එළකිරි භූත කොටුව.........

IKL

Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    psnN8cw.jpg

    L7PUOFB.jpg

    XJXMtcs.jpg

    HBukZxR.jpg

    rQI8jXQ.jpg

    7pGeAs2.jpg

    pnTm48j.jpg

    vxHV1Lq.jpg

    jSBFO3Q.jpg

    cSXeLfL.jpg

    SCqbfyk.jpg

    DzV5ygd.jpg

    AznDCMs.jpg

    GqLEGhK.jpg

    XJINang.jpg

    PhTVjc6.jpg
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    භූත ආත්මය හට ගැනීම යන ධර්ම කරුණ සඳහන් වන සදහම් දේශනා

    ධර්ම දේශනා 2
    - https://www.waharaka.com/cds/CD022/G-21-7-2007 DARMA DESANA[2]-edit.mp3

    1.සසර ගමනට හේතුවන භව 3
    2.නිතරම අසනීප යැයි කියන අයගේ සංඛාරය
    3.සර්පයකු ගෙට ඇතුළු වීමේදී මරාදැමීමෙන් පාපයක් සිදු වේද
    4.භූත ආත්මය හට ගැනීම හා එය ඇඟට ඇතුළු වීම
    5.පන්සලට ලැබෙන දාන වල ඉතිරිය ගිහි අය කෑම සුදුසුද?

    මිය ගිය අයට ජීවත් වන අයගේ ශරීරයට ඇතුල්විය හැකිද? - https://www.waharaka.com/cds/CD055/... SAREIRAYATA ATHUL WIYA HEKIDA 10-04-2010.mp3

    දිවැස් ලැබුනයි රැවටෙන අවස්ථා.
    - https://www.waharaka.com/cds/CD063/[E3]DIVES LABUNAI RAVATENA AVASTHA 27-11-2010.mp3

    අපට නොපෙනෙන නිරයක් පොලව යට තිබේද?
    - https://www.waharaka.com/cds/CD068/[B8]APATA NOPENENA NIRAYAK POLOWA YATA THIBEDA 2-4-2011[2].mp3

    විවිධ පැති ඔස්සේ පිළිවෙලින් තෝරා ගොනු කරන ලද සදහම් දේශනා
     
    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    මම මේ නුල මුල සිට කියවන අතරේ මේක ලියන්න හිතුවේ....

    රොබොට් අයියා ආගිය අතක් නොමැති වුවත් අපි මේක නැවත සක්‍රිය කරමුද ?

    කවුද උදව්වට එන්න කැමති.......?

    මගේ අත්දැකීම් ටිකක් කොටන්නත් පුළුවන්....

    භූතයන්ට කැමති එවුන් වරෙල්ලා..............

    හූ .....................! හූ ............................!! හූ .............................................!!!
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,200
    31,929

    samahara welawata awith hoooo kiyala yanawa oka. hitapu gaman mathuwei. :P
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මම මේ නුල මුල සිට කියවන අතරේ මේක ලියන්න හිතුවේ....

    රොබොට් අයියා ආගිය අතක් නොමැති වුවත් අපි මේක නැවත සක්‍රිය කරමුද ?

    කවුද උදව්වට එන්න කැමති.......?

    මගේ අත්දැකීම් ටිකක් කොටන්නත් පුළුවන්....

    භූතයන්ට කැමති එවුන් වරෙල්ලා..............

    හූ .....................! හූ ............................!! හූ .............................................!!!
    liyanna balanna ...aye up wewi...
     
    • Like
    Reactions: indika_sam

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,145
    4,900
    113
    හිනෙන් සර්පයෝ පෙන්නේ ඇයි බන්? හැමදාම පෙනවා, හානියක් කරන්නේ නෑ :baffled: :baffled: :baffled: :baffled:
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha

    well.... according to දිනමිණ y අතිරේකය

    *සර්පයන් සිහිනෙන් පෙනීම ගැන අතීතයේ සිට පැවත එක විවිධ මත තිබෙනවා. ස්ත්‍රීන් ගැබ් ගැනීමේදී නයින් සිහිනෙන් පෙනෙන බව එක් මතයක්. කළු නයෙක් සිහිනෙන් දැකීම කරදර ඇති කරන අසුබ සිහිනයක් බවත් සුදු නයෙක් දැකීම ධනලාභ ගෙනදෙන වාසනාවන්ත හීනයක් බවටත් සැලකෙනවා. නයෙක් දෂ්ට කරනවා සිහිනෙන් දුටුවොත් සතුරු කරදරයකින් මීදීම අර්ථවත් වන බව පැවසෙනවා. මනෝවිශ්ලේශණයට අනුව සර්පයන් දෂ්ට කිරීමේ සිහින පෙනෙන්නේ බොහෝවිට ඔබ යම් දෙයක් නොසලකා හරිමින් සිටින කාලයක විය හැකි බවයි පැවසෙන්නේ. ඉදිරියේදී අනතුරක් විය හැකි ප්‍රශ්නයක් ඔබ නොසලකාහරිමින් සිටිනවා නම් එසේත් නැත්නම් යම් දෙයක් ගැන තීරණයක් ගැනීමට නොහැකිව ලතවෙමින් සිටින වෙලාවට මේවගේ සිහින දර්ශනය වෙන්න පුළුවන් බවටයි විශ්වාස කෙරෙන්නෙ.

    and according to this "dude" says ජ්‍යෝතිෂවේදී - දිනසේන රතුගමගේ

    *සර්පයන් දැකීම කාම සම්භෝගයෙහි ලක්‌ෂණයකි.

    **මාත් අහල තියෙන්නෙ ඔය ජෝතිය කිවුව සීන් එක,

    දිනමිණ y අතිරේකය,

    නිතර දකින මේ හීනවල තේරුම් ඔබ දන්නවාද?

    1. දත් වැටීම

    හීනෙන් තමන්ගෙ දත් හැලෙනව කියන්නෙ හුඟක් අය බහුලවම දකින හීනයක්. මෙය අපිව බයට පත් කරන්න සමත් හීනයක් කිවුවත් නිවැරැදියි.දත් වැටීමේ හීන ගැන ජෝතිශ්‍ය ශාස්ත්‍රය ද ආශ්‍රයෙන් අතීතයේ පටන් පැවත එන මතය තමයි ඒක ඉතාම භයානක සහ අසුබ හීනයක් කියන එක. දත් වැටීමෙන් තමන්ගේ හෝ තමන්ගේ ඥාතියකුගේ මරණය වුවද සංකේතවත් විය හැකියැයි පැවසෙනවා. ඊට අමතරව දරුණු විපත් සහ භයානක අනතුරු වලට මුහුණ පාන්න සිදුවෙන බවටත් මේ හීනය මඟින් අනතුරු හඟවනවලු.

    හැබැයි මනෝවිශ්ලේෂකයන්ට අනුව නම් දත් හැලීම මඟින් අර්ථ නිරූපණය වෙන්නේ ඊට තරමක් වෙනස් දෙයක්. වයසට යාමේදී ශරීරයේ සුන්දරත්වය හෝ ශක්තිය අහිමිවීමේ බිය මේ මඟින් නිරූපණය කෙරෙන බවයි ඔවුන්ගේ මතය වී තිබෙන්නේ. ඊට අමතරව තමන්ගේ ජීවිතයේ තමන්ට පාලනය කරගැනීමට අමාරු වෙනසක් සිදුවෙමින් පවතින කාලවලදීත් මේ හීනය පෙනෙන්න ඉඩ තිබෙන බව කියවෙනවා.

    2. මරණයට පත්වීම

    හීනෙන් තමන් මරණයට පත්වී ඉන්නවා ඔයාලා හීනෙන් දැක තියෙනවද? තමන් මරණයට පත්වීම හීනෙන් දැකීම සුබ සිහිනයක් හැටියටයි අපේ සාම්ප්‍රදායික සිහින අර්ථදැක්වීම්වල පැවසෙන්නේ. ධනය ලැබීම සහ යහපත් කාලයක් උදාවෙන බවක් තමයි ඒ මඟින් පෙන්නුම් කරනු ලබන්නේ.මනෝවිද්‍යාත්මකව ගත්කල මරණයට පත්වෙනවා හීනෙන් දැකීමෙන් අදහස් වෙන්නෙ තමන්ගේ ජීවිතයේ එක් පරිච්ඡේදයක නිමාවයි. ප්‍රේම සම්බන්ධතාවක් බිඳුණු පසුව හෝ අදහස් අතින් තමන්ගේ ජීවිතයේ ලොකු වෙනසක් සිදුවුණු කාලෙක මේ හීනය පෙනෙන්න පුළුවන් බවයි පැවසෙන්නේ.

    3. උසකින් බිමට ඇද වැටීම

    යම් උස් තැනකින් බිමට වැටෙනවා දැකීමත් ඉතාම සුලභ හීනයක්. අපේ සාම්ප්‍රදායික විශ්වාසයන්ට අනුව නම් බිමට වැටෙනවා දැකීම අවාසනාවන්ත කාලයක් උදාවෙන බවට පෙරනිමිති දක්වන හීනයක්.මනෝවිශ්ලේෂණයට අනුව ගත්තහම ඉතාම අපූරු අන්දමට තේරුම් ගතහැකි දෙයක් තමයි මේ ඇදගෙන වැටීමේ හීන. මේ හීනවලින් බොහෝදුරට පෙන්නුම් කෙරෙන්නේ ජීවිතයේ යම්කිසි දෙයක් කෙරෙහි ඇති ඔබේ පාලනයේ අඩුවීමක්ලු. සිහිනයේදී තමන් ඇදගෙන වැටෙන ස්ථානය මඟින් තමන්ගේ පාලනයෙන් තොර කාරණය පිළිබිඹු වන්නට පුළුවන් බවයි පැවසෙන්නේ. උදාහරණයක් හැටියට ඔබ ඔබේ කාර්යාල ගොඩනැඟිල්ලේ මුදුණේ සිට බිම වැටෙනවා දැක්කොත් එමඟින් දක්වනු ලබන්නේ ඔබේ රැකියාවේ ඔබ විඳින දුෂ්කරතාවක් විය හැකියි.

    4. පියැඹීම

    පියාඹගෙන යනවා දැකීම හරිම සුන්දර වගේම නිතර දකින හීනයක්. පියාඹගෙන යනවා දකින හීනයේ අර්ථයත් ඒ වගේම සුන්දරයි. පියාඹගෙන යනවා හීනෙන් දැකීමෙන් වාසනාවන්ත කාලයක් උදාවී ඇති බව පෙන්නුම් කරන බවයි සාමාන්‍යයෙන් පිළිගැනෙන්නේ.සිහින විශ්ලේෂකයන්ට අනුව ගත්තහම පියාඹගෙන යනවා කියන්නෙ ඔබේ සාර්ථකත්වය පිළිඹිබු කෙරෙන හීනයක්. උසකින් වැටීම මඟින් ඔබේ පාලනයේ දුර්වලතාව පිළිබිඹු වෙනවා යැයි අපි කීවා ඔබට මතක ඇති. පියැඹීම මඟින් පිළිබිඹු වෙන්නේ ඒ සිහිනයේම අනිත් පැත්තයි. ඒ කියන්නෙ ඔබ කරන කටයුත්තක් මනා පාලනයකින් සහ සාර්ථකත්වයකින් ඔබ කරමින් සිටිනා බවක්ලු.

    5. දියේ ගිලීම

    දියේ ගිලීමත් අපේ සාම්ප්‍රදායක මතයට අනුව අසුබ ඵල ගෙන දෙන සිහිනයක්. එමඟින් රෝග පීඩා, දුක් කරදර සහ මරණය ගැන අනතුරු හඟවන බවක් තමයි පැවසෙන්නේ.

    මනෝවිශ්ලේෂකයන්ගේ අදහසට අනුව දියේ ගිලීම මඟින් සංකේතවත් වන්නේ තමන්ට දරාගැනීමට නොහැකි තරම් හැඟීම් ගොඩක සහ සාංකාවකින් පසුවීමයි. උදාහරණයක් හැටියට සම්බන්ධතාවක් බිඳීයාමෙන් පසු දුකෙන් ගතකරන කාලයක් අතරතුර හෝ විසඳාගැනීමට අපහසු තරම් ප්‍රශ්න ගොඩක පැටලී සිටින වකවානුවක මේ වගේ සිහින පෙනෙන්නට තිබෙන ඉඩ වැඩියි.

    6. සර්පයන් දෂ්ට කිරීම *

    7. බල්ලන් සපා කෑම

    දේව දෝෂ ඇති කාලවලට බල්ලන් සිහිනෙන් පෙනෙන්නේයැයි කියවෙනවා. ඊට අමතරව බල්ලකු සපා කනවා සිහිනෙන් දුටුවොත් සතුරු කරදරයක් හෝ හිතවතකු ඔබ හා තරහ වීමක් ඉන් කියවෙන බවයි සාම්ප්‍රදායික විශ්වාසය. සිහින විශ්ලේෂකයන් පවසන ආකාරයට ඔබේ මිතුරකු ඔබ හා අමනාපවීම,වංචා කිරීම හෝ ඒ අය ඔබට ද්‍රෝහිවීම මේ සිහිනවලින් සංකේතවත් වනු ලබයි. ඒ අතින් ගත්කල බල්ලන් සපාකෑමේ සිහිනයේ අපේ සාම්ප්‍රදායික මතය සහ බටහිර මනෝවිශ්ලේෂණයේ සමානකමක් ද තිබෙන බව ද ඔබට පෙනේවි.

    ජ්‍යෝතිෂවේදී - දිනසේන රතුගමගේ,

    කාමාශක්‌ත සිහින දැක්‌කාද? මෙන්න තේරුම

    යම් දරුවකු උපදින්නෙත් පිළිසිඳ ගන්නේත් කාමය පිළිබඳ හැඟීම් සමගමයි. ළදරුවාගේ කිරි ඉරවීම, ගිලීම, විකීම ආදී දේවලින් කාමාශාවන් තෘප්තිමත් වේ. මීට පසු ළදරුවාගේ කාමාශාවන් වර්ධනය වනුයේ ඔහුගේ ශරීරාංග තුළින්මය. ඔහු එයට නිමිති වන දෙය ස්‌පර්ශ කරයි. උරයි. විකයි, සිඹ තෘප්තිමත් වෙයි. සමහර ළමයි ඇඟිල්ල කටේ දමා උරයි. සිය ලිගුව පිරිමදියි. මේ හැමකින්ම කෙරෙන්නේ ළමයාගේ ලිංගික ආශාවන් සංතර්පනය කිරීමයි.

    ළමයා වැඩෙන විට මේ ආශාවන් මෝරයි. සමාජයෙන් ගුරු හුරුකම් ලබයි. වැඩිහිටියන්ගේ පැවැත්ම ඔහුගේ කුතුහලයට ලක්‌වෙයි. හැඟීම් බලයෙන් හා බියෙන් ඒවා යටපත් කර ගනී. වැඩෙන අවධියේදී යටපත් වූ හැඟීම් ඉස්‌මතු වේ. මේ අවධියේ ඔහු තම සිත පාලනය කර ගැනීමට දැඩි උත්සාහයක යෙදෙයි. ඒ අතර බාහිර අරමුණු වැඩිවියට පත් ළමයා පෙළයි. පිරිමි ළමුන් නම් වෙනත් ස්‌ත්‍රියන් කෙරේ පිළිසිඳ සිතක්‌ ඇති කර ගනී. සමහර විට පිරිමි ළමයා සිය මට කෙරේත් ගැහැනු ළමයා සිය පියා. කෙරේත් පිළිසිඳ සිතක්‌ ඇති කර ගනී. මේ අතර ඔහු සදාචාරයට ද මුහුණ පායි මෙයට මූලික හේතුව කුඩා කාලයේ සිට තුරුණු වියට එළැඹෙන තෙක්‌ ඔහු ඇය ලැබූ මැඩගත් අත්දැකීම් සිතුවිලි යටි හිතේ තැන්පත් වීමයි. බොහොමයක්‌ ලිංගික සිහින ලෙස පෙනෙන්නේ යටපත් වූ ආශාවන් ඉස්‌මතු වී ආ විට බව කිව හැක.

    සිත පිළිබඳ විග්‍රහයක යෙදුන සිග්මන් ෙµ්‍රdයිඩ් මෙසේ කියා ඇත. ඇතැම් සිහින යමෙකුගේ ලිංගික අවශ්‍යතාවන් හා ආශාවන් පැහැදිලි කරන කැඩපතකැයි ඔහු කීවේය. ඔහු තර්කානුකූලව සෘජුව කීවේ සිහින ලෝකයේ මැවී පෙනුණු සංකේතයක්‌ අනුවය. සිහින වලින් ලිංගික සිදුවීම් පමණක්‌ නොව සාමාජික සාදාචාරත්මක දාමරික සිද්ධීන්ද අරමුණු වේ. මිනිසාගේ කාමයෙහි වර්ධනය අනුව මිනිසා දකින සිහින වල අර්ථද නිරූපණය කළ හැක.

    ලිංගික සිහින ලෝකයේ මැවී පෙනෙන සංකේත තුළින් අර්ථවත් වන සිහින පිළිබඳ පලයන් හා විපාකයන් පෙර අපර පඬුවන් විසින් මෙසේ පෙන්වා ඇත.

    ගණිකාව - රූමත් ගණිකාවක්‌ දුටුවොත් ධන සම්පත් ලැබේ. ගරු නම්බු ලැබේ.

    ගෑනු ළමයි - වැඩිවිය නොපැමිණි ළමයකු හා සංවාසය කිරීම හෝ දූෂණය කිරීම හෝ දුටුවොත් ඔහු කල කෝලාහල වලට ගොදුරුවේ. නින්දා අපහාසවලට ලක්‌වේ.

    විවාහක කත- රූමත් විවාහක කතක්‌ තම නිවසට එනවා දුටුවොත් ඔහුට සැප සම්පත් ලැබේ. ඉදිරි කාලය යහපත් වේ.

    පරදාරය - යමකු අන් ස්‌ත්‍රියක්‌ සමග සංවාසයේ යෙදෙනවා දුටු වහොත් ඔහු නින්දා අපහාසවලට ලක්‌වේ. ධන හානි සිදුවේ.

    තරුණිය - කීර්ති ප්‍රසංසාව ලැබේ. තරුණියක හා සංවාසයේ යෙදෙනවා දුටුවොත් නින්දා අපහාසවලට ගොදුරු වේ. කල කෝලහලවලට ලක්‌වේ. තරුණ කතක හා සතුටු සාමීචියෙහි යෙදෙනවා දුටුවොත් හොඳ කාලයක්‌ උදාවේ. පෙම් බස්‌ දි දී සිටිනවා දුටුවොත් උසස්‌ තනතුරු ලැබේ. තරුණ කතක්‌ බලහත් කාරයෙන් ගෙන යනවා දුටුවොත් දුක්‌ කරදර සහිත කාලයක්‌ උදාවේ.

    තරුණයෙකු තරුණියක හා ආදර බස්‌ පවසමින් පාළු ස්‌ථානයක සිටිනවා දුටුවොත් රජයෙන් ගරු බුහුමන් ලැබේ. උසස්‌ තනතුරු හා වාසනාවන්ත දරුවන් ලැබේ.

    රූමත් කතක්‌ අතට අතදී කතා කරනවා දුටුවොත් ධන සම්පත් ලැබේ. ඉදිරි කාලය යහපත් වේ.

    මැණික්‌ පෙට්‌ටිය - තරුණ කතක්‌ මැණික්‌ පෙට්‌ටියක්‌ විවෘත කොට පෙට්‌ටිය ඇතුළ පැත්ත සිහිනයෙන් දකීනම් ඇය කාට හෝ ඇගේ ආලය පිදීමේ නිමිත්තකි. මැණික්‌ පෙට්‌ටියක්‌ නැති වෙනවා දිටී නම් ප්‍රෙAම සම්බන්ධයක්‌ කැඩී යැම සිදුවේ.

    ඥති මිත්‍රයන් - තරුණයෙකු ඥති මිත්‍රයන් සමග එකතු වී පිළිසඳර කතාවක යෙදී සිටිනවා අවිවාහකයකු සිහිනෙන් දුටුවොත් ළඟදී විවාහයක්‌ කර ගැනීමට සිදුවේ.

    ඉදිකටු - ඉදිකටු අනිනවා සීනෙන් දුටුවොත් ආලය සඳහා පෙළඹවීමේ හෝ පෙම්වතියක්‌ ලැබීමේ නිමිත්තකි. මෙයින් තෘප්තිමත් කාම සම්භෝගයක්‌ ලැබීමද සිදුවේ.

    හිසකෙස්‌ - හිසකෙස්‌ පුරුෂත්වය දැක්‌වෙන සංකේතයකි. හිසකේ කපනවා දැකීම හිස හා හිස පීරෙන විට තට්‌ටය පෑදී පෙනේනම් එය පුරුෂ ශක්‌තිය හිනවී යැමේ ලක්‌ෂණයකි. මෙවැනි සිහින ස්‌ත්‍රියක දකීනම් ඇගේ රූපාලංකාරය නැතිවී යැම අදහස්‌ කරයි.

    රැවුල බෑම - වෙනත් කෙනෙකු තම රැවුල බානවා සිහිනෙන් දුටීනම් ඔහුට හමුවන පෙම්වතිය අස්‌ථිර ගති ඇත. වෙනස්‌ වන සුළු ස්‌ත්‍රියකි.

    අශ්වයන් - අශ්වයන් දැකීමෙන් ලිංගික ආශා කුළුගැන්වීමක්‌ පෙන්නුම් කරයි. ආලය සඳහා සිත පෙළැඹවීමද සිදුවේ.

    සර්පයන් - සර්පයන් දැකීම කාම සම්භෝගයෙහි ලක්‌ෂණයකි.

    යතුරු - යතුරක්‌ වතුරට විසි කරනවා දැකීම ලිංගික ශක්‌තිය පිරිහිS යැමෙහි ලක්‌ෂණයකි.

    කිකිළි- පැටවුන් සමග කිකිළියක්‌ දැකීමෙන් හැඟෙන්නේ රූමත් ස්‌ත්‍රියක්‌ සමග ආශ්‍රයට ඉඩක්‌ ලැබෙන බවයි.

    කැසබුවා - ලස්‌සන කාන්තාවක්‌ ලැබේ.

    සුදු නයා - සුදු නයකු දැකීම හෝ දෂ්ඨ කරනවා දැකීම වාසනාවන්ත පුතකු ලැබීමේ ලකුණුය.

    පැල්පත් - පෙම්වතා කලකට පිට පළාතකට යයි.

    විවාහ මංගලය - මරණයක්‌ අසන්නට ලැබේ. ධන විනාශයක්‌ ළඟ බව කියයි.

    පැළෑටි වලට ජලය වත් කිරීම - ලස්‌සනට උයනක ඇති මල් පාත්තියකට ජලය දමනවා දැකීම ජීවිතයේ සෞභාග්‍යවත් කාලයක්‌ උදාවීමේ පෙර නිමිතිය. එමෙන්ම පෙම්වතියක්‌ ලැබෙයි. යම් විදියකින් මලක්‌ තෝරා ගැනීමට අසීරුමත් වීම මල්වලට සහ කොළවලට වතුර ඉසීම බිය වීමත් සිහිනෙන් දකීනම් ඉන් අදහස්‌ වන්නේ ස්‌ත්‍රියකගේ විශ්වාසයක්‌ ආලයක්‌ පලුදු වීමකි. පැළෑටිවලට ජලය වත්කරනවා දැකීම ශුද්ධ භාවය හා තමාගේ ප්‍රාර්ථනාව සමෘදය වීමේ ලක්‌ෂණයකි.

    සොරුන් දැකීම - බහුල වශයෙන් ස්‌ත්‍රී පක්‌ෂයට බලපාන සිහිනයකි. සොරෙක්‌ තම බඩු බාහිරාදිය සොරකම් කරනවා දකීනම් එයින් ලිංගික ආශාවන් ඉස්‌මතුවන බව පෙන්නුම් කරයි. සිහින ලෝකයේ දී සොරුන් හැටියට පෙනෙන්නේ පෞරුෂත්වයයි. සොරෙක්‌ කාමරයක්‌ බිඳ ස්‌ත්‍රියක්‌ සතු වටිනා බඩු ගැනීම යන්නෙන් අදහස්‌ වන්නේ ස්‌ත්‍රියගේ කුමරි බඹසර සොරා ගැනීමය. සොරා සිහිනය දකින්නාට අනතුරක්‌ නොකරන බව පෙනේනම් එයින් අදහස්‌ වන්නේ සාමාන්‍යයෙන් කරදරයක්‌ නැති අන්දමට ලිංගික ආශ්වාදයක්‌ ඇයට ලබාගත හැකි වන බවයි. සොරා සමග පොර බැදීම් ආදියකට පෙළෙඹෙනු දකිතොත් එය බලහත්කාරයෙන් ඇගේ ලිංගිකත්වය කෙළසීමකි.
     
    • Love
    Reactions: Nanosudha

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,308
    166,606
    113
    එකමත් එක රටක
    ඒ කොහොමද?
    නෑ නෑ , මම ඇත්තටම ඒවා ටිකක්වත් විශ්වාස කරන්නේ නෑ බන්, කනතු උඩින් උනත් ගිහින් තියනව රෑ short cut දාල යද්දී..
    හැබැයි පොඩි සීන් එකක් උනා ඉස්සර , බැරිවෙලාවත් ඕව නිකන් හරි විශ්වාස කරන එකෙක්නම් බය වෙනවා අම්බානෙක. ඇත්ත හොල්මන් නෙවෙයි. ;-) හොල්මන් වලට බය උන එක්කෙව කට්ටිය එක්ක අල්ලාගෙන ඉදල තියනවා තව කෙනෙක් ඇවිත් පිරිත් පැන් දාල ටිකක් silent කරනකන්.. ඇත්තටම හොල්මනක් දැක්ක දවසට දාන්නම් .
     
    • Like
    Reactions: silentsahan

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    FT155xd.jpg

    හාත්පස වැසීගිය වැහි බීරම් අඳුරත් එක්ක ඒ හැන්දෑවෙ බොරැල්ල කනත්තේ තිබුණේ මහා පාළු මූසල බවක්. සිකුරාදාවක් නිසා වැඩිය මිනි ගෙනෙන්නෙත් නැති නිසා මිනිස් පුලුටක්වත් පේන තෙක්මානයක හිටියෙ නැහැ. නාරාහේන්පිට පාරෙන් කනත්තට ඇතුළු වුණ මාව මුණගැහෙන්න මගේ මිත්‍රයා බලාගෙන හිටියා.

    ඔහු කලින් කියලා තිබුණ විදියට මම හමුවෙන්න යන පුද්ගලයගේ කනත්තේ සේවා කාලය අවුරුදු පනස් එකක්. කොළඹ නගර සභාව යටතේ ඔහු කනත්තේ හරියටම අවුරුදු හතළිහක් රාජකාරි කළා. අවුරුදු හැටෙන් විශ්‍රාම ගත්තයින් පස්සෙ බොරැල්ල කනත්තේම රෝමානු කතෝලික කොටස කාලයක් ගතකළා. මම හමුවෙන කාලේ ඔහු වැඩ කළේ බොරැල්ල කනත්තේ ඇංග්ලිකන් කොටසේ.

    අවුරුදු හැත්තෑ එකක් වන ඔහුගේ ජීවිත කාලයේ ඔහු අවුරුදු පනස් එකක්ම ගත කරල තියෙන්නෙ සොහොන් කොත් අතරේ.
    කවුරුත් ඔහුව දන්නෙ කළු අයියා කියලා.

    කළු අයියාව මුණ ගැහෙන්න යන අතරේ මට බොරැල්ල කනත්තෙ අතීත කතාව සිහිපත් වුණා.

    IF6vizO.jpg

    බොරැල්ල කනත්තෙ පළමුවෙන්ම භූමිදාන කර ඇත්තේ අවුරුදු පනස් පහක වැන්දඹු කාන්තාවක්. ඒ 1866 ඔක්තෝබර් විසි අටවෙනි දා.

    අටවැනි සියවසේ මැද භාගයේ කොළඹ ආණ්ඩු කරමින් සිටි ඉංග්‍රීසි පාලකයන් සුසාන භූමියක් සඳහා කොළඹින් ප්‍රදේශයක් සෙව්වා. ඔවුන් තෝරාගත්තේ බොරැල්ලේ මෙම බිම්කඩ.
    මෙහි බිම් ප්‍රමාණය අක්කර හතළිස් අටක් පමණ වෙනවා. සොහොන් කොත් හෙවත් ස්මාරක හැට දාහකට ආසන්න සංඛ්‍යාවක් තියෙනවා.

    මියගිය පුද්ගලයන්ගේ භෂ්මාවශේෂ තැන්පත් කරන්න සොහොන් ගෙවල් කීපයකුත් මෙහි තියෙනවා. පිටස්තර පුද්ගලයකුට ඇතුළට යා හැකි ලෙස මෙම සොහොන් ගෙවල් තනා ඇත. මෙම සොහොන් ගෙවල් තුළ අභ්‍යන්තරයේ ඇති මේසයක් මත මළවුන්ගේ භෂ්මාවශේෂ ඇතුළත් බඳුන් තැන්පත් කරන්න පුළුවනි.

    දෙවැනි ලෝක මහා යුද්ධ කාලයේ පිටකොටුවේ තිබුණ “මේබල් ස්ටෝර්ස්” ප්‍රසිද්ධ වෙළෙඳ ව්‍යාපාරයේ හිමිකරුවා තමන් ජීවත්ව සිටියදීම මෙවැනි සොහොන් ගෙයක් හදලා තියෙනවා. සෑම සති අන්තයකම තම මිතුරන් සමග සොහොන් ගෙයට එන ඔහු එතුළට වී කමින් බොමින් සතුටින් ගතකළා. නමුත් ජීවිතයේ අවසානයේ ඔහුගේ ව්‍යාපාර බංකොළොත් වී ඔහු තැනින් තැන ඇවිදිමින් මියගියා. ඔහුට අර සොහොන් ගෙයි තම භෂ්මාවශේෂ තියන්න අවස්ථාව ලැබුණේ නැහැ.

    බෞද්ධ, හින්දු, ක්‍රිස්තියානි කියල ප්‍රධාන වශයෙන් කොටස් තුනක් බොරැල්ල කනත්තේ තියෙනවා. ඒවා පාලනය වෙන්නේ කොළඹ මහ නගර සභාවෙන්. රෝමානු කතෝලික පිරිස වෙත වෙන්කර ඇති කොටස පාලනය වෙන්නෙ රෝමානු කතෝලික සභාවෙන්. ඇංග්ලිකන්වරුන් වෙනුවෙන් වෙන්කර ඇති කොටස පාලනය වෙන්නෙ ඇංග්ලිකන් සභාවෙන්.
    1928 ඉඳලා ජපන් ජාතිකයින් වෙනුවෙන් බොරැල්ල කනත්තෙ කොටසක් වෙන්වෙලා තියෙනවා. එහි නඩත්තු කටයුතු සිදු කෙරෙන්නේ ජපන් තානාපති කාර්යාලයේ අනුග්‍රහයෙන්. එම කොටස මිනීවළවල් පනහකට ආසන්න සංඛ්‍යාවක් තියෙනවා.

    soTBiGR.jpg

    මෙයට අමතරව පොදු රාජ්‍ය මණ්ඩලීය යුද සුසාන භූමිය කියලා කොටසකුත් තියෙනවා. 1935-1942 දෙවැනි ලෝක යුද සමයේදී ශ්‍රී ලංකාවේ අවසන් කටයුතු සිදුකළ එංගලන්තය, අප්‍රිකාව නවසීලන්තය, ඉන්දියාව වගේ රටවල යුද හමුදා නිලධාරීන්ගේ ස්මාරක ද මෙහි තියෙනවා.

    කොළඹ බොරැල්ල කනත්ත ආසන්නයේ සිට මධ්‍යම රාත්‍රියේ කුලී රථවලට අතපාන සුදු ඇඳුමෙන් සැරසුණ අද්භූත කාන්තාවක පිළිබඳව ඉස්සර කතාවක් තිබුණා.
    ඒ හැර බොරැල්ල කනත්තෙ හොල්මන් ගැන විවිධ කතා මිනිස්සු අතර තියෙනවා. මට ඕනෑ වුණේ කළු අයියගෙන් මේ ගැන විස්තර දැනගන්න.

    ඒ හැන්දෑවේ මායි මගේ මිත්‍රයයි යද්දි කළු අයිය ගල් පල්ලිය, පල්ලැහැ සොහොන් කොතක් උඩ ඉඳගෙන හිටියා.

    මගේ මිත්‍රයා මාව අඳුන්නලා දුන්නා.

    “කළු අයියා බොරැල්ල කනත්තේ ඉන්න හොල්මන් ගැන කතා කරන්නයි මම ආවෙ” කළු අයියා ඉදිරිපිට සොහොන් කොතක් උඩ වාඩිවුණා. මම කිව්වා..

    “මොන හොල්මන් ද මහත්තයා” කළු අයියා කතා කළේ ඩෝන්ට් කෙයාර් ගණනට.

    “කළු අයියනේ දැනට බොරැල්ල කනත්තේ ඉන්න පරණම සේවකයා. එතකොට කතන්දර ගොඩක් දන්නව ඇති නේ” මම කිව්වා.

    කළු අයියා ටිකින් ටික තමන්ගෙ අත්දැකීම් හෙළිකරන්න පටන් ගත්තා.

    “මහත්තයෝ, මේක තෝමස් පෙරේරා ගැන කියන කතාන්දරයක්.”

    “කමක් නැහැ කියන්නකො.”

    “එදත් සිකුරාදා දවසක්. සිකුරාදාට කනත්ත හරි පාළුයි. මහ මූසල පාටක් තියෙන්නේ. හවස් වරුවේ කනත්තේ ගේට්ටුව වහලා තිබුණේ. තෝමස් අයියයි. එයාගෙ සගයයි කනත්ත අතුගාලා කුණුවලට ගිනි තියලා රෝමානු කතෝලික කොටසට වෙලා ඉඳගෙන හිටියා.”

    “ගිනි ගොඩ ළඟද?”

    “නැහැ ගිනි ගොඩට ටිකක් එහායින්”

    “ඉතින්?”

    “මේ දෙන්න මෙතැන ඉද්දි දැක්කලු මෝචරිය ඉස්සරහ ටයි කෝට් ඇඳල තොප්පියක් දාගත්ත මහත්තයෙක් හිටගෙන ඉන්නවා.”

    “ඉතින්?”

    “දෙන්න හිතුවලු ගේට්ටුව වහන්න ඉස්සර කනත්තට ඇතුළු වුණ කෙනෙක්. ගේට්ටුව වහල හින්ද යන්න බැරිව බලාගෙන ඉන්නව කියලා. තෝමස් අයිය එක්ක හිටිය යාළුව, කිව්වලු මම මහත්තයාට ගේට්ටුව ඇරල දීලා සම්තිං පාරක් කඩාගෙන එන්නම් කියලා.

    “දෙන්නාමද මෝචරිය ළඟට ගියේ?”

    “නැහැ යාළුවා විතරයි.”

    “ඊට පස්සේ?”

    “යාළුවා මෝචරිය ළඟට ගියාම මහත්තයා එතැන නැහැල්ලු.”

    “ඉතින්?”

    “යාළුවා මෝචරිය ළඟට ගිහිල්ල හැරිලා බලද්දී දැක්කලු මහත්තයා එයාගෙ ඉස්සරහින් යනවා. එයා මහත්තයායාගේ පිටි පස්සෙන් යද්දි මහත්තයා එක පාරම අතුරුදන් වෙලා. පස්සෙ මිනිහ තෝමස් අයියට කතාව කියල අර ගිනිගොඩ ළඟට ගියාලු.”

    “ඊට පස්සෙ මොකද වෙලා තියෙන්නේ?”

    “තෝමස් අයියා ඉස්සරින්ම දැක්කෙ යාළුවා බීඩිය පත්තුකර ගන්න ගිනි ගොඩට පාත්වෙනවා වගේ. ඒ එක්කම කවුරු හරි පිටිපස්සෙන් තල්ලු කළා වගේ. දඩෝස් ගාලා ගිනි ගොඩට වැටුණා.”

    “පපුවෙ අමාරුවක් වගේ හැදිල වැටුණද?”

    “ඒක කොහොමද දන්නේ නැහැ. මිනිහගෙ පිට පුරාවට පත ඇඟිලි පහක ලකුණු තිබුණා?”

    “ජීවත් වුණාද?”

    “ඉස්පිරිතාලෙට ගෙනිච්චා වැඩක් වුණේ නැහැ. සිරුර ගිනි ගැනීම නිසා සිද්ධවුණ මරණයක් කියලයි තීරණය කළේ.”

    “ඊට පස්සෙත් ඔය මහත්තයාගේ අවතාරේ බොරැල්ල කනත්තේ හොල්මන් කළේ නැතිද?

    “මොකද නැත්තෙ. ආයෙමත් ඔය මෝචරිය ඉස්සරහම මේකත් වුණේ 1965 විතර කාලේ. සිරිල් කියලා අපේම මිනිහෙක් තමයි දැකල තියෙන්නෙ.”

    “කියන්නකො”

    “මිනිහ බොරැල්ලෙ ෂෝ එකක් බලල එද්දි දැක්කලු මහත්තයෙක් මෝචරිය ඉස්සරහ ඉන්නව”

    “මහ රෑ ද?”

    “නැහැ දෙකයි තිහේ ෂෝ එක බලල එද්දි හවස හයට විතර ඇතිලු”

    “ඉතින් මිනිහ හිතුවා වළක් බලන්න ආපු මහත්තයෙක් කියලා. මිනිහ ඉක්මනට මේ පැත්තෙන් ආවා. ගණනක් කඩා ගන්න හිතාගෙන”

    “ඊළඟට මිනිහා දැකලා තියෙන්නෙ මෝචරිය ඇතුළට මහත්තයා යනවා වගේ. ඒත් ඒ අහලකවත් මහත්තයා නැහැ. මිනිහ දතකට පූට්ටුවෙලා මෝචරිය පඩිය උඩ මුනින්තලා වැටුණා. වැටිල්ලට මිනිහගෙ ඉස්සරහ දත් පේළියම කැඩිලා තිබුණා. සිරිල්ගෙ පිටෙත්, ගිනිගොඩේ වැටුණ මිනිහගේ වගේ කළු පත ඇඟිලි පහක පාරක් තිබුණා. ඉස්පිරිතාලෙට ගිය සිරිල් ගෙදර ආවේ දවස් තුනකට පස්සෙ.”

    “වෙන මොනවද ඔය වගේ දේවල් වෙලා තියෙන්නේ?”

    “ඔය ආදාහනාගාරය ළඟත් මහා අපූරු වැඩ සිද්ධවෙනවා. දවසක් අපේ ගුණසේකර කියලා කෙනෙක් ආදාහනාගාරය ළඟ නිදාගෙන ඉඳලා තියෙනවා.”

    “මහ රෑකද?”

    “නැහැ. හවස හයයි තිහට විතර ඇති. ගුණසේකර නිකමට ආදාහනාගාරය ළඟ ඇලවෙලා ඉඳලා තියෙනවා. එක පාරම කොහොන්ද මන්ද ගල් අහුරක් වැටිලා තියෙනවා. ගුණසේකර හිතුව කවුරු හරි බයකරන්න ගල් අහුරක් විසිකරන්න ඇති කියලා. මිනිහා හොඳට වට පිට බැලුවා. කවුරුත් නැහැ. ආයෙත් ඇලවුණා. මෙන්න ආයෙත් ගල් අහුරු වැටෙන්න ගත්තා. මිනිහා නැගිටලා”

    අප ළඟට ඇවිල්ලා කතාව කිව්වා.

    “ඔය වගේ අද්භූත දේවල් වෙන්නේ හවසට රෑට විතරද?”

    “දවල් දොළහට. හවස හය හමාරට කිසිම කෙනෙකුට ඔය ආදාහනාගාරය ළඟ නිදාගන්න බැහැ.”

    “තවත් ඔය වගේ දේවල් වෙලා තියෙනවාද?”

    “ආදාහනාගාරය ළඟ පන්සල ළඟ ගිරිගරුඬ මේසයක් තියෙනවා.”

    “මොකටද ඒක තියෙන්නේ?”

    “ආදාහනය කරන්න එන මිනී ඔය කිරි ගරුඬ මේසය උඩ තියලා තමයි පාංශු කූලය දෙන්නේ.”

    දවසක් පුංචි බොරැල්ලේ බර්නාඩ් කියලා කෙනෙක් ඔය මාබල් ටේබල් එක උඩ ඇලවෙලා සිටියා.”

    “කීයට විතරද?”

    “දවල් දොළහට විතර. අපි හතර පස් දෙනෙක් එයට එහාහින් කතා කරකර හිටියා. මෙන්න එකපාරටම බර්නාඩ් ඇස් උඩ තියාගෙන නැගිට්ටා. කවුදෝ බෙල්ල මිරිකන්න හැදුවා කියලා.”

    “ගුරුකම් අතේ කටයුතුත් බොරැල්ල කනත්ත ඇතුළෙ වෙනවද”

    wdyVAT3.jpg

    “මෙන්න මෙහෙම වෙනවා. කවුරු හරි කෙනෙක් තමන්ගේ දරුවකුට පවුලේ අයකුට අපලයි කියල කට්ටඬි මහත්තයකු කියනවා. කට්ටඬියා එතකොට තිබෙනවා ඕකට මම වැඩක් කරලා දෙන්නම්. මම බිත්තරයක් ජීවන් කරලා දෙන්නම්. රෑ දොළහට එහෙම නැතිනම් දවල් දොළහට එහෙම නැතිනම් හවස හයට කනත්ත ඇතුළේ ගහලා බිඳින්න කියලා.”
    “ඊට පස්සේ?”

    “ඊට පස්සේ කට්ටඬිය බිත්තරයක සායම් කරලා රූප ඇඳලා කීයක් හරි ලොකු ගණනක් කඩාගෙන ගෙදර අයට දෙනවා. ගෙදර කෙනෙක් අර කිව්ව වෙලාවට බිත්තරය අරගෙන කනත්තට එනවා.”

    “කළු අයියලට අහුවෙනවා ඇති”

    “සමහර අය බිත්තරය අතේ තියාගෙන ඉද්දී අපි දැක්කොත් අහනවා. එතකොට ගෙදර අය කියනවා ගුරුකම් අතේ වැඩකට බිත්තරය ගෙනාවා කියලා”.

    “ඔය ගොල්ලෝ ඉඩ දෙනවද”

    “ඇත්ත කියන්න එපායැ මහත්තයා. බොරුවට සුදනා වෙලා වැඩක් නැහැනේ. අපි එහෙම අහපුවම අපිට රුපියල් තුන් හාර සියයක් අත මිට මොළවනවා. අපි අයින්වෙලා යනවා.”
    “වැඩේ වැරදි නැද්ද?”

    “ඕනෑ නම් ඔහොම එන අයට නිකම් යන ගමන් කුලුනක ගහලා බිත්තර බින්දෑකිනේ. පාරේ යන ගමන් කනත්තෙන් පිට ඉඳලත් සොහොන් කොතක ගැහැව්වැකිනේ. එහෙව් එකේ අපි සුළු සංතෝෂමක් ගත්තට වැරදිද?උදේ හතේ ඉඳන් හත වෙනකම් ඕනෑම කෙනෙකුට කනත්තට එන්න පුළුවන්. මරණයකට ආවාය කිව්වැකි තමන්ගේ නෑයෙකුගේ සොහොන් කොතක් බලන්න ආවාය කිව්වැකි.”

    “එතකොට වෙන මොනවද කනත්තේ වෙන්නේ”

    sc6VpCN.png

    “කනත්තට ජෝඩු එනවා. කාරෙකේ එන්නේ. අහපුවම කියන්නේ අම්මගෙ එහෙම නැතිනම් තාත්තාගෙ වළ බලන්නය කියලා. තවත් ජෝඩු පයින් එනවා. ඇවිල්ලා සංතෝෂවෙලා යනවා. ඒවා අපිට වළක්වන්න අමාරුයි මහත්තයා.”

    -පීටර් කැනියුට් පෙරේරා
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World

    ado thawa me wage story tynwanm dapanko bn
     
    • Like
    Reactions: IKL

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    ‘‘මඟුල් කිල්ල වුණු අඟනන් යනෙනු දැකා
    අගුල් ලාපු කොට හොල්මන් කරයි යකා
    දෙවොල් පතිනි ගිනි හලඹේ අණ මත කා

    සැවුල් බිල්ල දැක ලෙඩ හරු රීරි යකා’’

    අන්ධකාර රාත්‍රිය පන්දම් එළියෙන් ආලෝකමත් වී ඇත. එක් පසෙක රතු වතින් සැරසුණු යකැදුරන් දෙදෙනෙකි. එක් අයෙකුගේ අතේ කුකුල් බිල්ලකි. අන් යකැදුරා මල් යහන අසල පුළුටු බදිමින් සිටී. ඔහු අසල පැදුරක වැඩිකරවූ යොවුන් කාන්තාවකි.

    ‘‘මට බොන්න ලේ දීපියව්’’ ඇය යටි ගිරියෙන් මොර දෙන්නීය.

    ඇය වටා ජපකරමින් යකැදුරෝ නටමින් ගමන් ගනිති.

    ‘‘කෙල්ල දන්නෙ නෑ මල්වර වෙලා කියලා. තනියම දර කඩන්න කැලයට ගිහින්, ගෙදර ආපු වෙලාවේ ඉඳලා හෝන්දු මාන්දු වෙලා වගේ ඉඳලා තියෙන්නේ. එකපාරටම ලේ බොන්න ඕනෑ කියලා කෑ ගහනවලු. රීරි යකා තමයි කෙල්ලට වැහිලා තියෙන්නේ’’

    ඒ රීරි යක් ශාන්තිකර්මය නැරඹීමට පැමිණි ගැමියෙකුගේ අදහස්ය.

    ඇත්තටම රීරි යකා යනු කවුද? ඔහු උපත කෙලෙසද? ඔහු ලෙඩ කරන්නේ කවුද? සැබෑවටම රීරි යකෙකු සිටිනවාද? නැතිනම් තරුණ ගැහැණු ළමයි තනිපංගලමේ යාම වැළැක්වීමට සමාජය විසින් මවා පෑ ප්‍රතිරූපයක්ද? යනාදී ලෙස රීරි යකා පිළිබඳ අප තුළ මැවෙන ගැටලු රාශියකි.

    ඒ පිළිබඳ සොයා බැලීමේදී අපගේ විශේෂ අවධානය යොමු වූයේ සබරගමු පළාතේ ශාන්තිකර්ම පිළිබඳවය. එනම් තවමත් ග්‍රාමීය පළාත්වල රීරි යක් දෝෂය පිළිබඳ ආකල්ප ඇත්තේය. ඒ සඳහා ඔවුහු විශේෂ ශාන්තිකර්මයක්ද සිදුකරති.

    ZXskACN.jpg

    එම නිසාම මෙම රීරි යක් දෝෂය පිළිබඳ තොරතුරු සොයායාමේදී හමුවූ ජනශ්‍රැති මෙසේ ගෙනහැර දක්වමු.

    ‘‘රාවණා රජු ගල් රථයේ සීතා දේවිය ගෙනයන කළ වැටුණු ලේ වලින්ද, මරු රීරි යක්ෂණියගේ කුසයෙන්ද, රාහු ඇසුරිඳු ඉර මඬළ ඇල්ලු තැනේදී වැටුණු ලේවලින්ද, කුවේණියගේ දිව කැපූ ලේවලින්ද, සයිරාස්ඨයේ රීරි’’ ගල් කෝවිලේ ලෝ රාක්ෂ දේවතාවට ජාතකව ලේ විල් රාක්ෂ දේවතාවියගේ කුසයෙන් උපත් සිදුවී ඇත.

    සබරගමු ශාන්තිකර්ම - ධම්මිකා ලංකාතිලක රීරියක් උප්පත්තිය පිළිබද ඇති එක් පුවතක් මෙසේය.

    නිරන්තරයෙන්ම රතු වර්ණ සළුවලින් සැරසී සිටින රීරි යකා පාන්දර, මධ්‍යහ්නයේ සහ හවස යන තුන්යාමයේම ලේවලට බැල්ම හෙළා සිටින්නෙකි.

    විශේෂයෙන්ම කාන්තා පාර්ශ්වයට වැළඳෙන ලෙඩ රෝග රීරි යක් දෝෂය නිසා වැළඳෙන බව ග්‍රාමීය ජනතාවගේ විශ්වාසය වෙයි.

    මහාචාර්ය තිස්ස කාරියවසම් ගවේෂණය කළ ජනශ්‍රැති විද්‍යාවට අනුව රීරි යක් අවතාර දහයක් ජනප්‍රවාදයේ ප්‍රසිද්ධව ඇත. එනම් රීරි සමය, මරු රීරි යකා, අජරාෂ්ට්‍රපුර සයිරාෂට්‍ර රජුට දාව සංඛපාල බිසව කුස තනිපොල රීරි යකා, ලේතාලි බිසව කුස දළ රීරි යකා, අවකුම්භකාරියගේ ළය පළාගෙන වැදි රීරි යකා, ලේ මල් කෝවිලේ උපන් ලේ ගොපලු යකා, ගිනි කුමාරියගේ කුසේ උපන් පුලුටු රීරි යකා, කුවේණියගේ දිව කැපූ ලේ වලින් උපන් අවමංගල්ලේ රීරි යකා, විෂ්ණු විද්ද හීයෙන් වැටුණු ලේ වලින් උපන් විෂ්ණු රීරි යකා ඒ දහදෙනා වෙති.

    මීට අමතරව රීරි යක් උපත පිළිබඳ මෙවැනි මති මතාන්තරද වෙයි. රිලා මූණක් ඇති, එක් වියත් සාගලක් උස රීරි යකු ලේ මාලි බිසවගේ හා මාලියාගේ පුතු වූවේය. සිය මවගේ ළමැද පලාගෙන උපන් මොහු රීරි නම් විලේ විසූ හෙයින් රීරි යකා ලෙස නම් දැරීය.

    රීරි යනු රුහිරු හෙවත් ලේ වලට කියන තවත් නමක් වෙයි. රතු වස්ත්‍රයක් ඇඳ රතු වස්ත්‍රයක් පොරවා සිටින මොහු සිය මවගේ ළමැද කඩාගෙන ලේ උරාබිව් බව තවත් ජනප්‍රවාද පුවතකි.

    මීට අමතරව ‘‘රීරි යකා මරුමන්දක් උරෙහිලා ගෙන මරු පොල්ලක් අතින් ගෙන ලේ විලක් ළමැදින් උරාගෙන නාගයෙක් පැළඳි මාලි හෙවත් වඳුරු මුහුණක් දරාගෙන එළුවකු පිට නැගී සැරිසරයි’’

    hNmZ2BT.jpg

    රීරි යකා පිළිබඳ නන්දික බැද්දේගම මහතාගේ අපේ ශාන්තිකර්ම පොතේ සඳහන්ව තිබුණේ ඒ ආකාරයටය.

    ජනප්‍රවාදයට අනුව රීරි යකාගේ බැල්ම වැටුණු පුද්ගලයන්ට සිහිනෙන් මස් කෑම, ලේ බීම, ලේ යාම වැනි මානසික හා කායික ව්‍යාධීන් සිදුවේ. විශේෂයෙන්ම මල්වර කාන්තාවන් හා ගර්භණී කාන්තාවන් රීරි යක් දෝෂයට ලක්වන පිරිස් වෙති.

    මෙම පිරිස සෙත් ශාන්තිය ලබා ගන්නේ ශාන්තිකර්ම කිරීමෙනි. මෙම ශාන්තිකර්මවලට අනුව හඳුනාගන්නා තවත් රීරි යක් අවතාරයන් පිළිබඳව මහචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් කතා කර ඇත. ඒ අනුව අවමංගල රීරි යකා, ඉරමුදුන් රීරි යකා, තොටුපල රීරි යකා, කඩවර රීරි යකා, සීපදකාරී රීරි යකා, සොහොන් රීරි යකා, ගොපලු රීරි යකා යන අවතාර හඳුන්වා දිය හැකිය.

    මේ අනුව අවමංගල අස්ථාවලදී, ඉරමුදුන් වේලාවලදී, තොටුපළවල්වලදී, සොහොන් බිම්වලදී, ගොම්මන් වේලාවේදී මල්වර වූ හෝ තරුණ ගැහැනු ළමයි හිසකෙස් කඩාගෙන, සිංදු කිය කියා හෝ බැදුම් කකා තනිව ගැවසීම නුසුදුසු බව පෙන්වාදී ඇත.

    ඊට හේතු ලෙස පෙන්වාදෙන්නේ, රුධිරයට ආශා කරන රීරි යකු එවැනි ස්ථානවල සිටින බවත් හුදකලාවන තරුණ කාන්තාවන්ට මානසික ව්‍යාධීන් පමුණුවමින් කරදර කරන බවත්ය.

    රීරි යකා පිළිබඳ තිබෙන තවත් ජනප්‍රවාදයක් මෙසේයි. ඔහු අත් හතරක් තිබෙන, වඳුරු මුහුණක් සහිත පුංචි ප්‍රමාණයේ ඇඟක් ඇති යකෙකි. වැඩිපුරම ජීවත් වන්නේ සොහොන් සහ මිනී කනතු අසලය.

    වල් ඌරෙකුගේ පිටේ නැගී ගමන් ගන්නා මොහුගේ එක් අතක ලේ වැගිරෙන කුකුලෙකි. තවත් අතක කඩුවකි. තවත් අතක ලේ ගලන ගිරවෙකි. අන් අතේ පණ ගැහෙන මිනිස් ඔළුවකි. රුධිරය ප්‍රියකරන මොහු ලේ ආශ්‍රිත ලෙඩ රෝග සාදවන බව විශ්වාසය වෙයි.

    මෙම රීරි යක් දෝෂයට ලක් වූ කාන්තාවන් සඳහා සෙත් ශාන්තිය සලසන්නේ ශාන්තිකර්ම කිරීමෙනි. ඒ සඳහා රතු වස්ත්‍ර භාවිත කරන අතර ලේ බිල්ලක් ලෙස සැව්ලෙකු ගැනීම සිදුකරයි. මීට අමතරව පුලුටු බැදීම සිදුකරන අතර දරසැව තුළ පඹයෙකු තබා මළමිනියක් ලෙස ගෙනයාම සිදුකරයි. එය තොටුපළක් අසල දමා ශාන්තිකර්මය නිම කිරීමේ පිළිවෙත් සිදුකරයි.

    ජනප්‍රවාදයට අනුව මෙම ශාන්තිකර්මය තුළින් රීරි යක් දෝෂය පහව යයි.

    රීරි යක් උපත හා රීරි යකාගේ පැවැත්ම, රීරි යක් දෝෂය පිළිබඳ ජනශ්‍රැති හදාරන්නන් අදහස් දක්වා තිබුණේ එසේය. සැබෑවටම ඉන්නා රීරි යකෙකු පිළිබඳ පුවත් අප නොදත්තද ඒ පිළිබඳ ගැඹුරින් සිතා බැලීමේදී පෙනී යන්නේ අතීත ගැමි සමාජය විසින් සිය යොවුන් දියණියන්ගේ හුදකලා වීමේදී ඇතිවිය හැකි නපුරින් ආරක්ෂාකර ගැනීමට මෙම සංකල්ප භාවිතා කළ බවයි.

    ඒ කෙසේ වුවද අතීතයේ සිට පැවතෙන ජනශ්‍රැතියේ විවිධ ආකාරයෙන් මේ පිළිබඳ තොරතුරු දක්වා ඇත.

    එබැවින් රීරි යක් සංකල්පය පිළිබඳ මූලාශ්‍ර ගත තොරතුරු ගෙනඒමට කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අංශයේ සම්මානිත මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන් සම්බන්ධකර ගත්තෙමු.

    යක්ෂ සහ දේව කියන පැලැන්ති දෙක පිළිබඳව ඉතිහාස කතා තිබෙනවා. යක්ෂයින් දමනය කිරීමේ බලය ඇත්තේ දෙවියන්ට පමණයි. යක්ෂයින් අතර භයානකම යක්ෂයා ලෙස ප්‍රචලිත වන්නේ රිටිගල ජයසේන හෙවත් මහසෝනා. මහසෝනාට දෙවැනි වෙන යක්ෂයා තමයි රීරි යකා කියන්නේ. රීරි කියන්නේ රුහිරු. ඒ කියන්නේ ලේ.

    රීරි යකා රතුපාටයි. අතේ කුකුළෙක් සිටිනවා. රීරි යකා හැඳින්වීමට නම් හතක් තිබෙනවා. රීරි යක්ෂයා, රීරි රජා, අගුරජා, පුලුතජා, රීරි ගොපල්ලා, රීරි බුදියා, රීරි වතමාරු ඒ නම් හත. රීරි යකාගේ භාර්යාව වන්නේ ගිනිමුරු යක්ෂණී.

    මොවුන් වාසය කරලා තිබෙන්නේ හනුමන්තාගේ දේශයේ. හනුමන්තාගේ දේශය ලෙස හඳුන්වන්නේ නුවරඑළියයි.

    රීරි යකා වැඩිපුරම දක්නට ලැබෙන්නේ මරන මංචකය ළඟලු. තොවිල් පවිල් කරනකොට කුකුළු බිලි දෙන්නේ රීරි යකාටයි.

    රීරි යකා පාලනය කළ හැකි බලය තිබෙන්නේ විෂ්ණු දෙවියන්ට පමණයි. රීරි යකා පිළිබඳ මහාචාර්ය තිස්ස කාරියවසම් ලියූ දෙවියෝ සහ යක්ෂයෝ පොතේ විස්තර තිබෙනවා. ඒ වගේම නන්දදේව විජේසේකර මහතාගේ පොතකත් තිබෙනවා. ජනශ්‍රැතියේ මේ යක්ෂයින් පිළිබද කතා වුණත් ඇත්තටම දැක්ක කෙනෙක් පිළිබඳව නම් අහලා නෑ. මේ සංකල්ප ජනශ්‍රැතියත් සමඟ පැවත එන දේවල්.

    -කුමාරි හේරත්
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,367
    8,528
    113
    රූකඩ රාජ්ජේ
    මම මේ නුල මුල සිට කියවන අතරේ මේක ලියන්න හිතුවේ....

    රොබොට් අයියා ආගිය අතක් නොමැති වුවත් අපි මේක නැවත සක්‍රිය කරමුද ?

    කවුද උදව්වට එන්න කැමති.......?

    මගේ අත්දැකීම් ටිකක් කොටන්නත් පුළුවන්....

    භූතයන්ට කැමති එවුන් වරෙල්ලා..............

    හූ .....................! හූ ............................!! හූ .............................................!!!

    ඔයා ලියන්න..අපි ඉන්නවා
     
    Last edited:
    • Like
    Reactions: Error365!