නනම් පිරිමි කට්ටිය එක වරකට එකා ගානේ මුගේ යටිපතුලට ගහන්න ඕනේ, ෆුල් dum එක දාල. ඔන්න මගේ වාරෙත් අව. මමත් පොර වගේ ගිහින් ගැහුවා මුගේ යටි පතුලට, කට්ටිය හිනා වෙනවා, ඔහොම හරියන්නේ නැ කොලුවෝ හයියෙන් ගහපන්. මගුල තමයි මු ගේ යටිපතුලට ගහනවා කියන්නේ හිකන් යකදයකට ගහනවා වගේ, මම ඒ දවස් වල 6 වසරේ, හිතාගන්න පුළුවන්නේ තරම

.
කොහොම හරි කද බඩ තියනැ බුවාලා ටිකක් මහන්සි වෙලා කැපුවට සිහිය ගත්තා.
ඊට පස්සේ ගෙයි අත්තිවාරම් හතර කොන පොඩි වලවල් හාරලා පුංචි තට්ට්ටු වගයක් ගහල ඕකට කැවිලි පලතුරු දාල මැද්දෙන් පහනක් තියල මටයි පොඩි නැන්දගේ පුතාටයි කිව්වා ගෙයි දෙපැත්තෙන් ඉන්න කියල. මේක පොඩි ගෙයක්. දෙපැත්තට වෙලා හිටගෙන ඉන්නකොට හතර කොන තියෙන පහන් පේනව. අපි දෙන්නගේ වැඩේ තමයි පහන් නිවෙන්න නොදීම සහ කැවිලි පලතුරු ටික සත්තුන්ගෙන් ආරක්ෂා කිරිම.
දැන් කපුවා අපහු පරල වෙලා, මේ පාර බහිරවයාලු. ඔන්න පොර කියනවා ඔය අල්ලපු වත්තේ තියන උළු ගොඩ උඩ අහවලා වාඩිවෙලා ඉන්නවා කියල. මගුලයි උලුගොඩ තියෙන තැන මගේලග ඉදන් පේනවා එත් බලන්න බයයි. ඒ අස්සේ බහිරවය ගෙවටේ බඩගාන්න ගත්තා. මගුල් හොඳ එක. දැන් මු අපේ ඉස්සරහට උඩුබැලි අතට බඩගාගෙන එනවා නිකන් නයා වගේ. එකපාරටම, කවුද යකෝ මේ පහන නිවපු එකා???
මාර කෙසේ එක එක පහනක් නිවිලා දැන් අනිවා දුම්මල පාර කන්න වෙනවා මොකද කරන්නේ කියල අහන්න මම නැන්දගේ පුතා දිහා බලන්න හැරෙන කොටම මෙන්න මූ දුවනවා පන කඩා ගෙන, මොනවා කරන්නද, තනිවම දුම්මල පාර කන්නද? මමත් ආයේ හිතන්නේ නැතිව අනිත් පැත්ත හැරිලා දිවුවා අරු ගේ පස්සේ.



ගෙදර ආපු දෙන්න නිදා ගත්තා මොකුත් උනේ නෑ වගේ