well.... according to
දිනමිණ y අතිරේකය
*සර්පයන් සිහිනෙන් පෙනීම ගැන අතීතයේ සිට පැවත එක විවිධ මත තිබෙනවා. ස්ත්‍රීන් ගැබ් ගැනීමේදී නයින් සිහිනෙන් පෙනෙන බව එක් මතයක්. කළු නයෙක් සිහිනෙන් දැකීම කරදර ඇති කරන අසුබ සිහිනයක් බවත් සුදු නයෙක් දැකීම ධනලාභ ගෙනදෙන වාසනාවන්ත හීනයක් බවටත් සැලකෙනවා. නයෙක් දෂ්ට කරනවා සිහිනෙන් දුටුවොත් සතුරු කරදරයකින් මීදීම අර්ථවත් වන බව පැවසෙනවා. මනෝවිශ්ලේශණයට අනුව සර්පයන් දෂ්ට කිරීමේ සිහින පෙනෙන්නේ බොහෝවිට ඔබ යම් දෙයක් නොසලකා හරිමින් සිටින කාලයක විය හැකි බවයි පැවසෙන්නේ. ඉදිරියේදී අනතුරක් විය හැකි ප්‍රශ්නයක් ඔබ නොසලකාහරිමින් සිටිනවා නම් එසේත් නැත්නම් යම් දෙයක් ගැන තීරණයක් ගැනීමට නොහැකිව ලතවෙමින් සිටින වෙලාවට මේවගේ සිහින දර්ශනය වෙන්න පුළුවන් බවටයි විශ්වාස කෙරෙන්නෙ.
and according to this "dude" says
ජ්‍යෝතිෂවේදී - දිනසේන රතුගමගේ
*සර්පයන් දැකීම කාම සම්භෝගයෙහි ලක්‌ෂණයකි.
**මාත් අහල තියෙන්නෙ ඔය ජෝතිය කිවුව සීන් එක,
දිනමිණ y අතිරේකය,
නිතර දකින මේ හීනවල තේරුම් ඔබ දන්නවාද?
1. දත් වැටීම
හීනෙන් තමන්ගෙ දත් හැලෙනව කියන්නෙ හුඟක් අය බහුලවම දකින හීනයක්. මෙය අපිව බයට පත් කරන්න සමත් හීනයක් කිවුවත් නිවැරැදියි.දත් වැටීමේ හීන ගැන ජෝතිශ්‍ය ශාස්ත්‍රය ද ආශ්‍රයෙන් අතීතයේ පටන් පැවත එන මතය තමයි ඒක ඉතාම භයානක සහ අසුබ හීනයක් කියන එක. දත් වැටීමෙන් තමන්ගේ හෝ තමන්ගේ ඥාතියකුගේ මරණය වුවද සංකේතවත් විය හැකියැයි පැවසෙනවා. ඊට අමතරව දරුණු විපත් සහ භයානක අනතුරු වලට මුහුණ පාන්න සිදුවෙන බවටත් මේ හීනය මඟින් අනතුරු හඟවනවලු.
හැබැයි මනෝවිශ්ලේෂකයන්ට අනුව නම් දත් හැලීම මඟින් අර්ථ නිරූපණය වෙන්නේ ඊට තරමක් වෙනස් දෙයක්. වයසට යාමේදී ශරීරයේ සුන්දරත්වය හෝ ශක්තිය අහිමිවීමේ බිය මේ මඟින් නිරූපණය කෙරෙන බවයි ඔවුන්ගේ මතය වී තිබෙන්නේ. ඊට අමතරව තමන්ගේ ජීවිතයේ තමන්ට පාලනය කරගැනීමට අමාරු වෙනසක් සිදුවෙමින් පවතින කාලවලදීත් මේ හීනය පෙනෙන්න ඉඩ තිබෙන බව කියවෙනවා.
2. මරණයට පත්වීම
හීනෙන් තමන් මරණයට පත්වී ඉන්නවා ඔයාලා හීනෙන් දැක තියෙනවද? තමන් මරණයට පත්වීම හීනෙන් දැකීම සුබ සිහිනයක් හැටියටයි අපේ සාම්ප්‍රදායික සිහින අර්ථදැක්වීම්වල පැවසෙන්නේ. ධනය ලැබීම සහ යහපත් කාලයක් උදාවෙන බවක් තමයි ඒ මඟින් පෙන්නුම් කරනු ලබන්නේ.මනෝවිද්‍යාත්මකව ගත්කල මරණයට පත්වෙනවා හීනෙන් දැකීමෙන් අදහස් වෙන්නෙ තමන්ගේ ජීවිතයේ එක් පරිච්ඡේදයක නිමාවයි. ප්‍රේම සම්බන්ධතාවක් බිඳුණු පසුව හෝ අදහස් අතින් තමන්ගේ ජීවිතයේ ලොකු වෙනසක් සිදුවුණු කාලෙක මේ හීනය පෙනෙන්න පුළුවන් බවයි පැවසෙන්නේ.
3. උසකින් බිමට ඇද වැටීම
යම් උස් තැනකින් බිමට වැටෙනවා දැකීමත් ඉතාම සුලභ හීනයක්. අපේ සාම්ප්‍රදායික විශ්වාසයන්ට අනුව නම් බිමට වැටෙනවා දැකීම අවාසනාවන්ත කාලයක් උදාවෙන බවට පෙරනිමිති දක්වන හීනයක්.මනෝවිශ්ලේෂණයට අනුව ගත්තහම ඉතාම අපූරු අන්දමට තේරුම් ගතහැකි දෙයක් තමයි මේ ඇදගෙන වැටීමේ හීන. මේ හීනවලින් බොහෝදුරට පෙන්නුම් කෙරෙන්නේ ජීවිතයේ යම්කිසි දෙයක් කෙරෙහි ඇති ඔබේ පාලනයේ අඩුවීමක්ලු. සිහිනයේදී තමන් ඇදගෙන වැටෙන ස්ථානය මඟින් තමන්ගේ පාලනයෙන් තොර කාරණය පිළිබිඹු වන්නට පුළුවන් බවයි පැවසෙන්නේ. උදාහරණයක් හැටියට ඔබ ඔබේ කාර්යාල ගොඩනැඟිල්ලේ මුදුණේ සිට බිම වැටෙනවා දැක්කොත් එමඟින් දක්වනු ලබන්නේ ඔබේ රැකියාවේ ඔබ විඳින දුෂ්කරතාවක් විය හැකියි.
4. පියැඹීම
පියාඹගෙන යනවා දැකීම හරිම සුන්දර වගේම නිතර දකින හීනයක්. පියාඹගෙන යනවා දකින හීනයේ අර්ථයත් ඒ වගේම සුන්දරයි. පියාඹගෙන යනවා හීනෙන් දැකීමෙන් වාසනාවන්ත කාලයක් උදාවී ඇති බව පෙන්නුම් කරන බවයි සාමාන්‍යයෙන් පිළිගැනෙන්නේ.සිහින විශ්ලේෂකයන්ට අනුව ගත්තහම පියාඹගෙන යනවා කියන්නෙ ඔබේ සාර්ථකත්වය පිළිඹිබු කෙරෙන හීනයක්. උසකින් වැටීම මඟින් ඔබේ පාලනයේ දුර්වලතාව පිළිබිඹු වෙනවා යැයි අපි කීවා ඔබට මතක ඇති. පියැඹීම මඟින් පිළිබිඹු වෙන්නේ ඒ සිහිනයේම අනිත් පැත්තයි. ඒ කියන්නෙ ඔබ කරන කටයුත්තක් මනා පාලනයකින් සහ සාර්ථකත්වයකින් ඔබ කරමින් සිටිනා බවක්ලු.
5. දියේ ගිලීම
දියේ ගිලීමත් අපේ සාම්ප්‍රදායක මතයට අනුව අසුබ ඵල ගෙන දෙන සිහිනයක්. එමඟින් රෝග පීඩා, දුක් කරදර සහ මරණය ගැන අනතුරු හඟවන බවක් තමයි පැවසෙන්නේ.
මනෝවිශ්ලේෂකයන්ගේ අදහසට අනුව දියේ ගිලීම මඟින් සංකේතවත් වන්නේ තමන්ට දරාගැනීමට නොහැකි තරම් හැඟීම් ගොඩක සහ සාංකාවකින් පසුවීමයි. උදාහරණයක් හැටියට සම්බන්ධතාවක් බිඳීයාමෙන් පසු දුකෙන් ගතකරන කාලයක් අතරතුර හෝ විසඳාගැනීමට අපහසු තරම් ප්‍රශ්න ගොඩක පැටලී සිටින වකවානුවක මේ වගේ සිහින පෙනෙන්නට තිබෙන ඉඩ වැඩියි.
6. සර්පයන් දෂ්ට කිරීම *
7. බල්ලන් සපා කෑම
දේව දෝෂ ඇති කාලවලට බල්ලන් සිහිනෙන් පෙනෙන්නේයැයි කියවෙනවා. ඊට අමතරව බල්ලකු සපා කනවා සිහිනෙන් දුටුවොත් සතුරු කරදරයක් හෝ හිතවතකු ඔබ හා තරහ වීමක් ඉන් කියවෙන බවයි සාම්ප්‍රදායික විශ්වාසය. සිහින විශ්ලේෂකයන් පවසන ආකාරයට ඔබේ මිතුරකු ඔබ හා අමනාපවීම,වංචා කිරීම හෝ ඒ අය ඔබට ද්‍රෝහිවීම මේ සිහිනවලින් සංකේතවත් වනු ලබයි. ඒ අතින් ගත්කල බල්ලන් සපාකෑමේ සිහිනයේ අපේ සාම්ප්‍රදායික මතය සහ බටහිර මනෝවිශ්ලේෂණයේ සමානකමක් ද තිබෙන බව ද ඔබට පෙනේවි.
ජ්‍යෝතිෂවේදී - දිනසේන රතුගමගේ,
කාමාශක්‌ත සිහින දැක්‌කාද? මෙන්න තේරුම
යම් දරුවකු උපදින්නෙත් පිළිසිඳ ගන්නේත් කාමය පිළිබඳ හැඟීම් සමගමයි. ළදරුවාගේ කිරි ඉරවීම, ගිලීම, විකීම ආදී දේවලින් කාමාශාවන් තෘප්තිමත් වේ. මීට පසු ළදරුවාගේ කාමාශාවන් වර්ධනය වනුයේ ඔහුගේ ශරීරාංග තුළින්මය. ඔහු එයට නිමිති වන දෙය ස්‌පර්ශ කරයි. උරයි. විකයි, සිඹ තෘප්තිමත් වෙයි. සමහර ළමයි ඇඟිල්ල කටේ දමා උරයි. සිය ලිගුව පිරිමදියි. මේ හැමකින්ම කෙරෙන්නේ ළමයාගේ ලිංගික ආශාවන් සංතර්පනය කිරීමයි.
ළමයා වැඩෙන විට මේ ආශාවන් මෝරයි. සමාජයෙන් ගුරු හුරුකම් ලබයි. වැඩිහිටියන්ගේ පැවැත්ම ඔහුගේ කුතුහලයට ලක්‌වෙයි. හැඟීම් බලයෙන් හා බියෙන් ඒවා යටපත් කර ගනී. වැඩෙන අවධියේදී යටපත් වූ හැඟීම් ඉස්‌මතු වේ. මේ අවධියේ ඔහු තම සිත පාලනය කර ගැනීමට දැඩි උත්සාහයක යෙදෙයි. ඒ අතර බාහිර අරමුණු වැඩිවියට පත් ළමයා පෙළයි. පිරිමි ළමුන් නම් වෙනත් ස්‌ත්‍රියන් කෙරේ පිළිසිඳ සිතක් ඇති කර ගනී. සමහර විට පිරිමි ළමයා සිය මට කෙරේත් ගැහැනු ළමයා සිය පියා. කෙරේත් පිළිසිඳ සිතක් ඇති කර ගනී. මේ අතර ඔහු සදාචාරයට ද මුහුණ පායි මෙයට මූලික හේතුව කුඩා කාලයේ සිට තුරුණු වියට එළැඹෙන තෙක් ඔහු ඇය ලැබූ මැඩගත් අත්දැකීම් සිතුවිලි යටි හිතේ තැන්පත් වීමයි. බොහොමයක් ලිංගික සිහින ලෙස පෙනෙන්නේ යටපත් වූ ආශාවන් ඉස්‌මතු වී ආ විට බව කිව හැක.
සිත පිළිබඳ විග්‍රහයක යෙදුන සිග්මන් ෙµ්‍රdයිඩ් මෙසේ කියා ඇත. ඇතැම් සිහින යමෙකුගේ ලිංගික අවශ්‍යතාවන් හා ආශාවන් පැහැදිලි කරන කැඩපතකැයි ඔහු කීවේය. ඔහු තර්කානුකූලව සෘජුව කීවේ සිහින ලෝකයේ මැවී පෙනුණු සංකේතයක් අනුවය. සිහින වලින් ලිංගික සිදුවීම් පමණක් නොව සාමාජික සාදාචාරත්මක දාමරික සිද්ධීන්ද අරමුණු වේ. මිනිසාගේ කාමයෙහි වර්ධනය අනුව මිනිසා දකින සිහින වල අර්ථද නිරූපණය කළ හැක.
ලිංගික සිහින ලෝකයේ මැවී පෙනෙන සංකේත තුළින් අර්ථවත් වන සිහින පිළිබඳ පලයන් හා විපාකයන් පෙර අපර පඬුවන් විසින් මෙසේ පෙන්වා ඇත.
ගණිකාව - රූමත් ගණිකාවක් දුටුවොත් ධන සම්පත් ලැබේ. ගරු නම්බු ලැබේ.
ගෑනු ළමයි - වැඩිවිය නොපැමිණි ළමයකු හා සංවාසය කිරීම හෝ දූෂණය කිරීම හෝ දුටුවොත් ඔහු කල කෝලාහල වලට ගොදුරුවේ. නින්දා අපහාසවලට ලක්‌වේ.
විවාහක කත- රූමත් විවාහක කතක් තම නිවසට එනවා දුටුවොත් ඔහුට සැප සම්පත් ලැබේ. ඉදිරි කාලය යහපත් වේ.
පරදාරය - යමකු අන් ස්‌ත්‍රියක් සමග සංවාසයේ යෙදෙනවා දුටු වහොත් ඔහු නින්දා අපහාසවලට ලක්‌වේ. ධන හානි සිදුවේ.
තරුණිය - කීර්ති ප්‍රසංසාව ලැබේ. තරුණියක හා සංවාසයේ යෙදෙනවා දුටුවොත් නින්දා අපහාසවලට ගොදුරු වේ. කල කෝලහලවලට ලක්‌වේ. තරුණ කතක හා සතුටු සාමීචියෙහි යෙදෙනවා දුටුවොත් හොඳ කාලයක් උදාවේ. පෙම් බස් දි දී සිටිනවා දුටුවොත් උසස් තනතුරු ලැබේ. තරුණ කතක් බලහත් කාරයෙන් ගෙන යනවා දුටුවොත් දුක් කරදර සහිත කාලයක් උදාවේ.
තරුණයෙකු තරුණියක හා ආදර බස් පවසමින් පාළු ස්‌ථානයක සිටිනවා දුටුවොත් රජයෙන් ගරු බුහුමන් ලැබේ. උසස් තනතුරු හා වාසනාවන්ත දරුවන් ලැබේ.
රූමත් කතක් අතට අතදී කතා කරනවා දුටුවොත් ධන සම්පත් ලැබේ. ඉදිරි කාලය යහපත් වේ.
මැණික් පෙට්‌ටිය - තරුණ කතක් මැණික් පෙට්‌ටියක් විවෘත කොට පෙට්‌ටිය ඇතුළ පැත්ත සිහිනයෙන් දකීනම් ඇය කාට හෝ ඇගේ ආලය පිදීමේ නිමිත්තකි. මැණික් පෙට්‌ටියක් නැති වෙනවා දිටී නම් ප්‍රෙAම සම්බන්ධයක් කැඩී යැම සිදුවේ.
ඥති මිත්‍රයන් - තරුණයෙකු ඥති මිත්‍රයන් සමග එකතු වී පිළිසඳර කතාවක යෙදී සිටිනවා අවිවාහකයකු සිහිනෙන් දුටුවොත් ළඟදී විවාහයක් කර ගැනීමට සිදුවේ.
ඉදිකටු - ඉදිකටු අනිනවා සීනෙන් දුටුවොත් ආලය සඳහා පෙළඹවීමේ හෝ පෙම්වතියක් ලැබීමේ නිමිත්තකි. මෙයින් තෘප්තිමත් කාම සම්භෝගයක් ලැබීමද සිදුවේ.
හිසකෙස් - හිසකෙස් පුරුෂත්වය දැක්‌වෙන සංකේතයකි. හිසකේ කපනවා දැකීම හිස හා හිස පීරෙන විට තට්‌ටය පෑදී පෙනේනම් එය පුරුෂ ශක්‌තිය හිනවී යැමේ ලක්‌ෂණයකි. මෙවැනි සිහින ස්‌ත්‍රියක දකීනම් ඇගේ රූපාලංකාරය නැතිවී යැම අදහස් කරයි.
රැවුල බෑම - වෙනත් කෙනෙකු තම රැවුල බානවා සිහිනෙන් දුටීනම් ඔහුට හමුවන පෙම්වතිය අස්‌ථිර ගති ඇත. වෙනස් වන සුළු ස්‌ත්‍රියකි.
අශ්වයන් - අශ්වයන් දැකීමෙන් ලිංගික ආශා කුළුගැන්වීමක් පෙන්නුම් කරයි. ආලය සඳහා සිත පෙළැඹවීමද සිදුවේ.
සර්පයන් - සර්පයන් දැකීම කාම සම්භෝගයෙහි ලක්‌ෂණයකි.
යතුරු - යතුරක් වතුරට විසි කරනවා දැකීම ලිංගික ශක්‌තිය පිරිහිS යැමෙහි ලක්‌ෂණයකි.
කිකිළි- පැටවුන් සමග කිකිළියක් දැකීමෙන් හැඟෙන්නේ රූමත් ස්‌ත්‍රියක් සමග ආශ්‍රයට ඉඩක් ලැබෙන බවයි.
කැසබුවා - ලස්‌සන කාන්තාවක් ලැබේ.
සුදු නයා - සුදු නයකු දැකීම හෝ දෂ්ඨ කරනවා දැකීම වාසනාවන්ත පුතකු ලැබීමේ ලකුණුය.
පැල්පත් - පෙම්වතා කලකට පිට පළාතකට යයි.
විවාහ මංගලය - මරණයක් අසන්නට ලැබේ. ධන විනාශයක් ළඟ බව කියයි.
පැළෑටි වලට ජලය වත් කිරීම - ලස්‌සනට උයනක ඇති මල් පාත්තියකට ජලය දමනවා දැකීම ජීවිතයේ සෞභාග්‍යවත් කාලයක් උදාවීමේ පෙර නිමිතිය. එමෙන්ම පෙම්වතියක් ලැබෙයි. යම් විදියකින් මලක් තෝරා ගැනීමට අසීරුමත් වීම මල්වලට සහ කොළවලට වතුර ඉසීම බිය වීමත් සිහිනෙන් දකීනම් ඉන් අදහස් වන්නේ ස්‌ත්‍රියකගේ විශ්වාසයක් ආලයක් පලුදු වීමකි. පැළෑටිවලට ජලය වත්කරනවා දැකීම ශුද්ධ භාවය හා තමාගේ ප්‍රාර්ථනාව සමෘදය වීමේ ලක්‌ෂණයකි.
සොරුන් දැකීම - බහුල වශයෙන් ස්‌ත්‍රී පක්‌ෂයට බලපාන සිහිනයකි. සොරෙක් තම බඩු බාහිරාදිය සොරකම් කරනවා දකීනම් එයින් ලිංගික ආශාවන් ඉස්‌මතුවන බව පෙන්නුම් කරයි. සිහින ලෝකයේ දී සොරුන් හැටියට පෙනෙන්නේ පෞරුෂත්වයයි. සොරෙක් කාමරයක් බිඳ ස්‌ත්‍රියක් සතු වටිනා බඩු ගැනීම යන්නෙන් අදහස් වන්නේ ස්‌ත්‍රියගේ කුමරි බඹසර සොරා ගැනීමය. සොරා සිහිනය දකින්නාට අනතුරක් නොකරන බව පෙනේනම් එයින් අදහස් වන්නේ සාමාන්‍යයෙන් කරදරයක් නැති අන්දමට ලිංගික ආශ්වාදයක් ඇයට ලබාගත හැකි වන බවයි. සොරා සමග පොර බැදීම් ආදියකට පෙළෙඹෙනු දකිතොත් එය බලහත්කාරයෙන් ඇගේ ලිංගිකත්වය කෙළසීමකි.