එළකිරි භූත කොටුව.........

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    පිල්ලිය!!!!!

    කොම්පැනියෙ මේල් සර්වරයට හිKiල:baffled:!!!!!! කවුද හුත්$ගෙ පුතාල ටිකක් ඩොස් ඇටෑක් එකක් දෙනව:angry::angry:......තිබුන හොඳම ෆයර් වෝල් එකත් හැන්ග් වෙලා:oo:........ සී.ඊ.ඕ. රෙද්ද උස්සන් කෑගහනව:angry: ඉම්පෝර්ටන්ට් මේල්ස් නෑ කියල...... අනේ ඒකිගෙ වැදගත් මේල්ස් වල තරම දන්නෙ මමනෙ:eek:....... ඕන හුත්$ක් කියල මේල් සර්වරය ඩිරෙක්ට් ගැහුව ලින්ක් එකට.......... තඩි අයි.බී.එම්. පෙට්ටගම යකා වගේ වැඩ:):).............

    හිතාගන්න පුලුවන්නෙ සිටුවේශන් එක....... ටක පුයිට් හොඳ එක:(!!!!! ජී.එම්.ටයි සී.ඊ.ඕ. ටයි රිට්න් එක්ස්ප්ලනේශන් දෙන්න ඕන මොකද වුනේ කියල........:(
    ඉතින් පුක කැඩිච්ච දිමිය වගේ එහෙට මෙහෙට දුව දිව ඉන්නකොට මොබයිල් එකත් රිං වෙන්න ගත්ත.................:angry::angry:

    50 සෙන්ට්ස් ඉන් ද ක්ලබ්:D........ ටාට් ටා..... ටාට් ටා.... ටාට් ටා!!!!.......:P
    :frown:හෙලෝ.......
    :dull:හලො... මේ රොබොට් මහත්තයද???
    :frown:ඔව් රොබොට් තමයි කවුද මේ???
    :dull:ආහ් මම මේ........xxx ගුරුන්නාන්සේ මහත්තයට මතකෙයි???........
    :frown:ඔව් ඔව් මොකෝ මතක නැත්තේ...... ඉතින් මොකෝ මේ හදිස්සියේ???........
    :dull:මහත්තය අපි හෙට රෑට පොඩි සෙල්ලමක් දාන්න හිතන් ඉන්නව..... එනවද බලන්න????
    :angry:හප්පේ මොන සෙල්ලම් ද ගුරුන්නාන්සේ........හෙනට වැඩතියෙනව........ එන්න බැරිවෙයි.......
    :dull:හා එහෙනම් කමක් නෑ...... මේක ටිකක් බලගතු වැඩක් හින්ද මගත්තයට එන්න කිව්වෙ සාස්තරේ ඇත්ත නැත්ත බලාගන්නත් එක්ක.......

    :frown:ඉතින් කිව්වනම් බලන්න මොකක්ද සිද්දිය කියල??.........
    :dull:කියන්න බෑ....... මහත්තය යකෙකුට වත් බය නැත්නම් හෙට උදෙන්ම මාව මුනගැහෙන්න එන්න......... මම තියනව......:baffled:


    ඕන් ඉතින් උඹලත් කරකවල අතඇරිය වගේ බලනව ඇති මේ මොන කෙන්ගෙඩියක් ද මේ රොබොටා එකපාරටම කියන්නෙ කියල.........

    මේකයි සිද්දිය ................

    මට මේ කෝල් කලේ ලංකාවෙ පට්ටම පට්ට යකැදුරෙක්:baffled:..... ඇත්තටම මාත් මූට බයයි:dull:...... වැඩිය ප්‍රසිද්ද චරිතයක් නෙමෙයි...... මේ සිද්දි සොයා යන ගමනෙදි හෙන කට්ටක් කාල හොයාගත්ත කෙනෙක්...... විස්තර හුවමාරුකරගෙන.......... අපේ පරම්පරා හා දැනට වැඩවසන මගේ :love:හාමුදුරු සීයගෙ විස්තර කිවුවට පස්සෙ මූ මට පනදෙන්න ආදරේවුනා:love:...... ඉතින් මූ භූත ලෝකෙ කරන විශේෂ දේවල් දැකගන්න මටත් ආරාධනා කරනව...........;)


    මොනව කරන්නද....... ගුරුන්නාන්සේ වැඩි විස්තරයක් කිවුවෙත් නෑ....... ඌට කතාකරන්න නම්බරේකුත් නෑ.... කොහොම හරි වැඩ ටිකත් ගොඩ දාල ගෙදරටත් පට්ට බොරුවක් කියල:) සෙනසුරාද උදේ රැයින් මාතර යන්න පිටත් වුනා........

    උදේ එකොලහ විතර වෙනකොට යාන්තමින් ගුරුන්නාන්සේගෙ ගෙදරට යාගන්න පුලුවන් වුනා........ මගෙ
    ම්මේ ගේ පිරෙන්න බඩු........ පුහුල් ගෙඩි, ගොක්කොල තටු......පලතුරු වට්ටි කකුල් බැඳල තියෙන කුකුල් නාම්බො........ හෙන සීන් එකක්.......... පන්ඩිතය වගේ ගෙදරට බොරුකියල තනියම ආවට මොකද මමත් ටිකක් ගැස්සිලා ගියා මූ නටන්න යන නාඩගම බලල......... :(

    :frown:ඉතින් ඉතින් ගුරුන්නාන්සේ....... අද මොකෝ මේ වෙනදටත් වඩා......... මොකක්ද අල්ලන්න යන අඩව්ව??????

    :dull:අදනම් පුතෝ නටන්නෙ අමුතුම නාඩගමක්...... මහත්තයත් ඕනම එකකට ඔට්ටු නිසා එන්න කිවුව මිසක්...... මම මගේ දරුවෙක් මල්ලෙක් වත් මේ වැඩේට ගෙනියන්න හිතන් නෑ........

    මල හුත්$යි.........:angry::angry::angry::angry: එච්චර ක්‍රිමනල් කේස් එකක්නම් තනියට තව එකෙක් එක්ක එන්න තිබුනෙ..........කොහෙද මූ කිව්වෙ නෑ නෙ



    :frown:ඉතින් මොකක්ද සිද්දිය????
    :dull:සිද්දිය කියන්න බෑ..... කට වරද්දගන්න බෑ...... වැඩේ කරනකොටම බලාගන්න බැරියැ........ මහත්තය දැන් මොනව හරි කාල කාරිය ඇලවෙලා ඉන්න......... හැන්දෑවෙ අපිට පොඩි ගමනක් යන්න තියෙනව...........:shocked:

    මොන නිදාගැනිල්ලක්ද...... මාත් ඉතින් බඩ කට පිරෙන්න කොටාබාල පොඩි උන් ටිකකුත් එක්ක වෙල් අස්සෙයි ගස් අස්සෙයි රිංග රිංග හිටිය...........

    වෙලාව හැන්දෑවෙ හයට විතරඇති....... ගුරුන්නාන්සෙගෙ ගෙදරට තුන් සක රියකින් දෙන්නෙක් ආව...... උන් දෙන්න කෙලින්ම ගුරුන්නාන්සේගෙ කාමරේට ගිහින් කිව්ව.......

    ගුරුන්නාන්සේ තම්බිය වළදැම්ම:shocked: අදරෑම වැඩේ කරමු කියල.........

    මටත් ඉතින් හිතාගන්න බෑ මුන්ටික මොකාටද එන්න යන්නෙ කියල......... මුන් ටික මර්ඩර් කේස් එකක් දීල ආවද දන්නෙත් නෑ:baffled:......... (මොක වුනත් මුන් කිසි විශ්වාසයක් නෑ නෙ......)

    කෝකටත් කියල ත්‍රීවීල් එක පැදන් ආපු එකා එක්ක මම කතාවට සෙට් වුනා.......... ඔහේ නිකන් වල් බූත කතාකරකර ඉඳල එකපාරටම මම මුගෙන් ඇහුව අද මේ මොකෝ වෙන්න යන්නෙ කියල????....... අරූ කිව්ව...... අද රෑට ගුරුන්නාන්සෙ :growl:පිල්ලියක්:growl: යවන්නයි යන්නෙ...... මේපාරනම් සෙල්ලන් වෙන් නෑ වැරදුනොත් කපෝතියි කියල:shocked::shocked:.............


    පට්ට හොඳ එක..... මම විස්තර අහල තිබුනට පිල්ලියක් ඇත්තටම යවනව දැකල තිබුන් නෑ..... මාත් ඉතින් ඇඟට ගට අරන්........ හිත සන්තෝසෙන් ලෑස්තිවුනා සිද්දිය බලන්න........:):frown:


    වෙලාව රෑ දහයයි.........ගුරුන්නාන්සේ හදිස්සියෙම අපේ අත්වල කහ නූල් බැන්ද........පස්සෙ කිව්ව "මේ වැඩේ කරන අතරතුර එකෙක්වත් තනි වෙනව එහෙම නොවෙයි ඕං" කියල...... කට්ටිය ඔක්කෝම ඉක්මනින් අඩුම කුඩුම ටික පොඩි ලොරිකබලකට පටවගෙන යන්න ලෑස්ති වුනා................ ගමනට සම්භන්ද වුනේ ගුරුන්නාන්සේයි මමයි අර ත්‍රීවීල් එකේ ආපු තුන්දෙනයි විතරයි:dull:...........

    කට්ටිය කට්ට කලුවරේම හෙන රටරවුමක් ගහල පට්ටම පට්ට කලුවර සොහොන් පිට්ටනියක් ඇතුලට ලොරිය පැදෙව්ව........ඇහැට පෙන මානෙක බලු බල්ලෙක් නෑ..... අඩුගානෙ එක ලයිට් එලියක්වත්:baffled:.......... අපි මිනීපිට්ටනිය මැද්දටම ගියා.......... ඒහරියෙ හිටිය සුදු සරමක් ගහගත්ත එකෙක්.....:oo: (කතා කරල බැලුවම ඌ තමයි කනත්තෙ වලවල් කපන එකා...... අම්බානකට ගහල හිටියෙ........)

    ගුරුන්නාන්සේ දඩබඩ ගාල ලොරියෙන් පැන්න...... යකුනේ ඉක්මන් කොරහල්ලා වෙලාව පනියි ඉක්මන් කොරහල්ලා ....... :angry:

    ඉතින් කට්ටිය දඩ බඩ ගාල ලොරියෙන් පැනල විලක්කු දෙක තුනක් පත්තුකරන්........උදලු, සවල් අරන් අර වලවල් හාරන හාදය පස්සෙ ගියා...... :shocked:

    ඌත් ඉතින් වැනි වැනි මිනී පිට්ටනියෙ ඉහත්තාවක තිබුන සුදු වැලි දාපු තැනක් පෙන්නල මෙන්න මෙතන තමයි කිව්ව...........


    කට්ටියත් ඉතින් විලක්කු පන්දම් එහෙම වටේට ගහල උවමනා කලමණා, පෙරේත තටු ආදිය ගෙනහල්ල ගුරුන්නාන්සෙට මතුරන්න ලෑස්තිකරල දුන්න:baffled::nerd:..........

    ඕං ඉතින් අර සුදු වැලි දාල තියෙන වල ඉස්සරහට වෙලා ගුරුන්නාන්සේ මතුරගෙන මතුරගෙන යන්න ගත්ත....... පස්සෙ මූ පරල වෙලා වල වටේ නට නට එකපාරටම හාරපිය ඕක හාරපිය ඕක කිවුව:shocked::angry:.............. කට්ටිය දඩබඩගාල වල හාරන්න ගත්ත.....අඩි තුන හතරක් පහලට හාරනකොට රෙදිවලින් ඔතපු මිනියක් මතුවුනා:shocked::growl::growl:..............

    මමත් ඉතින් සීන් එක ඩිම් වෙලා බලන් ඉන්නව:nerd:........ හිතපන්කො තියෙන සනීපෙ..........:baffled::dull:


    කට්ටියත් ඉතින් මිනියට ලනු දාල ගොඩට අරන් වහල තිබුන රෙද්දත් කපල දාල වල උඩින් තිබ්බ.......... :oo:
    කතාකරල වැඩක් නෑ........ හෙන තඩි මිනිහෙක්ගෙ මළකුණක්........... ඒ මදිවට ඉදිමිළ ගඳත් ගහනව.......... තූ නොදකින් :angry::angry:

    දැන් කට්ටිය මළමිනියෙ අත් දෙක පොලු වලින් ගහල කඩල (මිනිය දරදඬු වෙලා තිබුනේ.....අතපය අපිට ඕන විදියට හොලවන්න බෑ........ කඩල තමයි හදන්න ඕනා.....) කකුල් දෙකයි අත් දෙකයි යකඩ බටේකට තියක ගැටගැහුව........... පස්සෙ එකෙක් හොඳ පොලුපාරක් දුන්න කොන්දත් කඩල යන්න පස්සෙ කට්ටිය හෙන ගේමක් දීක මලමිනිය වී අකුරෙ හැඩේට (V)යකඩ පොල්ලෙ එල්ලන් වැටෙන්න හදල යටින් ගිනිමෙලවුව:growl::growl:........... (හරියට උඹල ඌරෙක් බාබකිවු කරනව වගේ..........)

    මටනම් මහ පට්ට චා සීන් එක.....:baffled: අරුනුත් ඉතින් ගිනි ගගහ ගිනි ගගහ මිනිය රොස් කරනව:no::no::baffled:.......... කුණු ගඳයි කුනු මස් කරවෙන ගඳයි ඉවසන්නම බෑ:no:....... මිනිය ගානට රත්වේගෙන එනකොට ගුරුන්නාන්සේ මිනිය යටින් පොඩි භාජනයක් තිව්ව........ ඉතින් මිනිය රත් වෙන්න රත් වෙන්න මිනියෙ තෙල් නට නට අර භාජනයට වැක්කෙරෙන්න ගත්ත........

    ඔහොම පැය භාගයක් විතට කට්ටිය මිණී තෙල් හින්දුව:baffled::shocked:........ වැඩේට ඇතිතරම් මිනීතෙල් හිඳුන ගමන් කට්ටිය මලමිනිය ගිනිමැලෙන් එහාට ගත්ත......... ගුරුන්නාන්සෙත් දඩබඩ ගාල කොහෙද තිබුන තඩි යකඩ අඬුවක් අරන් හෙන ගේමක් දීල ඉස්සරහ දත් ටිකත් කඩල දාල මළමිනියෙ කට ඇරගත්ත:baffled:....... පස්සෙ මළමිනියෙ දිව අඬුවෙන් ඇදල මතුරන ගමන් පොඩි කිනිස්සකින් කපල ගත්ත එලියට.......:eek::eek::shocked::growl:


    ගුරුන්නාන්සෙ හරි සන්තෝසෙන්.......... කලමණා ටික නම් හරි......... අපි විගහට වැඩේට ලෑස්තිවෙමු කියල කට්ටියට කිව්ව......:dull:

    ගුරුන්නාන්සෙ මහ හයියෙන් මිනිය ඉස්සරහ මතුරගෙන මතුරගෙන ගියා.............. ආවතේවකාරයොටික මළමිනියෙ පපුව උඩින් ගොක්කොල වට්ටියක උගේ දිව තියල කුකුල් නාම්බෙක් කපල ලේ විදින කුකුල් බෙල්ලෙන් අර දිවට ලේ වැක්කෙරුව:oo::baffled:.......... පස්සෙ මිනී තෙලුත් තවත් කලමණාත් උඩින් දාන්න ගත්ත...... ගුරුන්නාන්සෙත් මැතිරිල්ල වැඩිකරා....... වැඩිකරන් වැඩිකරන් එකපාරටම කට්ටකුමන්ජල් ගැහුව දිව ඉස්සරහ තිබුන විලක්කුවට......... දුම් විකාරෙ....... දුම අස්සෙන් කලු ඔලුවක් පේන්න ගත්ත........ ගුරුන්නාන්සෙත් පැනපු ගමන් දඩබඩ ගාල දිවට පත ඇනයක් ගැහුව........... පස්සෙ දුම් ගහ ගහ ඒ රූපෙ නැතිවෙන්න නොදී කරන්න ඕන කාරණාව කිව්ව:growl::growl:..............

    ගුරුන්නාන්සෙ පිල්ලියට කිව්වෙ අද එලිවෙනකොට එහා ගමේ ඉන්න කට්ටඩිය මැරෙන්න ඕන බවයි.......... අපි බලන් ඉන්දෙද්දිම ඒ කලුපාට මූන දුමත් එක්කම යන්න ගියා:growl::growl:.........


    ගුරුකම අගවරයි:dull:......... ගුරුන්නාන්සේ ඇනේ ගහපු දිව ලොකු මාමයිට් බෝතලයකට දාල මිනීතෙල් වලින් පුරවල ඉනේ ගැටගහගත්ත.........:eek::eek:


    කට්ටියත් ඉතින් ගොඩදාල දසවද දීපු මලමිනිය වලට දාල වටේ පිටේ තිබුන සියලු දේත් වලට දාල වල වහල දැම්ම......... :baffled::no::no:

    වැඩේ ඉවරවෙනකොට පාන්දර 2-3ට ඇති...... කට්ටියත් ඉතින් සද්දයක් බද්දයක් නැතිව ලොරියෙම ගෙදර ගියා................

    හැම කෙනාම කහ වතුරින් ඇඟ සෝදන් නා පිරිසිඳුවෙලා ගෙට ගියා......... කට්ටියටම වෙච්ච දේ නිසා නින්ද අහලකවත් තිබුන් නෑ:shocked:....... මාත් මේ වෙච්ච දේ නිසා කරකවල අතහැරිය වගේ:shocked:........ ඕන හුත්$ක් කියල කොළඹ්න් අරන් ගියපු බෝතල් දෙකත් අරන් බයිටුත් නැතිව සෙට්වුනා ගසන්න....... :no:
    කට්ටිය බිබී ඉන්න ගමන් ගුරුන්නාන්සේ මට විස්තරේ කියන්න ගත්ත..........:dull:


    මහත්තයෝ..... මම මේ වැඩේ මගෙ ජීවිතේට කරන්න හිතන් හිටිය දෙයක් නෙමෙයි......... ඒත් අල්ලපු ගමේ කට්ටඩිය මට ඉන්නම දෙන් නෑ......... ගුරුකං කරල අම්ම මැරුව, ගෑනි මැරුව....... ඒත් ඉවසන් හිටිය...... සති කීපෙකට උඩදි මගෙ කෙල්ලට මතුරල අනූනමයෙන් බේරගත්තෙ........ බලන් ඉන්න බැරිම තැනයි මම මේ දේ කරේ.......... හෙට අපිට විස්තරේ බලාගන්නපුලුවන් කියල..................:nerd:

    ඒ කාලකන්නි දවසේ............ ආපු මෝඩකම කියලත් හිත හිත ඇඟ රත්කරගත්තත් ඊට වඩා හිත රත්වෙලා තිබුන නිසා ඇහැක් පියවන්නැතිව රැය පහන් කලා.........:baffled::baffled::shocked:

    එලිවෙලා ගුරුන්නාන්සේ මට උගේ කාමරේට එන්න කිව්ව...... බුවා මල් තට්ටුවක අර දිව තියල ජපකරන්න ගත්ත:growl::growl:........ කට්ටකුමන්ජල් දුම ගැහුව විතරයි අර කලු මූන දුම ඇතුලින් ආයෙත් පේන්න ගත්ත පස්සෙ ගුරුන්නාන්සෙ මොනවදෝ කුටු කුටු ගාල........මැතිරිල්ල නැවත්තල දිව දැම්ම බෝතලේට.........:shocked:

    පස්සෙ මට කිව්ව.... මහත්තය ඇස්දෙකටම දැක්කනේ යකාව:growl::growl:......ඕන් ඉතින් කරන්න තිබුන වැඩෙත් අහවරයි කියල හිතාගන්න:shocked:......... අපි දවල් කොරේ මරණෙ බලන්න යමු කියල...............


    මටත් තාම මේ කතාව විශ්වාසකරන්න බැරුව හිටියෙ....... ටිකක් දවල් වෙලා අපි එහා ගමට ගෑටුව......... වැඩි දුරක් යන්න ඕන වුන් නෑ..... මගදිම අපිට පනිවිඩේ හම්බවුනා........ එහා ගමේ කට්ටඩිය බාල්කෙ එල්ලිල මැරිල කියල..........:baffled::shocked:
    අපේ ගුරුන්නාන්සේ මලගෙදර පැත්තෙ යන එක ඇඟට ගුන නැහැ කියපු නිසා මම හෙමිහිට බල්ල දාල ආව........ ඒ වෙනකොට බොඩිය ඉස්පිරිතාලෙට ගෙනිහින්.............:dull:

    මාත් ඉතින් භයානක අත්දැකීමක් මුල සිට අගටම බලන් ඉඳල ප්‍රතිපලත් ඇහැටම දැකල, ගුරුන්නාන්සෙටත් ස්තූතිකරල හැකි ඉක්මනින් කොළඹ ආව...........


    මට මේ මගුල ලියනකොටත් නහයට අර මිනී පුලුටු ගඳ එනව........... :eek::eek:
    මමනම් කියන්නෙ මේ වගේ දේවල් මිනිහෙක්ට බලන්නවත් නොවේවා කියල..............

    :shocked:ආහ්...... තව ඩිංගෙන් මිස්වෙනව...... උඹල අහයි ඇයි තම්බි බොඩියක්ම මේ වැඩේට උන් ගත්තෙ කියල...... එකම හේතුව මුස්ලිම් අය මලමිනී එම්බාම් නොකරන එක..... අනික මැරුන දාම වලදාන එක........ මුන් ටිකත් මේ මරනෙ සෙට්වුනගමන්ම වැඩේට බැස්සෙ ඒනිසයි....

    අත්දැකීම කියවනකොටම ගොඩක් අප්‍රසන්න ඇති....... කරන්න දෙයක් නෑ.......ඕක බලන්න ගිහින් මම ඊට වඩා පරිප්පුවක් කෑවෙ.......මම මේක නොදාඉන්නත් හදල දැම්මෙ මේව තවමත් ලංකාවෙ රහසිගතව සිදුවෙනබව පවසන්න:nerd:..........


    පස්සෙ සෙට්වෙමු......

    :frown:රොබොට් අයියා
    Me siddinam hena charter ban.
    yako lankawe wenawa kiyla ahuwamath pudumai
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :no:හාමිනේ නැති තුන් වෙනි දවස...........

    ඕං එහෙනං පටන්ගත ටික්...... ටික්....... ටික්...........:growl:


    මේ සීන් එකත් ටිකක් ඉස්සෙල්ල එක වගේමයි නමුත් මම මුලින්ම කියන්න ඕන....... උඹල මගේ :love::love:අම්ම:love::love: ගැන වැරදියට හිතන්න එපා.... මුලු ජීවිතකාලෙටම එයාට මේ මම කියන ප්‍රශ්ණ දෙක විතරයි ඇතිවුනේ...... අනික එයා තොවිල් පවිල් වල හූ කිය කිය නටන කෙනෙකුත් නෙමයි....... හොයාගෙන ගියාම ඇයි ගොඩක්වෙලාවට අම්මට මෙයින් කරදරවුනේ කියල..... හොයාගන්න පුලුවන් වුනා පවුලකට මේ වගේ ප්‍රශ්ණයක් වෙනකොට අමනුශ්‍යය මුලින්ම පහරගහන්නෙ පවුලේ මානසික හා ශාරීරිකව දුර්වලම කෙනාට කියල...... ඒත් ඉතින් අපේ අම්ම යකා වගේ...... ඉස්කෝලෙක උපවිදුහල්පතිකෙනෙක්ගෙ තරම හිතාගන්න පුලුවන් නෙ........ (ඒත් අම්ම සැරට හිටියට හරි නිවිච්ච ගැහැනියක්:love::love:..........)


    මැරිච්ච අම්මටත් පින් දීල මෙන්න කතාව පටන්ගත්ත.......:love::love:


    මගේ තාත්ත:cool: ඉස්සර පදින්චිවෙලා වෙලා හිටියෙ බොරැල්ලෙ කොටාරෝඩ් වල........ එහේ තිබිලතියෙනව නාලන්දා හෝටලය කියල හරි ප්‍රසිද්ද කෑම කඩයක්...... ඒකාලෙ හිටිය ඔක්කෝම සන්ගීතකාරයො (අමරදේවල, නාරද දිසාසේකරල......) කාල බීල බජවු දාලතියෙන්නෙ ඔතනලු....... ඔය කඩේ අයිතිකාර යුවල මගේ තාත්තගේ දුරින් නෑවෙන කට්ටියක්......
    කඩේ අයිතිකාර මිනිහගෙ නම ඩැනියෙල්..... ගෑනිගෙ නම මතකනෑ.... ඩැනියෙල් උප්පත්තියෙන්ම සල්ලිකාර කෙනෙක්....... කොහොමින් කොහොම හරි අර ගෑනි මිනිහට ඉනාවක් කවල ගෑනිගෙ පැත්තට නම්මගෙනතියෙනව......:love::love:

    :oo:උඹල අහලතියෙනවනෙ....... ඉනාවක් කවල ඇඟට පත්තියන් වුනාම ජීවිතේ මැදිවයසෙදි විඳවල මැරෙන්න වෙනව කියල......... ඉතින් මුන් දෙන්න සාමයෙන් සමගියෙන් පවුල් කාල ලමයි 3-4කුත් හදාගෙන ඉන්නකොට එකපාරටම ඩැනියෙල් අප්පුහාමි ලෙඩවෙනව.........

    ලෙඩේ හොයාගන්න බැරි එකක්..... මුලු ඇඟම කුණුවෙවී පොතු වගේ ගැලවිලයන ලෙඩක්...... :baffled:(හරියට අපි යුහූ ගම් අතේ ගාල වේලුනාම හම වගේ ගලවන්නෙ.... ඒ වගේ මුලු ඇඟේම ) මට අම්ම කිවුව ඒ මිනිහ අඩිය තියල යනකොට යටිපතුලෙ හම කුණුවෙලා පොත්තක් වගේ බිමට වැටුන කියල........*(අම්ම එදයින් පස්සෙ ඒ පැත්තෙවත් ගිනින් නෑ) කොහොම හරි මේ මිනිහ මේ මුලු ඇඟෙම කුනුවෙන රෝගයෙන් ගොඩක් දුක් විඳල හෝටලෙත් බංකොලොත් වෙලා කරකියාගන්න දෙයක් නැතිව ඇඩ්‍රසුත් නැතිව මැරිල තියෙන්නෙ........:baffled:

    ගෑනි නිසා ඌට අඩුවයසින්ම අනිච්චාවත සංකාරා........

    ඔය කතන්දර ඔහොම වේගෙන යනකොට අපේ තාත්තත් පෙලවහක් එහෙම කරගෙන රාජගිරියට නුදුරින් අලුතින් පදින්චිවෙනව....... අර ගෑනිත් මහ අමුතු ගෑනි නිසා අම්ම තාත්තට ඒ පැත්තෙ ගමන් බිමන් වලට ඉඩදීල නෑ........:rofl:

    කාලය කෙමින් කෙමින් ගෙවිල ගියා.......


    අවුරුදු ගනනාවකට පස්සෙ අපිත් ඉපදිලා...... ;)මට මතක හැටියට මම 6 වසරෙ විතර...... බොරැල්ල බී ජේ එෆ් දහම් පාසල් යන්න පටන්ගත්ත...... තාත්තත් දම්පාසලේ උගන්නන්න ගත්ත......... ඉතින් දහම් පාසල් ඇරිල අපි අර ඇන්ටිලගෙ ගෙදරත් ගිහින් ටිකක් වෙලා ඉඳල තමයි ගෙදර එන්න.......


    මේවෙනකොට වසර ගනනාවක් ගිහින් තිබුනත් අර මැරිච්ච මිනිහගෙ කාමරේ වහලමයි තිබුනෙ......

    ඕන් එක දවසක් අපි දහම්පාසල් ඇරිල අර ගෙදර ගියාම ඒ ගෑනි තාත්තට කියපි අපි කල්පනාකරා අර කාමරේ අස්කරන්න, පරණ වටින කියන ඇඳ අල්මාරි ටිකක් තියෙනව කැමතිනම් අරන්යන්න කියල........

    තාත්තටත් ඉතින් හතර මහ නිධානෙ පහලවුනා වගේ....:rofl:
    මොක පහලවුනත් චීෆ් කමාන්ඩින්ඩ් ඔෆ්ෆිසර්ගෙන් අහන් නැතිව වැඩකලොත් කනක් ඇහිල ඉන්න නැති නිසා ගෙදර ගියපු ගමන් තාත්ත මුට්ටිය දාල බැලුව.......අම්මගෙන් ඇපෲවල් එක ගන්න........

    බැනුම් කෝටියයි......... :angry::angry::angry: හි හි......
    අර කුණු වෙලා මැරිච්ච එකාගෙ ඇඳයි අල්මාරියයි පාවිච්චි කරල ලෙඩක් හැදුනොත් එළට තියෙයි......:oo:

    තාත්තත් ඉතින් අහපු මෝඩකම කියල ඊලඟ සතියෙ අර ගෙදර ගිහින් ඒ ගෑනිට කිවුව අපේ ගෙදර බඩු වැඩියි එපා ඕන නෑ කියල........ ඒත් එතින් තව ටිකක් බලමු...... ඕන දෙයක් තියෙනවද කියල, අර භූත කාමරේට එබිල බලල පොඩි විපරමක් කරනකොට තාත්තට මීටර් වුනා බිත්තෙයෙ ගහල තියෙන එළ ඇන්ටික් බිත්ති ඔරලෝසුවක්.......:love::love:


    එළ කිවුවට එළම නෑ.....අර දුම්රියපොලවල තියෙන තඩි රවුම් ඔරලෝසු........ ඒවගේ පොඩි එකක්.... පැත්තකින් පුපුරල.... ඉස්සරහ වීදුරුවත් නෑ........ මෙලෝ රහක් නැති හු#තක්:angry::angry:.......... නමුත් වටිනකම තියෙන්නෙ ඒක අතින් වයින් කරන එකක්...... (දන්නවනෙ වයින් කරන 17 ජුවෙල් බිත්ති ඔරලෝසු වටිනවනෙ )

    ඉතින් තාත්ත මේක දෙන්න කිව්වහම අර ගෑනි කිව්ව මේ ඔරලෝසුව ඩැනියෙල් මැරෙන දවසෙම නැවතුනා :baffled:එදයින් පස්සෙ ඇල්ලුවෙවත් නෑ...... ඒත්
    තින් කමක් නෑ අරගෙන යන්න කියල.............


    තාත්තත් ඉතින් ඔරලෝසුව උස්සගෙන සතුටින් ගෙදර ආව...... හොඳට පිරිසිඳු කරල තෙල් එහෙම දාල ගේ ඉස්සරහින්ම එල්ලුව (ඇන්ටික් ලුක් එක නේ.....):rofl:


    මෙලෝ රහක් නෑ......... ඔරලෝසුව ගැහුව ගැහුවමයි ගෙදරට කැඳත් නැතිව ගියා........ මුලු ගෙදරම මහ මුස්පේන්තු හොඳ එක......... හොඳට හිටිය අපි පොඩි දේටත් මරාගන්න ගත්ත...... ඒක අස්සෙ එකදවසක් මහ රෑ අපේ ලොකු අක්ක රෙදි පටි ඔතාගත්ත අමුතු මිනිහෙක් දැකල මහ හයියෙන් කෑගැහුව...........
    භූත සීන් හොඳ එක....... ගෙදර සල්ලි හිඳෙන්න ගත්ත........ අනෙක් අක්කලත් බයවෙන්න ගත්ත....... අම්ම හැමදාම රෑට හති අදිනව....... අමාරුවෙන් උදේට ඉස්කෝලෙ යනව....... හවස් වෙනකන් නොමිලයේ පන්තිත් කරල රෑ ගෙදරට අඩියගහපුගමන් හතිය........... අන්තිමට අපි තනියෙන් නිදාගන්න බයවෙලා රෑට සාලෙ අස්කරල මෙට්ට දාල හයදෙනා බදාගෙන නිදාගත්තෙ........ මොන දේ වුනත් :love::love:තාත්ත හිත හයියට හිටිය එක අපිට ශක්තියක් වුනා...... :love::love:අම්ම ශරීරයෙන් දුබල වුනත් ඔක්කෝටම එහා ගිය මහ මොලයක් තිබුන එක අපිට අදදක්වා වාසනාවක් වුනා.....:love::love:

    ඔය කාලෙ වෙනකොට මම පිස්සු හැදෙන්න භාවනා කරනව.......අර මුලින් කියපු හාමුදුරුවන්ගෙ ප්‍රතිපත්තිය හිස් මුදුනින් පිලිඅරන් ප්‍රතිපත්තිමය වශයෙන් අනුගමනය කලා....... ඒ හාමුදුරුවො අපේ තාත්තට කියල තිබුන තාත්ත එයාගෙ ආත්මගත පුතෙක් කියල:oo:........අපි එයාගෙ ආත්මගත මුනුබුරු මිනිබිරියන් කියල:baffled:..... කොහොමින් කොහොම හරි හාමුදුරුවො කියපු විදියටම හාමුදුරුවොන්ගේ බලය මටත් නොදැනිම මට එන්න අරන්........ මට නිකන් කියවෙන සමහර දේවල් ටක්කෙට හරියන්න ගත්ත.......:dull: ( උදාහරනෙකට: අම්ම දවසක් කාමරේ ජනෙල්ලෙ වහන්න යනකොට මම අම්මට කිව්ව අම්ම කාමරේට යන්න එපා ජනේලෙ සර්පයෙක් ඉන්නව කියල........:angry::angry: අම්ම ගනන් ගන් නැතිව ගිහින් කෑගහගෙන එලියට පැන්න...... බලනකොට තඩි මුදු කරවැලෙක්.... අපේ ජනෙල්වල කිරිබත් කොටු හැඩේට ග්‍රිල් ගහල තියෙන්නෙ ඒවට කලු ගාල සුදු පාටින් චූටි
    චූටි කතිර වගේ පාට කරල තීයෙන්නෙ, කරවැලයි ග්‍රිල් එකයි එකම විදියටයි පේන්නෙ.... අම්ම අනූනමයෙන් එදා බේරුනා......);)

    කොහොම හරි මටත් මේ බුවා පේන්න ගත්ත:shocked:...... මොකෙක්ද කියල හිතාගන්න බෑ......රෙදි ඔතාගත්ත අමුතු බුවෙක් මට අමුතු බලයක් තිබුන කියල හිතුනට මට ඒක පාවිච්චිකරන්න දැනුමක් තිබුන් නෑ.......:no: මම ඒකාල හිච්චි එකා....... ඒත් ලොකු අක්කටත් මහ ලොකුවට ප්‍රතිපත්ති රැකුවෙ නැතුවට (පොඩිකාලෙ කොහොමත් පන්සිල් රකිනවනෙ......)
    කි කියන සමහරදේවල් හරියන්න ගත්ත.......... (දැන් හිතෙනව මේ මොන හු#තක්ද කියල...........)

    යකුනේ......... මට බයයි............. මම අදත් තනියම........ ලොල්
    :baffled::baffled::baffled:

    ඕන් එක දවසක් ගෙදර මහ යුද්දයක්..... අම්ම අසනීපෙන් ඒත් ලොකු අක්කට රිදෙන්න බනිනව:angry::angry:......... ගෝරිය පොඩි කෙල්ලෙක් එක්ක වුනාට අම්ම රන්ඩු කලේ ලෝකයුද්දෙ වගේ....... අපිට හිතාගන්නත් බැරිවුනා අම්මද කියල......
    අක්කට මලම පැනල අක්ක කියපි මම දන්නව උඹ ඩැනියෙල් කියල:growl::growl::growl: !!


    හුකා!!!!!!!!!!!!!!!!!!!!!:oo::oo::oo:

    යුද්දෙ ඉවරවුනා.........

    දවස් දෙකතුනකින් අම්මට මාරාන්තික විදියට හතිය හැදුන.....

    කරුමෙටම එ
    ත් තාත්ත නෑ......ඉන්හේලර් තියා මොන ලබ්බකින්වත් අම්මට අඩුවුනේ නෑ...... අම්ම කිව්ව දෙවනි අක්කට පුතේ මට අමාරුයි..... තේරෙන් නෑ මොකද කියල...... කෝකටත් අර හාමුදුරුවොන්ගෙ නමින් මට පහනක් තියන්න....... අම්මව ආරක්ශාකරන්න කියල....... :baffled:

    අක්ක පහන අම්ම ඉස්සරහින් තිබුන..... මට අම්මව වැඩිය ඇල්ලුවෙ නෑ..... අවුරුදු ගානකට ඉස්සෙල්ල පරිප්පුවක් කාපු එකේ සූදානම් ශරීරෙට කියල අර හාමුදුරුවො බලපිහිටවපු එයාගෙ පින්තූරෙ අම්ම ඉස්සරහින් තිවුව.........


    මම පිච්චෙනෝ!!!!!! ගිනිගන්නෝ!!!!!! කියල මෙන්න බුවෙක් කෑගහන්න ගත්ත......:shocked::shocked:

    බුදු අම්මෝ..........:growl::growl::growl:

    මෙන්න යකා කතාකරනවෝ..........:growl::growl::growl:

    මාත් ඉතින් හිච්චි එකා වුනාට ඇඟට පුරුශ වීරිය අරගෙන කියපිය තෝ කව්ද කියල ඇහුව.......:frown:

    :growl:යකා මහ හයියෙන් හිනාවෙනව.......... *(අම්මට හු#න්න!!!!)
    පස්සෙ කියපි උඹේ අක්කගෙන් අහගනින් කියල........

    :frown:මම සැරකරා...........

    තෝ මොකටද මෙහෙ ආවෙ............
    :growl:මගෙ නෑයො බලන්න....... අනික මම ආවෙ නෑ තොපි තමයි මාව ගෙන්නගත්තෙ...............

    :frown:අපි මොකටද උඹව ගෙන්න ගන්න...... කියපන් උඹ කවුද කියල???? තව දැඟලුවොත් හාමුදුරුවොන්ගෙ දියසෙන් බලයෙන් උඹ පිච්චිල යයි......... කියපන්!!

    :growl:අම්ම හරි ගාම්බීර හඬින් "මම ඩැනියෙල් අප්පො" කිවුව......

    :angry::angry:මේ මොන හු#තෙක්ද..... අපි දැකලවත් නෑ.....

    :frown:කියපන් උඹ ඇයි මෙහේ ආවෙ???......

    :growl:උඹලගෙ මහ එකා මගේ ඔරලෝසුව අරන් ආව...... ඒක මගේ:love:..... ඒක මගේ:love:...... ඒක මගේ:love:............

    (අම්ම මුලදිම කිවුව ඔය හු#තවල් ගෙදර ගේන්න එපා කියල..... කොහෙද අපේ තාත්තටත් දෙමල පත්තරයක් හරි කමක්නෑ.... බත් ඔතන්න කියලහරි ගේනවනෙ...)

    :frown:ආ එහෙනම් ඒකත් අරගෙන පල!!!

    :growl:එහෙම යන්න බෑ...... මට මේකිත් දැන් ඕන......

    (මුගෙ අම්මට !@#!@@!!):angry::angry:

    :frown:උඹ උඹේ ගෑනි ලඟට පල..... අපේ අම්ම මොකටද උඹට.....

    :growl:බෑ බෑ.... මම මේකිව අරන් යන්න දීපල්ල.......

    (අම්ම අම්මගෙ හඬින් හරි අමාරුවෙන් බේරගන්න කියනවා
    මූට යන්න බිල්ලක්ම ඕනලු....... කොහොම හරි අපි ටික එකතුවෙලා අම්මගෙ අතට අර පින්තූරෙ දුන්න........ මූට තරු පෙනිල කෑගහන්න ගත්ත......

    :growl:අරගනියෝ....:growl:අරගනියෝ.......:growl:මට ඉන්න බැරියෝ........

    :frown:මම කිව්ව උඹට දෙන්න බිලි මෙහෙ නෑ........ ඕනනම් පින් වැඩක් කරන්නම් කියල........

    :growl:යකා කි
    ව්ව වැඩක් නෑ..... මම පින් ගන්න තත්වෙකත් නෙමෙයි ඉන්නෙ කියල........

    :frown:එහෙනම් එතින් පල!!!!!!!

    :growl:මට යන්න දැන් තැනක් නෑ......... එක තැනයි තියෙන්නෙ.......... ඒත් ඒකටනම් යන්න බෑ...............

    :frown:ඒකොහෙද ?????

    :growl:මගේ වල!!!!! අම්මෝ.....ඒකෙ ඉන්න හරි අමාරුයි......

    :frown:ඒත්
    තින් අපිට පව් නොදී වලට පල......

    ඒ පාර මූ හූ.......කියන්න ඕනෙලු.......:angry::angry::angry:

    මච්චරවෙලා කටවහන් හිටපු ලොකු අක්ක කියපි, මේ ගෙදර ආරාමයකටත් වඩා නිදහස්ව.... නිශ්ශබ්දව තියෙන්නෙ... උ
    ට ඕන ඕන දේවල් මේ ගෙදර කරන්න බෑ...... උඹ උඹේ ගෙදර ගිහින් හූ කියාගනින් කියල....:angry::angry:

    යකාට ඇඩ්‍රස් නැතිවුනා:baffled:........බිල්ලකුත් අරන් යන්න ඇවිත් පුරුද්දට කියන හූවත් කියාගන්න බැරිවුනා.....:P

    ඕන් ඉතින් යුද්දෙ ඉවර වෙලා ඌ අකමැත්තෙන්ම වලට යන්නයි ලෑස්තිය.....:baffled:

    ඔන්න මූ කියන්න ගත්ත වලට යන විදිය.......

    :growl:මගේ අම්මෝ.....රිදෙනවෝ....රිදෙනවෝ.....පස් කාගෙන ඇතුලට යන්න ඕන........ අම්මෝ..... රිදෙනවෝ....... කලුවරෝ.......
    ඌ වලට ගියපු අමාරුව මට මලාට අමතක වෙන් නෑ......:baffled:

    ඕන් ඉතින් අම්ම
    පියවි සිහියට ආව:love:....... එක ඉන්හේල් එකයි....අම්ම ගොඩ......... එදායින් පස්සෙ අම්ම මැරෙන්න අන්තිම මොහොත වෙනකන් කිසිම අමනුශ්‍ය බියක් හෝ.... පපුවෙ හතියක් ඇතිවුනේ නෑ........


    ආ..... අමතක වුනා......... අරූගෙ ඔරලෝසුව පහුවදාම බෝතල් පත්තරකාරයෙක්ට දුන්න.......... යකාට වෙලාව බලන්න මතක්වුනොත් බෝතල් පත්තරකාරයට බඩුම තමයි............:D


    මේක ලියල මට දැන් බයයි යකුනේ.............:oo:

    ලයිට් දාන් නිදාගනිල්ල.........


    :frown:රොබොට් අයියා............

    :lol::lol:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?



    මෙහෙමයි සීන් එක උඹට කවදාවත් මේ සම්භන්දව හරි උත්තරයක් හොයාගන්න බැරිවෙයි:no::no:...... මොකද මේවා පිළිබඳ පර්යේශන කරන්න හෝ පැහැදිලිව ඔප්පු කරන්න සාක්ශි කාලඟවත් නෑ........ අනික, "මචං මම අද හොල්මනක් බලන්න යනව වරෙන් යන්න" කියල හොල්මන් බලන්නත් බෑ...:growl::growl:.... මේ සියල්ල අහඹු සිදුවීම්.... මම මේ සම්භන්දව පර්යේශන කරන කාලෙ තාක්ශණය හරි නොදියිනුයි.... මොබයිල් ෆෝන් එකත් ගඩොලක් සයිස් ඇති...... දැන් වගේ හදිස්සියට අටවගෙන කැමර ෆෝන් එකක්වත් ඒකාලෙ තිබුන් නෑ..... අනික් කාරනය ඔය මොන ලබ්බ තිබුනත් හොල්මනක් දැක්කහම තියෙන පන බයට ඔය එකක්වත් මතක් වෙන් නෑ:shocked:.... ඒත් සිද්දිය හොඳහැටි මතකයේ තියෙනව.......(දැක්කනේ අද එකෙක් දාල තිබුන කතාව....... ඌ ඕක මෙතන දාපු නිසා කවුරුත් හිනාවෙන් නෑ;).... ඒත් වෙන කාටහරි කිවුවොත් පිස්සුද බං කියල අහයි........ ඌටත් ඉතින් යකත් දැකල කටයි අනික් එකයි වහන් ඉන්නයිවෙන්නෙ....... පෙන්නන්න සාක්ශි නැති නිසා......)

    ඔයාගෙ කියමන හරි ප්‍රසිද්ද කියමනක්..... නමුත් ඒ දේ හරි හෝ වැරදි කියන්න මට බෑ.... නමුත් කටවහරෙන් එනමේව ගොඩක් දුරට සත්‍ය වෙන්න ඉඩකඩ වැඩියි.......


    ඒත් කරුමෙ කියන්නෙ මම රාක්ෂ ගණයේ.:yes:...... ඇත්තටම මට මුලදි මේ හොල්මන් සීන් පෙනුන් නෑ....... මම පොඩිකාලෙ ඉඳන් විවේක වෙලාවට ආරණ්‍ය හාමුදුරුවන්ගෙන් කමටහන් අරන් තදින් භාවනා කලා........ පස්සෙ පස්සෙ
    මේ සීන් ටිකෙන් ටික දැනෙන්න පේන්න ගත්ත...... ඒත් අන්තිමට මම හිතුව මම නොපෙනෙන ලෝක එක්ක ඉඳල ඉල්ලන් කනවට වඩා පෙනෙන ලෝකෙ ජීවත් වෙන එක ඇඟට ගුනයි කියල.:dull:........ මම මේ කියන දේ වැරදියට ගන්න එපා..... භාවනාව නිවැරදිව කලොත් ඕනම කෙනෙකුට ගොඩක් දුර යන්න පුලුවන්:yes:...... ඒත් මට ඒ සඳහා පූර්ණ කාලීනව කැපවෙන්න වෙලා තිබුන් නෑ:(..... මට තේරෙන විදියටනම් ඕනම කෙනෙක්ට හිත දියුනුකිරීමෙන් මේ දේ බලාගත හැකියි.......
    උත්තරය පැහැදිලි යැයි සිතමි......

    :frown:රොබොට් අයියා......

    මනුස්ස ඝනයේ සහ රාස්ස ඝනයේ අයට ඔවා පේනවා කියලයි මම නම් අහලා තියෙන්නේ බං. ඒවලින් මනුස්ස ඝනයේ අයට උන්ට ඇවිත් බලපෑම් කරන්න පුලුවන් අතරේ රාස්ස ඝනයේ අයට උන්ව අල්ලගෙන බැඳගෙන වැඩ ගන්න පුලුවන් කියලා අහලා තියෙනවා.

    මම මනුස්ස ඝනයේ. අපේ ගෙදර මනුස්ස ඝනය තියෙන එකම එකා මම. අනික් හතර දෙනාම දේව ඝනයේ. මම නම් තවම දැකලා නැහැ. දැකලා ක්ලික් වෙලා නැද්ද දන්නෙත් නෑ හැබැයි.
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    bump කලාට අලුත් කථා වැටෙන්නේ නෑ බන්. මෙන්න මේ fb group එකේනම් අලුත් කතා වැටෙනවා. මේකේ අන්තිම කතාත් ඒකෙන් උස්සපුවා.
    https://www.facebook.com/groups/holmankatha/

    Ela thanks bn. Ne bn up karanne mata Thread eka kiyawanna udata ganna. Nathnam yatata giysma hoyaganna amaarui bn
     

    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    Ela thanks bn. Ne bn up karanne mata Thread eka kiyawanna udata ganna. Nathnam yatata giysma hoyaganna amaarui bn

    Machan umba doc. kenek washayen dead bodies ekka weda karala ethi neda?

    Oyata hari oya adunana wena docs lata hari me wage abnormal incidents wela thienawada?
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    Machan umba doc. kenek washayen dead bodies ekka weda karala ethi neda?

    Oyata hari oya adunana wena docs lata hari me wage abnormal incidents wela thienawada?

    :no:anik un gana nam danne ne bn. Mama Manushya ganaye. Eth tawama owwa dakala ne. Hospital ekedi nam athe pt la dead wela tiyenawa mama bed eka uda nagan CPR deddi godak. But ohoma seen mata wela ne.
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    :no:anik un gana nam danne ne bn. Mama Manushya ganaye. Eth tawama owwa dakala ne. Hospital ekedi nam athe pt la dead wela tiyenawa mama bed eka uda nagan CPR deddi godak. But ohoma seen mata wela ne.
    තමන්ට උන එව්ව ම ඕන නෑ. ඔය night shift කරද්දී nurseලට attendantලට එහෙම උන scene එහෙම ආරංචි නැද්ද? සමහර hospital වල රෑට staff එකේ අය යන්ඩ බය තැන් එහෙම තියෙන්නේ. ඒ වගේ එව්වා දන්නවනම් කියන්ඩ.
     

    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    255
    43
    Bola innawa neda. Up karala gamu goiyo Thread eka
    විවිද හේතු මත මේ සම්භන්දව ලියන එක නවත්තල තියෙන්නේ. මේවා ප්‍රසිද්ධියේ දාල ලොකු වැරැද්දක් කළා කියලත් සමහරවිට හිතෙනවා. කියවන අය මේවා ගැන නොසිතා ඉදිරිය ගැන හිතන්න.

    රොබොට් අයියා :frown:
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,282
    13,184
    113
    33
    ෆින්ලන්ඩ්
    විවිද හේතු මත මේ සම්භන්දව ලියන එක නවත්තල තියෙන්නේ. මේවා ප්‍රසිද්ධියේ දාල ලොකු වැරැද්දක් කළා කියලත් සමහරවිට හිතෙනවා. කියවන අය මේවා ගැන නොසිතා ඉදිරිය ගැන හිතන්න.

    රොබොට් අයියා :frown:
    Ae moko bun aehema kiyanne..?

    Hemoma wage nodanna karunu karana sahenna dena gaththa ne machn...
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    විවිද හේතු මත මේ සම්භන්දව ලියන එක නවත්තල තියෙන්නේ. මේවා ප්‍රසිද්ධියේ දාල ලොකු වැරැද්දක් කළා කියලත් සමහරවිට හිතෙනවා. කියවන අය මේවා ගැන නොසිතා ඉදිරිය ගැන හිතන්න.

    රොබොට් අයියා :frown:

    බයිලා කියවන්නේ නැතුව උබට වැඩ වැඩි නිසා ලියන්න බෑ කිව්වනම් ඉවරයි නේ :P
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    තමන්ට උන එව්ව ම ඕන නෑ. ඔය night shift කරද්දී nurseලට attendantලට එහෙම උන scene එහෙම ආරංචි නැද්ද? සමහර hospital වල රෑට staff එකේ අය යන්ඩ බය තැන් එහෙම තියෙන්නේ. ඒ වගේ එව්වා දන්නවනම් කියන්ඩ.

    එකක් තියෙනවා හැබැයි. ඕක කියන්න ගියොත් මම ඉන්න තැන මාට්‍ටු වේවිද දන්නේ නෑ බං. :baffled:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    විවිද හේතු මත මේ සම්භන්දව ලියන එක නවත්තල තියෙන්නේ. මේවා ප්‍රසිද්ධියේ දාල ලොකු වැරැද්දක් කළා කියලත් සමහරවිට හිතෙනවා. කියවන අය මේවා ගැන නොසිතා ඉදිරිය ගැන හිතන්න.

    රොබොට් අයියා :frown:

    :(:(