එළකිරි මැතිවරණය - පක්ෂ ලියාපදිංචිය.

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ප්‍රචණ්ඩ ක්‍රියා සහ මැතිවරණ නීති රීති උල්ලංඝනය කිරීම් වාර්තා වීම ඉහල යෑම හේතුවෙන් මැතිවරණ නිරීක්ෂණය සදහා නිරීක්ෂකයින් 25ක් සේවයේ යොදවා ඇත. - එළකිරි සැපේ සංවිධානය


    :yes::yes::yes:
    සැපේ සංවිධානයේ විශේෂ නියෝජිත කෙවින් ප්‍රනාන්දු මහතා.....
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    හොඳයි මේ වන විට පක්ෂ 05 තමන්ගේ ඡන්ද ව්‍යාපාරය ආරම්භ කර තිබෙනවා.

    ~ එලකිරි තනිකඩ පෙරමුණ

    ~ එලකිරි ජාතික සභාව

    ~ එළකිරි සමරිසි පෙරමුණ

    ~ එළකිරි රතුකොටු පෙරමුණ

    ~ එළජන ආතල් පක්ෂය

    තව එක් පක්ෂයකට අවස්තාව තියෙනවා....

    නැවතත් මුලික කරුණු කිහිපය මතක් කර සිටින අතර,



    01 - එළකිරියේ මැතිවරණයට ඉදිරිපත් විය හැක්කේ පක්ෂ 06 පමණි.ඊට අඩු වුනාට කමක් නැහැ.
    ( පක්ෂ වැඩි වුනහම වියදම , කාලය සහ අනවශ්‍ය ප්‍රශ්න වැඩියි.)

    02 - පක්ෂයක් ලියාපදිංචි කිරීමට පහත සුදුසුකම් සහිත සාමාජිකයන් අවම 10 සිටිය යුතුයි.ඊට වැඩි වුවාට කිසිම ප්‍රශ්නයක් නැත.

    _ පක්ෂ නායකයා එළකිරියේ ජෙය්ෂ්ඨ සාමාජිකයෙකු ( Senior member ) විය යුතු අතර. පොස්ට් 1000 + දමා තිබිය යුතුය.
    ( එලකිරිය තුල සක්‍රිය බව මින් බලාපොරොත්තු වේ )

    _ පක්ෂ සාමාජිකයින් එළකිරියේ ජෙය්ෂ්ඨ සාමාජිකයන් ( Senior member ) විය යුතුය.
    ( රතු උනාට කිසිම අවුලක් නැත )

    _ පක්ෂය තුල නායකයා , නියෝජ්‍ය නායකයා සහ ලේඛම් යන තනතුරු 03 අනිවාර්ය වේ. සංවිධායක, භාණ්ඩාගාරික, වැනි තනතුරු ඒ ඒ පක්ෂයට කැමති පරිදි තෝරා පත් කර ගත හැක.අනිවාර්ය නොවේ.

    _ සාමාජිකයන්ව රැක ගැනීම පක්ෂයේ වගකීමකි.

    _ මැතිවරණයකදී නායකයා හෝ සාමාජිකයන් වුවාට වලංගු වන්නේ එක ඡන්දයක් පමණි.

    _ සාමාජිකයන්ට කැමති නම් වෙනත් පක්ෂයක් සඳහා සහයෝගය දැක්විය හැකි අතර එය පක්ෂය තුලින් ලිඛිතව ඉදිරිපත් කල යුතුය.
    ( අසවල් සාමාජිකයා තව දුරටත් අපට සහයෝගය නොදී වෙනත් පක්ෂයක් වෙනුවෙන් සහය දෙන බව පොස්ට් එකකින් දැනුවත් කරන්න )


    03 - පක්ෂයේ නම සහ ලාංඡනය. මෙන්න මෙතැනදී සැබෑ ලෝකයේ දේශපාලන නම් හෝ ඊට ආසන්න නම් ලාංඡන තෝරා ගැනීමෙන් වලකින්න.
    හැකි නම් ඒ වර්ණද මග හැර වෙනත් වර්ණ පාවිච්චි කරන්න.
    ( මේක ආතල් එකක් ගන්න කරන දෙයක් නිසා ඇත්ත දේශපාලන නම් ගම් පටලවාගෙන බොරුවට හිත් අමනාපකම් ඇති කර ගැනීමෙන් පලක් නැත.හැකි තරම් විනෝදාත්මක නමක්, තේමාවක් අරගන්න. )

    04 - පක්ෂ වයවස්තාවන්. මේක උඹලට ඕනේ විදිහට කැමති මගුලක් දාගනිල්ලා.

    05 - දේශපාලන ත්‍රෙඩ් අස්සේ හෝ කැම්පේන් වලදී අමු තිත්ත කුණුහරුප හෝ නියුඩ් පොටෝස් දාන්න එපා.රෙප් බෙදන්න හෝ කපන්න ඕනේ එකක් පුළුවන්.වලි සඳහා යම් අවස්තාවන් ඇත. ප්‍රචන්ඩක්ක්‍රියා සඳහා නීතිමය පියවර ගනු ඇත.

    06 - වර්චුවල් ලෝකෙන් පිට සැබෑ ලෝකයේ තෑගී, සල්ලි, Give away, Accounts වැනි දෑ ඡන්ද කැම්පේන් වලදී භාවිතා නොකරන්න. මොකද එතකොට කිසිම සාධාරණයක් නැහැ.

    ඔබගේ ප්‍රතිපත්ති ප්‍රකාශ එලි දැක්වීමට ත්‍රෙඩ් එකක් ආරම්භ කල හැකියි. ඊට අමතරව පක්ෂයේ නිල කාර්‍යාල ත්‍රෙඩ් එකක් භාවිතා කරන මෙන් ඉල්ලා සිටිනවා.
    එය පක්ෂයේ නිල ත්‍රෙඩ් එක වශයෙන් මැතිවරණ සමය පුරාවටම භාවිතා කල හැකි අතර, පක්ෂයේ නිල නිවේදන,ප්‍රතිපත්ති ප්‍රකාශ, සාමාජික දැනුම්දීම්, විවෘත ප්‍රකාශ, තීරණ දැනුම් දීම්, නව සාමාජිකයන් පිලිබඳ දැනුම් දීම්, ඉවත් වීම් හෝ ඉවත් කිරීම් මේ සියල්ල සිදු කල යුත්තේ ඒ ත්‍රෙඩ් එක හරහායි.

    එම ත්‍රෙඩ් එකේ පක්ෂයේ නායකයා හෝ ලේඛම් විසින් නිල දැනුම් දීම් සිදුකල යුතු වේ.

    මෙම නිල කාර්‍යාල ත්‍රෙඩ් එක හෙට පක්ෂ ලියාපදිංචියෙන් පසුව ආරම්භ කල හැක. ඒ නිසා එම ත්‍රෙඩ් එකේ අවශ්‍ය කරුණු කලින් සුදානම් කර තබා ගන්න.

    හෙට රාත්‍රී 10 මැතිවරණ කොමිසම මගින් පක්ෂ ලියාපදිංචි තහවුරු කරනු ලබන ත්‍රෙඩ් එක එළකිරි මැතිවරණ කොමිසමේ නිල කාර්‍යාල ත්‍රෙඩ් එක වශයෙන් මැතිවරණ කාලය පුරාවටම භාවිතා වේ.නිල දැනුම් දීම් සියල්ල මහජනතාව සහ පක්ෂ වෙත දැනුම් දෙන්නේ ඒ හරහාය.
     

    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    මහත්මා දේශපාලනයක් වෙනුවෙන්...
    ඔබත් අපට සහයෝගය දක්වන්න...
    logo.png



    එළකිරි ජාතික සභාව


    එළකිරි ජාතික සභාව-ප්‍රතිපත්ති ප්‍රකාශය




     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    පොන්නයො ඉන්නවා නම් සමරිශි හු*තට වොට් කරපල්ලා :P
     

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    සමරිසි පෙරමුණේ ආධාර කරුවන් පිරිසක් විසින් තනිකඩ පෙරමුණේ අද පැවති රැස්වීමක් අතරතුර එහි සිටි තනිකඩ පුද්ගලයන් පිරිසකට බලහත්කාරකම් කිරීමට තැත් කොට ඇති බව අපගේ නිරීක්ෂකයන් විසින් වාර්තා කොට තිබෙනවා. මැතිවරණ කොමසාරිස් තුමනි,, මේ ඔබේ අවදානය පිණිසයි..
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    පුර්ව මැතිවරණ පචන්ඩක්ක්‍රියා දනුම් දීමේදී එළකිරි සැපේ සංවිධානයේ නිල ප්‍රවෘත්තියක් හැටියට දාන්න....
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සමරිසි පෙරමුණේ ආධාර කරුවන් පිරිසක් විසින් තනිකඩ පෙරමුණේ අද පැවති රැස්වීමක් අතරතුර එහි සිටි තනිකඩ පුද්ගලයන් පිරිසකට බලහත්කාරකම් කිරීමට තැත් කොට ඇති බව අපගේ නිරීක්ෂකයන් විසින් වාර්තා කොට තිබෙනවා. මැතිවරණ කොමසාරිස් තුමනි,, මේ ඔබේ අවදානය පිණිසයි..

    බොරු බොරු !! :angry:

    අපේ කට්ටියගෙන් තනිකඩ සෙට් එක අහල මල්ලිලා කට* ගන්නවද කියල , :growl: එතකොට අපේ උන්ට මල පැනල ගේම ඉල්ලලා තියෙන්නේ ..:angry:
    මැතිවරණ නිරීක්ෂකයින්ගේ පක්ෂක්ග්‍රාහී බව තරයේ හෙලා දකිමි …. :angry:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    දෙපාර්ශවයේම කරුණු සලකලා සාධාරණ තීන්දුවක් ගන්නවා....මැතිවරණ අකටයුතුකම් ගැන බලන්නේ සරා මෙනවිය....

    :yes::yes::yes:
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,961
    11,698
    113
    දෙපාර්ශවයේම කරුණු සලකලා සාධාරණ තීන්දුවක් ගන්නවා....මැතිවරණ අකටයුතුකම් ගැන බලන්නේ සරා මෙනවිය....

    :yes::yes::yes:

    මෙනවිය?????/
    man hithuwe aunty kenek kiyala
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    සමරිසි පෙරමුණේ ආධාර කරුවන් පිරිසක් විසින් තනිකඩ පෙරමුණේ අද පැවති රැස්වීමක් අතරතුර එහි සිටි තනිකඩ පුද්ගලයන් පිරිසකට බලහත්කාරකම් කිරීමට තැත් කොට ඇති බව අපගේ නිරීක්ෂකයන් විසින් වාර්තා කොට තිබෙනවා. මැතිවරණ කොමසාරිස් තුමනි,, මේ ඔබේ අවදානය පිණිසයි..

    මැතිවරණ පැමිනිලි සදහා වෙනම නූලක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා..එතනට පැමිනිලි සහ සාක්ශි ඉදිරිපත් කරන්න......
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව