සිරා පෝස්ට් එකක් ඈ.
කිරිපිටි, ෆ්‍රෙෂ් මිල්ක් ඔක්කොම ගණන් යන වෙලේ එළදෙනක් අරන් හදාගන්න එක වාසියි වගෙ බන්.

ගානක් හොයාගන්නත් පුලුවන්.
පොඩ්ඩක් ගොවිපලවල් එහෙම තියෙන උන් අදහස් කියපන්කො.
එළදෙනක් කීයක් විතර වෙයිද , කොහෙන්ද ගන්න පුලුවන් , නඩත්තුව කොහොමද කියල දැනගන්න ඕන වැදගත් විස්තර ටිකක්.
එලදෙනෙක් ගත්තා කියන්නේ කිරි machine එකක් නෙවේ නේ?
එළදෙනට කිරි එන්නේ පැටියෙක් ඉද්දි නේ? අවුරුද්ද පුරාම ඌ පැටියෙක් හම්බෙන ඉන්න ඕන. ? (මන් හිතන්නේ )
පැටවූ ගැහුවත් නැතත් උට කන්න දෙන්න ඕන. බෙහෙත් කරන්න ඕන.
එළදෙන එක්ක cross කරන්න හරකෙකුත් එපැයි? ඌ හොයා ගන්නේ කොහෙන්ද?
ඊළඟට ඒ හම්බෙන පැටවුන්ට මොකද කරන්නේ? හදා ගන්නවද? හදා ගන්න විකුන්නවද? මස් වලට විකුණනවද?
ඊළඟට එළදෙන පැටවූ ගහලා කිරි දෙන කාලයක් තියනවා. කාලේ ඉවර උනාම කිරි නෑ. ඊට පස්සේ මොකද කරන්නේ?
දිගටම කන්න දීලා මැරෙනකන් බලා ගන්නවද? මස් වලට විකුණනවද?
කිරි කර්මාන්තය කෙරෙන ක්‍රමයක් තියනවා. හොයලා බලන්න. YouTube එකේ ඇති.
කිරි වල තියෙන්නේ ප්‍රෝටීන් ටිකක් විතරයි. කිරි බිවුවේ නෑ කියලා මුකුත් වෙන්නේ නෑ..
වැඩිපුර බිත්තර ටිකක් කැවා නං ඊට වඩා ප්‍රෝටීන් එයි.
මං මේක කිවුවේ ඔයා කිරි කර්මාන්තය business එකක් හැටියට නැතුව ගෙදර පාවිච්චියට නං කරන්න යනවා නං. පොඩි දේවල් දෙක තුනක් නිකන් මතක් කරන්න..